දසවිධ දහම් පෙළ - කඩවත ගුණානන්ද හිමි.pdf
- කතෘ :
- කඩවත ගුණානන්ද හිමි
- ප්‍රකාශිත වර්ෂය :
- 2018
- මුද්‍රිත වර්ෂය :
- 2018
- පිටු ගණන :
- 42
- බාගත කිරීම් ගණන :
- 1,501
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2019-09-02
- ගොනුවේ ප්‍රමාණය :
- 10 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
දසවිධ දහම් පෙළ යනු පූජ්‍ය කඩවත ගුණානන්ද හිමියන් විසින් සම්පාදනය කරන ලද, බුදුදහමේ එන දස සංඛ්‍යාත ධර්ම කරුණු රැසක් සංක්ෂිප්තව හා පැහැදිලිව විස්තර කෙරෙන ධර්ම ග්රන්ථයකි. මෙය ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ‘බොදුමග ක්‍රියාශීලී සංසදය’ මඟින් නොමිලයේ ධර්ම දානය පිණිස ප්‍රකාශයට පත් කළ ‘නිවන් බණ’ පොත් පෙළෙහි 27 වන කෘතියයි.
සූත්‍ර, විනය හා අභිධර්ම පිටකයන්හි මෙන්ම අටුවා ග්රන්ථයන්හි සඳහන් වන විවිධ දසවිධ ධර්ම කරුණු විමර්ශනය කරමින් ලියැවුණු මෙම කෘතියෙහි අදාළ එක් එක් මාතෘකාවට අදාළ ත්‍රිපිටක මූලාශ්‍ර සහ ප්‍රකට ධර්ම ග්රන්ථ (රේරුකානේ චන්ද්‍රවිමල මහානාහිමිගේ ග්රන්ථ ආදී) උපකාරක ග්රන්ථ වශයෙන් දක්වා තිබීම මෙහි විශේෂත්වයකි.
මෙහි අන්තර්ගත ප්‍රධාන මාතෘකා කිහිපයක්:
- දස අකුසල්, දස සිල් සහ දස පාරමිතා
- දස පුණ්‍ය ක්‍රියා සහ දස දාන වස්තු
- දශවිධ දානානිසංස සහ දස වස්තුක මිථ්‍යාදෘෂ්ටිය
- දස අකැප මාංශ සහ දස අකැප වස්තු
- දශවිධ නාථකරණ ධර්ම සහ දශවිධ ඥාන බල
පුණ්‍යානුමෝදනාව
ලොව්තුරු බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් මුල්කොට වසර 2561 කටත් වැඩි කාලයක් තිස්සේ අවිච්ඡින්නව පැවත ආ ත්‍රිපිටකය පදනම් කොටගත් ශ්‍රී සද්ධර්මය ලෝක සත්වයාගේ අවබෝධය පිණිස දේශනා කරමින් තමන්ගේද හිතසුව සලසා ගනිමින් අනේක විද වූ මිත්‍යාදෘෂ්ඨික බලපෑම් වලින් ආකුල ව්‍යාකුල වෙමින් පවතින කාලයේ නිවැරදි මග හෙලි පෙහෙලි කිරීමට වෙරදන මේ ශ්‍රී ලංකා දරණිතලයේ පහලවනු ලබන ආර්ය මහා සඟ රුවන අප සියල්ලන්ට පහන් ටැඹකි.
ජන සමාජය තුල මෝහාන්ධකාරය දුරින් දුරු කරමින් සම්මා සම්බුද්ධ ශාසනයෙහි චිරස්ථිතිය උදෙසා ශාසනික මෙහෙවරක නියැලෙන කඩවත ගුණානන්ද ස්වාමීන්වහන්සේට අග්‍ර පුණ්යානිශංස අනුමෝදන් කරමු.
තවද සෝදුපත් බලා නිවැරදි දහම් කරුණු එක්කර දහම් පොත් සකසා දීමෙන් උන්වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන්දකිනා තෙක් දීර්ඝායුෂ චිරජීවනයද ලැබේවායි ප්‍රාර්ථනා කරමු.
“සංසාර සාගරයෙන් එතෙර වන්නට නිවන් බණ” නමින් පොත් පෙලක් මුද්‍රණය කර බෙදාහැරීමට කටයුතු කරමින් මෙහි ප්‍රධාන දායකත්වය උසුලනු ලබන්නේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ දැනට අංශ 58 ක විහිදි පැතිරී සිටින බොදුමග ක්‍රියාශීලි සංසදයේ සාමාජික සාමාජිකා පිරිස විසිනි.
තවද මෙය වගකීමක් හැටියට නොව යුතුකමක් හා සමාජ සත්කාරයක් ලෙස සලකා පින්වත් ස්වාමීන් වහන්සේලාට ද ආශිර්වාදයක් වෙමින් මේ ගෞතම බුද්ධ ශාසනය චිරාත් කාලයක් රැක දීමට බාහිරින්ද සම්බන්ධවන පිරිස් බොහෝය. ඒ අතර ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ චාමර එරංග මහත්මා ඇතුළු පිරිස ද, ශ්‍රී ලංකා මහවැලි අධිකාරි ප්‍රධාන කාර්යාලයේ චම්පා පීරිස් මහත්මිය ඇතුළු පිංවත් පිරිස ද මේ උතුම් ධර්ම දානයට නිරන්තරව සහයෝගය ලබාදෙමින් අප දිරිමත් කරනු ලබයි. මේ සියළුම පින්වතුන් දක්වන දායකත්වය සිහිපත් කරනුයේ හද පිරි බැතියෙනි.
ඔවුන් සියලු දෙනාටම මේ අනුහසින් එදිනෙදා කරන කියන කටයුතු සඵල වී සසර දුක් ගිනි කෙටි කලකින් ම නිමා වී සැනසීමට හැකි වේවා යි ප්‍රාර්ථනා කරමි. කොලිටි මුද්‍රණාලයේ සී. ජයසෝම මහත්මා ඇතුළු කාර්ය මණ්ඩලයට ද පුණ්‍යානුමෝදනා කරමි. නිවන් සිරි ලබනා තුරු ඔබ අප සැමට දෙලොව ශාන්තිය යහපත උදා වේවා යි ප්‍රාර්ථනා කරමි.
මේ දහම් පොත ඕනෑම අයෙකුට මුද්‍රණය කර නොමිලයේ බෙදාහැරිය හැකි ය. තව ද ශ්‍රී ලංකා වරාය අධිකාරියේ “බොදුමග ක්‍රියාශීලී සංසදය” මගින් මේ ආකාරයේ සදහම් පොත් මුද්‍රණය කර නොමිලයේ බෙදාහැරීමට තම තම ශක්ති පමණින් අප කරන මෙම ශාසනික මෙහෙය සඳහා සත්පුරුෂ වූ ඔබටත් දායක විය හැකි බව කාරුණිකව සිහිපත් කරමි.
මේ සම්බන්ධ වැඩිපුර තොරතුරු 0112 483 642 / 0773 685 043 දුරකථන අංකවලින් විමසිය හැකිය.
ගිණුම් අංක: 1037-5426-3220 සම්පත් බැංකුව, කොටහේන.
සසුන් ලැදි මෙත් සිතැති
එස්. කුමාරසිංහ.
ප්‍රධාන සංවිධායක
ශ්‍රී ලංකා වරාය අධිකාරිය,
බොදුමග ක්‍රියාශීලී සංසදය,
ජයබහලු පර්යන්තය, කොළඹ 13.
2018 ඇසළ මස