01 ශ්‍රේණිය.pdf

ප්‍රකාශිත වර්ෂය :
2011
මුද්‍රිත වර්ෂය :
2011
පිටු ගණන :
32
බාගත කිරීම් ගණන :
8,946
වෙබ් අඩවියට එක් කළ දිනය :
2015-11-08
ගොනුවේ ප්‍රමාණය :
22 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 17

මෙම ග්‍රන්ථය ශ්‍රී ලංකා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මඟින් දහම් පාසල්වල 1 ශ්‍රේණිය (පෙර මූලික ශ්‍රේණිය) සඳහා සම්පාදනය කරන ලද නිල දහම් පාසල් පෙළපොත වේ. කුඩා දරුවන්ගේ මනසට ගැලපෙන අයුරින් වර්ණවත් චිත්‍ර සහ සරල කෙටි වැකි මඟින් බුදුදහම හා බෞද්ධ සංස්කෘතික සිරිත්විරිත් හුරු කරවීම මෙහි අරමුණයි.

ග්‍රන්ථයෙහි ප්‍රධාන තේමා හා පාඩම් පෙළගැස්ම:

  • අපේ බුදුහාමුදුරුවෝ, සිදුහත් බෝසත් උපත, බුදුවීම
  • අපේ ගෙදර සහ ගෙදර සිටින අය
  • තෙරුවන් සහ මව්පියන් වැඳීම
  • පන්සල, හාමුදුරුවෝ සහ දහම් පාසල
  • පසළොස්වක පෝය, මෙත් වැඩීම, පෙරහර
  • හොඳ පුරුදු සහ හොඳ සිරිත්

2006 වසරේ දී පළමු වරට මුද්‍රණය කෙරුණු මෙම පෙළපොතේ සයවන මුද්‍රණය 2011 දී රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව මඟින් මුද්‍රණය කර නොමිලයේ බෙදාහැරීම පිණිස නිකුත් කර ඇත.

හැඳින්වීම

දහම් පාසලේ දැනට ක්‍රියාත්මක වන ශ්‍රේණි ක්‍රමය රජයේ පාසල්හි ශ්‍රේණි ක්‍රමයට සමාන විය යුතුය යන්න දහම් පාසල් තුළින්ම මතු වූ අදහසකි. ඒ අනුව මින් ඉදිරියට දහම් පාසලේ මූලික ශ්‍රේණිය නමින් පන්තියක් නැත. එය 1 ශ්‍රේණිය නමින් හැඳින් වේ. මෙතෙක් කල් දහම් පාසලේ 1 ශ්‍රේණිය සඳහා භාවිත කළ පෙළ පොත 2006 වසරේ සිට 2 ශ්‍රේණිය පාඨ ග්‍රන්ථය බවට පත් වේ. ඒ අනුව අනෙක් ශ්‍රේණි පාඨ ග්‍රන්ථ ද වෙනස් වේ. 2006 වසරේ සිට 1 ශ්‍රේණිය සඳහා භාවිත කෙරෙන්නේ මෙම නව පාඨ ග්‍රන්ථයයි.

මෙම අලුත් පොතේ පාඩම් සකස් කර ඇත්තේ චිත්‍රයක් හා වාක්‍ය කිහිපයක් පමණක් ඇතුළත් කිරීමෙනි. එහෙත් පාඩම එයට සීමා කළ යුතු නැත. චිත්‍රය හෝ චිත්‍ර කිහිපය ඇසුරෙන් ශිෂ්‍යයන් සමග කථා කරමින් සුදුසු පරිදි පාඩම ගොඩනැඟීමට ගුරු භවතුන් උනන්දු විය යුතුය. ඒ සඳහා උපදෙස් දෙන ගුරු අත්පොතක් ද ලබා දීමට අපේක්ෂා කර ඇත.

පාඩම ගොඩ නැඟීමේ දී ගාථා, කවි රිද්මානුකූලව ගායනා කිරීම, රඟපෑම, ආදී ක්‍රියාකාරකම්වල යෙදීම සඳහා සිසුන්ට අවස්ථාව ලබා දීම අවශ්‍යය. පාඩමෙන් ලබා දෙන පණිවුඩය වඩාත් ප්‍රාණවත් ලෙසත්, සිත් ගන්නා ලෙසත්, ඉදිරිපත් කිරීමට එම ක්‍රියාකාරකම් ඉවහල් වනු ඇත.

බුදු මැදුරට, සෑ මළුවට, බෝ මළුවට සිසුන් කැඳවා ගෙන ගොස් නිවැරදි ඉරියව් වලින් සිට වන්දනාමාන කරන ආකාරය, ඒ ඒ ස්ථාන වලදී හැසිරෙන ආකාරය තේරුම් ගැනීම සඳහා ක්‍රියාකාරීව මෙහෙයවීම අවශ්‍ය බව සැලකිය යුතුය.

දහම් පාසලට මුලින්ම එන දරුවාට එය ප්‍රියජනක ස්ථානයක් ලෙස හැඟී යන අයුරින් මෙන්ම ශ්‍රද්ධාව වැඩෙන අයුරින් දහම් පාසල ප්‍රසන්න තැනක් බවට පත් කිරීමේ වගකීම ගුරුවරයා සතු වේ.