සොතබ්බමාලිනි - අහුන්ගල්ලේ විමලසිරිතිස්ස හිමි.pdf

කතෘ :
Any Pandit of Siam
ප්‍රකාශිත වර්ෂය :
2013
මුද්‍රිත වර්ෂය :
2013
පිටු ගණන :
156
බාගත කිරීම් ගණන :
1,519
වෙබ් අඩවියට එක් කළ දිනය :
2019-03-29
ගොනුවේ ප්‍රමාණය :
78 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 79

සොතබ්බමාලිනී යනු ථෙරවාද බෞද්ධ සාහිත්‍යයට අයත් ප්‍රකට පාලි ධර්ම කථා සංග්‍රහයකි. සම්ප්‍රදායික තොරතුරු අනුව මෙම ග්‍රන්ථය සියම් දේශයේ (තායිලන්තයේ) වැඩවිසූ ආචාර්යවරයෙකු විසින් රචනා කරන ලද්දක් ලෙස සැලකේ. ශ්‍රවණය කිරීමට සුදුසු වූ විවිධ සූත්‍ර, ජාතක කථා සහ රත්නත්‍රයේ ගුණ ප්‍රකාශ වන ධර්ම කරුණු මාලාවක් සේ ගළපා ඇති හෙයින් මෙම ග්‍රන්ථය ‘සොතබ්බමාලිනී’ නම් වේ.

මෙම කෘතිය 1911 (බු.ව. 2455) වර්ෂයේදී අහුංගල්ලේ සාරුක්ඛාරාම විහාරවාසී පූජ්‍ය අහුංගල්ලේ විමලසිරිතිස්ස හිමිපාණන් විසින් සංස්කරණය කොට මුද්‍රණයෙන් ප්‍රකාශයට පත් කරන ලදී. මෙම ඩිජිටල් පිටපත 2013 වර්ෂයේදී ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ ආයතනය මගින් සිදු කරන ලද පැරණි පොත් යළි මුද්‍රණය කිරීමේ ව්‍යාපෘතිය යටතේ නිකුත් වූ නව මුද්‍රණයකි.

ප්‍රකාශක සටහන

ලෝක ලේඛන වංශකතාවෙහි සිරිලක ලේඛන ඉතිහාසයට හිමිවනුයේ අද්විතීය ස්ථානයකි. සෙල්ලිපි, පුස්කොළ පොත් ආදියෙන් පෝෂිත ඉපැරැණි, වටිනා ලේඛන සාහිත්‍යයක් අප සතුව තිබිණි. විදේශීය ආක්‍රමණිකයන්ගේ විනාශකාරී ක්‍රියා ඇතුළු විවිධ හේතු නිසා, ඒ අමිල ලේඛන අතරින් සැලකිය යුතු සංඛ්‍යාවක් විනාශයට පත් වී ඇත්තේ ය. ලේඛන සාහිත්‍යයේ පුළුල් වපසරියක් ආවරණය කරමින් විවිධ විෂය ක්ෂේත්‍රයන් යටතේ සම්පාදිත මහාර්ඝ පුස්කොළ පොත් විශාල සංඛ්‍යාවක් එලෙස අපට අහිමි වී ඇති අතර, තවත් විශාල සංඛ්‍යාවක් විදේශිකයන් විසින් අත්පත් කරගනු ලැබ ඇත්තේ ය. ඉතිරි ව ඇති පුස්කොළ පොත් අතරින් යම් ප්‍රමාණයක් පසුගිය කාලය තුළ දී විවිධ උගතුන්ගේ හා සංවිධානවල මැදිහත්වීම නිසා මුද්‍රණද්වාරයෙන් පළ වී තිබීම සතුටට කරුණකි. නොයෙකුත් ස්ථානයන්හි අමුද්‍රිත ව පවත්නා, පළ කළ යුතු වැදගත් පුස්කොළ පොත් සොයා පළ කිරීම පිණිස කිසියම් විධිමත් ක්‍රියාමාර්ගයක් ගත හැකි නම් එය ජාතික මෙහෙවරක් වන්නේ ය.

මුද්‍රණ ශිල්පය ව්‍යාප්ත වීමත් සමඟ පොත් පළ වීම වේගවත් විය. අපේ පැරැණි පැවිදි-ගිහි පඬිවරුන් විසින් සම්පාදනය කරන ලද වටිනා ග්‍රන්ථ විශාල ප්‍රමාණයක් ප්‍රකාශයට පත් කෙරිණි. 19 වැනි සියවසේ අග භාගයේ දී හා 20 වැනි සියවසේ මුල් දශක කිහිපය තුළ දී ප්‍රකාශයට පත් කෙරුණු වටිනා පොත්පත් අතරින් බොහෝමයක් සොයාගත නොහැකි තත්ත්වයක් මේ වන විට උදා වී තිබීම කනගාටුවට කරුණකි. කෞතුකාගාරය, ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව, පෞද්ගලික පුස්තකාල ආදියට සීමා වූ වටිනා පොත් විශාල සංඛ්‍යාවක් තිබේ. ලාබ ලැබිය හැකි කටයුත්තක් නොවන නිසා දෝ මෙබඳු පොත් පළ කිරීමට කිසිවකුත් ඉදිරිපත් වන බවක් නොපෙනේ. ශාස්ත්‍රවන්තයන්ගේත්, එවැනි පොත් කෙරේ ආසක්ත පාඨකයන්ගේත් පරිශීලනය පිණිස පැරැණි පොත් නැවත පළ කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට මා අදහස් කළේ එම අඩුපාඩුව සපුරාලමින් සාහිත්‍ය ක්ෂේත්‍රයට කිසියම් සේවාවක් ඉටු කිරීමේ අරමුණෙනි. මේ යටතේ ලාභ ලැබීමකින් තොර ව, මුද්‍රණ වියදම පියවාගැනීම පමණක් අරමුණු කරමින් මිල නියම කොට, එකී කෘතිවල සීමාසහිත පිටපත් සංඛ්‍යාවක් බැගින් පළ කිරීමට අදහස් කළෙමි.

සපයාගත හැකි වටිනා පොත්, නව තාක්ෂණික ක්‍රමවේද භාවිත කර නවීකරණයට බඳුන් නොකොට, පැරැණි ස්වරූපය රැකෙන ආකාරයෙන් ම පළ කිරීමට කටයුතු යෙදුවෙමි. ඒ, එම යුගයේ මුද්‍රණ තාක්ෂණය, පිටුසැකසුම් ආදිය පිළිබඳ ව අවබෝධයක් ද පාඨකයන්ට ලබාගත හැකි වන පරිද්දෙනි. මේ පොත් තවත් වසර දෙතුන් සියයක් වත් ආරක්ෂා වී පවතිනු ඇතැයි අපේක්ෂා කරමි. සිංහල සාහිත්‍යයේ උන්නතියට මේ කාර්යය සුළු වශයෙන් හෝ උපකාරයක් වූව හොත් මගේ අපේක්ෂාවන් මල්පල ගැණුනේ වෙයි.

මේ සත්කාර්යය සාර්ථක ව ඉදිරියට ගෙන යාමට උදවු කළ හැකි හැමගේ ම සහයෝගය අපේක්ෂා කරමි. වෙසෙසින් ම දුලබ පොත් සපයාගැනීම සඳහාත් පැරැණි පොත් නැවත සංස්කරණය කර පළ කිරීම සඳහාත් විද්වතුන්ගේ සහයෝගය උදක් ම පතමි.

මෙම පැරණි පොත් නැවත මුද්‍රණය කිරීම සඳහා පැරණි ග්‍රන්ථවල පිටපත් සපයාදෙන කුමාර මහා විහාරාධිපති පූජ්‍ය පණ්ඩිත ගන්තලාවේ ගුණානන්ද නායක හිමියන් සහ පූජ්‍ය විද්‍යානිධි අම්බලන්ගොඩ සුමේධානන්ද හිමියන් මෙම සාහිත්‍යෝන්නති කටයුත්ත සඳහා ලබාදෙන සහයෝගය අගය කරමි. ඒ අනුව උන්වහන්සේලාට මගේ කාරුණික ස්තුතිය පිරිනමමි. එසේම මෙම ව්‍යාපෘතිය කෙරෙහි උනන්දුවකින් ක්‍රියාකරන ආචාර්ය එස්. අයි. ගමගේ මහතාටද මගේ ස්තුතිය පළ කරමි.

මේ ග්‍රන්ථය වසර ගණනාවකින් මුද්‍රණය වී නොමැති බව පෙනී ගිය හෙයින් දිවයිනේ භාෂා සාහිත්‍යයේ උන්නතිය සලකමින් ද යම් ප්‍රයෝජනයක් අපේක්ෂා කරන පාඨකයින්ට අනුග්‍රහයක් වශයෙන්ද මේ අන්දමින් නැවත මුද්‍රණය කිරීමට පියවර ගන්නා ලදි.

මේ කෘතියේ හිමිකම් සනාථ කළ හැකි භවතුන් වෙතොත් ඒ අයගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමෙන් අනතුරුව අදාළ කර්තෘභාගය ලබාදීමට පියවර ගනු ලැබේ.

සාහිත්‍යෝන්නතිකාමී
දේශබන්දු සිරිසුමන ගොඩගේ

විඤ්ඤාපනං.

නමෙ මනො යස්සාහිතුං නත්‍ථෙව භාණවො, භාසෙන්තා භුවි භූතානුතමසං නාසයිංසු වෙ,

සොතබ්බමාලිනී නාමායං ගන්‍ථො කදා කෙන රචිතා’ති? නාව ගම්‍යතෙ යතො’ස්මිං කත්‍ථචි න දිස්සතෙ අඤ්ඤත්‍ථපි වා තාදිසෙ කස්සචි ගන්‍ථෙ; සභාවසමාලොකනෙන පනාස්ස යෙන කෙනචි සද්ධං සමුදයසමුග්ගතචෙතසා සාධුනමනෙන්තො’භිරසසණ්ඩමෙව පසාදමුප්පාදෙතුකාමෙන චෙව තප්පසාදමුද්දීපනෙච්ඡතා “සබ්බෙ සද්ධම්මං සුණන්තා පුඤ්ඤසම්පදං සඤ්චිතෙත්වා සන්තාදිවහන්තනතනුසද්ධං සමිද්ධිමෙව්හතු”ති පපඤ්චනෙකතෙ ච සිද්ධාවිදෙසියස්ස සුධිනොති නමො දළ්හො’ති විඤ්ඤායතෙ.

විරචිතලද්ධාවාසානසමුඛාපනෙ පණ්ඩිතානඤ්ඤස්සාරණ සරණස්ස සරණංකරො සරණංකාරස්ස සුධියො’ස්සායුදෙසසමුද්දිත සද්ධම්මබිමානසා දිසාවිදිසාසු සම්ඵුල්ලිතස්සිරීකයිත්‍ථිම්හි කිත්තිසිරිරාජවරෙන පෙසිතං සජ්ජනං සපණ්ණාකාරං සාසනං ලද්ධා නාතිසන්තකෙතාපප්පනෙත්තා බන්ධිස්සතාථිකෙන සත්‍ථඤ්චාදරන පෙසිතානං සද්ධාරඤ්ඤාවිවිධගුණප්පධිතානං ලද්ධාවාසානපතිට්ඨාපනෙසමාගතානමුත්පාලිස්සරප්පමුඛානමයත්ත ලංකාදීපමාගතෙසු ගතෙස්සවනමෙකා’ති නිදස්සිතං දිස්සතෙ කත්‍ථචි ගන්‍ථෙ; තථා ච සාමදෙසියස්ස තාතු සංදෙහො; තදෙවාලම්බිත ගාරවතොස්සඤ්ඤ සස්සන.

අයං පන සොතබ්බානං ධම්මානං මාලා විය එකතො ඨිතතා සොතබ්බභාවපරිදීපකානං වත්‍ථූනං මාලා විය පටිපාටියා නිදස්සිතත්තා වා’ති අන්‍වත්‍ථවසෙනෙව සොතබ්බමාලිනී’ති වොහාරීගතෙ; වුත්තං හි ගන්‍ථාරම්භෙ.—

“සොතුකාමෙහි සොතබ්බං ධම්මං සම්බුද්ධදෙසිතං, සාධූනං තං නිසාමෙත්වා දුක්ඛස්සන්තං කරිස්සථා”ති.

ගන්‍ථෙ පනස්මිං තත්‍ථ තත්‍ථ දෙසනාකථාසු දිස්සමානානි සුත්තානි චෙව වත්‍ථූනි ච දිස්සන්ති; තෙසු සන්ති තථාගතසාරවපරිදීපකානි, කානිචි සද්ධම්මසාරවපරිදීපකානි, කානිචි සංඝසාරවපරිදීපකානි, කානිචි රතනත්තයසාරවපරිදීපකානි, කානිචි සොතබ්බභාවපරිදීපකානි, කානිචි තතො තතො ලද්ධඵලපරිදීපකානි දිස්සන්ති; තස්මායං ධම්මකාමිකානඤ්චෙව රතනත්තයෙ විසෙසතො සද්ධෙම්හි පසාදවුද්ධිවඩ්ඪනතානං සත්තානමතිසයස්සාවහං හොති.

තාදිසො’පායං කාලන්තරාගතලෙඛකාදිදොසාකිණ්ණො සමීහිතානෙසකාරෙත්වාපි පාඨව්‍යාලාදියඤ්ඤාදෙතුම්පි පමාණො ජහො සො’චෙහි ඌණස්ථානපූරණෙඤ්චිවචනාතිරිත්තක්ඛානෙන මිතසඤ්ඤානෙනතාපනින්දස්සනෙන යථාසක්ති සංසොධිතො.

සොයඤ්ච පනිමස්ස සෙලන්තරායතනපරිවෙණොපාචරියවරෙන පරණ්ඩස්සාරගාමිඑත උපනන්දත්ථෙරෙනායනතා කතුපකාරො අම්හාකං බහුස්සො පාභුතායහොති.

ඉත්ථං මයා සබ්බසුද්ධසද්ධියස්සොච්චවයසලිපිහිතසබ්බනස්ස සීලාදඛිලගුණභූසනභූසිතස්ස සුගතසමයෙසවිගතඤ්ඤුණිනා තෙකස්සභාතරෙසු විසාරදස්ස අසද්ධම්මවාදිරදසමුදයස්ස මිගිඳුසන්තතියස්ස විද්‍යොදයපරිවෙණාධිපතිස්ස ශ්‍රීසුමංගලාභිධානස්ස ලද්ධොපවිම්භාවායෙව දක්ඛිණදිසායෙව වියසුතස්සමිකතයෙලෙව ධනස්සංස්නායෙකතනං ගතස්ස සකලවිදුසානමුත්තංසභූතස්ස මහාථෙරවරස්ස ධම්මන්තෙවාසිනා අහුංගල්ලෙ ඉතිපණ්ඩිතාමෙ සමුද්දාරාමවිහාරාධිපතිනො සඛාසීලාදිගුණොපෙතස්ස විමලධීරතිස්සාභිධානස්ස මහාථෙරස්ස පබ්බජ්ජන්තෙවාසිනා විමලසිරිතිස්සසමණෙන යථාබලං පථාවිසිට්ඨාපදෙසං සංසොධිතො.

යදිපනෙත්‍ථභාතං පමාදදොසපච්චයා පාඨවිපරීපත්තා ද සාපරා විදූ තං සොධයන්තු පරස්සහිතකාමී, කිමික්ඛඤ්චි භවමහානෙති ඉස්සාපකහොණ්ඩාවිපූසුමී පරෙසමුස්සාහදූසකී’ති.

ලිඛිතමිදං මයා හායනෙ මහාමුනිනො පරිනිබ්බාණා තීතෙසු දුවස්ති (2455) සමීතෙ ජෙට්ඨසිතපක්ඛපාටිපද-කිජ්ජරදි මහුද්ධඛනායසයිකාධිකීතෙ (1911) මායාගානන්දවීසතීමෙ සොමවාරෙ ති ඤ්ඤතං.

දිස්සන්ති චෙ යදි පමාදහෙතුජා දොසා දොසඤ්ඤුනො තදඛිලං පරිසොධයන්තු, මා චෙත්‍ථ සත්‍ථවිමුඛා මුඛරා බලෙදං දූසෙන්තු තුස්සනරතා සුපරිස්සමං මෙ.

A. Wimalasiri Tissa,