05 ශ්‍රේණිය.pdf

කතෘ :
නෙළුවාකන්දේ ඤාණානන්ද හිමි
ප්‍රකාශිත වර්ෂය :
2011
මුද්‍රිත වර්ෂය :
2011
පිටු ගණන :
80
බාගත කිරීම් ගණන :
13,291
වෙබ් අඩවියට එක් කළ දිනය :
2015-11-08
ගොනුවේ ප්‍රමාණය :
39 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 41

මෙම ග්‍රන්ථය ශ්‍රී ලංකාවේ දහම් පාසල් 5 වන ශ්‍රේණිය සඳහා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මඟින් 2011 වසරේදී සම්පාදනය කර ප්‍රකාශයට පත් කරන ලද නිල පෙළපොතයි. කැලණිය විද්‍යාලංකාර පිරිවෙනේ ආචාර්ය පූජ්‍ය නෙළුවාකන්දේ ඤාණානන්ද හිමිපාණන් විසින් මෙය සම්පාදනය කර ඇත.

දහම් පාසල් දරුවන්ගේ වයස් මට්ටමට සරිලන පරිදි ප්‍රායෝගික ක්‍රියාකාරකම්, ගාථා, කවි, බෞද්ධ කතා සහ සාකච්ඡා මඟින් දහම් කරුණු අවබෝධ කරදීම සඳහා පාඩම් 25කින් මෙම පොත සමන්විත වේ. ළමා මනසට ගැලපෙන සේ සැකසුණු නිදර්ශන චිත්‍රද මෙහි අන්තර්ගතය.

  • අපි දහම් පාසල් යමු සහ තෙරුවන් වන්දනාව
  • බෝසත් චරිතය සහ බුද්ධත්වය ලැබීම
  • ඛේමා තෙරණිය සහ උප්පලවණ්ණා තෙරණිය පිළිබඳ තොරතුරු
  • සුභාෂිත වැකි, ධම්මපදය සහ පස්පව් පිළිබඳ කරුණු
  • වෙසක් හා පොසොන් උත්සව, ශාසනික ව්‍යවහාර සහ වන්දනා ගාථා

හැඳින්වීම

දහම් පාසල් පස්වෙනි ශ්‍රේණිය සඳහා පිළියෙල කරන ලද මෙම පෙළ පොතට පාඩම් විසි හතරක් ඇතුළත් කර තිබේ. ආකෘති කීපයකට අනුව පාඩම් ඉදිරිපත් කර ඇත. පාඩමේ මූලික අරමුණු පැහැදිලි වන අයුරින් පාඩමට උදව්වක් හැටියට පින්තූර හා චිත්‍ර ඉදිරිපත් කර තිබේ.

පාඩම් සැලසුම් කිරීමේදී ගාථා හා කවි රිද්මයානුකූලව ගායනා කිරීම, රඟපෑම, චාරිකා හා ක්ෂේත්‍ර අධ්‍යයනය වැනි ක්‍රම මගින් ළමයාට අත්දැකීම් ලබා ගැනීමට අවස්ථා සලසා දීම ගුරුවරයාගෙන් අපේක්ෂා කෙරේ. වයස අවුරුදු 10 පමණ වන විට ළමයින් ක්‍රීඩාවට වැඩි උනන්දුවක් හා කැමැත්තක් දක්වන බැවින්, ක්‍රියාකාරී ලෙස සහභාගී වීමට හැකිවන පරිදි පාඩම් සැලසුම් කිරීමෙන් ඔවුහු ප්‍රබෝධවත්ව පාඩමට සහභාගි වෙති. ඒ මඟින් ශිෂ්‍යයා තුළ සැඟව පවතින, එහෙත් ඔහුට වටහා ගැනීමට නොහැකි විභව්‍යතා මතුකර ගැනීමට ගුරුවරයා සමත් වෙයි.

වර්තමාන පංති කාමරය බොහෝ විට ගුරුවරයාට සවන් දෙන, නිෂ්ක්‍රිය සිසුන්ගෙන් පිරුණු එකකි. මේ තත්ත්වයෙන් මිදී සාවධානව සවන් දෙන, ගුරුවරයා සමග එක්ව ක්‍රියාකාරීව සහභාගී වන සිසුන්ගෙන් සමන්විත පංති කාමරයක් දහම් පාසල තුළ ගොඩනැගීම මඟින් අපේක්ෂිත නිපුණතා වර්ධනය කිරීම ගුරුවරයාගේ කාර්ය භාරය යි. ධර්ම ශාලාව තුළ ළමයා රඳවා නොසිට විහාරය, බෝ මළුව, සෑ මළුව, පසල් වත්ත තුළ ඔහුට නවමු අත්දැකීම් ලබා ගැනීමට ඉඩ සලසා දීම අතිශය වැදගත් වේ. රංගනය, ගායනය, නර්තනය සහ චිත්‍රකරණය මඟින් ළමයාගේ සෞන්දර්යාත්මක හැඟීම් මතුකර පෝෂණයට ඉඩ සලසා දීමට ද ගුරුවරයා වග බලා ගත යුතු ය.

ළමයාට තමා හා තමා අවට සිටින්නන් ද, නිවස, නිවැසියන් හා අවට පරිසරය හඳුනා ගැනීමට හැකිවන පරිදි සමාජානුයෝජිත ක්‍රියා කිරීමට හැකි පාඩම් ද මෙම පොතට ඇතුළත් වේ. ළමයාට ඒ ඒ අවස්ථා හා පුද්ගලයන් සමග ගැටී කටයුතු කිරීම මඟින් අත්දැකීම් ලද හැකි පරිදි පාඩම සැලසුම් කර යොමු කිරීම ගුරුවරයෙකු වශයෙන් ඔබට පැවරේ.

දහම් පාසල් කළමනාකරණය පොතේ දැක්වෙන දහම් පාසලට අදාළ පොදු නිපුණතා සපුරා ගැනීම මෙම පෙළපොතින් ද අපේක්ෂිතයි. ඒ මෙසේ ය.

1 නිපුණතාව — 1, 2, 3 පාඩම් 2 නිපුණතාව — 4, 5, 6, 8 9, 10, 13 පාඩම් 3 නිපුණතාව — 11, 12, පාඩම් 4 නිපුණතාව — 15, 16, 21 පාඩම් 5 නිපුණතාව — 7, 14, 19, 17, 18 පාඩම් 6 නිපුණතාව — 20 පාඩම 7 නිපුණතාව — 22 පාඩම 8 නිපුණතාව — 23, 24, 25 පාඩම්

මේ පිළිබඳව සැලකිලිමත් වීම ගුරුවරයාගේ කාර්ය යි.

ඉදිරි කාලයේ දී මේ සඳහා පිළියෙල කරන ලද ගුරු අත්පොතක් ද ඔබ අතට පත්වනු ඇත. එය ගුරු කාර්යය වඩාත් ඵලදායී කිරීමට ආධාරයක් වේයැයි සිතමි.

දහම් පාසල් අධ්‍යාපනයේ පරමාර්ථ හා අරමුණු සපුරා ගනිමින් නිපුණතා පරිපූර්ණ සිසු පිරිසක් බිහිකරලීමට මෙම පෙළ පොත ද ආධාරකයක් වේවායි පතමි.

නෙළුවාකන්දේ ඤාණානන්ද හිමි
(ලේඛක)