TR3 බලගතු සාමණේර හතර නමගේ කතාව.pdf
- පිටු ගණන :
- 41
- බාගත කිරීම් ගණන :
- 4,226
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2019-12-06
- ගොනුවේ ප්රමාණය :
- 27 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
මෙම කෘතිය ඛුද්දක නිකායේ ධම්මපදට්ඨකථාව ඇසුරෙන් සකස් කරන ලද, චිත්ර කතා ස්වරූපයෙන් යුත් දහම් කතා පොතකි. ‘The Four Powerful Samanera’ නමින් ඉංග්රීසි බසින් ද සමගාමීව පාඨයන් ඇතුළත් කරමින් ද්විභාෂික (සිංහල හා ඉංග්රීසි) අයුරින් මෙය නිර්මාණය කර ඇත.
සැවැත් නුවර විසූ එක්තරා බමුණෙකු සහ බැමිණියක සංඝයා වහන්සේලා විෂයෙහි දානයක් පිරිනැමීමට යාමේදී, සංඝ ස්ථවිරයන් වහන්සේලා අපේක්ෂා කළ ද දානය පිණිස ලැබුණු සංකිච්ච, පණ්ඩිත, සෝපාක සහ රේවත යන සත් හැවිරිදි රහත් සාමණේරවරුන් සිව්නම මුල් කරගෙන හටගත් සිදුවීම් මාලාව සහ එම සාමණේරයන් වහන්සේලාගේ අනුහස් මෙහි මනාව විස්තර කෙරේ.
වයසින් අඩු වූ පමණින් කිසිවෙකු පහත් කොට නොසැලකිය යුතු බවත්, බාහිර පෙනුමෙන් පමණක් පුද්ගලයන් විනිශ්චය නොකළ යුතු බවත් මෙම කතාවෙන් ලබා දෙන ප්රධාන ආදර්ශයයි. Path Nirvana ආයතනය මගින් නොමිලේ ධර්මදානය පිණිස මෙය පරිවර්තනය කොට සකස් කර ඇත.