දීඝනිකාය 2 පාලි සිංහල - බොද්‍ධ සම්මේලනය.pdf
- ප්‍රකාශිත වර්ෂය :
- 1952
- මුද්‍රිත වර්ෂය :
- 1952
- පිටු ගණන :
- 606
- බාගත කිරීම් ගණන :
- 1,119
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2020-02-02
- ගොනුවේ ප්‍රමාණය :
- 160 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ත්‍රිපිටක මුද්‍රණ භාර මණ්ඩලය මගින් පළ කරන ලද ‘බෞද්ධ මහා සම්මේලනයේ ත්‍රිපිටක ග්‍රන්ථමාලා’ හි 7 වෙනි ග්‍රන්ථය වන සූත්‍ර පිටකයේ දීඝනිකාය දෙවෙනි කාණ්ඩයයි (සීලක්ඛන්ධ වග්ගයේ දෙවන කොටස).
මෙහි පාලි පෙළ ලංකා විශ්වවිද්‍යාලයේ පාලි අංශයේ මහාචාර්ය ගුණපාල මලලසේකර මහතා විසින් සංස්කරණය කරන ලද අතර, සිංහල අනුවාදය සම්පාදනය කර ඇත්තේ කොළඹ විද්‍යෝදය පිරිවෙණේ ආචාර්ය ධුරන්ධර පලන්නොරුවේ විමලධම්ම නායක ස්ථවිරයන් වහන්සේ විසිනි. බුද්ධ වර්ෂ 2496 (ක්‍රි.ව. 1952) දී කොළඹ ලේක්හවුස්හි පිහිටි දිනමිණ මුද්‍රණාලයේ මුද්‍රණය කරවා ප්‍රකාශයට පත් කර ඇත.
මෙහි අඩංගු සූත්‍ර දේශනා:
- මහාලි සුත්තං
- ජාලිය සුත්තං
- කස්සප සීහනාද සුත්තං
- පොට්ඨපාද සුත්තං
- සුභ සුත්තං
- කෙවට්ට සුත්තං
- ලොහිච්ච සුත්තං
- තෙවිජ්ජ සුත්තං
උප ග්‍රන්ථය
6. මහාලි සූත්‍රය
513 වෙනි පිට
1. නාගිත ස්ථවිරයන් කලක් බුදුරජාණන් වහන්සේට උපස්ථායකව ක්‍රියා කළ බවද ඔහු සදුවල අලස වූ බැවින් තමන්ට අයත් කටයුතු ස්වකීය බෑණනුවන් වූ සීහ සාමණේරයන් ලවා කරවාගත් බවද අටුවාවෙහි සඳහන් වේ.
2. මහාලි නම්වූ ලිච්ඡවී රජුට (ක්‍ෂත්‍රියයාට) බෙදුනු උඩු තොලක් ඇති බැවින් ඔට්ඨද්ධ යන (විකට) නාමය දෙන ලද්දයි අටුවාවෙහි දැක්වේ.
515 වෙනි පිට
1. නාගිත තෙරුන්ගේ බෑණනුවන් වූ සීහ සාමණේරයන් වහන්සේ සත් ඇවිරිදි වයසෙහි පැවිදිවූ බවද ස්වකීය ගති පැවතුම් නිසා බුදු රදුන්ගේ සිත් දිනාගත් බවද අටුවාවෙහි දැක්වේ.
8. කස්සප සීහනාද සූත්‍රය
647 වෙනි පිට
1. අචෙලක (නග්න) තාපසයන් පිළිබඳව මේ සූත්‍රයේ දැක්වෙන විස්තරය මැදුම් සඟියේ මහා සීහනාද, මහා සච්චක, කන්දරක හා ඝොටමුඛ යන සූත්‍රයන්හිද පුග්ගල පඤ්ඤත්තියෙහිද දක්නා ලැබේ.
727 වෙනි පිටුවේ අධොලිපිය
මේ සම්බන්ධයෙන් දීඝනිකායෙහි 25 වෙනි සූත්‍රය වන උදුම්බරික සීහනාද සූත්‍රයද බැලිය යුතුයි.
733 වෙනි පිටෙහි අධොලිපිය (9. පොට්ඨපාද සූත්‍රය)
දීඝනිකායේ පළමුවන කාණ්ඩයේ 19 වෙනි පිටුවට ලියන ලද උප ග්‍රන්ථය බලනු.