සිතුවම් සහිත ධම්මපදය - වේරගොඩ සාරද හිමි 2013.pdf

sinhala

කතෘ :
වේරගොඩ සාරද හිමි
ප්‍රකාශිත වර්ෂය :
2013
මුද්‍රිත වර්ෂය :
2013
පිටු ගණන :
434
බාගත කිරීම් ගණන :
6,724
වෙබ් අඩවියට එක් කළ දිනය :
2019-03-29
ගොනුවේ ප්‍රමාණය :
54 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 218

ධර්ම භාණ්ඩාගාරය: සිතුවම් සහිත ධම්මපදය යනු සිංගප්පූරුවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය වේරගොඩ සාරද නාහිමිපාණන් වහන්සේ විසින් සම්පාදිත ධම්මපද ගාථා, සිංහල අර්ථ විවරණ, නිදාන කථා සහ අදාළ සිතුවම් ඇතුළත් අගනා ග්‍රන්ථයකි. මෙහි පළමුවන පරිච්ඡේදය ලෙස යමක වග්ගය අන්තර්ගත වේ.

සෑම ධම්මපද ගාථාවකටම අදාළව පාලි ගාථාව, පදගත අර්ථය, විවරණාත්මක අනුවාදය, ගාථාව දේශනා කිරීමට පසුබිම් වූ නිදාන කථාව (වස්තුව) සහ එම අර්ථය මනාව නිරූපණය කෙරෙන අලංකාර චිත්‍ර සිතුවම් මෙහි ඉදිරිපත් කර ඇත.

මෙම කෘතිය 2013 නොවැම්බර් මස සිංගප්පූරුවේ බෞද්ධ භාවනා මධ්‍යස්ථානය මඟින් ප්‍රකාශයට පත් කර ඇති අතර, පිටු සැකසුම සහ පරිගණක මුද්‍රණ කටයුතු ශ්‍රී ලංකාවේ දී නිමවා ඇත.

කර්තෘ ස්වාමීන්ද්‍රයන් වහන්සේ

සනාතන බුද්ධ භාෂිතය ලොව පුරා ව්‍යාප්ත කිරීමේ අසහාය සාමයික මෙහෙය උදෙසා, සිය කාලය හා ශ්‍රමය සපුරා වැය කරමින්, මානව වංශයට දහම් මග හෙළි පෙහෙළි කිරීමේ මහා මෙහෙවරට කැප වී සිටින සිංගප්පූරුවේ ප්‍රධාන සංඝනායක වේරගොඩ සාරද ස්ථවිරයන් වහන්සේ අද ලොව වෙසෙන ප්‍රශස්තතම ධර්ම දූත යතිනායකවරයාණන් වහන්සේ නමකි.

1941 නොවැම්බර් මස 27 වනදා දකුණු ලක වේරගොඩ දී උපත ලද මේ යතිපුඟුවරයාණෝ, උපාධි ලාභීව, ධර්මදූත මෙහෙය ආරම්භ කළේ ඉතා යොවුන් අවධියේ දීමය. දැනට ශතක 6 ක් පුරා ධර්මදූත මෙහෙයෙහි යෙදී සිටින ගරුතර වේරගොඩ සාරද යතිනායකයාණන් වහන්සේ මුද්‍රිත මාධ්‍යයෙන් සහ විද්‍යුත් මාධ්‍යයෙන් මෙන්ම දුරකථන තාක්ෂණයෙන් පවා අද ලොවට ධර්මදානය සපයන්නේ නූතනයන්ගේ මනස හා ආධ්‍යාත්මික ගති-පැවතුම් පිළිබඳ පැහැදිලි අවබෝධයකිනි.

වර්තමානික ග්‍රාහක පිරිස, ශ්‍රව්‍ය-දෘෂ්‍ය මාධ්‍ය මගින් දැනුමත් විනෝදාස්වාදයත් ලබන්නට පුරුදු වී සිටින පරපුරක් හෙයින්, ගරුතර වේරගොඩ සාරද හිමිපාණෝ, ඔවුනගේ මනසට සරිලන පරිද්දෙන් බුද්ධ භාෂිතය, ඔවුන් අතට පත් කරන සේක. මුද්‍රිත හා විද්‍යුත් ප්‍රකාශන 700 ක් පමණ ලොවට පිරිනමා සිටින මේ යතිනායකයන් වහන්සේ විසින් සම්පාදිත ධර්ම භාණ්ඩාගාරය නම් ඉංග්‍රීසි කෘතිය දොරට වැඩීමේ උළෙලේ දී, ඒ පිළිබඳ ව එක් දිනක් තුළ පමණක් ලැබුණු දුරකථන ඇමතුම් සංඛ්‍යාව 2000 කටත් අධික විය. ඒ නිසා එය සිංගප්පූරු රාජ්‍යයේ ග්‍රන්ථ ප්‍රකාශන ඉතිහාසයේ සුවිශිෂ්ට වාර්තාවකට හිමිකම් කියන්නේය.

දැනට, සිංගප්පූරුවේ බෞද්ධ භාවනා මධ්‍යස්ථානය භාරව වැඩ සිටින ගරු වේරගොඩ සාරද නායක ස්ථවිර පාදයන් වහන්සේ ලෝකයේ බොහෝ දේශයන් හි බුද්ධ ශාසනයේ ප්‍රගතියට හිතකාමී ධර්ම දූත මෙහෙවරක යෙදී සිටින සේක.

එතුමන් ගේ ප්‍රධාන ප්‍රකාශ අතර, සිංහල හා ඉංගිරිසි ධම්මපදයත්, ජාතක කථා පිළිබඳ විද්‍යුත් ප්‍රකාශනයත් ප්‍රධාන තැන් ගනී. එතුමන් විසින්, ඉටු කෙරෙන මහා සාමයයික මෙහෙය අඛණ්ඩව පවත්වා ගෙන යනු පිණිස, ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් නිදුක් නිරෝගී සුව පැතීම, බෞද්ධ ජනතාවගෙන් ඉටු විය යුතු කෘතඥතා පූර්‍වක චාරිත්‍රයකි.

කලා කීර්ති එඩ්වින් ආරියදාස