දීඝනිකාය ශීලස්කන්ධවර්ගය පාලි සිංහල - W. A. සමරසේකර.pdf
- කතෘ :
- ඩබ්ලිව්. ඒ. සමරසේකර
- ප්‍රකාශිත වර්ෂය :
- 1904
- මුද්‍රිත වර්ෂය :
- 1904
- පිටු ගණන :
- 559
- බාගත කිරීම් ගණන :
- 1,088
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2020-02-02
- ගොනුවේ ප්‍රමාණය :
- 160 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
මෙම ග්‍රන්ථය ඩබ්ලිව්. ආතර් ද සිල්වා මැතිතුමාගේ සංස්කාරකත්වයෙන් සහ මඟපෙන්වීමෙන්, ඩබ්ලිව්. ඒ. සමරසේකර මහතා විසින් සිංහල භාවසන්න සහිතව සකස් කරන ලද දීඝනිකායේ ශීලක්ඛන්ධවග්ග පාලි පෙළ සහ සිංහල සන්නයයි. මෙය බුද්ධ වර්ෂ 2447 දී (ක්‍රි.ව. 1904) කොළඹ සිංහල සමය මුද්‍රණාලයෙන් මුද්‍රණය කොට ප්‍රකාශයට පත් කර ඇත.
මෙම කාර්යය සඳහා හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි, රත්මලානේ ශ්‍රී ධර්මාරාම නාහිමි, වැලිගම ශ්‍රී සුමංගල නාහිමි, වස්කඩුවේ සුභූති නාහිමි, දොඩන්දූවේ පියරතන තිස්ස නාහිමි ඇතුළු එකල වැඩසිටි ප්රමුඛ පෙළේ මහා යතිවරයන් වහන්සේලාගේ මෙන්ම ඇම්. ධර්මරත්න පණ්ඩිතතුමා සහ ඇඩ්මන්ඩ් ආර්. ගුණරත්න වාසල මුදලිතුමා වැනි විද්වතුන්ගේ ද දායකත්වය ලැබී ඇත. තවද පාණදුරේ ඤාණවිමලතිස්ස හිමි, බේරුවල සිරිනිවාස හිමි, පැලෑණේ වජිරඤාණ හිමි ආදී ස්වාමීන් වහන්සේලා ඇතැම් සූත්‍ර සඳහා සන්න ලිවීමෙන් සහය වී තිබේ.
මෙහි ශීලක්ඛන්ධ වග්ගයට අයත් පහත සඳහන් සූත්‍ර 13 අන්තර්ගත වේ:
- බ්‍රහ්මජාල සූත්‍රය
- සාමඤ්ඤඵල සූත්‍රය
- අම්බට්ඨ සූත්‍රය
- සොණදණ්ඩ සූත්‍රය
- කූටදන්ත සූත්‍රය
- මහාලි සූත්‍රය
- ජාලිය සූත්‍රය
- කස්සපසීහනාද සූත්‍රය
- පොට්ඨපාද සූත්‍රය
- සුභ සූත්‍රය
- කේවට්ට සූත්‍රය
- ලෝහිච්ච සූත්‍රය
- තෙවිජ්ජ සූත්‍රය
සූත්රාවසානයෙහි ප්‍රධාන කාරණා, පුද්ගල නාම සහ ස්ථාන නාම සූචි ද ඇතුළත් කර ඇත.
ආධාර උපකාර කළ විද්වතුන් පිළිබඳ සටහන
Buddhist Pali Texts.
With a translation into Sinhalese.
The following well-known Buddhist Scholars in Ceylon render valuable help in the preparation of this work:—
The Very Rev: Hikkaduwe Sri Sumangala Nayaka Thero, Principal Vidyodaya Oriental College, Maligakanda, Colombo.
The Very Rev: Weligama Sri Sumangala Nayaka Thero, Pulinatalarama, Kalutara.
The Very Rev: Waskaduwe Subhuti Nayaka Thero, Waskaduwa.
The Very Rev: Ratmalane Dharmakirti Sri Dharmarama Nayaka Thero, Principal Vidyalankara Oriental College, Peliyagoda.
The Very Rev: Piyaratana Tissabhidhana Nayaka Thero, Dodanduwa.
Pundit M. Dharmaratne Esq, Editor Vissuddhimarga &c, Colombo.
E. R. Gunaratne Esq, J. P. Mudliar, Local Secretary London Pali Text Society—Galle.
මේ භාවසන්නසහිත ත්රිපිටකධර්මය සම්බන්ධීශුද්ධිපත්රාදිය සම්පාදනය කිරීම සඳහා උපකාරකරණු පිණිස අපගේ ආරාධනාව පිළිගෙන ඊට කැමැත්තදුන් උතුමන්ගේ නාමලේඛනය මෙහි පහත දක්වනු ලැබේ.
කොළඹ මාලිගාකන්දේ විද්‍යොදය පරිවෙණාධිපති ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය්ය හික්කඩුවේ ශ්‍රී සුමංගලාභිධාන නායකස්ථවිරපාදයන්වහන්සේ.
පෑලියගොඩ විද්‍යාලංකාර පරිවෙණාධිපති රත්මලානේ ධර්මකීර්ති ශ්‍රී ධර්මාරාමාභිධාන නායකස්ථවිරපාදයන්වහන්සේ.
කළුතර පුලිනතලාරාමාධිපති ශාසනවංශාලංකාර කවිධජ විනයාචාර්‍ය්‍ය වැලිගම ශ්‍රී සුමංගලාභිධාන නායකස්ථවිරපාදයන්වහන්සේ.
වස්කඩුවේ අභිනවාරාමාධිපති පවරනෙරුත්තිකාචරිය මහා විභාවිත රාජගුරු වස්කඩුවේ සුභූති නායකස්ථවිරපාදයන්වහන්සේ.
දොඩන්දූවේ ශෛලබිම්බාරාමාධිපති අරියවංශාලංකාර ශාසනධජ විනයාචාර්‍ය්‍ය පියරතනතිස්සාභිධාන නායකස්ථවිරපාදයන්වහන්සේ.
ලක්මිණිපහන් කර්තෘභූත බුද්ධශාසනමහාසුරසේනාපති රාජදන්තිය නාමෝපලක්ෂිත ඇම්. ධර්මරත්න පණ්ඩිතතුමා.
ලොන්ඩන්නුවර පාලිපොත් සමාගමේ ගරු ලේකම්තැන්පත් සමාදාන විනිශ්චයකාරධුරන්ධර ගාල්ලේ ඇඩ්මන්ඩ්. ආර්. ගුණරත්න. වාසලමුදලිමැතිතුමා.
මේ කාණ්ඩයේ ඇතුළත් වූ ඇතැම් සූත්‍රවලට සන්න ලියැවීමෙන් මෙහි පහත නම්සඳහන්වෙන භවතුන්විසින් උපකාරකරණලදි.
පාණදුරේ ඤාණවිමලතිස්ස ස්ථවිරයන්වහන්සේ.
බේරුවල සිරිනිවාස ස්වාමින්වහන්සේ.
පැලෑණේ වජිරඤාණ ස්වාමින්වහන්සේ.
ඩී, ඇම්, සිල්වා පණ්ඩිතතුමා.