මතකභත්ත ජාතකය - ගෙල සිඳුණු එළුවාගේ කතාව.pdf

පිටු ගණන :
12
බාගත කිරීම් ගණන :
2,529
වෙබ් අඩවියට එක් කළ දිනය :
2020-02-19
ගොනුවේ ප්‍රමාණය :
5.6 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 7

මතකභත්ත ජාතකය ඇසුරින් සකස් කරන ලද කෙටි චිත්‍ර කතාවකි. ප්‍රාණඝාත අකුසලයේ විපාක විදහා දක්වමින්, පෙර භවයක කළ සත්ත්ව ඝාතනයක් නිසා භව පන්සියයක් පුරා හිස සිඳී යාමේ විපාකය විඳි එළුවාගේ කතා පුවත මෙහි සිතුවම් මඟින් නිරූපණය කෙරේ.

මළවුන් උදෙසා දෙනු ලබන මතක දානයක් සඳහා එළුවකු මැරීමට සූදානම් වූ බමුණාට, එම එළුවා තමන්ගේ පෙර භවයන් සිහිපත් කරමින් සිනාසීමට සහ හැඬීමට හේතු දැක්වූ අයුරුත්, අවසානයේ කිසිවකු නොමැරුවද කර්ම විපාකයෙන් අකුණු සැර වැදී එළුවාගේ හිස සිඳී ගිය අයුරුත් මෙහි විස්තර වේ.

ප්‍රාණඝාතයෙන් වැළකී කුසල් දහම්හි යෙදීමේ වැදගත්කම ළමා හා වැඩිහිටි සැමට අවබෝධ කරදීම සඳහා ‘Path to Nirvana’ මඟින් ධර්ම දානය පිණිස සම්පාදනය කර ඇත.