ඉබේ සකුව - කුමාරතුංග මුනිදාස.pdf

කතෘ :
කුමාරතුංග මුනිදාස
ප්‍රකාශිත වර්ෂය :
1963
මුද්‍රිත වර්ෂය :
1963
පිටු ගණන :
90
බාගත කිරීම් ගණන :
2,328
වෙබ් අඩවියට එක් කළ දිනය :
2020-12-01
ගොනුවේ ප්‍රමාණය :
16 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 46

ඉබේ සකුව (පාළිය ද සමඟ යැ) යනු ප්‍රවීණ භාෂා විශාරද කුමාරතුංග මුනිදාසයන් විසින් සංස්කෘත (සකු) සහ පාළි භාෂාවන් ඉතා පහසුවෙන් ස්වයංව අධ්‍යයනය කරගත හැකි වන පරිදි සම්පාදනය කරන ලද අගනා ප්‍රාථමික භාෂා ශික්ෂණ ග්‍රන්ථයකි.

සංස්කෘත භාෂාව ඉගෙනීම අපහසු යැයි සිතා කාලය නාස්ති කරන සිසුන්ට දිනකට එක් පාඩම බැගින් පහසුවෙන් ඉගෙනගත හැකි වන පරිදි කෙටි පාඩම් සහ අභ්‍යාස මාලාවක් මෙහි අන්තර්ගත කොට ඇත. එමෙන්ම සංස්කෘත පද හා ව්‍යාකරණ රීති පාළියට පෙරළෙන අයුරු ද පෙන්වා දෙමින් භාෂා ද්විත්වයම එකවර නිරායාසයෙන් ප්‍රගුණ කරවීමට කතුවරයා මඟ පෙන්වයි.

මෙම මුද්‍රණය කොළඹ සීමාසහිත ඇම්. ඩී. ගුණසේන සහ සමාගම විසින් 1963 සැප්තැම්බර් මස පළ කරන ලද දෙවන මුද්‍රණයයි.

හඟවුම

හෙළ දිවැ බොහෝ දෙන සකුව උගන්නට යැ යි කල් මරති. එ සේ ද කොටැ, කෙළවරැ දී තමන් දන්නා සකුවක් නැති බව දැනැ තැවෙත්. වරද උගන්වන්තවුන් අතෙහි යැ.

උගන්නට අමාරු බසෙක් නො වේ සකුව මෙ නියරින් ඉගෙනැ බලන්නැ. මෙයට වැඩි කලක් යන්නේ ද නො වේ. දවසකට එක් පැදුම ගණනේ උගනිතොත් ගෙවෙන්නේ කි දවස ද?

සකු අකුරු ලියා හැඳින්වියැ යුතු වුව ද, මෙහි එ බන්දකට ඉඩ නැති. සකු හෝඩි පොතක් — බොම්බායේ අකුරු ඇති එකක්* — සපයාගෙනැ බලාගත මැනැවි. ඇබැසි සපුරා, දත් තැනක් ලවා බලවාගත හොත් වඩා ලා මැ සුදුසු යැ. අකුරටත් ඇබැසියටත් අප පිහිට පතතොත් පහිණ වියදමට සත හයේ මුද්දරයක් එවමින් විමසන්නැ.

මෙයින් ඉගැන්වෙනුයේ, සකුව මැ නො වේ පාළිය ද නිකම් මැ පහළ වෙයි. අලුත් මැ මඟෙකිනි. එ කො තරම් පහසු ද යනු එළි වන් වන් ඔබට මහ සොම්නස් උපදිනු නියත යැ.

කුමාරතුංග මුනිදාස

2487 පොසොන් පුර 2. පාණදුරේ දී යැ.

*මේ සඳහා සංස්කෘත බාලාදර්ශ නම් පොත මැනැවි. M. D. ගුණසේන වෙළෙඳ හලින් ලබාගත හැකි.

කුමාරතුංග මුනිදාස
2487 පොසොන් පුර 2.
පාණදුරේ දී යැ.