සාරාර්ත්ථ සංග්රහව - වැලිවිට සරණංකර හිමි 1913.pdf
- කතෘ :
- වැලිවිට සරණංකර හිමි
- ප්රකාශිත වර්ෂය :
- 1913
- මුද්රිත වර්ෂය :
- 1913
- පිටු ගණන :
- 511
- බාගත කිරීම් ගණන :
- 4,476
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2021-01-05
- ගොනුවේ ප්රමාණය :
- 89 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
සාරාර්ථ සඞ්ග්රහය මහනුවර යුගයේ ශාසන ප්රබෝධයට මුල් වූ වැලිවිට පිණ්ඩපාතික සරණඞ්කර සඞ්ඝරාජ මහා ස්වාමිපාදයන් වහන්සේ විසින් රචිත සිංහල ධර්ම ප්රකරණයකි. සංඥාපනයට අනුව ශ්රී වීර පරාක්රම නරේන්ද්රසිංහ රජතුමාගේ ආරාධනයෙන් උන්වහන්සේ ශ්රාමණේර අවස්ථාවේ දී මෙය රචනා කළහ.
“ඉති පි සො භගවා අරහං සම්මා සම්බුද්ධො” යනාදී නව බුද්ධගුණ පද අතුරෙන් “බුද්ධො” යන පදය පදනම් කොට, දේශනා, ප්රකරණ ආදියෙන් ගත් සාරාර්ථයන් නව මහා පරිච්ඡේදයකින් හා අධිකයකින් යුතුව මෙහි සංග්රහ කර ඇත. පාළි ගාථා හා පාඨ උපුටා දක්වමින් සිංහලෙන් ඒවා විවරණය කරයි. බොහෝ පොත් බලා දැනගත යුතු කරුණු මේ එක ම පොතින් උගත හැකි බව සංඥාපනයෙහි සඳහන් වේ.
ලේඛක දෝෂයෙන් ආකුල ව පැවති පුස්කොළ පිටපත් කීපයක් සපයා සංසන්දනය කොට, කොලොන්නාවේ විහාරාධිපති කොලොන්නාවේ සුගුණසාර ස්ථවිර හිමියන් හා මොරගහතැන්නේ විහාරවාසී අරුක්වත්තේ සොමානන්ද හිමියන් මෙම සංස්කරණය සකස් කළහ. ඔවුන්ගේ සංඥාපනය ශ්රී බු. ව. 2456 දී ලියා ඇත.
හෝමාගම ඩී. සී. වික්රමසිංහ අප්පුහාමි විසින් කොළඹ විද්යාභූෂණ යන්ත්රාලයේ 1913 දී මුද්රණය කරවා ප්රකාශයට පත් කෙරිණි. පොත අවසානයේ ශුද්ධ පත්රයක් ද ඇතුළත් ය.