03 ශ්‍රේණිය.pdf

කතෘ :
පූජ්‍ය ගන්තුනේ අස්සජී හිමි, ගුණසේන මහතන්තිගේ
ප්‍රකාශිත වර්ෂය :
2011
මුද්‍රිත වර්ෂය :
2011
පිටු ගණන :
51
බාගත කිරීම් ගණන :
8,694
වෙබ් අඩවියට එක් කළ දිනය :
2015-11-08
ගොනුවේ ප්‍රමාණය :
28 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 26

ශ්‍රී ලංකා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මඟින් දහම් පාසල් නව නිර්දේශය යටතේ 3 වන ශ්‍රේණිය වෙනුවෙන් සම්පාදනය කරන ලද පෙළ පොතයි. 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් මෙම පෙළපොත් පෙළ එළිදක්වා ඇත.

මෙහි කුඩා දරුවන්ට සරිලන අයුරින් සකස් කළ පාඩම් 25ක් ඇතුළත් වන අතර බුද්ධ චරිතය, සරල බෞද්ධ සිරිත් විරිත්, ගුණධර්ම, බෞද්ධ කතා, භාවනා සහ ධම්මපද ගාථා ආදිය ඊට ඇතුළත් වේ.

  • දින දින තුනුරුවන වඳිමු
  • පින්වත් කුමාරයෙක් උපන්නා
  • සිදුහත් බෝසතාණෝ පැවිදි වෙති, බුදු වීම, සදහම් දෙසීම සහ පිරිනිවන් පෑම
  • කළ ගුණ දත් සිංහයා සහ මවු පියන්ට සැලකූ ගිරවා කතා වස්තු
  • භාවනා ඉරියව් සහ සරල භාවනා ක්‍රම
  • දෙවනපෑතිස් රජතුමා සහ මිහිඳු මාහිමියන්ගේ ලක්දිව ආගමනය
  • ලෝවැඩ සඟරාව ආශ්‍රිත දහම් කවි

ශ්‍රී ලංකා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් ලේඛක මණ්ඩලයක් විසින් රචිත මෙම පොත 2011 වසරේදී රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව මඟින් මුද්‍රණය කර ඇත.

ගුරු භවතුන්ට

මෙය දහම් පාසල් නව නිර්දේශයට අනුව සම්පාදනය කරන ලද තුන් වන ශ්‍රේණියේ පෙළ පොත යි. මෙහිදී පාඩම් 25 ක් පෙළ ගස්වා ඉදිරිපත් කර ඇත. මෙහි ඇතැම් පාඩම් ප්‍රායෝගික ක්‍රියාකාරකම් ලෙස සංවිධානය කොට ඉගැන්වීම වඩාත් යෝග්‍ය යි.

දහම් පාසල් අධ්‍යාපනයෙන් ඉටු කර ගැනීමට අපේක්ෂා කෙරෙන නිපුණතා දහයක් ඇති බව ඔබ දන්නෙහි ය. මෙහි පාඩම් ලියා ඇත්තේ ද එම නිපුණතාවන්ගෙන් වැඩි ප්‍රමාණයක් පිළිබඳ ව අවධානය යොමු කරමිනි. නිපුණතා පාදක ඉගැන්වීමක දී දැනුම, ආකල්ප, සාරධර්ම, කුසලතා, සහ ක්‍රියාකාරිත්වය හෙවත් පුරුදු පිළිබඳ ව සැලකිල්ල යොමු කිරීම ගුරුවරයාගේ කාර්යය යි. එ බැවින් දහම් පාසල් දිනට පෙර දින පෙළ පොතේ නියමිත පාඩම ඉගැන්වීම සඳහා සූදානමක් ඇති කර ගැනීම අවශ්‍ය ය. එමෙන් ම දහම් පාසල් දිනක් අවසානයේ දී තමන් ඉගැන් වූ පාඩම් කෙතෙක් දුරට වැඩදායක වූයේ දැ යි ස්වයං ඇගයීමක යෙදීමට ද සැලකිලිමත් විය යුතු ය. එසේ වුව හොත් ඔබ විසින් කරනු ලබන උදාර කාර්යය වඩාත් වැඩ දායක වනු ඇත.

ඉගැන්වීම සඳහා මග පෙන්වන ගුරු අත්පොතක් ද ඔබට ලබා දෙනු ඇත. එය ද පරිශීලනය කර ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට උනන්දු වනු ඇතැ යි අපේක්ෂා කරමු.

දහම් පාසල් නිර්දේශයට පදනම් කරගෙන ඇති නිපුණතා සපුරා ගැනීම මෙම පෙළ පොතින් ද අපේක්ෂිත ය. අපේක්ෂිත නිපුණතා සහ අදාළ පාඩම් මෙසේ ය.

පළමු නිපුණතාව - 1 පාඩම දෙ වන නිපුණතාව - 2, 3, 4, 5, 6, 7, 8, 13, 16, 17 පාඩම් තුන් වන නිපුණතාව - 19, 24, 9, 20 පාඩම් හතර වන නිපුණතාව - 25, 10, 14 පාඩම් පස් වන නිපුණතාව - 18, 12, 11, 15 පාඩම් හය වන නිපුණතාව - 21, 22, 23 පාඩම්

ඉහත නිපුණතා ඉටු වන පරිදි අදාළ පාඩම් සැලසුම් කර ඉදිරිපත් කිරීම ගුරුවරයා ගේ කාර්ය භාරය යි. ඒ තුළින් දහම් පාසල් අධ්‍යාපනයෙන් නිසි ඵල ලද යහපත්, ගුණවත් බෞද්ධ දරුවකු බිහි කර ගැනීමට මග සැලසෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ලේඛක මණ්ඩලය

දහම් පාසල් අධ්‍යාපනයේ නිපුණතා

1. දහම් පාසල් දරුවා දහම් පාසල් අධ්‍යාපනයේ වටිනාකම හැඳිනගෙන තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් ක්‍රියා කරයි.

2. බුද්ධචරිතය හා වෙනත් ශ්‍රේෂ්ඨ බෞද්ධ චරිත හැඳින ඒවා චරිතායනය කරයි.

3. පන්සිල් සුරකිමින් සහරුචනට හා ගුරු දෙගුරුන්ට ගරු බුහුමන් කරයි.

4. ධර්මය පිළිබඳ නිවැරදි, නිරවුල් දැනුමක් ඇතිව තමන්ටත්, අනුන්ටත් හිත පිණිස වන පෞරුෂයක් ගොඩනගා ගැනීමට ක්‍රියා කරයි.

5. කායික හා මානසික සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත් වෙමින්, විවේකය ඵලදායී ලෙස ගත කරයි.

6. දේශාභිමානයෙන් යුතු ව ශාසනික උරුමය සහ බෞද්ධ සංස්කෘතික දායාද ආරක්ෂා කර ගැනීමට ක්‍රියා කරයි.

7. බෞද්ධ නිර්ණායක අනුව කළයුතු නොකළයුතු දේ නිවැරදි ව හැඳිනගෙන ඒ අනුව ක්‍රියා කරයි.

8. බෞද්ධ ආර්ථික හා දේශපාලන දර්ශනය හැඳිනගෙන ඊට අනුගත වෙයි.

9. බෞද්ධ සිරිත් විරිත් වත් පිළිවෙත් හා පරිසරය හැඳින ඊට අනුරූප ව ක්‍රියා කරයි.

10. පාලි භාෂා කුසලතාව සහ අභිධර්මය පිළිබඳ මූලික දැනුම ඇතිකර ගැනීමට ක්‍රියා කරයි.