04 ශ්‍රේණිය.pdf

කතෘ :
ලීලා බලදොර
ප්‍රකාශිත වර්ෂය :
2011
මුද්‍රිත වර්ෂය :
2011
පිටු ගණන :
72
බාගත කිරීම් ගණන :
6,698
වෙබ් අඩවියට එක් කළ දිනය :
2015-11-08
ගොනුවේ ප්‍රමාණය :
39 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 37

දහම් පාසල් 4 වන ශ්‍රේණිය සඳහා නියමිත දහම් පාසල් විෂය නිර්දේශයට අනුකූලව සකස් කරන ලද මෙම පෙළපොත ලීලා බලදොර මහත්මිය විසින් සම්පාදනය කර ඇත. බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මඟින් ප්‍රකාශයට පත් කරන ලද මෙහි තුන්වන මුද්‍රණය 2011 වසරේ දී රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව මඟින් සිදු කර ඇත.

පාඩම් 22කින් සමන්විත වන මෙම ග්‍රන්ථය සකස් කර ඇත්තේ සිසුන්ගේ චින්තන අවධියට ගැළපෙන පරිදි සරල භාෂාවෙන්, චිත්‍ර, කවි හා විවිධ ක්‍රියාකාරකම් ද ඇතුළත් කරමිනි. තෙරුවන් වන්දනාව, බුද්ධ චරිතය, බෝධි වන්දනාව, මෙත් වැඩීම හා ආනාපානසති භාවනාව, හොඳ සිරිත් විරිත් මෙන්ම සිංහල බෞද්ධ ඉතිහාසය ආදී කරුණු මෙහි අන්තර්ගත වේ.

  • වඳිමු අදරින් අනගි තෙරුවන් සහ සිරි සදහම් ගුණ
  • සිදුහත් කුමරුගේ ළමා විය සහ චරිතාදර්ශ
  • සත්ථිගුම්බ සහ නන්දිවිසාල ආදී ජාතක කතා
  • මහා ප්‍රජාපතී ගෝතමී තෙරණිය සහ දුටුගැමුණු රජතුමා පිළිබඳ තොරතුරු
  • ආනාපානසති භාවනාව සහ සුචරිතවත් ළමා දිවිය

හැඳින්වීම

දහම් පාසලේ හතරවන ශ්‍රේණියේ දරුවන් සඳහා නියමිත විෂය නිර්දේශයට අනුව සකස් කොට ඇති මෙම පෙළ පොත පාඩම් විසි දෙකකින් යුක්තය.

පාඩම් ඉදිරිපත් කිරීමේ දී සිසු දරුවන් තුළ අපේක්ෂිත නිපුණතා වර්ධනය කිරීමත් සාරධර්ම ගොඩනැංවීමත් කෙරෙහි වැඩි අවධානය යොමු කර ඇත. එසේ ම විෂය කරුණුවලට පමණක් මුල් තැන ලැබෙන ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ වෙනසක් ඇති කිරීමේ අරමුණ ඇතිව ඉන් බැහැරව ක්‍රියාකාරකම් සහිතව මෙම පෙළ පොත සකස් වී ඇත. ඒ අනුව ක්‍රියාකාරී පන්ති කාමරයකට ගැලපෙන ලෙස හැකි සෑම විටම ක්‍රියාකාරකම් සැලසුම් කිරීම කෙරෙහි ගුරු භවතුන්ගේ අවධානය යොමු විය යුතු යි. ඒ සඳහා පිළියෙල කෙරෙන ගුරු අත්පොත ද සැලකිල්ලෙන් භාවිත කරනු ඇතැ යි අපේක්ෂා කෙරේ.

පාඩම් අවසානයේ ඇති ක්‍රියාකාරකම් හා පුහුණුවට යොදා ඇති අභ්‍යාස කෙරෙහි ද විශේෂ අවධානය යොමු කළ යුතු ය. එම ක්‍රියාකාරකම් පිළිතුරු ලිවීමට පමණක් නොව ජීවිතයේ පුරුදු බවට පත්කර ගැනීමට පෙළඹෙන අන්දමට යොමු කිරීම අවශ්‍යය. ඒ සඳහා ගුරු භවතුන් සැලකිලිමත් වනු ඇතැයිද අපේක්ෂා කෙරේ.

හතර වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන්නේ සයුක්ත ක්‍රියාකාරී චින්තන අවධියේ පසුවන දරුවන්ය. ඔවුන්ගේ සාධන මට්ටමට අනුව සංකල්ප සාධනය වන අයුරින් මෙන් ම පාඩම වඩාත් රසවත් කර ගැනීමට හැකිවන පරිදි චිත්‍ර හා පින්තූර කිහිපයක් ද ඉදිරිපත් කර ඇත. වෙනත් අදාළ පින්තූර ආදිය භාවිතයට ගැනීමට උත්සාහ දැරිය යුතුය. ලියන බස මෙන් ම කතා කරන බසද මිශ්‍රව පාඩම් ලියා ඇත්තේ මෙම ළමා විය සැලකිල්ලට ගත් බැවිනි.

දහම් පාසල් විෂය නිර්දේශයට පදනම් වී ඇති පොදු නිපුණතා සපුරා ගැනීම මෙම පෙළ පොත තුළින් අපේක්ෂිත යි. එහෙයින් දහම් පාසල් නිපුණතාවලට ගැලපෙන ලෙස විෂය කරුණු හා ක්‍රියාකාරකම් ඉදිරිපත් කර ඇති බව සැලකිය යුතුය. එම නිපුණතා මෙසේ ය.

පළමු නිපුණතාව — 1, 2 පාඩම් දෙවන නිපුණතාව — 3, 4, 5, 6, 7, 8, 9 පාඩම් තුන්වන නිපුණතාව — 10, 11 පාඩම් හතරවන නිපුණතාව — 12 පාඩම පස්වන නිපුණතාව — 13, 14, 15, 16 පාඩම් අටවන නිපුණතාව — 17 පාඩම නවවන නිපුණතාව — 18, 19, 20, 21, 22 පාඩම්

මෙහි දැක්වෙන නිපුණතා ඉටුවන පරිදි පාඩම් සැලසුම් සකස් කර ගැනීම ගුරුවරයාගේ කාර්යභාරය යි. ඒ තුළින් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් යුතු ගුණ ගරුක පුරවැසියකු ලෙස ජීවත් වීමට අවශ්‍ය නිපුණතා දරුවන් වෙත ලබාදීමට මෙන් ම ප්‍රායෝගික නැඹුරුවකින් යුතු ජීවන කුසලතා ඔවුන් තුළ ප්‍රගුණ කිරීමට ක්‍රියා කරනු ඇතැ යි ගුරුවරයාගෙන් අපේක්ෂා කෙරේ.