විනය පිටකය අටුවාව 1 RASSL.pdf

කතෘ :
බුද්ධඝෝෂ හිමි
ප්‍රකාශිත වර්ෂය :
1999
මුද්‍රිත වර්ෂය :
2003
පිටු ගණන :
520
බාගත කිරීම් ගණන :
6,406
වෙබ් අඩවියට එක් කළ දිනය :
2018-06-16
ගොනුවේ ප්‍රමාණය :
122 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 261

සමන්තපාසාදිකා විනයට්ඨකථා (සිංහල පරිවර්තනය) යනු ථෙරවාද විනය පිටකයට අටුවාචාරී බුද්ධඝෝෂ මාහිමියන් විසින් රචිත ‘සමන්තපාසාදිකා’ නම් ප්‍රකට විනය අටුවාවේ සිංහල පරිවර්තනයයි. මෙම පළමුවන කාණ්ඩයට පාරාජිකාකණ්ඩයෙහි අටුවාව (විනයවිවෘති) ඇතුළත් වේ.

මෙම කෘතිය සම්පාදනය කරන ලද්දේ අම්බලම්ගොඩ ශාස්ත්‍රෝදය පරිවෙණාධිපතිව වැඩ විසූ අමරපුර නිකායේ මහානායක ත්‍රිපිටකවාගීශ්වරාචාර්ය රාජකීය පණ්ඩිත අම්බලම්ගොඩ ධම්මකුසල මහානායක ස්ථවිරයන් වහන්සේ විසිනි. මෙහි පළමු මුද්‍රණය බුද්ධශාසන අරමුදලේ අවසරය පිට 1975-1984 කාලයේ මුද්‍රණය වී ඇති අතර, ශ්‍රී ලංකා රාජකීය ආසියාතික සමිතියේ (RASSL) පාලි අටුවා සිංහලට පරිවර්තනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ 1999 වර්ෂයේදී ප්‍රථම මුද්‍රණය ලෙස නැවත ප්‍රකාශයට පත් කරන ලදී.

මෙහි ප්‍රවේශය වශයෙන් විනය ශබ්ද විග්‍රහය, විනයාර්ථ, විනය ප්‍රභේද (සංවරවිනය, ප්‍රහාණවිනය, සමථවිනය, ප්‍රඥප්තිවිනය), විනයානිසංස, ධර්ම සංගීති පිළිබඳ විස්තර සහ අටුවා ඉතිහාසය ආදී ගැඹුරු ශාස්ත්‍රීය කරුණු රැසක් පූර්විකාවෙහි විස්තර කෙරේ.

පෙරවදන (පළමු මුද්‍රණය)

සමන්තපාසාදිකා විනයට්ඨකථා සිංහල පරිවර්තනය නමින් ශ්‍රී ලංකා රාජකීය ආසියාතික සමිතියේ පාලි අටුවා සිංහලට පරිවර්තනය කිරීමේ ව්‍යාපෘතිය මගින් ප්‍රකාශයට පත් කරනු ලබන මෙම ග්‍රන්ථය අස්මදාචාර්‍ය්‍යෝත්තම රාජකීය පණ්ඩිත මහෝපාධ්‍යාය අතිගරු අම්බලංගොඩ ධම්මකුසල අමරපුර නිකායේ මහානායක මාහිමියන් වහන්සේ විසින් සම්පාදනය කරනලද විනය විවෘතිනම්වූ සිංහල සමන්තපාසාදිකාවයි. එහි විශාලත්වය සලකා කාණ්ඩ වශයෙන් මුද්‍රණය කරවීම මහානායක මාහිමියන් වහන්සේගේ අදහස විය. එහෙත් උන්වහන්සේගේ ජීවිත කාලයතුළ මුද්‍රණය කරගැනීමට හැකිවූයේ පළමුවන කාණ්ඩය පමණි. ඒ මෙයට අවුරුදු විසිහතකට (27) පමණ පෙරය. දෙවෙනි කාණ්ඩයේ අත්පිටපත් අනාරක්‍ෂිතව තිබුණු බැවින් එහි සමහර තැන් කියවීමට පවා නොහැකි තත්වයක තිබුණේය. ඒ තැන් ශක්ති පමණින් සකස් කෙළෙමි.

සිංහල සමන්තපාසාදිකාවේ පළමු කාණ්ඩය අද කෙනෙකුට ලබා ගැනීමට නොහැකිවී ඇත. නැවත මුද්‍රණය කිරීමට හා දෙවෙනි කාණ්ඩයද මුද්‍රණය කිරීමටත් අවශ්‍යව තිබුනද විවිධ දුෂ්කරතා නිසා, එයද කළ නොහැකි විය.

එය අතහැර ඉදිරි කාණ්ඩ පමණක් මුද්‍රණය කිරීම අර්ථවත් නොවේ. ප්‍රයෝජනයක්ද නැත. එබැවින් සම්පූර්ණ ග්‍රන්ථයම මුද්‍රණය කිරීම සුදුසු වේයයි අපගේ අදහස වෙයි.

මේ තත්වය අපගේ බලවත් කණගාටුවට හේතුවී තිබිණ. මේ කාර්යය කෙසේ ඉටුකර ගනිම්දැයි කල්පනා කරමින් සිටින අවස්ථාවේ, රාජකීය ආසියාතික සමිතිය මගින් පාලි අටුවා සිංහලට පරිවර්තනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බව දැන ගන්නට ලැබිණ. මේ ගැන මහාචාර්ය ඇම්. බී. ආරියපාල මහතාගෙන් විමසූවිට ඔහු කියා සිටියේ පරිවර්තන කටයුතු පිළිබඳ කොමිටියෙන් විමසා පිළිතුරක් ඉක්මනින් දෙන බවය. සති දෙකකට පමණ පසු සමන්තපාසාදිකාවේ කොටස් සියල්ලම මුද්‍රණය කිරීමට කොමිටිය සතුටින් පිළිගන්නා බව ඔහු විසින් දන්වන ලදී.

මේ අවස්ථාවේදී ශ්‍රී ලංකා රාජකීය ආසියාතික සමිතිය සිය පාලි අටුවා පරිවර්තන ව්‍යාපෘතිය මගින් සිංහල සමන්තපාසාදිකාවද මුද්‍රණය කිරීමට කැමැත්ත ප්‍රකාශ කිරීම අපගේ බලවත් ප්‍රසාදයට හා සහනයටද හේතුවිය. මෙම සත්කාර්යය සඳහා ශ්‍රී ලංකා රාජකීය ආසියාතික සමිතියේ පාලි අටුවා පරිවර්තන කටයුතු පිළිබඳ කමිටුවේ ගරු සභාපති මහාචාර්‍ය්‍ය ඇම්. බී. ආරියපාල මහතාණන් ගෙන් ලැබුණු කාරුණික, සුවිශේෂ අනුග්‍රහය කෘතඥතා පූර්‍වකව සිහිපත් කරමි. එසේම රාජකීය ආසියාතික සමිතියට හා එම සමිතියේ පාලි අටුවා පරිවර්තන කටයුතු පිළිබඳ කමිටුවටද අපගේ කෘතඥතා පූර්‍වක ආශීර්‍වාදය පිරිනමමු.

තවද මාගේ ආචාර්‍ය්‍යෝත්තම රාජකීය පණ්ඩිත මහෝපාධ්‍යාය අතිගරු අම්බලංගොඩ ධම්මකුසල මහානායක මාහිමියන්වහන්සේ, තමන්වහන්සේ විසින් සම්පාදිත සද්ධර්‍මසාගර නම්වූ ධම්මපදවර්‍ණනාවේ කාණ්ඩ 9, සිංහල අකුරු, චතුර්වේදය, විනයවිවෘති නම්වූ සිංහලසමන්තපාසාදිකාව ආදී සියලු ග්‍රන්ථවල පූර්ණ අයිතිය හා බලතල උන්වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයා වශයෙන් මා වෙත පවරා ඇතිබව ප්‍රකාශ කරමි. ඒ පැවරීම අනුව සිංහල සමන්තපාසාදිකාවේ සියලු කාණ්ඩ මුද්‍රණය කිරීම බෙදාහැරීම ආදී සියලු කාර්යයන් පිළිබඳ අයිතිය ශ්‍රී ලංකා රාජකීය ආසියාතික සමිතියේ පාලි අටුවා පරිවර්තන කටයුතු පිළිබඳ කමිටුවට පැවරූබවද ප්‍රකාශ කරමි.

මෙහි මුද්‍රණකටයුතු ඉතා මැනවින් සිත් ගන්නාලෙස නිමකර දුන් දෙහිවල ශ්‍රීදේවී ප්‍රින්ටර්ස්හි අධිපති, මහේන්ද්‍ර සේනානායක මහතාටද අපගේ කෘතඥතාව හිමිවෙයි.

අම්බලම්ගොඩ සුමංගල, අමරපුරනිකායේ මහානායක ස්ථවිර මහානායක ස්ථවිර, සවීර්‍ණමාලි විහාරය, තෙලවල පාර, ගල්කිස්ස, 2546/2003

පූර්විකාව (පළමු මුද්‍රණය)

විනයශබ්දය:

මේ විනයශබ්දයෙහි නිපාත්මට අර්‍ථවත් වූ අකුරු තුණක් මුල්ව සිටියේය. ඒ නම් වි, නි, අ, යන අකුරු තුණය. එහි වි, යනු උපසර්‍ගයි. නී, යනු ධාතුයි. අ, යනු ප්‍රත්‍යයයි. එහි වි, නී, යන උපසර්ග - ධාතු දෙක විවිධාර්‍ථ ඇත්තේය. නිපාතද මේ ගණයට වැටේ. නිපාත - උපසර්‍ග - ධාතුයන තුන් කොටසම නානාර්‍ථවත් යි ශාස්ත්‍රයෙහි කියනලදී. ‘නිපාතාචොපසර්ගාච ධාතවශ්චෙති තෙ ත්‍රයඃ, අනෙකාර්ථාඃ සමාඛ්‍යාතාඃ සචෙ පාඨස්තෙෂාං නිදර්ශනම්’යි. මෙසේ නානාර්‍ථවත්වූ වි උපසර්ගය විසින් නානාර්‍ථවත්වූ නී ධාතුව පිළිබඳ ප්‍රසිද්ධාර්‍ථයවූ (ප්‍රාපණ) පැමිණවීමයන අර්‍ථය යටපත්කොට එහි නිලිනව ගැබ්ව තුබූ ශික්‍ෂණාර්‍ථය මතுகොට දෙනලද්දේය. ‘ධාතුනමනෙකත්ථතා එව නීත්‍යාස්මිං ධාතුම්හි සත්තමෙව සික්ඛතිං’ විසදෙත්‍ථ ජොතෙති’යනු එහෙයින් කියනලදී.

මෙහි නී ධාතුවෙන් පරව සිටි අප්‍රත්‍යයය හා සෙසු කෘත්‍යප්‍රත්‍යයයෝ කර්‍ම - කර්තෘ - කරණාදි ෂට්කාරකාර්‍ථ හා භාවාර්‍ථයද, අතීත වර්‍තමාන - අනාගත යන කාලාර්ථද යථාලාභ විසින් ලැබෙන ලැබෙන පරිදි පවසාලන්නෝය. එහෙයින් අප්‍රත්‍යය මෙහි යෙදී සිටියේ කර්තෘ - කරණ - ආධාරයන කාරකාර්‍ථ හා අතීත - වර්‍තමාන - අනාගතයන කාලාර්ථයන් පවසනු සඳහාය. වෘද්ධි - ආදේශද ලබා මෙසේ නිපත් විනයශබ්දයෙහි ඇති කාරකාර්‍ථ හා කාලාර්‍ථ පළටකරණු පිණිස ආචාර්‍ය්‍යපාදයෝ ‘විනෙයි, විනෙති, විනෙස්සති එතෙන එත්ථ වාති විනයො’යි ලියා තැබූහ.

විනයාර්‍ථ:

විවිධවූ පඤ්චවිධප්‍රාතිමොක්‍ෂාද්දෙස, පාරාජිකාද්‍යපතාපත්ති ස්කන්ධ, මාතෘකා, විභංගාදිප්‍රභේද නයින් හා විශේෂවූ ලොකවද්‍ය ශික්‍ෂාවන්හි දැළ්හීකර්‍මප්‍රයෝජනයද ප්‍රඥප්තිවිද්‍යාශික්‍ෂාවන්හි ශිථිලිකරණප්‍රයෝජනයද ඇති අනුප්‍රඥප්ති නයින් කායික වාචසික අක්‍ෂමාචාරයන් වළකාලීමෙන් මේ විනය කය වචන හික්මවාලූයේය. හික්මවාලයි. හික්මවාලන්නේය. එහෙයින් විවිධනය ඇතිබැවින් හා විශේෂනය ඇතිබැවින් හා කය වචන හික්මවනබැවින් හා රාගාදී කෙලෙස් වනසනබැවින් හා විනයයි කියනලද්දේය. විනයශබ්දය පිළිබඳ වචනාර්‍ථ දක්වනුපිණිස ‘විවිධවිසෙසනයත්තා - පෙ - විනයො විනයොති අක්ඛාතො’යි මෙහිම කියනලදී.

මෙහිලා ප්‍රධාන විසින් භික්‍ෂු-භික්‍ෂුණීන්ගේ කායවාග්ද්වාර දෙකින් සිදුවන සියලු අකුසල් වළකා ඔවුන් මනාපිළිවෙතෙහි පිහිටුවා යථාර්ථවශයෙන් ශාසනාවචරයන් කිරීමෙහි පරමාධ්‍යාශයෙන් යුක්තව භික්‍ෂු-භික්‍ෂුණීසංඝයාගේ පරිහරණයපිණිස පරමකාරුණිකවූ භාග්‍යවත් සම්මාසම්බුදුරජානන්වහන්සේ විසින් දේශනාකොට වදාළ ප්‍රඥප්ති ධර්මසමූහය විනය නමැයි නිශ්චිතය.

මේ ප්‍රඥප්තිධර්මසමූහයෙහි පළමු කියූ ලෙසින් පඤ්චවිධ ප්‍රාතිමොක්‍ෂාද්දෙස සප්තාපත්තිස්කන්ධාදි විවිධක්‍රම හා වස්තු පුද්ගලාදි විශේෂක්‍රමද ඇතිබව, වි, පූර්ව නය ශබ්දයෙන් සිද්ධවූ විනය ශබ්දය කියාලන්නේය. වි, යනු හා එක්වූ නය ශබ්දය ක්‍රමවාචීය. නය නම් ක්‍රමයයි. ආගමනය, ශාස්ත්‍රනය, නෙත්තිනයයි එය පළමුකොට තෙවැදෑරුම්ය. නැවත එහි ආගමනය විනයනය, සූත්තන්තනය, අභිධම්මනය, පාළිනය, අට්ඨකථානය, ටීකානය, පකරණනය, තර්කනය, පන්තිනය, දෙසනානය, අත්‍ථපදවණ්ණනානය, අවිඥෙය්‍යනය, අධිප්පායනය, එකතොනය, නානත්තනය, අව්‍යපාරනය, එවංධම්මතානයයි බහුවිධවේ. මේ විනයනයාදීන් අතුරෙහි මෙහි විනයශබ්දයෙහි වි, හා යෙදීසිටි නයශබ්දය විනයනය ගෙන සිටියේ විවිධවිශේෂක්‍රම ඇතිබව පවසාලයි.

විනයනාම:

මෙසේ අර්‍ථවත් වූ විනය ආඥාදෙසනා, යථාපරාධ සාසන, සංවරාසංවරකථා යන නාමයන්ගෙන්ද හඳුන්වනුලැබේ. එහි අණ පැණවීමෙහි අසහාය මහාපුරුෂවූ දෙවාතිදෙවවූ බ්‍රහ්මාතිබ්‍රහ්මවූ භාග්‍යවත් සම්මාසම්බුදුරජානන්වහන්සේවිසින් ආඥා බාහුල්‍යයෙන් ව්‍යවස්ථාපිතවූ විනය ආඥාදෙසනා නම්. අපරාධ ඇති සත්ත්වයන් අපරාධ කළ සත්ත්වයන් අපරාධයනට නුසුදුසුපරිදි විනයෙහිලා හික්මවූබැවින් යථාපරාධසාසන නම්වේ. අක්‍ෂමාචාරයට ප්‍රතිවිරුද්ධවූ කායවාග්ද්වාර පිළිබඳ හික්මීමෙහි සීමාව ඉක්මවා සිටි අපරාධයනට පටහැනිව සිටි කුදු මහත් සංවරාසංවරය මෙහි කියනලදනුයි සංවරාසංවර කථානම්වේ. විශේෂවිසින් මේ විනයෙහි අධිශීලශික්‍ෂාවද ශීලය තමා කෙලෙසුන්ගේ ව්‍යතික්‍රමයට පටහැනිබැවින් ව්‍යතික්‍රමප්‍රහාණයද කෙලෙසුන්ගේ තදංගප්‍රහාණයද කියනලද්දේය.

විනයප්‍රභෙද:

විනය විවිධවිශේෂක්‍රම ඇතිබැවින් හා කායවාග්ද්වාරයන් හික්මවනබැවින් හා එකෙක්වූයේද, සංවරවිනය, පහාණවිනයයි දෙපරිදිද සංවරවිනය, පහාණවිනය, සමථවිනය, පඤ්ඤත්තිවිනයයි සිවුවැදෑරුම්දවේ.

සංවරවිනය:

අකුසලයන්ගේ ඉපැත්මට ඉඩ නොතබා ඒ ඒ ඇවුරුම්වලින් සිත හික්මවාගැනීම සංවරවිනයයි කියනුලැබේ. ඒ මේ සංවරය සති, සීල, ඤාණ, ඛන්ති, විරියයි පස්වැදෑරුම්ය. එහි ඇස්, කන්, නාස්, ඈ සවැදෑරුම් ඉඳුරන්ගේ රැකීම සතිසංවරනම්. කටයුතු නොකටයුතු මේ මේය යි බෙදා වෙන්කොට ඇති විනයපිටකයට අයත් ප්‍රාතිමොක්‍ෂාදිචතුර්විධශීලයෙන් හික්මීම සීලසංවරනම්. තෘෂ්ණාදෘෂ්ටි ආදි කෙලෙසුන්ගේ මුල් සිඳලන මාර්ගඥානය ඤාණසංවරනම්. ශීතෝෂ්ණාදි විෂමප්‍රත්‍යයයන් ඉවසීම ඛන්තිසංවරනම්. කාමවිතර්‍කාදිය දුරුකිරීම්වශයෙන් සිතෙහි පවත්නා වීර්‍ය්‍යය විරියසංවරනම්.

පහාණවිනය:

තදංග, වික්ඛම්භණ, සමුච්ඡෙද, පටිපස්සද්ධි, නිස්සරණයන පස්වැදෑරුම් භේද අතුරෙහි ඒ ඒ අඞ්ගයෙන් කෙලෙසුන් යටපත්කොට කෙලෙස්ගිනි නිවාලීම පහාණවිනයනම්. එහි අකුශලධර්‍මයන්ට විරුද්ධව සිටි කුශලධර්‍මයන්ගේ බලයෙන් ඒ ඒ අකුශලාංගයන්ගේ ප්‍රහාණය තදංගප්‍රහාණනම්. අර්පණෝපචාරසමාධීන්ගෙන් කාමච්ඡන්දාදිපඤ්චනීවරණයන්ගේ ප්‍රහාණය වික්ඛම්භණප්‍රහාණනම්. සෝතාපත්ති ආදීවූ ඒ ඒ මාර්ගාංගයෙන් නසාලියයුතුවූ කෙලෙසුන් මුලිනුපුටා සිඳහැරීම සමුච්ඡෙදප්‍රහාණනම්. මාර්ගඥානයෙන් සිඳහල කෙලෙස්ඇති සිතෙහි ඉතිරි කෙලෙස්වාසනා කෙලෙස් පුරුද්ද සෝදාහැරීමෙන් නසාලීමෙන් ලැබෙන සිතෙහි මිදීම පටිපස්සද්ධිප්‍රහාණනම්. සියලු සංස්කාරයන්ගෙන් මිදුනු නිවණ නිස්සරණප්‍රහාණනම්. ඵලඥානයට ගොදුරුවන සංසිඳීමය. විනයධර්මයෙහි ප්‍රකටව ගිය සමථවිනය - පඤ්ඤත්තිවිනයයන මේදෙක මොවුනට තුඩුදී සිටියේය.

සමථවිනය:

භික්‍ෂූන්වහන්සේ අතර හටගන්නාවූ විවාදාධිකරණ - අනුවාදාධිකරණ - ආපත්තාධිකරණ - කිච්චාධිකරණයන සිවුවැදෑරුම්වූ අධිකරණයන්ගේ සන්සිඳුවීමපිණිස පණවා වදාළ සම්මුඛාවිනය - සතිවිනය - අමූළ්හවිනය - පටිඤ්ඤාතකරණ - යෙභුය්‍යසිකා - තස්සපාපිය්‍යසිකා - තිණවත්‍ථාරකයන සප්තවැදෑරුම්වූ සමථයෝ සමථවිනය නාමයෙන් පළටවෙති.

එහි සංඝසම්මුඛතා - ධම්මසම්මුඛතා - පුග්ගලසම්මුඛතායන ත්‍රිවිධ සම්මුඛතාවෙන් පැමිණි අධිකරණය සන්සිඳුවීම සම්මුඛාවිනයය. ‘සුද්ධො හොති අනාපත්තිකො අනුවදති ච නං යාවති ච තස්ස සංඝො සතිවිනයං දෙති ධම්මෙන සමග්ගෙන’යි කියූලෙසින් අධිගමලාභයෙන් සමාහිතවිපුලබවට පැමිණි රහතුන්වහන්සේට සංඝයා විසින් ඥප්ති චතුර්ථකර්‍මවාක්‍යයෙන් දෙනුලබන අධිකරණ සමථය සතිවිනයයි. රහතුන්වහන්සේ හැර අනෙකක්හට අධිගමය ලැබූපමණින්ම මෙය දියහැකි නොවේ. මෙයට අනාගාමීහුද සුදුස්සෝ නොවෙති. උමතුබැවින් මුළාවූ මහණහුට ත්‍රිවිධ ධාර්මිකයන්ගේවශයෙන් දෙනුලබන අධිකරණසමථය අමූළ්හවිනයයි. ‘මම අසූවල් ඇවැතට පැමිණියෙමි, එය ඇවැත්කථාවශයෙන් දක්නෙමි’යි පිළිණ දුන්නහු, ධර්මානුශාසනාවෙන් ආපත්තිවශයෙහි පිහිටුවීම පටිඤ්ඤාතකරණයයි. යම්කිසි අධිකරණයෙක්හි ධර්මවාදීපිරිස බහුල වේනම්, ඔවුන්ගේ කැමැත්තපරිදි දශවිධධාර්මිකසලාක ග්‍රාහාපනාදියෙන් කලහවිවාදාදියට ඉඩ නොතබා අධිකරණය සන්සිඳුවීම යෙභුය්‍යසිකාය. යම් මහණෙක් භණ්ඩනකාරක, කලහකාරක, විවාදකාරක, භස්සකාරකවේද, සංඝයානට ආපත්තිබහුලවූයේවේද, අනනුලෝමිකවූ ගිහිසංසර්ගින් හැසිරී ගියේ හෝ වේද, ආචාර විප්‍රතිපත්තියෙක් හෝ වේද, තෘෂ්ණාවන්හි අයුත්තු කියනලද හෝවේද, එබඳු මහණහු පිළිබඳ කළයුතු සමථය තස්සපාපිය්‍යසිකායයි. යම් අධිකරණයක් කැකුළුබවපිණිස සැඩබවපිණිස පවත්නේද, ඒ අධිකරණය නොවිමසා දුරුදැමිය යුතුක් තණපත් ආදියෙන් වසා ලන්නාක් මෙන් දෙපක්‍ෂවූවන්ගේ දැන්වීමෙන් සන්සිඳුවීම තිණවත්ථාරකයයි.

පඤ්ඤත්තිවිනය:

සුත්ත - සුත්තානුලොම - ආචරියවාද - අත්තනොමති යි පඤ්ඤත්තිවිනය සිවුවැදෑරුම්ය. එහි සියලු විනයපිටකයෙහි ඇතුළත්වූ මාතිකා - විභංග - ඛන්ධක - පරිවාර යි භෙදගතවූ විනයපාළිය සුත්තනම්. විභංග - ඛන්ධකයන්හි නිර්දේශයන්ට උපදෙශමාත්‍රවූ පාතිමොක්ඛය මාතිකානම්. පාරාජිකපාළි - පාචිත්තියපාළි යන ග්‍රන්ථද්වයෙහි ඇතුළත්වූ භික්‍ෂු - භික්‍ෂුණීන්ගේවසයෙන් දෙපරිදිවූ ශික්‍ෂාපදසමූහය විභංගනම්, චුල්ලවග්ගපාළි මහාවග්ගපාළියන ග්‍රන්ථද්වයෙහි ඇතුළත්වූ දෙවිසි ඛන්ධකයෝ ඛන්ධකනම්. සොළොස් පරිවාරය පරිවාරනම්.

“යං භික්ඛවෙ මයා ඉදං න කප්පතීති අප්පටික්ඛිත්තං, තං චෙ අකප්පියං අනුලොමෙති, කප්පියං පටිබාහති, තං වො න කප්පති. යං භික්ඛවෙ මයා ඉදං න කප්පතීති අප්පටික්ඛිත්තං, තං චෙ කප්පියං අනුලොමෙති, අකප්පියං පටිබාහති, තං වො න කප්පති, යං භික්ඛවෙ මයා ඉදං කප්පතීති අනුඤ්ඤාතං තං චෙ අකප්පියං කප්පියං අනුලොමෙති, අකප්පියං පටිබාහති, තං වො කප්පති. යං භික්ඛවෙ මයා ඉදං කප්පතීති අනුඤ්ඤාතං, තං චෙ අකප්පියං අනුලොමෙති, කප්පියං පටිබාහති, තං වො න කප්පති, යං භික්ඛවෙ මයා ඉදං කප්පතීති අනුඤ්ඤාතං තං චෙ කප්පියං අනුලොමෙති, අකප්පියං පටිබාහති, තං වො කප්පති’යන මේසතර මහා ප්‍රදෙශනය, සූත්‍රසංඛ්‍යාත පාළියට එක්කොට සසඳා අනුලොම්ව ගතයුතුබැවින් සුත්තානුලොමනම්. මෙහි අරුත් විනයවිවෘතියෙහි දකිනුහැකිය.

ධර්‍මසංග්‍රාහක මහරහතුන් පන්සියයක්දෙනා වහන්සේවිසින් තබනලද ඔක්කන්තික විනිශ්චයවූ අට්ඨකථාපාළිය ආචරියවාදනම්. මෙය පාළිමුත්තකවිනයයිද කියනුලැබේ.

සුත්ත - සුත්තානුලොම - ආචරියවාදයන්හි පිහිටාගත් විනයධරයාගේ සිතෙහි පහළවන නයග්‍රාහකථාව අත්තනොමතිනම්. සූත්‍රාභිධම්මවිනයාට්ඨකථාවන්හි ඇතුළත්ව සිටුනා සියලු ථෙරවාදය හෝ අත්තනොමතියිද කියනලද්දේය. තවද බුද්ධභාෂිතය, සූත්තයිද, ශ්‍රාවකභාෂිතය, සුත්තානුලොමයිද, අට්ඨකථාපාළිය ආචරියවාදයිද, ටීකාපාළිය, අත්තනොමතියිද නයග්‍රාහවසයෙන් ගතහැකිවේ.

විනයානිසංස:

“සද්ධම්මට්ඨිතියා - සද්ධම්මට්ඨිතාය - දුම්මංකූනං පුග්ගලානං නිග්ගහාය - පෙසලානං භික්ඛුනං ඵාසුවිහාරාය - දිට්ඨධම්මිකානං ආසවානං සංවරාය - සම්පරායිකානං ආසවානං පටිඝාතාය - අප්පසන්නානං වා පසාදාය - පසන්නානං භිය්‍යොභාවාය - සද්ධම්මට්ඨිතියා - විනයානුග්ගහාය” භාග්‍යවත් සම්මාසම්බුදුරජානන්වහන්සේවිසින් පණවා වදාළ මේ ආනිසංස දසවිධවෙයි. අරුත් ග්‍රන්ථාගතය. විනයපයොජාතියෙහි දක්ෂවූ පුදගලතෙමේ සස්නෙහි පිළිලද සැදැහැති කුලපුත්‍රයන්ගේ මවුපිය තනතුරෙහි සිටියේවේ. තමන්ගේ ශීලය මොනවට රක්නාලද්දේවේ. සද්ධර්මස්ථිතිය පිණිස පිළිපන්නේවේ. ‘පඤ්චිමෙ භික්ඛවෙ ආනිසංසා විනයධරෙ පුග්ගලෙ’යනු වදාළ එහෙයිනි. තවද ‘විනයො සංවරත්ථය, සංවරො අවිප්පටිසාරත්ථාය, අවිප්පටිසාරො පාමොජ්ජත්‍ථාය, පාමොජ්ජං පීතත්‍ථාය, පීති පස්සද්ධත්‍ථාය, පස්සද්ධි සුඛත්‍ථාය, සුඛං සමාධත්‍ථාය, සමාධි යථාභූතඤාණදස්සනත්‍ථාය, යථාභූතඤාණදස්සනං නිබ්බිදාත්‍ථාය, නිබ්බිදා විරාගත්ථාය, විරාගො විමුත්තිත්‍ථාය, විමුත්ති විමුත්ති ඤාණදස්සනත්‍ථාය, විමුත්තිඤාණදස්සනං අනුපාදාපරිනිබ්බානත්‍ථාය එතදත්‍ථා කථා, එතදන්ථා මන්තණා, එතදත්‍ථා උපනිසා, එතදත්ථං සොතාවධානං යදිදං අනුපාදා චිත්තස්ස විමොක්ඛා’යි වදාළබැවින් විනයපයොජාතියෙහි නැවත නැවත යෙදියයුතුය. බඩුවක් තරණය කරණුපිණිස උත්සාහවත් වියයුතුය. මෙතැන්හි අරුත් පොතෙහි ආයේය.

සංගීති:

සුත්ත නාමයෙන් ගැනෙන පාරාජිකාපාළි ආදි ග්‍රන්ථ පස පඤ්චසතිකා - සත්තසතිකා - සාහස්සිකායන සංගීති තුණෙන් සංගීත වූයේ දුමීන බැහැරව ගියේ ශාසනයෙහි චිරස්ථිතියපිණිස පැවැත ආයේ අද ද ඒ පිණිසම පවත්නේය.

එහි ප්‍රථමසංගීතිය පන්සියයක් මහරහතුන්වහන්සේවිසින් කළබැවින් පඤ්චසතිකා නමිය. ථෙරියා යිද එය පළටවිය. මේ සංගීතිය බුද්ධපරිනිර්වාණයෙන් තෙමසක් ගෙවීගොස් සිවුවනමස පැමිණිකල්හි ඒ සිවුවන මසෙහි රජගහා නුවරදී පවත්වනලදය. බුද්ධපරිනිර්වාණයෙන් සත්වනදා සුභද්ද නම් මහලු පැවිද්දාහුවිසින් කියූ නින්දිත කථාව ද මේ සංගීතිය පැවැත්වීමෙහිලා එක් කරුණක් විය.

ද්විතීයසංගීතිය සත්සියයක් මහරහතුන්වහන්සේවිසින් කළබැවින් සත්තසතිකා නමිය. මේ සංගීතිය බුද්ධපරිනිර්වාණයෙන් සියවසක් ගෙවීගිය තැන විශාලා මහනුවරදී පවත්වනලදී. අකැප දසවස්තුවක් කැපයි ඉදිරිපත් කිරීමෙන් වැදිරට වැසි මහණුන්විසින් උපදවනලද ශාසනාර්බුදය සන්සිඳුවනුපිණිස මේ සංගීතිය කරණලදී.

තෘතීයසංගීතිය දහසක් දෙනාවහන්සේවිසින් කළබැවින් සාහස්සිකා නම්විය. මේ සංගීතියට කරුණු වූයේ ධර්මාශොක අධිරාජයන්ගේ කාලයෙහි ලාභසත්කාරයන්ගෙන් පිරිහුනු අන්‍ය තීර්ථකයෝ තුමූම සිවුරු පෙරවගෙන ‘අපි ශ්‍රමණයම්හ’යි කියා නියම භික්‍ෂූන්වහන්සේ හා එක්වීම, හැසිරීම, හේතුවෙන් භික්‍ෂූන්වහන්සේ පොහෝ පවුරුණු ආදි සඝකම් නොකොට අත්හැරීමය. එහෙයින් මේ සංගීතිය බුද්ධපරිනිර්වාණයෙන් දෙසියපන්තිස්වන වසෙහි පැළලුප් නුවරදී සිදුකරණ ලදී.

චතුර්ථසංගීතිය හෙළදිව සිදුකළ ප්‍රථමසංගීතියවේ. මෙය චතුර්ර්‍ථවන්නේ දඹදිව සිදුකළ සංගීතිත්‍රය හා එක්කොට ගිණීමෙනි. මහාමහින්ද මහාක්‍ෂීණාස්‍රවයන්වහන්සේ බුද්ධපරිනිර්වාණයෙන් දෙසිය පන්තිස් වසක් ඉක්මගිය පසු දෙසියසතිස් වැන්නෙහි පොසොන් මස පුරපසළොස්වකදා මෙහි වැඩමකළසේක. උන්වහන්සේගේ මෙහි වැඩම වීමෙන් අවුරුදු දෙකකට පසු අනුරාධ පුරයෙහිදී මේ සංගීතිය සිදුකරණලදී.

පොත්ථකසංගීතිය හේළදිව කළ දෙවන සංගීතියවේ. බුද්ධපරිනිර්වාණයෙන් පස්වන සියවසතෙක් වාචනාමාර්ගයෙන් ගෙණආ පුරාණාර්ථකථා සහිත සම්පූර්ණ ත්‍රිපිටකපාළිය බුද්ධවර්‍ෂ හාරසිය හතළිස්හතත් හාරසිය පනස් පහත් අතර කාලයෙහිහි මාතුල ජනපදයෙහිදී සිංහල අකුරෙන් පුස්තකාරූඪකොට සංගායනා කරණලදී.

මෙසේ පස්වරක් මහරහතුන්වහන්සේවිසින්ම කරණලද ‘ත්‍රිපිටක සංගීති පිළිබඳ කථාව සවිස්තරව මෙම ග්‍රන්ථයෙහි ඇතුළත්බැවින් මෙහිලා ඒ පිළිබඳව දැක්වූයේ මුඛමාත්‍රයෙකැයි දතයුතුය.

අර්ථකථා:

ත්‍රිපිටකපාළියෙහි නොපැහැදිලි තැන් පැහැදිලිකරමින් ලියනලද ග්‍රන්ථ, අර්ථකථායි ගැනේ. ඒ අර්ථකථා පිළිබඳ දීර්ඝකථාව මෙහි යොදාඇති අර්ථවත් ප්‍රස්තාවනාවෙන් මුළුමනින් දතහැකිබැවින් එහිලාද කිසිවක් මෙහි නොලියැවුණේය. ඒ දන්නට ප්‍රස්තාවනාව කියවා බැලියයුතුය.

සමන්තපාසාදිකාව:

දඹදිවෙන් මෙහි වැඩම කළ මහාප්‍රාඥ බුද්ධඝොෂ මහාස්ථවිරයන් වහන්සේ මහාඅට්ඨකථා - මහාපච්චරි - කුරුන්දි - අන්ධක - සංඛෙප පට්ඨකථා යන අර්ථකථාවන් මෙහි හෙළදිව වැසි විනයධර මහතෙරුන් වහන්සේගෙන් උගෙන තමන් උගත් ඒ අර්ථකථා නැවත නැවත කියවා බලා ඒ අර්ථකථා ඇසුරුකොට ඒ අර්ථකථාවන්හි එන කරුණු එකෙකින් හා සසඳා මහාඅට්ඨකථාව පිහිටුකොටගෙන එහි පිහිටාසිට මහනාම (සිරිනිවාස) රජුගේ විසිවන රාජ්‍යවර්‍ෂයෙහි ලියන්නට පටන්ගෙණ අවුරුද්දක් තුළදී මෙය ලියා අවසන්කළහ. මෙයට සමන්තපාසාදිකායන අර්ථවත්නමද තැබූහ. සමන්තපාසාදිකා කරණප්‍රකාරය හා තදර්ථනිරූපණයද කළහ. ඒ මෙසේය:

‘තත්‍රිදං සමන්තපාසාදිකාය සමන්තපාසාදිකත්තඤ්චී: ආචරියපරම්පරකතො - නිදානවත්‍ථුප්පභෙදදීපනතො, පරසමයවිවජ්ජනතො - සකසමයවිසුද්ධිතො චෙව ව්‍යඤ්ජනපරිසොධනතො - පදත්‍ථතො පාළියොජනක්කමතො, සික්ඛාපදනිච්ඡයතො - විභඞ්ගනයභෙදදස්සනතො. සම්පස්සතං න දිස්සති - කිඤ්චි අපාසාදිකං යතො එත්‍ථ, විඤ්ඤුනමයං තස්මා - සමන්තපාසාදිකාත්වෙව සංවණ්ණනා පවත්තා - විනයස්ස වෙන්‍ථයදමනකුසලෙන, වුත්තස්ස ලොකනාථෙන - ලොකමනුකම්පමානෙනාති’

මේ ගාථාවන්හි අරුත් විනයවිවෘතියෙහි ආ බැවින් නැවත මෙහි නොදක්වමි.

ටීකාවාචාර්‍ය්‍යයෝ ‘සමන්තතො සබ්බසො පසාදං ජනෙතීති සමන්තපාසාදිකා’යි මෙහි අර්ථ සමර්ථනය කළහ. හැමතින් සියලු අයුරින් ප්‍රසාදය උපදවා යනු එහි අරුත්ය. මෙසේ මෙහි ටීකාවාචාර්‍ය්‍යයන් අරුත් දක්වනලද්දේද,