භාවාර්‍ත්‍ථ සහිත චුල්ලවග්ග ව්‍යාඛ්‍යාව - මිණිවන්ගොඩ පඤ්ඤාතිස්ස හිමි 1930.pdf

කතෘ :
මිණිවන්ගොඩ පඤ්ඤාතිස්ස හිමි
ප්‍රකාශිත වර්ෂය :
1930
මුද්‍රිත වර්ෂය :
1930
පිටු ගණන :
236
බාගත කිරීම් ගණන :
836
වෙබ් අඩවියට එක් කළ දිනය :
2020-02-02
ගොනුවේ ප්‍රමාණය :
63 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 119

විනයත්‍ථප්පකාසිනී නම්වූ භාවාර්‍ත්‍ථ සහිත චුල්ලවග්ග ව්‍යාඛ්‍යාව (ද්විතීය භාගය) යනු විනය පිටකයට අයත් චුල්ලවග්ග පාළියෙහි එන විනය ශික්ෂාපද සහ විනය කර්ම අරභයා සිංහල භාවාර්ථ සහ විස්තර සහිතව සම්පාදනය කරන ලද අගනා විනය ග්‍රන්ථයකි. ගාල්ලේ මිණිවන්ගොඩ ශ්‍රී පරමානන්ද විහාරාධිපතිව වැඩවිසූ සද්ධම්මාලංකාර කවිධජ විනයාචරිය කොග්ගල සිරි සංඝතිස්සාභිධාන මාහිමිපාණන් වහන්සේගේ ශිෂ්‍ය මිණිවන්ගොඩ පඤ්ඤාතිස්ස ස්වාමින් වහන්සේ විසින් මෙම ව්‍යාඛ්‍යාව සම්පාදනය කර ඇත.

මෙම කෘතිය විද්‍යොදය මහා විද්‍යාලයෙහි උපප්‍රධාන පණ්ඩිතාචාර්‍ය්‍ය බද්දෙගම පියරතනාභිධාන මහා ස්ථවිරයන් වහන්සේ විසින් සංශෝධනය කර ඇති අතර, විද්‍යොදය මහා විද්‍යාලයාධිපති පණ්ඩිත ශිරෝමණී කහවේ ශ්‍රී සුමංගල රතනසාරාභිධාන නායක මාහිමිපාණන් වහන්සේගේ ප්‍රතිග්‍රහණයෙන් යුක්තය.

මෙහි අන්තර්ගතය ප්‍රධාන වශයෙන් භික්ෂූන් වහන්සේලාගේ විනය කර්ම සහ ආපත්ති පරිවාස විධි ආදිය පැහැදිලි කෙරෙන පාරිවාසිකක්ඛන්ධකය හා සමුච්චයක්ඛන්ධකය වැනි ඛන්ධක කොටස් විස්තර කිරීම කෙරෙහි යොමුව පවතී. තල්පේ ත්‍රිපිටක ධර්‍මදාන සමිතිය වෙනුවෙන් පී. බී. සෙනෙවිරත්න ද සිල්වා ආයුර්වේදීය වෛද්‍ය මහතාගේ ප්‍රකාශනයෙන්, බුද්ධ වර්ෂ 2474 (ක්‍රි.ව. 1930) දී ගාල්ලේ සුසඳකිරණ මුද්‍රණාලයෙහි මෙය මුද්‍රණය කරවා ඇත.

විශෙෂ නිවේදනයයි.

පින්වතුනි,

තල්පෙ ත්‍රිපිටක ධර්‍මදාන සමිතිය මගින් පළමු අදහස් පරිදි පිළිවෙළින් මුද්‍රණය කරවාගෙන යන චුල්ලවග්ග ව්‍යාඛ්‍යා පොත් වහන්සේගේ ප්‍රථම භාගය ලබාගෙන මුදල් පරිත්‍යාගකළ පින්වතුන්ගේ ආධාරධනයෙන් මෙම ද්විතීය භාගය මුද්‍රණය කරවීමට අදහස් කරගෙන ක්‍රියා කෙළෙමු. එසේ නමුදු ඒ ගණණ උවමනා කරන ප්‍රමාණ ආධාර මුදල් නොලත් හෙයින් එහි අඩු පාඩු අප විසින්ම සම්පාදනය කර දෙන ලදි. මෙසේ කරගෙන යන මේ උතුම් ක්‍රියාවේ ප්‍රතිඵලය පොත අවසානයේදී ලබාගැනීම සඳහා මේ දුටු සැදැහැවත්හු ආධාර කරත්වා.

තවද මේ පොත් වහන්සේ මුද්‍රණය කරවීමට අදහස ඇතිවූ එක් කාරණයක් නම් සද්ධර්‍ම ගෞරවය නොදැන උතුම් සද්ධර්‍ම රත්නයට නිකරුණේ දෝෂාරෝපණය කරන මුග්ධයන්ගේ දුර්මති විනෝදනයයි. එබැවින් මෙයින් අත්වූ පින් අනුමෝදන් වන ශාසනාරක්‍ෂක දිව්‍ය සමූහයා මේ ගණණ උපස්ථායකවූ කරුණාවක් අතිගරු උගත් පණ්ඩිත ස්වාමින් වහන්සේලා ඇතුළු දායක කාරකවූ අප සැම දෙනම කායචිත්ත පීඩාදියෙන් තොරව ආරක්‍ෂා කරත්වා.

මේ සද්ධ්‍යාපාරය බෞද්ධ මහාජනයාට විශේෂ ප්‍රයෝජනයක් වන බැවින් මීට ආධාර කොට පින් ලබා නිවන් පසක් කරගණු මැනැවි. තවද මෙම දෙවෙනි කාණ්ඩය සඳහා සියලු වැඩට රුපියල් 1781 ක් වියදම් විය. ලැබුණු මුදල රිසිට්වල ඇතුළත්වූ පරිදි වියදමින් කොටසක් පමණ වෙයි. අප මෙය රක්‍ෂාවක් පිණිස කරණ වැඩක් නොවන බැවින් සැදැහැවතුන් නුවණින් සලකා ආධාර කරතොත් යෙහෙකි. මෙය මුද්‍රණය සඳහා දායකත්වයෙහි පිහිටා ඉතා ඕනෑකමින් සහ පරීක්‍ෂාවෙන් මුද්‍රණයකර දුන් සුසඳකිරණ මුද්‍රණාලයාධිපති ටී. කේලම්බි මහතාට සතුති පූර්‍වකව පින් අනුමෝදන් කර ඉතිරි කාණ්ඩද වහා මුද්‍රණය සුපරීක්‍ෂාවෙන් කර දෙනවා ඇතැයිද බලාපොරොත්තු වෙමි.

මීට, පී. බී. සෙනෙවිරත්න ද සිල්වා, ආයුර්වේදීය වෛද්‍ය. තල්පෙ ත්‍රිපිටක ධර්‍මදාන සමිතිය.

පී. බී. සෙනෙවිරත්න ද සිල්වා, ආයුර්වේදීය වෛද්‍ය. තල්පෙ ත්‍රිපිටක ධර්‍මදාන සමිතිය.

චුල්ලවග්ග ව්‍යාඛ්‍යාව.

මෙම ව්‍යාඛ්‍යාව අවසාන කාණ්ඩයේදී අනුක්‍රමණිකා, ශුද්ධිපත්‍ර, කර්තෘ සංදර්ශනාදිය සවිස්තාරව යොදන බැවින් මුද්‍රණයේදී ඇතිවූ බලවත් දෝෂ කීපයක ශුද්ධිය මෙහි දක්වමු.

239 වෙනි පිටෙහි 1 වෙනි පෙළේ “පටිකස්සිතො” යනු එම පිටේ ව්‍යාඛ්‍යාවෙහි 1 වෙනි පෙළේ “කරණ ලද්දේය” යන්නට මුලින් වැටිය යුතුයි. 259 වෙනි පිටේ 1 වෙනි ව්‍යාඛ්‍යාවෙහි 2 වෙනි පෙළේ “පිරිවෙස් ඇත්තේය” යන්න ළඟට “=පෙ=” යනුද, එම 5 වෙනි පෙළෙහි “පක්‍ඛාහ පටිච්ඡන්නං, පස්දිනක්” යනු “පක්ඛ පටිච්ඡන්නං, පසළොස්දිනක්” යයිද සැලකිය යුතුයි.

නැවත මෙය මුද්‍රණය කරවීම අප අදහස් පරිදි වියයුතුයි.

මේවගට, M. Pannatissa.

ශ්‍රී. බු. ව. 2471 බිනර පුර 12 වක් ලත් ගුරුදින මිණිවන්ගොඩ ශ්‍රී පරමානන්ද මහා විහාරයේ දිය.

M. Pannatissa. ශ්‍රී. බු. ව. 2471 බිනර පුර 12 වක් ලත් ගුරුදින මිණිවන්ගොඩ ශ්‍රී පරමානන්ද මහා විහාරයේ දිය.