ඉතිවුත්තක පාලි - බොද්ධ සම්මේලනය.pdf
- ප්‍රකාශිත වර්ෂය :
- 1970
- මුද්‍රිත වර්ෂය :
- 1970
- පිටු ගණන :
- 123
- බාගත කිරීම් ගණන :
- 1,250
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2020-02-02
- ගොනුවේ ප්‍රමාණය :
- 24 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
ඉතිවුත්තක පාලි යනු ඛුද්දක නිකායට අයත් සූත්‍ර එකසිය දොළසකින් (112) සමන්විත ධර්ම ග්රන්ථයකි. මෙහි එන සෑම සූත්‍රයක්ම පාහේ “වුත්තං හේතං භගවතා...” යන නිදාන පාඨයෙන් ආරම්භ වී “අයම්පි අත්ථො වුත්තො භගවතා...” යන නිගමනයෙන් අවසන් වීම මෙහි ඇති සුවිශේෂී ලක්ෂණයයි. එකක, දුක, තික සහ චතුක්ක වශයෙන් නිපාත හතරකට මෙහි සූත්‍ර ධර්ම වර්ගීකරණය කර ඇත.
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ත්‍රිපිටක භාරකාර මණ්ඩලයේ පුරෝගාමිත්වයෙන් සිංහල අකුරෙන් සම්පූර්ණ ත්‍රිපිටක පාළි පෙළ මුද්‍රණය කිරීමේ ව්‍යාපෘතිය යටතේ මෙහි පළමු පියවරක් ලෙස 1970 වර්ෂයේදී මෙම ග්‍රන්ථය පළ කරන ලදී. මෙම ග්‍රන්ථය පූජ්‍ය ලබුහේන්ගොඩ චන්දරතන ස්ථවිරයන් විසින් සංස්කරණය කරන ලද අතර, ග්රන්ථ මාලාවේ ප්‍රධාන සංස්කාරක ධුරය මහාචාර්ය ගුණපාල මලලසේකර මැතිතුමන් විසින් හොබවන ලදී.
පානදුරේ මාලමුල්ලේ විසූ සියදෝරිස් පීරිස් මලලසේකර සෙනෙවිරත්න වෙද ආරච්චි රාළහාමිගේ 50 වන ගුණානුස්මරණය නිමිත්තෙන් දූ දරුවන්ගේ අනුග්‍රහයෙන් මෙය අනුල මුද්‍රණාලයේදී මුද්‍රණය කරවා ඇත.
නිවේදනය
තථාගත සම්‍යක් සම්බුද්ධයන්වහන්සේ වදාළ ධර්මය පළමුවරට ග්‍රන්ථාරූඪ කරන ලද්දේ ශ්‍රී ලංකාද්වීපයේය. ඒ කාරණ අපේ ආඩම්බරයට හා ආශිර්වාදයට හේතු වන බව සමස්ත ලෝකවාසීන්ගේ පිළිගැනීමයි. ත්‍රිපිටක පාළිය නමින් හඳුන්වනු ලබන ඒ ශ්‍රී සද්ධර්මය මේ දිවයින ඇසුරුකොටගෙන බොහෝ රටවල දැන් ව්‍යාප්තියට පැමිණ ඇත. ධර්මප්‍රචාරය සඳහා ත්‍රිපිටකයට අයත් ධර්ම කොට්ඨාශයන් නොයෙක් රටවල මුද්‍රණද්වාරයෙන් පළකරන ලදුව එහි පිටපත් සුලභව පවතී. පාළි භාෂාවට අයත් විශේෂ අක්ෂර සමූහයක් නැති බැවින් මෙසේ ත්‍රිපිටකය පළවී ඇත්තේ ඒ ඒ රටවල භාවිත අක්ෂරවලිනි. ඒ අනුසාරයෙන් යුරෝපීය රටවල රෝමන් අකුරෙන්ද, දඹදිව දේවනාගරී අකුරෙන්ද, බුරුමයේ බුරුම අකුරෙන්ද, සියමේ හා කාම්බෝජයේ කාම්බෝජ අකුරෙන්ද, පළවූ ත්‍රිපිටක ග්රන්ථ දක්නට ලැබේ. මෙසේ පළකරන ලද ග්රන්ථයන් ඒ ඒ රටවලින් ලබාගැනීමට ඉඩ කඩ තිබේ.
එහෙත් සිංහල අකුරෙන් මුද්‍රිත සම්පූර්ණ ත්රිපිටකයක් අපේ මේ ශ්‍රී ලංකාද්වීපයෙහි පහසුවෙන් ලබාගත නොහැකි බව සංවේගයෙන් වුවද කිවයුතුව ඇත. කලින් කල නොයෙක් දෙනා විසින් ද විවිධ ආයතන මගින් ද ත්‍රිපිටක ග්රන්ථයන් කාණ්ඩවශයෙන් හා සම්පූර්ණ ද මුද්‍රණය කිරීමට ප්රයත්න දරන ලද නමුත්, සිංහල අකුරෙන් මුද්‍රිත සම්පූර්ණ ත්රිපිටකයක් ලබාගතහැකි වෙතොත් ඒ ඉතා අමාරුවෙනි.
ථෙරවාදයේ කේන්ද්‍රස්ථානය වශයෙන් සලකනු ලබන අප රටෙහි පවත්නා මේ තත්ත්වය නැති කිරීම සඳහා සම්පූර්ණ ත්‍රිපිටක පාළිය සිංහල අකුරෙන් මුද්‍රණද්වාරයෙන් ක්රමවත්සේ පළකිරීමට සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ත්‍රිපිටක භාරකාරමණ්ඩලය විසින් තීරණය කොට ඇත. මේ මණ්ඩලය මගින් ත්‍රිපිටක පෙළ හා එහි සිංහල පරිවර්තනය එකම ග්‍රන්ථයකට ඇතුළත්වනසේ සකස්කොට එවැනි පොත් කීපයක් කාණ්ඩ වශයෙන් දැනටමත් පළකොට ඇත. මේ අභිනව ව්‍යාපාරය ඊට අමතර වූවකි. මින් අදහස් කරනු ලබන්නේ ත්‍රිපිටක පෙළ හෙවත් පාළිය පමණක් පළ කිරීමය. පසුව එහි සිංහල පරිවර්තනයද වෙනම පළකිරීමට බලාපොරොත්තුවනු ලැබේ. එසේ වූ විට ත්‍රිපිටක භාරකාර මණ්ඩලය මගින් නිකුත් කරනු ලබන ග්රන්ථයන් කොටස් තුනක් සේ පළවන්නේය: (1) පෙළ හා එහි පරිවර්තනය, (2) පෙළ පමණක් හා, (3) පරිවර්තනය පමණක් යනුවෙනි.
මේ අනුව ත්‍රිපිටක පෙළ පමණක් පළකිරීම කොතැනකින් නමුත් පටන් ගතයුතු හෙයින් එසේ කිරීමට ඒ ග්‍රන්ථමාලාවේ එක් ග්රන්ථයක් වශයෙන් ඉතිවුත්තක පාළිය තෝරා ගන්නා ලදී. ඊට ප්‍රධාන හේතුව ඉතිවුත්තකය කුඩා ග්රන්ථයක් වන බැවින් එහි කටයුතු ඉක්මණින් නිමකළහැකිවීමයි. මෙසේ පළවන මේ ත්රිපිටකග්රන්ථමාලාවේ ග්රන්ථයන් පිළිබඳ අංක යෙදීමේදී අංක පිළිවෙළ ගැන නොසලකා ඒ ග්රන්ථයන් සකස්වන පිළිවෙළ අනුව ඒවා මුද්‍රණය කරනු ලැබේ. ග්රන්ථ මාලාව සම්පූර්ණ වූ විට ඒ ඒ ග්රන්ථයන්ට හිමිතැන හා අංකය ලැබෙනු ඇත.
ඉතිවුත්තක පාළිය සකස්කොට දුන් ගරු ශාස්ත්රාචාර්ය්ය ලබුහේන්ගොඩ චන්දරතන ස්ථවිරයන් වහන්සේට අපේ ගෞරවපූර්වක කෘතඥතාව හිමිවේ. එහි මුද්‍රණය ඉක්මණින් හා සැලකිල්ලෙන් කරදුන් අනුල මුද්‍රණාලයේ ඩබ්ලිව්. ඩී. ජේ. රත්නායක මහතා ඇතුළු සේවක මණ්ඩලයටද ස්තුතිවන්ත වෙමු.
ගුණපාල මලලසේකර, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ත්‍රිපිටක ග්‍රන්ථමාලාවේ සංස්කාරක, 2514 / 1970 නොවැම්බර් 20 වෙනිදිය
PREFACE
It was in Ceylon that the word of the Buddha, which for several centuries had been handed down orally, was transmitted to writing in the 1st century B. C. This is a matter of great pride to the people of Ceylon and a source of blessing to them. The teachings of the Buddha so set down in writing are contained in sacred texts collectively known as the Tipiṭaka.
These sacred texts, while being preserved in their pristine purity in Ceylon, later found their way to other countries through the efforts of Dhammadūtas or Buddhist “missionaries,” who used them to make known the teaching of the Buddha in those lands. The language of these texts is known as Pāḷi. Pāḷi has no script of its own, and, as a result, wherever the Tipiṭaka was written down, this was done in the script of the country where the writing took place. Thus, in Europe the Roman script has been used, in Burma the Burmese, in India the Nāgarī script, while in Thailand and Cambodia the characters belong to the old Khmer script. Editions of the Tipiṭaka published in these several countries in their respective scripts are available to those who need them.
It has to be admitted, though regretfully, that editions of the Tipiṭaka in Sinhala script - that being the script of the country - are hard to obtain in Ceylon, in spite of the fact that Ceylon is the acknowledged centre of Theravāda Buddhism. There have been published, it is true, from time to time in this country editions of the Pāḷi Tipiṭaka, wholly or in part. But, these publications have been sporadic and not sustained.
The Tipiṭaka Trust of the All-Ceylon Buddhist Congress has decided to supply this deficiency and publish an uniform edition of the entire Pāḷi Tipiṭaka in Sinhala script. The Trust has already published several volumes of a series in which the Pāḷi text and its Sinhala translation appear side by side. With this new venture, the Trust will issue three separate sets of publications: (1) the Pāḷi text and Sinhala translation side by side in the same volume, (2) the Pāḷi text in Sinhala script, and (3) the Sinhala translation by itself. The volumes will be published as and when they are ready for publication. A serial number will be assigned to each volume, depending on its place in the whole series.
The present text, the Itivuttaka of the Khuddaka Nikāya, is being published immediately to begin the series, since a beginning has to be made somewhere. The Itivuttaka is a small text and, therefore, only a little time was needed to get it ready for publication.
The Trust is grateful to the Ven. Labuhengoda Chandaratana Thero for editing the text and to Mr. W. D. J. Ratnayake of the Anula Press for having printed the volume expeditiously.
G. P. MALALASEKERA, GENERAL EDITOR, All-Ceylon Buddhist Congress Tripitaka Series, Colombo, 2514 / November 20, 1970
සංඥාපනය
සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු මහාකස්සප මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පවත්වනලද ප්‍රථම ධර්ම සංගායනාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය ‘සත්ථුසාසන’ නමින් හඳුන්වා ඒ අංග නවයක් වනසේ බෙදා සංග්රහකරන ලදැයි පුරාවෘත්තයයි. ඒ නවාංග සත්ථුසාසනයෙහි ඉතිවුත්තකය එක අංගයක් සේ නම් කරන ලදී.
අන් කිසිම දේශනාවක දක්නට නොලැබෙන විශේෂ ලක්ෂණයක් මේ ඉතිවුත්තක කාණ්ඩයට අයත්සේ සලකනු ලබන සූත්‍රයන්හි දක්නට ලැබේ. එනම්: එහි හැම සූත්රයකම මුල, නිදාන වශයෙන්, “වුත්තං හේතං භගවතා වුත්තමරහතාති මෙ සුතං” යන්නද, එහි අග, නිගමන වශයෙන්, “අයම්පි අත්ථො වුත්තො භගවතා ඉති මෙ සුතං” යන්නද යොදා ඇති බවයි. මේ විශේෂ ලක්ෂණය ඇති සූත්‍රයන් එක්තැන් කොට සංගෘහිත ග්‍රන්ථය ඉතිවුත්තක පාළි යන නමින් හඳුන්වනු ලැබේ. මෙසේ සූත්‍රයන් ග්‍රන්ථාරූඪ කරන ලද්දේ කවර කාලයකදැයි නිශ්චිත වශයෙන් නොකිය හැකිය.
ථෙරවාදය පවත්නා රටවල බුද්ධ ධර්මය ග්රන්ථ වශයෙන් සකස්කොට ත්‍රිපිටකය නමින් හඳුන්වනු ලැබූ කල්හි ඉතිවුත්තක පාළිය සංගෘහිතවූයේ සූත්‍රපිටකයේ ඛුද්දකනිකායට අයත් ග්රන්ථයක් වශයෙනි. එහෙත් ඒ පිළිබඳව ද පෞරාණික ආචාර්‍ය්‍යවරයන් අතර මතභේදයන් පැවති බව පෙනේ. මේ ගැන විස්තර බුද්ධඝෝෂ ආචාර්‍ය්‍යයන්ගේ සුමංගල විලාසිනී අටුවාවෙහි දක්නට ලැබේ. එහි කියා ඇත්තේ ජාතක, නිද්දෙස, පටිසම්භිදාමග්ග, සුත්තනිපාත, ධම්මපද, උදාන ආදි පෙළපොත් කීපයක් සමඟ ඉතිවුත්තකයද සාමුහිකව “ඛුද්දක ගන්ථ” යනුවෙන් ප්‍රථම ධර්මසංගායනාවේදී නම්කරන ලද බවයි. එසේ නම් කරන ලද ඛුද්දක ගන්ථය අනතුරුව අභිධම්මපිටකයෙහිලා සංග්රහවූයේ යයි දීඝභාණකයන්ගේ මතය වූ බවද, ඉතිවුත්තකය සංගෘහිතවූයේ සූත්‍ර පිටකයෙහි යයි මජ්ඣිමභාණකයන්ගේ පිළිගැනීම වූ බවද සුමංගලවිලාසිනියෙහි වැඩිදුරටත් සඳහන්ව ඇත.
ඉතිවුත්තක නම්වූ පාළිපදය බෞද්ධ සංස්කෘත ග්රන්ථයන්හි දැක්වෙන්නේ ඉතිවෘත්තක යනුවෙනි. මෙසේ නම් කරන ලද ඉතිවෘත්තකය විනයපිටකයට ඇතුළත් වූයේ සර්වාස්තිවාදීන් විසින් සලකනලද බව ඔවුන්ගේ ප්‍රවෘත්තීන්හි දැක්වේ. සර්වාස්තිවාදීන්ගේ අභිධර්ම ග්රන්ථයක් වන අභිධර්මසමුච්චයේ මේ ඉතිවෘත්තකය විස්තර කොට ඇත්තේ ශ්‍රාවකයන්ගේ පූර්ව ලෞකික චරිත ඇතුළත් දේශනා කාණ්ඩයක් වශයෙනි. බුද්ධධර්මය සංගෘහිත චීන බෞද්ධ ග්රන්ථයන් අතරද ඉතිවුත්තක නම්වූ ග්රන්ථයක් ඇත. ඒ බොහෝ සෙයින් ඉතිවුත්තක පාළියට සමානයයි ඒ පිළිබඳව තොරතුරු පරීක්ෂා කළවුන්ගේ තීරණයයි. ඒ ග්‍රන්ථය සකස් කරන ලද්දේ හ්යුං සාං (Hiouen Tsang) නම්වූ චීන භික්ෂූන් වහන්සේ විසිනැයි කියනු ලැබේ.
ඉතිවුත්තක පාළිය එකක, දුක, තික, චතුක්ක වශයෙන් නිපාත හතරකට බෙදා ඇත. ඒ ඒ නිපාතයන්ට අයත් සූත්‍රයන් සංග්‍රහ කරන ලද්දේ ඒ සූත්‍රයන්හි දැක්වෙන මාතෘකා ධර්මයන්ගේ සංඛ්‍යාව අනුව බව පෙනේ. නිපාතයන් වග වශයෙන්ද බෙදා ඇතත්, එසේ බෙදීමේදී කිසියම් රීතියක් අනුගමනය කරන ලද බවක් නොපෙනේ. ඉතිවුත්තක පාළියෙහි සම්පූර්ණ සූත්‍ර ගණන එකසිය දොළසකි.
ඉතිවුත්තක පාළියෙහි ඇතුළත් සූත්‍රයන්හි ප්‍රාරම්භ පාඨය වශයෙන් දැක්වෙන “වුත්තං හේතං භගවතා වුත්තමරහතාති මෙ සුතං” යන මේ වාක්‍යය ද විස්තර කළයුතුව ඇත. මේ වාක්‍යය අටුවාවෙහි තෝරා ඇත්තේ “භාග්‍යවතුන් වහන්සේ විසින්, අර්හතුන්වහන්සේ විසින් මේ වදාරණබව මවිසින් අසන ලදි” යනුවෙනි. මෙහි මෙ යන්නෙන් දැක්වෙන්නේ ආනන්දමහතෙරුන්වහන්සේ බවත්, එහෙයින් හැම සූත්‍රයක්ම ආනන්දමහතෙරුන්වහන්සේ ඇසූ පරිදිම ධර්මසංග්‍රාහක මහාරහතුන් වෙත ප්‍රකාශ කරන ලද බවත්, “ඉති මෙ සුතං” යන්නෙන් භාග්‍යවතුන් වහන්සේ හමුවෙහිම සිට ඒ ඇසූ වගක් ප්රකාශවන බවත් අටුවාවෙහි වැඩිදුරටත් සඳහන්වේ.
මේ පිළිබඳව මීට වෙනස්වූ මතයක්ද ඉතිවුත්තක අටුවාවෙහි සඳහන්වෙයි. ඒ අනුව “වුත්තං හේතං භගවතා” යනාදිවූ නිදාන පාඨය සැලකියයුත්තේ පළමුවෙන් ආනන්ද මහා ස්ථවිරයන් වහන්සේ විසින් වදාරන ලද්දක් වශයෙන් නොව මේ සස්නෙහි ධර්මකථික උපාසිකාවන් අතුරෙන් අග්රතැන්පත් ඛුජ්ජුත්තරා නම්වූ ආර්ය්යශ්රාවිකාවන් විසින් කොසඹෑ නුවර උදේනි රජුගේ අන්තඃපුරයෙහි විසූ සාමාවතී දේවී ප්රමුඛ පංචශතයක් ස්ත්රීන්ට තමන් දිනපතා බුදුන්ගෙන් ඇසූ ධර්මය මෙසේයයි දැක්වීමට පෙරාතුව ප්‍රකාශ කරන ලද්දක් වශයෙනි. මේ සූත්‍ර දේශනාවන් ක්‍රමයෙන් භික්ෂූන් අතර ව්‍යාප්තවූ බවත් ආනන්ද මහතෙරුන් ඒ සූත්‍රයන් ප්‍රථම සංගායනාවේදී ඉදිරිපත්කළ විට ඛුජ්ජුත්තරාව විසින් මුලින් ඊට තබන ලද නිදාන පාඨයම යෙදූ බවත් සමහරුන්ගේ පිළිගැනීමයයි අටුවාවේ සඳහන්ව ඇත. ඒ කෙසේවුව ද ධර්මසංග්‍රාහක මහාරහතන් වහන්සේ විසින් මේ සූත්‍ර දේශනා බුද්ධ භාෂිතයන්සේම සලකූ බවට සැකයක් නැත.
බදරතිත්ථවාසී ධම්මපාල මහා ස්ථවිරපාදයන් වහන්සේ විසින් ඉතිවුත්තක පාළියට ලියන ලද පරමත්ථදීපනී නම්වූ අට්ඨකථාවක්ද ඇත.
INTRODUCTION
According to tradition, at the first Council of the Elders held at Rājagaha, soon after the Buddha’s Parinibbāna, when the teachings of the Buddha were rehearsed, they were compiled into nine sections known as the navanga-satthu-sāsana. In this division, certain discourses were included in a category called Itivuttaka.
According to the Commentaries, the suttas so categorised have a special feature not to be found in other suttas. Every sutta, included in the Itivuttaka, begins with the sentence: Vuttam hetam Bhagavatā vuttamarahatāti me sutam (This has been spoken by the Blessed One; it has been spoken by the Perfect One - thus it has been heard by me) and at the conclusion of each sutta is found the sentence: ayampi attho vutto Bhagavatā iti me sutam (This matter too has been declared by the Blessed One - thus it has been heard by me). At a subsequent date, probably in the 1 st century B. C., the suttas containing this special feature were compiled in the form of a text which has come down to us under the title ‘Itivuttaka’.
In the present collection of the Buddhist sacred texts. known as the Tipiṭaka, the Itivuttaka forms part of the Khuddaka Nikāya of the Sutta Pitaka. But, there is evidence that differences of opinion had existed earlier among various Schools about the place that should be attributed to the Itivuttaka. Thus, according to a statement in the Sumangala - Vilāsinī, the commentary to the Dīgha Nikāya, several texts such as the Jātaka, Niddesa, Paṭisambhidāmagga, the Sutta Nipāta, Dhammapada and Itivuttaka were compiled into a single text, known as the Khuddaka-gantha at the First Council. According to the Dīghabhāṇakas (Reciters of the Dīgha Nikāya), says the Commentary, this text formed part of the Abhidhamma Piṭaka while, according to the Majjhimabhāṇakas (Reciters of the Majjhima Nikāya) it was included in the Sutta Piṭaka.
In Sanskrit Buddhist texts, the Sanskrit equivalent of the Pali Itivuttaka is given as Itivṛttaka and the Sarvāstivādins regarded it as part of the Vinaya Piṭaka. They described it as a text containing stories of the previous births of some Arhats. There is also a Chinese version of the Itivuttaka, whose authorship is ascribed to Hiouen Tsang. This Chinese version is said to resemble closely the Pali text.
The Pāli Itivuttaka consists of four chapters, called Nipātas, and these are further sub-divided into sections, called Vaggas. The Nipātas, named First, Second, Third and Fourth respectively, are graded according to the number of topics contained in each Sutta of that Nipāta. Thus, the suttas of the first Nipāta each contains only a single topic, the suttas of the second have two and so on. The Vaggas do not, however, seem to follow any such order. The entire text consists of 112 suttas.
The introductory sentence of each sutta, already referred to, also needs some further elucidation. The Commentary to the text explains it to mean “It has been heard by me that this has been declared by the Blessed One, the Perfect ‘One.” The Commentary further goes on to say that the speaker mentioned is Ānanda, the Buddha’s constant companion for 25 years, who helped at the first Council by reciting to the assembly the discourses which he had heard from the Buddha. Thus, this statement is regarded as giving authority to the suttas, as containing the actual words spoken by the Buddha and repeated by Ānanda.
The Commentary, however, gives another version of the story. According to this version, the suttas were heard not by Ānanda but by Khujjuttarā, a lay woman, declared by the Buddha himself as being preeminent among women preachers of the Dhamma. It is said that Khujjuttarā, having heard these discourses of the Buddha, repeated them first to the women led by Sāmāvatī, in the court of Udena, king of Kosambi. The suttas then gained currency among the Buddha’s disciples in due course. Ānanda heard them and recited them at the First Council with his guarantee that they were the Buddha’s own words.
There exists a Commentary to the Itivuttaka, known as the Paramatthadīpanī, written by Dhammapāla of Badaratittha.