අංගුත්තර නිකාය අටුවාව 2 RASSL.pdf
- කතෘ :
- බුද්ධඝෝෂ හිමි
- ප්රකාශිත වර්ෂය :
- 2006
- මුද්රිත වර්ෂය :
- 2006
- පිටු ගණන :
- 460
- බාගත කිරීම් ගණන :
- 4,505
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2018-06-15
- ගොනුවේ ප්රමාණය :
- 107 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
භදන්ත බුද්ධඝෝෂ මහාස්ථවිරයන් වහන්සේ විසින් විරචිත අංගුත්තර නිකායට්ඨකථාව හෙවත් මනොරථපූරණී අටුවාවේ දෙවන කොටසේ සිංහල පරිවර්තනයයි. මෙම කෘතිය ශ්රී ලංකා රාජකීය ආසියාතික සමිතියේ පාලි අට්ඨකථා සිංහල පරිවර්තන ව්යාපෘතියේ 9 වන ග්රන්ථය ලෙස පළ වී ඇත.
මහාචාර්ය කපිල අභයවංශ මහතා විසින් සිංහලට පරිවර්තනය කරන ලද මෙම දෙවැනි කොටසට චතුක්ක නිපාත වර්ණනාවේ සිට ඒකාදසක නිපාත වර්ණනාව දක්වා වූ මුළු ග්රන්ථාවසානයම ඇතුළත් වන අතර, මින් සමස්ත අංගුත්තර නිකායට්ඨකථාවේ සිංහල පරිවර්තනය සම්පූර්ණ වේ.
බුද්ධශාසන අරමුදලේ අනුග්රහය ඇතිව ශ්රී ලංකා රාජකීය ආසියාතික සමිතිය මඟින් 2006 වසරේදී ප්රථම වරට මුද්රණය කරවා ප්රකාශයට පත් කරන ලද්දකි.
පෙරවදන (පළමු මුද්රණය)
ශ්රී ලංකා රාජකීය ආසියාතික සමිතිය මගින් ක්රියාත්මක කෙරෙන පාලි අට්ඨකථා සිංහලට පරිවර්තනය කිරීමේ ව්යාපෘතියෙහි නවවැනි කෘතිය ලෙස මනොරථ පූරණී නම් වූ අංගුත්තර නිකායට්ඨකථාවේ දෙවැනි කොටසේ සිංහල පරිවර්තනය මුද්රණද්වාරයෙන් මෙසේ එළිදැක්වීමට හැකි වීම ඉමහත් සතුටට කරුණකි. පාලි අංගුත්තර නිකායට්ඨකථාවේ ඒකක නිපාත වර්ණනාවේ සිට තික නිපාත වර්ණනාව තෙක් වූ කොටස සිංහලට පරිවර්තනය කරන ලද අංගුත්තර නිකායට්ඨකථාවේ පළමු කොටස ලෙස මුද්රණය කෙරිණි. මෙම දෙවැනි කොටසට ඇතුළත් වන්නේ චතුක්ක නිපාත වර්ණනාවේ සිට ග්රන්ථාවසානය දක්වා වූ කොටසයි. මෙම කොටස මුද්රණයත් සමඟ සම්පූර්ණ අංගුත්තර නිකායට්ඨකථාවේ සිංහල පරිවර්තනය නිමාවට පත් වෙයි.
හෙලටුවා පෙළ බසට නගමින් රචිත පාලි අට්ඨකථාවන්හි විවරණයන්ට කිසිදු හානියක් නොවන අයුරින් මෙන්ම සම්පූර්ණ නිවැරදි අර්ථයන් ග්රහණය වන අයුරින් සියලු පදගතාර්ථ උද්දීපනය වන ලෙස අට්ඨකථා සරල සිංහල භාෂාවට නැගීම ශ්රී ලංකා රාජකීය ආසියාතික සමිතියේ අට්ඨකථා පරිවර්තන ව්යාපෘතියේ ප්රධාන අරමුණ විය. එම අරමුණ යථාර්ථයක් බවට පත් කරමින් සම්පූර්ණ අංගුත්තර නිකායට්ඨකථාව සිංහලට පරිවර්තනය කිරීමෙන් මහාචාර්ය කපිල අභයවංස මහතා විසින් දක්වන ලද අනුග්රහය අපගේ ඇගයීමට බඳුන් වෙයි.
මෙම ව්යාපෘතිය සඳහා අරමුදල් සැපයීමෙන් අනුග්රහය දක්වන බුද්ධශාසන අමාත්යාංශය එහි කාරක මණ්ඩලය හා බුද්ධශාසන අරමුදලේ භාරකාර මණ්ඩලය මෙහිදී අප සිහිපත් කරන්නේ කෘතවේදිත්වයෙනි.
මෙහි මුද්රණ කටයුතු ඉතා මැනවින් කමනීය ලෙස නිමකරදුන් දෙහිවල ශ්රීදේවී ප්රින්ටර්ස්හි අධිපති මහේන්ද්ර සේනානායක මැතිතුමාට ද එහි කාර්ය මණ්ඩලයටද අපගේ කෘතඥතාව හිමි වෙයි.
ශ්රී ලංකා රාජකීය ආසියාතික සමිතියේ පාලි අට්ඨකථා පරිවර්තන කටයුතු පිළිබඳ කමිටුව
ශ්රී ලංකා රාජකීය ආසියාතික සමිතිය
නො. 96, මහවැලි කේන්ද්රය
ආනන්ද කුමාරස්වාමි මාවත
කොළඹ 07