පාලි නාම ආඛ්‍යාත වරනැගිල්ල හා ආඛ්‍යාත ව්‍යාඛ්‍යා 1873.pdf

කතෘ :
හික්කඩුවේ සුමංගල හිමි
ප්‍රකාශිත වර්ෂය :
1873
මුද්‍රිත වර්ෂය :
1873
පිටු ගණන :
84
බාගත කිරීම් ගණන :
6,217
වෙබ් අඩවියට එක් කළ දිනය :
2021-01-06
ගොනුවේ ප්‍රමාණය :
11 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 43

පාලි නාම වරනැගිල්ල සහ ආඛ්‍යාත ව්‍යාඛ්‍යා යනු පාලි භාෂාව සහ ව්‍යාකරණය හදාරන ආධුනිකයන් උදෙසා සම්පාදනය කරන ලද අගනා මූලික ග්‍රන්ථයකි. බාලාවතාර සම්ප්‍රදාය අනුව සකස් වූ නාම වරනැගිල්ල, එහි එන පාලි ගාථාවල සිංහල සන්නය, ආඛ්‍යාත වරනැගිල්ල සහ පාලි ක්‍රියාපද විග්‍රහ කෙරෙන ආඛ්‍යාත ව්‍යාඛ්‍යාව මෙහි අන්තර්ගත වේ.

ගරුතර හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ විසින් ආඛ්‍යාත ව්‍යාඛ්‍යාව රචනා කර ඇති අතර, නාම වරනැගිල්ලේ අඩුව පැවති ගාථා සන්න කොටස් ද උන්වහන්සේ විසින් සම්පූර්ණ කර දී තිබේ. පූජ්‍ය එම්. ගුණරතන හිමියන් විසින් සංස්කරණය කොට ශෝධනය කරන ලද මෙම කෘතිය, කොළඹ ශාස්ත්‍රාධාර යන්ත්‍රාලයේදී බුද්ධවර්ෂ 2417 (ක්‍රි.ව. 1873) දී මුද්‍රණය කරවා ඇත.

දැන්වීමයි.

පාලිනාම වරනැගිල්ලට පුරාණාචාර්යයන්විසින් ලියා තිබෙන ගාථාව්‍යාඛ්‍යානය අඩුතැන් පුරවා යුක්තකොට ආඛ්‍යාත වරනැගිල්ලද - ආචාර්‍ය්‍ය ශ්‍රීසුමංගලාභිධාන නායක ස්ථවිරයන්වහන්සේ විසින් කරණලද ආඛ්‍යාත ව්‍යාඛ්‍යා වද ගළපා එකපොතක් වශයෙන් පාලිභාෂාව ඉගෙනගන්නන්ගේ සුඛාවබොධය සඳහා අක්ෂරශොධනාදියකොට අච්ඡිද්‍රගත්වන්ට යොදනාඇත.

මේ පොතට කියයුතු “නාමපදමාලා” යන නාමය පුරාණ පටන් ව්‍යවහාරයට නොගෙන “නාමවරනැගිල්ල” යන නාමය ව්‍යවහාරයට රැගෙන තිබෙයි. “ආඛ්‍යාතපදමාලා” යනාදියද එසේමය. මෙම නාමපදමාලාව බාලාවතාර ක්‍රමය අනුව ගලපා තිබෙන හෙයින් මොග්ගල්ලායන ක්‍රමයේ නාමපදමාලාවල යොදා තිබෙන බොහෝ පද මීට නොගැලපෙයි. මෙය කොයි කාලෙක කවරෙකු විසින් ගලපනලද්දේදැයි නුවැඟවෙයි—කාත්‍යායන ව්‍යාකරණක්‍රමය ප්‍රගුණ කිරීම පිණිස අභ්‍යාසගන්නන්ගේ පළමුවෙනිපොතක් වශයෙන් මෙය මේ කාලයෙහි පවත්වති.

පාලි ව්‍යාකරණයේ ඉගෙන ගැනීමට ඉතා දුෂ්කර වූ ආඛ්‍යාත ක්‍රියාවිධිය මෙහි ගළපන ලද ආඛ්‍යාත ව්‍යාඛ්‍යාවෙන් සුවසේ අවබොධ කළ හැකි වෙයි සිතමු.

නාමවරනැගිල්ලේ සන්න නැතිව තිබුන “ජලායෙ සරොහො නී” යනාදියට අර්ථ ව්‍යාඛ්‍යානයද ආචාර්ය සුමංගල ස්වාමින් විසින් කර දෙනලදි.

මේ පොත පාලි ව්‍යාකරණ ඉගෙනගන්නා ආධුනිකයන්ගේ සුඛාවබොධයට අතිශයින් ප්‍රයෝජනවේ—නාම වරනැගිල්ලේ විභත්ති නාමද ආඛ්‍යාතයේ කර්තෘ කර්ම ක්‍රියා පුරුෂාදියද වෙන් කොට යොදා තිබෙන පිළිවෙළ බලාගෙන ඒ නම් සිතට ගණිමින් පදමාලා පාඩම් කටයුතු.

මිල රුපියල් 1—ශත 25.

විඤ්ඤාපනං

සුද්ධමාගධික සද්ද ලක්ඛණං බොජ්ඣුකාමෙහි බාලෙහි සුද්ධවසෙන ඉච්ඡිතං පණීතං නාමවිභත්තිකමෙන ගන්ථිතං නාමිකපදමාලඤ්චෙව තස්සා නාමසංකලිත ගාථානං සීහලත්ථවක්ඛානඤ්ච ආඛ්‍යාතවිභත්තිකමෙන ගන්ථිතං ආඛ්‍යාතපදමාලඤ්ච බාලානමවබොධත්ථං සුමංගලයතිස්සරෙන විරචිතං ආඛ්‍යාත ව්‍යාඛ්‍යාඤ්ච එකත්ථ යොජෙත්වා සද්ධිතමිදං පොත්ථකං ආධුනිකානමත්ථෙතෙයොපකාරං හොති.—යෙ යෙ ආඛ්‍යාතක්‍රියාලක්ඛණෙ කඞ්ඛන්ති තෙසං සන්දෙහවිනොදනත්ථං යං වත්තබ්බං වත්තතෙ—යස්මා නාමිකවිභත්තීනං පයොගො උත්තානො චෙව සුඛාවබොධොච තස්මා තාසං අත්ථවක්ඛානං න කතා යතො ආචරියානං සන්තිකෙ අනිච්ඡෙන අකසිරෙන තදත්‍ථො උපලබ්භති.