විමලාර්ත්ථවාහිනී මජ්ඣිම නිකාය ව්‍යාඛ්‍යාව පාලි සිංහල v2.pdf
- කතෘ :
- කේ. ශ්‍රී. ධම්මානන්ද හිමි
- ප්‍රකාශිත වර්ෂය :
- 1927
- මුද්‍රිත වර්ෂය :
- 1927
- පිටු ගණන :
- 944
- බාගත කිරීම් ගණන :
- 1,094
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2020-02-02
- ගොනුවේ ප්‍රමාණය :
- 263 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
විමලාත්ථවාහිනී නම් වූ මධ්‍යම නිකායාර්ථ ව්‍යාඛ්‍යාව යනු මජ්ඣිම නිකායේ මූල පණ්ණාසකයට අයත් සූත්‍ර පනහ (මූලපරියාය සූත්‍රයේ සිට චූලසච්චක, මහාසච්චක ආදී සූත්‍ර දක්වා) සඳහා පාලි පාඨය සමඟ සවිස්තර සිංහල අර්ථ ව්‍යාඛ්‍යානයක් සපයන අගනා ධර්ම ග්රන්ථයකි.
මෙම ව්‍යාඛ්‍යාව සම්පාදනය කරන ලද්දේ කොත්මලේ වටද්දර ඥානෝදය පරිවෙණාධිපතිව වැඩවිසූ පණ්ඩිත කේ. ශ්‍රී. ධම්මකීර්ති ධම්මානන්ද ස්ථවිරයන් වහන්සේ විසිනි. කොළඹ විද්‍යෝදය මහා පරිවෙණාධිපතිව වැඩවිසූ අතිපූජ්‍ය කහවේ ශ්‍රී සුමංගල රතනසාර නාහිමියන්ගේ අනුමැතිය සහ පිළිගැනීම සහිතව හෝමාගම ඩී. සී. වික්‍රමසිංහ අප්පුහාමි මහතාගේ ප්රකාශනයෙන් විද්යාර්ථප්රකාශ යන්ත්‍රාලයේ මුද්‍රණය කරවා ඇත.
බුද්ධඝෝෂ හිමියන්ගේ පපඤ්චසූදනී අටුවාව සහ පුරාතන ආචාර්ය පරම්පරාගත වාචනා මාර්ගය නොඉක්මවා, දුරවබෝධ තැන්හි සවිස්තර අර්ථ සහ නිරුක්ති දක්වමින් සම්පාදනය කර ඇති මෙම වෙළුමෙහි මූල පණ්ණාසකයේ ප්‍රථම භාගයේ සිට චතුර්ථ භාගය දක්වා කොටස් සූත්‍ර වශයෙන් මැනවින් විග්රහ කොට ඇත.
සංඥාපනය
සකල ලෝකානන්දකර ශ්‍රී ශාක්යමුනීන්ද්රයන් වහන්සේ විසින් වදාරාවූද එසේම ත්‍රිවිධ සංගායනාවට අන්තර්ගත වූද මධ්යමප්රමාණ සූත්‍ර එක්සිය දෙපණසකින් හා වර්ගපසළොසකින් ප්‍රතිමණ්ඩිත වූ පරම ගම්භීර මධුර මනොහර විමුක්ති රසොපෙත මධ්‍යම නිකාය විභාගී මාගධී භාෂොද්භවභණාභිලාෂීන් විසින්ද එසේම සියළු ධර්ම කථිකයින් විසින්ද බෙහෙවින් ප්‍රගුණ කරණු ලබන මහාර්ඝ ග්රන්ථ රත්නයකි.
මීට යොග්‍ය වූ සවිස්තර සිංහල ව්‍යාඛ්‍යාවක් අවිද්යමානබව තත්ත්වාවබොධක සාධුජනයාට මහත් පාඩුවක් යයිද එබඳු ව්‍යාඛ්‍යානයක් කිරීම සද්ධර්මප්රචාරයෙහි මහත් ප්‍රතිෂ්ඨාවක් යයිද සලකා ශ්‍රීමත් බුද්ධඝොෂ අටුවාචාර්‍ය්‍ය පාදයන් වහන්සේගේ පපඤ්චසූදනී නම් මැදුම් සඟි අටුවාව ඇසුරු කොට ආචාර්ය්ය පරම්පරාගත වාචනා මාර්ගයද නොඉක්මවා දුරවබොධ තැන්හි භාවය හා යථාස්ථානයෙහි නිරුක්තීන්ද දක්වමින් නාතිසංක්ෂෙප විස්තාරයෙන් මෙකී අර්ත්ථව්යාඛ්යානය නිපදවන ලදි
මෙසේ ලොකානුශාසනාභිවෘද්ධිය තකා නිපදවන ලද ව්යාඛ්යානයෙහි ප්‍රථම භාගය අපේ කැමැත්ත පරිදි හෝමාගම දොන් එලාමිස් වික්‍රමසිංහ මහතා විසින් මුද්‍රණය කරවා ප්‍රසිද්ධ කරන ලදි. එහි සඳහන් කළ පරිදි ද්විතීය භාගයෙහිද වැඩ අප්‍රමාදව කරගෙන යන අතර යථොක්ත මහතාගේ අකාල මරණයෙන් මීට බාධා පැමිණි නමුත් එය පිරිමසා ගෙන දෙවන භාගයත් මෙසේ ප්‍රසිද්ධ කරවන්ට ලැබීම මහත් සතුටකි.
ග්‍රන්ථාවසානය දක්වා නොකඩව ප්‍රසිද්ධ කරවීම අපේ ස්ථිර අදහස බැවින් අන්‍ය පින්වතුන් විසින් මේ සඳහා පරිශ්රම දරා අපගේ මේ සත්ක්‍රියාවට වියවුල් නොකටයුතු බව කරුණාවෙන් මතක් කරමු.
මෙහි අපගේ ප්‍රමාදයෙන් ද මුද්‍රණයෙහිදී ද සංජාත බොහෝ දෝෂස්ථාන ඇති විය හැක. එබඳු දොෂස්ථානයන් යම්කිසි සත්පුරුෂ උතුමෙක් අප වෙත දන්වන්නේ නම් එය ගෞරවයෙන් පිළිගෙන ශුද්ධිපත්රයට ඇතුළත්කරන්තෙමු.
සංඥාපනය
ත්‍රී භවන ලොකොත්තම ශ්රීඝන සුගත තථාගත ප්රවෙදිත ත්‍රිපිටක ධර්මය අතුරෙන් මධ්‍යම නිකාය නම්? ත්‍රිවිධ සංගායනාවට ඇතුළත්වූ මූල මජ්ඣිම උපරි යන පණ්ණාසක තුනෙකින් හෙබියාවූ මූල පරියාය වර්ගය ආදී වර්ග පසළොසකින්ද සාතිරෙක ඛණවර අසුවකින්ද මූල පරියාය සූත්‍රය පටන් එක්සිය දෙපණසක් සූත්‍රයෙන්ද අසූදහස් පන්සිය තෙවිසි පදයකින්ද සත්ලක්ෂ සතලිස් දහස් තෙපණසක් අක්ෂරයෙන්ද අනුසන්ධි තුන්දහස් නවසියකින්ද ප්‍රතිමණ්ඩිත වූ පරම ගම්භීර මධුර මනොහර විමුක්ති රසොපෙත වූ සංසාර නිර්ගමනාර්ථීන් විසින්ද මාගධී භාෂොද්භව භණාභිලාෂීන් විසින්ද සකල ධර්ම කථිකයින් විසින්ද අත්යන්තාදර ගෞරවයෙන් ග්‍රහණ ධාරණ වාචනාදීන් පරිශීලනය කරණු ලබන සුපරිශුද්ධ බෞද්ධ ධර්මයමය මහාර්ඝ ග්රන්ථ රත්නයකි—
පුරාතන ලක්දිවැ සම්පූර්ණ සූත්‍ර පිටකයටම ස්වභාෂාවෙන් කල අර්ත්ථ ව්‍යාඛ්‍යානයක් තිබුණු බැව් ඉතිහාසයෙන් හැඟෙතුදු දැනට එබන්දක් අවිද්‍යමාන බව තත්ත්වාවබොධක සාධු ජනයාට මහත් පාඩුවක් යයිද එබඳු ධර්මයමය ව්‍යාඛ්‍යානයක් නිපදවීම සද්ධර්ම ප්‍රචාරයෙහි පරම ප්රතිෂ්ඨාවක්ද අපගේ භවනිස්තරණයට අසහාය හෙතුවක්ද වන්නේයයි සලකා ශ්‍රීමත් බුද්ධඝොෂ අර්ත්ථ කථාවාචාර්ය්ය මහා ස්වාමිපාදයන්වහන්සේගේ පපඤ්ච සූදනී නම් මැදුම් සඟි අටුවාවද සද්වාචාර්ය්ය පරම්පරා යාත නිර්මල අර්ත්ථ වර්ණනා පද්ධතියද නොඉක්මවා සාමාන්‍ය වශයෙන් පදාර්ත්ථ දැක්වීමද, දුරවබොධ තැන්හි සවිස්තර භාවයද යථා ස්ථානයෙහි නිරුක්ති නයද දක්වමින් නාති සංක්ෂෙප විස්තාරයෙන් මෙකී අර්ත්ථ ව්‍යාඛ්‍යානය නිපදවනලදි,
මෙය මුද්‍රණයෙහිදී ඇතිවූ විවිධ බාධාදිය මැඩ පවත්වා මෙලෙස තුන්වන භාගයත් ළඟදීම නිකුත් කරන්ට ලැබීම
විඥ්ඥාපනය
විවිධ මොහාන්ධකාර විධ්වංසනය කොට ශ්‍රී සද්ධර්මාලොකයෙන් සකල ලොකය එකාලොක කිරීමෙන් සහස්ර රශ්මින්ට සහස්ර ගුණයෙන් අධික ප්‍රභාවත්වූ ශ්‍රී ඝන සුගත තථාගත ශාසන රත්නය ශොභාමානව පවත්නාතෙක්ම බෞද්ධ ලෝකයාගේ සම්‍යක් ප්‍රතිපත්තිය පවත්නේ වෙයි එසේ යහපත් ප්‍රතිපත්තිය පැවැත්නාහුරුම ජීවනාභ්යාසයත් මනාව රැඳෙයි. ශාසනාධාර සුප්රතිපත්තියද පර්‍ය්‍යාප්තිය මුල්කොට ඇත්තේ මැයි පර්‍ය්‍යාප්තිය ප්‍රගුණ කොට එයින් ප්රඥාතව්ය භාවිතව්‍ය ධර්මයන් දැන ධර්මානුධර්මප්රතිපදුවෙහි යෙදී නිර්වාණධර්මය ප්රත්යක්ෂ කිරීමට පර්ය්යාප්තිඥානයම මෙසේ මුල්වන්නේයයි දත යුතුයි, පර්ය්යාප්තිඥානයට යථාර්ථාවබොධය පරමොපකාරීය අර්ත්ථාවබොධයක් නැත්තේනම් එය ශාසන විලොපයකි යථාර්ත්ථාවබොධය ශාසනාභිවෘද්ධියෙකි ඒ බැව් ශ්‍රීමුඛ පාලියෙහි මෙසේ සඳහන්වේ;
“පඤ්චිමෙ භික්ඛවෙ ධම්මා සද්ධම්මස්ස ඨිතියා අසම්මොසාය අනන්තරධානාය සංවත්තන්ති කතමෙ පඤ්ච ඉධභික්ඛවෙ භික්ඛු සක්කච්චං ධම්මං සුණන්ති සක්කච්චං ධම්මං පරියාපුණන්ති සක්කච්චං ධම්මං ධාරෙන්ති සක්කච්චං ධතානං ධම්මානං අත්ථං උපපරික්ඛන්ති සක්කච්චං අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානු ධම්මං පටිපජ්ජන්ති ඉමෙ ඛො—ප—
ශ්‍රී සද්ධර්ම ශ්‍රවණය ධර්මය ප්රගුණු කිරීම වාචොද්ගත කිරීමෙන් ධර්මය දරීම ධර්මාර්ත්ථාවබොධය ධර්මානුධර්මප්රතිපදව යන මේ කරුණු පස හේතුවෙන් බුද්ධ ශාසන මනාව පවත්නෙයයි වදාළ මේ බුද්ධ වචනයෙන් යථාර්ත්ථාවබොධය ශාසන ප්‍රවෘත්තියට පිටිවහල් බව ප්රතීත වේ මැයි,
යථොක්ත යථාර්ත්ථාවබොධයද සර්වඥයන් වහන්සේගේ අදහස මේයයි නිගමන වශයෙන් දත් මහාමහීන්ද්රාදී මහරහතන් වහන්සේලාගේ අභීවර්ණිතාචාරී හකුළුවා කල මාගධී අර්ත්ථකථා පද්ධතිය නිසාද සදාම්නාය වාචනාමාර්ගය නිසාද ලැබේමැයි;