සාමණේර ප්‍රශ්න සන්නය - බෙන්තර සරණංකර හිමි 1899.pdf
low quality
- කතෘ :
- බෙන්තර සරණංකර හිමි
- ප්‍රකාශිත වර්ෂය :
- 1899
- මුද්‍රිත වර්ෂය :
- 1899
- පිටු ගණන :
- 183
- බාගත කිරීම් ගණන :
- 1,636
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2018-02-14
- ගොනුවේ ප්‍රමාණය :
- 57 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
මෙම කෘතිය ඛුද්දකනිකායට අයත් කුඩා සූත්‍රයක් වන සාමණේර ප්රශ්නය (කුමාරප්රශ්නය) සඳහා සම්පාදිත විස්තරාර්ථ සන්නයකි. බුදුරජාණන් වහන්සේ විසින් සත් හැවිරිදි සෝපාක සාමණේරයන් වහන්සේගෙන් අසන ලද ප්‍රශ්න දශය සහ ඊට ලැබුණු පිළිතුරු දශය පාදක කරගනිමින්, අභිධර්මාර්ථ සංග්‍රහ සන්නය ඇතුළු විවරණ උපයෝගී කරගෙන මෙහි විස්තරාර්ථ සපයා ඇත.
මෙහි මුල් කතුවරයා අභිධර්මයෙහි නිපුණ පුරාණ ආචාර්යවරයෙකු වන අතර, බෙන්තර ගලපාත විහාරාධිවාසී ශෛලාන්තායතන පිරිවෙණාධිපති බෙන්තර සරණංකර ස්ථවිරයන් වහන්සේ විසින් මෙම ග්‍රන්ථය සංශෝධනය කර ඇත. පානදුරේ ඩී. ඇස්. වීරසිංහ අප්පුහාමි සහ ඇම්. ඩී. යශෝනිස් ජයවර්ධන යන මහත්වරුන්ගේ අනුග්‍රහයෙන් 1899 (බුද්ධ වර්ෂ 2442) දී කොළඹ ග්රන්ථප්රකාශ මුද්‍රණාලයේදී මෙය මුද්‍රණය කරවා තිබේ.
නාම-රූප ධර්ම, චිත්ත චෛතසික, පංචස්කන්ධ, ආයතන, ධාතු, සප්ත බොජ්ඣංග, අෂ්ටාංගික මාර්ගය ආදී සමස්ත බුද්ධ ධර්මයම කැටි කරගත් දස ප්රශ්නය මෙහි සවිස්තරාත්මකව විවරණය කර ඇති හෙයින්, අභිධර්මය හා ධර්ම කරුණු ගැඹුරින් හදාරන ධර්ම ශිෂ්‍යයන්ට මෙය ඉතා ප්‍රයෝජනවත් අත්පොතකි.
සංඥාපනය.
සාමණේර ප්රශ්නය.
ලොකෙකනාථවූ භාග්‍යවතුන් වහන්සේ විසින් අසනලද ප්‍රශ්න දශයක්ද ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ අන්තෙවාසික සොපාක නම් සාමණේරයන් වහන්සේ විසින් දෙනලද උත්තර දශයක්ද යන ප්‍රශ්නොත්තර දෙකොටස එක්කිරීමෙන් සඞ්ගායනාකොට තබනලද ධර්මකාණ්ඩය සාමණේරප්රශ්න නාමයෙන් ප්රකාශයි. ප්‍රශ්න විසර්ජනාවසානයෙහි ඊට දායාද වශයෙන් සර්වඥයන් වහන්සේ විසින් සත්හැවිරිදි සාමණේර නමට උපසම්පදාව දෙනලදි—මේ වනාහි ප්‍රශ්නව්‍යාකරණ උපසම්පදායයි අටවැදෑරුම් උපසම්පදාඅතුරෙහි ගණන්ගන්නාලදි, මෙ වූකලි සාමණේරයන්ගෙන් අසනලද ප්‍රශ්න හෙයින්ද=සාමණේරයන් විසින් විසදනලද ප්‍රශ්න හෙයින්ද=සාමණේර ප්‍රශ්න නම් විය.
මේ සාමණේර ප්රශ්නය ප්‍රථම මහාසංගීතිකාරක මහාකාශ්යපස්ථවිරප්රමුඛ මහාරහතුන්වහන්සේලා විසින් ඛුද්දකනිකායෙහි ඛුද්දකපාඨයට ඇතුළත්කොට සංගායනාකරණලදි. සතරබණවරෙහි ශික්ෂාපදානන්තරවද වෙනත් තන්හිද ඉන් ගෙණිතබනලදි—මෙහි ඇතුළත් ධර්මකොට්ඨාස බැලූකල මෙයින් පිටත් බුද්ධධර්මයක් නොමැති සේ සිතන්ට යුතුව තිබේ.
මීට ලියනලද අර්ත්ථකථානය කවරකලෙක කවර ආචාර්‍ය්‍යවරයකු විසින් කරණලදදැයි විනිශ්චයකට පැමිණීම ඊට හේතුවූ කරුණු මෙහි නොමැත්තෙන්ද අන්තැනෙක්හි නුදුටුවිරූ හෙයින්ද උගහටයි–එසේත් මෙය ඉතා පුරාණයයි සිතීමට කරුණු නොමැතිහෙයින් මීට ආසන්නකාලයෙහි කරණලදැයි අනුමානවශයෙන් සිතන්ට ඉඩතිබේ–ඒ කෙසේනමුත් සන්නය ලිවීමේදි අභිධර්මාර්ත්ථසංග්රහසන්නය සම්පූර්ණයෙන්ම අඩංගුකරතිබෙන බැව් පෙනෙන්ට තිබේ. ඒද අභිධර්මාර්ත්ථසංග්රහසන්නයෙහි පාලිවචන හැරදමා අර්ත්ථපමණක් එකතුකොට භාවවශයෙන් දෙවන ප්රශ්නොත්තරයෙහි සම්පූර්ණයෙන් ඇතුළත්කිරීමෙනි. එහිදු ඇතැම්තැන වැඩිවිස්තරයක්ද (විග්රහ කළ වාක්‍යය හැරදමා එහි අර්ත්ථපමණක් ගෙණ) අඩංගුකොට තිබේ.
“නිබ්බාණං පති සච්ඡිකතො උපගමනතො නිබ්බාණමහාසමුද්දං නින්නතාය සොතසදිසත්තා වා=සොතොති වුච්චති—අරියො අට්ඨඞ්ගිකො මග්ගො” යනු අභිධර්මාර්ත්ථසංග්රහසන්නයෙහි පෙනෙන විග්රහයි—“නිර්වාණය කරා පමුණුවනබැවින්ද නිවන්නමැති මහමුහුද කරා නැමුණුබැවින්ද ස්රොතසක් (දියපහරක්) සමානනුයි=සොත නම් වේ—ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්ගයයි” යනාදිය මෙහි ආනයයි–මේ ආදි බොහෝතැන් මෙසේ ඇති බැව් සැලකිය යුතුයි.
අභිධර්මාර්ත්ථසංග්රහසන්නයෙහි තැනින් තැන යොදා තිබෙන සත්යසංක්ෂෙපාදියෙන් ගත් ගාථා ශ්ලොකාදි බොහොමයක් මේ සන්නයට ඇතුළත් නොකොට අත්හැරදමාතිබේ.
එනම්–(අ–ස–ස–8 පිටේ.) “පුබ්බපයොගසමුට්ඨාතො විසෙසො චින්තයම්හචී, සංඛාරෙ නංචයෙනෙත්ථ හොත්යසංඛාරිකාදිකා”– (අ–ස–ස–11 පිට) “ සබ්බාකුසලසුත්තම්පි උද්ධච්චං අන්තමානසෙ, බලවං ඉති තඤ්ඤෙව වුත්තමුද්ධච්චයොගිනො. තෙනෙව හි මුනින්දෙන යෙවාපනකනාමතො, වන්ධා සෙය්යෙසු එත්වං තං සරූපෙන දෙසිතං”— “මූලඝාතා වෙව සංසප්පවික්ඛෙපා චෙකහෙතුකා, සොපෙක්ඛා සබ්බදා නෙව චිත්තං සංඛාරභෙදනො. න හි තස්ස සභාවෙන තික්ඛානුස්සාහනීයතා, අත්ථි සංසප්පමානාය වික්ඛිපන්තස්ස සබ්බදා”— (අ–ස–ස–15 පිට.) “චණ්ඩාලඛසහාචානං භූතිකානං හි සට්ඨනං, දුබ්බලං ඉති චක්ඛාදි චතුචිත්තානුපෙක්ඛකං. කායනිස්සයජොට්ඨබ්බභූතානං සට්ඨනාය තු, බලවත්තා න විඤ්ඤාණං කායිකං මජ්ඣවෙදනං. සමානනිස්සයො යස්මා නජ්ඣානන්තරපච්චයො, තස්මා දුබ්බලමාලම්බෙ සොපෙක්ඛං සම්පටිච්ඡනා”– (අ–ස–ස–28 පිටේ.) “ ලොකුත්තරං ක්රියාචිත්තං පන කස්මා න විජ්ජති, එකචිත්තක්ඛණිකත්තා මග්ගස්සාති න විජ්ජති”– (අ–ස–ස–35 පිට.) “ නාහ්රීක්කුපසතෙ පාපාදමෙධ්යඤ්චිව ශූකරඃ, ශලහො’ග්නෞරීචෙතස්සමානාතු සත්යනපත්රපඃ”– (අ–ස–ස–37 පිට.) “කෙචි මිද්ධම්පි රූපන්ති වදන්තෙ තං න යුජ්ජති, පහාතබ්බෙසු වුත්තත්තා කාමච්ඡන්දාදයො විය. පහාතබ්බෙසු අක්ඛාතෙත්තං නීවරණෙසු හි, රූපන්තු න පහාතබ්බමක්ඛාතං දස්සනාදිනා. “න තුම්හං භික්ඛවෙ රූපං පජහථෙතන්ති” පාඨතො, පහෙය්යතාවලෙසොපි යත්ථි රූපස්ස දිස්සති. තත්ථ තබ්බිසයච්ඡන්දරාගහානි පකාසිතා, වුත්තං හි තත්ථ යො ඡන්දරාගතම්පොහි ආදිකං. රූපාරූපෙසු මිද්ධෙස්සු අරූපං තත්ථ දෙසිතං, ඉති චෙ තත්ථ තං තත්ථ අවිසෙසෙන පාඨතො. සක්කා හි අනුමානෙතුං මිද්ධං රූපන්ති චින්තිතං, තම්පි නීවරණං මිද්ධභාවතො ඉතරං විය. සම්පයොගාභිධානා ච න තං රූපන්ති නිච්ඡයො, අරූපිනං හි ඛන්ධානං සම්පයොගො පවුච්චති. නට්ඨාරූපෙ සමුප්පත්ති පාඨතො නත්ථි රූපතා, නිජ්ජු ග්ගිණ්ණභාවා තතු කායගෙලඤ්ඤතො සියා”— (අ–ස–ස–70. 71 පිටු.)
“සමහර ආචාර්ය්ය කෙනෙක් චිත්තයමකයෙහි “උප්පන්නං උප්පජ්ජමානං” යනාදි පදයන්ගේ විභාගයෙහි “භවඞ්ගක්ඛණෙ උප්පන්නං නො ච උප්පජ්ජමානං උප්පාදක්ඛණෙ උප්පජ්ජමානං නො ච උප්පන්නං” යනාදීන් භවඞ්ගොත්පාද දෙකම කියනලද, ඨිතික්ෂණය නොකියනලද, යනාදීන් චිත්තයාගේ ඨිතික්ෂණය වලකන්නාහ—ඔවුන්ගේ මත නිෂෙධපරිච්ඡෙද අට්ඨකථාවෙහි ආචාර්‍ය්‍යවරයන් විසින් ඨිතික්ෂණයාගේ අසද්ධිග්ධ්යම විස්තාරකරනලදනුයි අපි මෙහි සඞ්ග්රහමාත්රයක් දක්වමු”.
“ උප්පන්නුප්පජ්ජමානානි විභවෙන හෙව මාදිනං, භවඞ්ගක්ඛණස්මිං උප්පන්නං නො ච උප්පජ්ජමානකං. උප්පජ්ජමානමුප්පාදෙ න උප්පන්නන්ති ආදිනා, භවඞ්ගුප්පාදෙව අක්ඛාතා න චිත්තස්ස ඨිතික්ඛණෙ. උප්පාදොව වයො චෙව අඤ්ඤථත්තං ඨිතස්ස ච, පඤ්ඤායන්ති වුත්තත්තා ඨිති අත්ථි චෙ මතා. අඤ්ඤථත්තස්ස එකස්මිං ඛණෙම් අනුපලද්ධිතො, පඤ්ඤත්තිවචනා චෙව පබන්ධට්ඨිතීති නට්ඨිතී. වුත්තා තස්මා න චිත්තස්ස ඨිති දිස්සති පාලියං, අභිධම්මෙ අභාවොපි නිස්සෙධොයෙව සබ්බථා. යදා සමුදයො යස්ස නිරුජ්ඣති තදායසකිං, දුක්ඛමුප්පජ්ජිතෙත්ථ පඤ්ඤා නොහි නිසෙධතො. රූපූප්පාදෙ න භවඞ්ගස්මිං තස්මා සබ්බෙපි පච්චයා, උප්පාදෙයෙව චිත්තස්ස රූපහෙතුති කෙචන. වුච්චතෙ තත්ථ එකස්මිං ඛණෙයෙව යථා මතා, උප්පාදස්සත්තො නින්නා භවඞ්ගන්තො භවෙථ නු. භවඞ්ගසංඛිමුඛාවත්තා ඉච්ඡිතබ්බා අයං ඨිති, නයදස්සනතො එසා විභවෙන න තු දෙසිතා. ලක්ඛණං සංඛතයෙස්ව චනන්තුප්පාදාදිනං, දෙසිතත්තා න තත්ථාපි පබන්ධස්ස ඨිතිරිතා. උපසග්ගස්ස ධාතුනමත්ථොයෙව පවත්තතො, විඤ්ඤායන්ති චෙතස්ස අත්ථෙ විඤ්ඤායතෙ ඉති. භවෙග රූපස්සානුප්පාදෙ චිත්තත්තානං වසෙන වා, ආරූප්පවාහීසන්ධාය භාසිතො යමකස්ස හි. සභාවො යං යථාලාභයොජනානි තතො න හි, න චිත්තට්ඨිති භවෙන ච න රූපස්ස අසම්භවො”— (අ–ස–ස–74 පිට.)
“සූපක්තගබ්භස්ස මූලෙ ඵලපතනරවාතක්කචික්ඛුම්ලස් චක්ඛුද්වීපච්චං වාදයං චෙතනප්පලමත්ථ පරික්තං පීඩයිත්වා කරෙණ, ඥාත්වා පඤ්චස්සභාවං කිල පරිබුභුජෙ තදුස්සාකඃ ශචවෙතාඃ පශ්චාත්තාලවා දිලග්ගං රසමපි ච සග ගෙළහෙණස්සාඩු ශිගෝය” (අ–ස–ස–93 පිට.)
“ එකච්චෙ විනිපාතිකා ච නාම චතුඅපායවිනිම්මුත්තකා උත්තරමාතා යක්ඛිනී පියංකරමාතා පුනබ්බසුමාතා ධම්මගුත්තාති එවමාදිකා; එතෙසං හි කායො නානා හොන්ති මනුස්සානං විය ද්විහෙතුක තිහෙතුකාහෙතුකවසෙන, සඤ්ඤාපිනානා; යෙ පනෙත්ථ තිහෙතුකා තෙසම්පි ධම්මාභිසමයො හොති පියංකරමාතාදීනං විය”;
මෙසේ අභිධර්මාර්ත්ථසංග්රහසන්නයෙහි දක්වනලද මේ ගාථා ශ්ලෝක පාඨයන් අත්හැර තිබේ–බොහොමයක් ඇතුළත්කොටද තිබේ–එය පොත බැලූකල දැනගන්ට හැකිවෙයි.
මෙහි ඇතුළත් කොට තිබෙන ධර්මකොට්ඨාස වැඩිකොටසක් ඒ ඒ පොත්වල ලියාතිබෙන ඒවායි, ඇතැම්තැන ඒ වාසගම්ද මදක් වෙනස් කොට තිබේ; එබඳුතැන් මුද්‍රණයේදී අපවිසින් [ ] මේ ලකුණෙන් ඇතුල්කොට යොදා ඇත; ඒ (1-පිටේ) “[අපවිසින් මදක් විස්තරකොට ව්‍යාඛ්‍යාන කරණලදහ]” යනාදියයි.
අභිධර්මාර්ත්ථසංග්රහයෙහි ඇති සමහර පාඨද (මූල අග ගාථා හැර) ගාථා සියල්ලමද [ ] මේ ලකුණුවලින් ඇතුල්කොට සියලු තැන යොදාඇත, එසේ කරන්ට ඕනෑවූයේ සන්නයෙහි ආ නයින් පාඨ ගාථා දෙකොටසෙහිම ආ භාවය යෙදීමෙන් පුනරුක්තාකාරයෙන් පෙණෙනහෙයිනි; මෙසේ මේ පොත 9 වෙනි පිට පටන් 142 වෙනි පිට දක්වා පිළිවෙළින්ම අභිධර්මාර්ත්ථසංග්රහසන්නය දක්වමින් 79 වෙනි පිටේ 6 වෙනි පෙළ දක්වා නාමයයිද 92 පිට අවසානය දක්වා රූපයයිද නාමරූපාකාරයෙන් පෙන්වා ඉන්පසු නාම රූපදෙකින් විනිර්මුක්ත නිර්වාණයද මිශ්රකසංග්රහයයි ඉන් අනකොටසද පෙන්වා “නාමඤ්ච රූපඤ්ච”යන මේ දෙවනප්රශ්නයෙහි උත්තර ප්රකාශකරණලදි.
මෙහි අඩංගු ධර්මකොට්ඨාස ලියා තිබෙන ආකාරය සිතාබලන විට මේ ආචාර්ය්යවරයා බොහෝ පොත්බලා පුරුදුපුහුණුබව ඇති කෙනෙක්බව සැකනැත; නුමුත් ඇතැම්තැන නිරාකූල නොවන සේ ගලපානැති බැව් පෙනෙන්ට තිබේ–ඒ තැන් අපිදු එසේම යෙදීමූ–ශුද්ධිය සඳහා ලැබුණේ එකම පොත බැවින් ශුද්ධකිරීම අමාරුසේ පෙණුනාපමණක්නොව පොත මුද්‍රණයකරණ කාලයෙහි අපට පැමිණි අනවකාශය නිසාත් පෝර්ම කිපයක වාසගම්කෑලි පවා ඉවත්ව ගොස් තිබී එය ශුද්ධිපත්රයේ යොදාඇත.
මෙය ශුද්ධකරණ අපවිසින් ඒ ඒ ධර්මකොට්ඨාස අවබොධකරගැනීමට පහසුවන ආකාරයෙන් පෙලකැඩීමද ඒ ඒ තැන්වල ඉලක්කම් යෙදීමද ලකුණු යෙදීමද කරණලදී; මෙය ශුද්ධකිරීමේදී විද්‍යොදය පරිවෙණාධිපතීන්වහන්සේගේ උගත්ශිෂ්යයෙක්වූ අප ශෛලාන්තායතනපිරිවෙණේ උපාචාර්ය්යතැන්පත් හින්නවිදේ සුමනතිස්ස උන්නාන්සේ බොහෝසේ ආධාරකළ බැව්ද 97 වෙනි පිටපටන් ශුද්ධකිරීමට මුද්‍රණයකළ අභිධර්මාර්ත්ථසංග්රහසන්නය සහ පෙළත් උපකාරවූබැව්ද මෙහි සඳහන්කිරීමට කැමැත්තෙමු.
මෙහි(ශුද්ධපත්රයට නොගෙණ අත්ඇරී) තව බොහෝතැන් අශුද්ධ වැද තිබියහැකියි–ඒ තැන් ධර්මවාදී ධර්මධරයින් විසින් අපවෙත ලියා එවනු ලැබුනම් ඒ දෙවෙනිවර මුද්‍රණය කරවීමේදී ශුද්ධකරගන්ට උපකාරවනහෙතුවක්බවත් එබඳු අය ශාසනාධාරකාරීබවත් කරුණාපූර්වකව සඳහන්කරමි.
B. Saranankara. Principal of Sailàntàyatana College Galapàtavihàraya BENTOTA.
B. Saranankara.
Principal of Sailàntàyatana College
Galapàtavihàraya
BENTOTA.