රසවාහිනී ග්‍රන්ථිපදාර්ත්ථ විවරණය - සුමතිපාල හිමි, සීලක්ඛන්ධ හිමි 1913.pdf

කතෘ :
සුමතිපාල හිමි, සීලක්ඛන්ධ හිමි
ප්‍රකාශිත වර්ෂය :
1913
මුද්‍රිත වර්ෂය :
1913
පිටු ගණන :
242
බාගත කිරීම් ගණන :
1,415
වෙබ් අඩවියට එක් කළ දිනය :
2021-01-06
ගොනුවේ ප්‍රමාණය :
39 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 122

වේදේහ මහාස්ථවිරයන් වහන්සේ විසින් රචිත සුප්‍රකට රසවාහිනී පාලි ප්‍රකරණයේ ලංකාදීපුප්පත්තිකථා නම් වූ උත්තර භාගයෙහි එන දුෂ්කර පද විවරණය කෙරෙමින් සම්පාදිත ගැටපද විවරණ ග්‍රන්ථයකි.

විද්‍යොදය පිරිවෙනෙහි ශිල්ප හදාළ මුල්ලේරියාවේ සුමතිපාල හිමි සහ දැඩිගමුවේ සීලක්ඛන්ධ හිමි යන ස්ථවිරයන් වහන්සේලා දෙනම විසින් මෙම කෘතිය සම්පාදනය කර ඇත. මීට පෙර රසවාහිනියේ ප්‍රථම භාගය වන ජම්බුදීපුප්පත්තිකථාවට පමණක් ගැටපද ලියැවී තිබූ හෙයින්, ශිෂ්‍ය ප්‍රයෝජනය පිණිස දෙවන භාගයට මෙම විවරණය රචනා කර තිබේ. ගාථා සඳහා ගාථාසන්න ඇති බැවින් ගද්‍ය පාඨයන්හි පමණක් දුෂ්කර ස්ථාන තෝරා ගෙන භාවාර්ථ, ටීකා පාඨ සහ සමාස විග්‍රහ සහිතව මෙහි අර්ථ දක්වා ඇත.

මෙම පොත 1913 වර්ෂයේදී කොළඹ විද්‍යාසාගර යන්ත්‍රාලයේ මුද්‍රණය කරවා ඇන්. ජේ. කුරේ සහ පුත්‍ර සමාගම විසින් ප්‍රසිද්ධ කරන ලද්දකි.

සංඥාපනය.

“රසවාහිනී” නම් ප්‍රශස්තප්‍රකරණයවනාහි පූජ්‍යපාදවූ වෙදෙහ මහාස්වාමිපාදයන්වහන්සේ විසින් ග්‍රන්ථාවකාරපිරිවෙන්වැසි ආචාර්ය්‍ය රට්ඨපාලනම් මහාස්ථවිරපාදයන් වහන්සේගේ ප්‍රාර්ත්‍ථනාව නිරාකුල කරණවශයෙන් සම්පාදනයකරණලද්දේය, මෙම වෙදෙහ මහාස්වාමිපාදයන් වහන්සේ විසින් මේමගධි ග්‍රන්ථය පමණක් නොවැ සමන්තකූටවණ්ණනාදි තවත් විශිෂ්ටග්‍රන්ථකීපයක් රචනා කරණලදුව ඒපොත්ද මේදක්වාම ශාස්ත්‍රාගමාභිලාෂීන්ට අතිශය ප්‍රයෝජනවත්ව පවත්නේය. මේප්‍රකරණයද පාලිභාෂාව ප්‍රගුණ කරණ ආධුනිකයන්ට භාෂාපරිචිතිය සඳහා ඇති ඇත්වීම ලක්දිව සියලු ආචාර්ය්‍ය පරම්පරාවල පුරාණ සිට මේදක්වාම පවත්වනු ලැබේ. මෙම ග්‍රන්ථයෙහි මාහැඟිබව හා ග්‍රන්ථකර්තෘභූත වෙදෙහ මහාස්වාමිපාදයන් වහන්සේගේ පාණ්ඩීත්‍යය පිළිබඳව අපවිසින් බෙහෙවින් වර්ණනාකිරීම වුවමනා නොවේ, ඒබව මේපොතට සන්නටීකාදී බොහෝපොත් රචනාකළ පුරාතනාචාර්ය්‍යවරයන්ගේ ප්‍රගුලප්‍රමාණයෙන්ම මොනවට හැඟේ.

මේප්‍රකරණයාගේ සුඛාවබෝධය සඳහා පුරාණ කරණලද පොත්අතුරෙන් සද්ධර්මාලංකාරනම් මාහැඟි සිංහලසන්නයක් හා සාරත්‍ථදීපිකානම් ටීකාවක්ද දැනට විද්‍යමානයි, එයින් සිංහල සන්නය ගඩලාදෙණි මහවෙහෙරවැඩවිසූ බාලාවතාර ජිනබෝධාවලි ආදි ග්‍රන්ථකාරක තුන්වෙනි ධර්මකීර්ති සඞ්ඝරාජස්වාමිතුමන් විසින්ද සාරත්‍ථදීපිකානම් ටීකාව ධම්මපදලීනත්‍ථවණ්ණනාදි ග්‍රන්ථකාරක ශ්‍රීසද්ධාර්ම්ම මහාස්වාමිපාදයන් වහන්සේ විසින්ද කරණලදී. එපමණක්නොවැ මේපොතට පුරාතන ලියනලද ගාථාසන්නයක් හා අලුත ලියනලද මාහැඟි ගාථාසන්නයක්ද තිබේ, එසේදවුවත් මෙහි ඇසී ඉගෙනගන්නා බාලශිෂ්‍යයන්ගේ ප්‍රයෝජනයට ග්‍රන්ථිපදාර්ත්‍ථවර්ණනාවක් නොමැත්තෙන් පැමිණ තුබුන මහත්පාඩුව සලකා උගත් දෙපලක් විසින් නොබෝදා දෙවරකට ගැටපදදෙකක් මුද්‍රණයකරවා ප්‍රසිද්ධකරවනලද නමුත් ඒ මෙහි ජම්බුදීපුප්පත්තිකථා නම් ප්‍රථමභාගයට පමණකි, ලංකාදීපුප්පත්තිකථානම් උත්තරභාගයටද ගැටපදයක් ලියා පොත සම්පූර්ණ කිරීමෙන් ආධුනිකයන්ගේ මනොරථය පුරාලුවහොත් යෙහෙකැයි සලකා බුද්ගමුවේ ගණේගොඩැල්ලේ සුනන්දාරාමාධිපති ශ්‍රී කල්‍යාණීසාමග්‍රීධර්මමහාසංඝසභාවේ ප්‍රධාන උපාධ්‍යායපදප්‍රාප්ත පූජ්‍යපාද මුල්ලේරියාවේ ගුණරතනාභිධාන මහාස්ථවිරස්වාමිපාදයන් වහන්සේගේ අතැවැසි ශිෂ්‍යවූද විද්‍යොදයපිරිවෙණෙහි ධර්ම ශාස්ත්‍රොද්ග්‍රහණයකලාවූද මුල්ලේරියාවේ සුමතිපාල නමැති මා විසින් හා නවගමුවේ සුගතබිම්බාරාමාධිපති ශ්‍රීකල්‍යාණීසාමග්‍රීධර්ම මහාසංඝසභාවේ උපාධ්‍යාය පදප්‍රාප්ත හෙහෙරවාහි කඹුවාවල සුමනතිස්සාභිධාන මහාස්ථවිරස්වාමිපාදයන් වහන්සේගේ අතැවැසි ශිෂ්‍යවූද යථොක්ත විද්‍යොදයපිරිවෙණෙහි ධර්ම ශාස්ත්‍රොද්ග්‍රහණයකලාවූද දැඩිගමුවේ සීලක්ඛන්ධ නමැති මා විසින්ද මෙය ලියනලද්දේය.

මෙහි වනාහි පද්‍යරචනාවන්ගේ අර්ත්‍ථ ගාථාසන්නයෙන් බලා ගතහැකිබැවින් ගද්‍යරචනාවෙහි (වාසගම්හි) පමණක් දුර්බෝධ ස්ථානයන්ට අර්ත්‍ථ ලීමුමු. ඒලීවේදී බොහෝපදයන්ගේ භාවාර්ත්‍ථය දැක්වීම්වශයෙන්ද ඇහැම්පදයන්ගේ ටීකාපාඨාදිය හා සමාසවිග්‍රහාදිය දැක්වීමෙන්ද අර්ත්‍ථ ලියා ඇත, රසවාහිනි ප්‍රකරණයෙහි සමහර උසස්පණ්ඩිතවරයන්ට පවා අතිශයින් දුර්බෝධවු වාක්‍යයෝජනාදිය විද්‍යමානබැව් ශාස්ත්‍රවේදීහු දනිත්, එහෙයින් අපගේ මේග්‍රන්ථිපදාර්ත්‍ථවිවරණයෙහි ප්‍රමාදප්‍රමාදයෙන් ජනිත කිසිදෝෂාංශයක් නැතැයි නොකියමු. එබඳුතන්හි සුධීහු යථායුක්තිය භජනය කෙරෙත්වා.

මේවගට, මුල්ලේරියාවේ සුමතිපාල ස්ථවිර, දැඩිගමුවේ සීලක්ඛන්ධ ස්ථවිර.

1913 ක්වු අප්‍රේල්මස 30 වෙනිදිනදීය.

මෙහි 8 වෙනි පිටේ “මිගපොතකවග්ගො දසමො” යනු “මිගපොතකවග්ගො පඤ්චමො” කියා වියයුතුයි.

මුල්ලේරියාවේ සුමතිපාල ස්ථවිර, දැඩිගමුවේ සීලක්ඛන්ධ ස්ථවිර. 1913 ක්වු අප්‍රේල්මස 30 වෙනිදිනදීය.