සන්න සහිත ජාතිදුක්ඛ විභාගය හෙවත් කාය විරති ගාථා.pdf
- කතෘ :
- පෞරාණික ස්ථවිරනමකි
- ප්‍රකාශිත වර්ෂය :
- 1914
- මුද්‍රිත වර්ෂය :
- 1914
- පිටු ගණන :
- 75
- බාගත කිරීම් ගණන :
- 1,382
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2019-03-29
- ගොනුවේ ප්‍රමාණය :
- 5.0 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
ජාති දුක්ඛ විභාගය හෙවත් කාය විරති ගාථා යනු පෞරාණික මහා ස්ථවිරනමක් විසින් පාලි ගාථාවලින් රචනා කරන ලද, තවත් පණ්ඩිත ස්ථවිරනමකගේ සන්නයක් සහිත අගනා දහම් ග්රන්ථයකි. මෙහි පාලි ගාථා පෙළ හා ඊට අදාළ සවිස්තරාත්මක සිංහල සන්නය ඉදිරිපත් කර ඇත.
මෙම කෘතිය ජාතිදුක්ඛොද්දෙස සහ සුඤ්ඤතුද්දෙස යන පරිච්ඡේද දෙකකින් යුක්ත වන අතර, ජාති දුක්ඛය පිළිබඳ විග්රහයන් සහ ශුන්‍යතා ප්‍රතිසංයුක්ත ධර්ම කරුණු ගාථා 272කින් මනාව පැහැදිලි කරයි. ශරීරයේ අනිත්‍ය, අසුභ හා දුක්ඛ ස්වභාවය විදහා දක්වමින් කාය විරතිය ඇති කරලීමට මෙය උපකාරී වේ.
මෙම මුද්‍රණය කළුතර සුමිත්රාරාමවාසී කළුතර ඤාණරතනතිස්ස හිමියන් ලවා සංශෝධනය කරවා, ඩී. ඩී. ෆොන්සේකා සහ කේ. ජේ. කරුණාරත්න යන මහතුන්ගේ දායකත්වයෙන් 1914 දී කොළඹ මරදානේ විද්‍යාභූෂණ මුද්‍රණාලයේ මුද්‍රණය කරවා පළකර ඇත.
සංඥාපනය
ජාති දුක්ඛ විභාගය හෙවත් කායවිරති ගාථා නමැති මෙම ප්‍රකරණය වනාහි සූත්රාභිධම්මවිනයසඞ්ඛ්යාත පිටකත්‍රයෙහි විශාරද බුද්ධිමත් පෞරාණික ස්ථවිරකෙනෙකුන් විසින් රචනාකරන ලද්දකි. ඇදහියයුතු පොත පතක සඳහන්නුවූ බැවින් මෙම ග්රන්ථ කර්තෲන් කවුරුදැයි ප්‍රකාශකිරීමට අපි ප්‍රභව නොවෙමු. ඊට කරන ලද මෙම සන්නයද අන්‍යතර පණ්ඩිත ස්ථවිරයන් වහන්සේ නමක් විසින් භාවාර්ථය ප්‍රධාන කොට කරනලදැයි හැඟේ. මීට ව්‍යවහාරිත නාමයො අතුරෙන් “ජාති දුක්ඛ විභාගය” යනු ග්රන්ථ කර්තෘගේ නාමයයි. “විභාගං ජාතිදුක්ඛස්ස පවක්ඛාමි සමාසතො” යන්නෙන් එය ස්ථිරවේ. “කායවිරති ගාථා” යන ද්විතීය නාමය වනාහි සන්න කර්තෘ විසින් ව්‍යවහාර කරනලද බැව් අවසානයෙහි යොදනලද “කායවිරති ගාථායො” යනාදියෙන් ප්‍රකාශිතයි. “කාය විරති ගාථායො චෙසත්තාචතුසත්තති” යන්නෙන් මෙය ගාථා 274 කින් රචනාකළබැව් හැඟේ. නමුත් අපට ලැබුන උඩ පාත දෙරටෙහිම පොත්වල 272 කට වඩා නොතිබුන බැවින් අප විසිනුදු එසේම යොදන ලද්දේය. මේ ප්‍රකරණය ජාතිදුක්ඛොද්දෙස, සුඤ්ඤතුද්දෙසයයි පරිච්ඡෙදදෙකකින් ප්රතිමණ්ඩිතවේ. එහෙයින් මෙහි ඇතුළත්වූ ජාතිදුක්ඛයෙහි විභාගහා ශුන්‍යතා ප්රතිසංයුක්තධර්මයන්ද යන වැදගත් ධර්ම කොට්ඨාසදෙක සකල ශාසන ප්රව්රාර්ජිතයන් විසින්ම උද්ග්රහණධාරණය කටයුතු බැවින් මෙබඳු පොතක් සුලභකරවීම මෙකලට අවශ්‍යවූ ශාසන සංග්රහයක්බැව් සලකා කළුතර සුමිත්රාරාමාධිවාසී කළුතර ඤාණරතන ස්වාමින්වහන්සේ ලවා ශුද්ධ කරවාගෙන කළුතර ඩී. ඩී. ෆොන්සේකා පයියාගල කේ. ජේ. කරුණාරත්න යන අප දෙදෙනාවිසින් අච්චුගස්වනලදී.
මෙහි අයිතිවාසිකම අප වෙතම තබා ගතිමු.
මේවගට,
D. D. Fonseka,
K. J Karunaratna.