යමකපාටිහාරිය ඥාන දේශනාව.pdf

කතෘ :
නාඋයනේ අරියධම්ම හිමි
ප්‍රකාශිත වර්ෂය :
1999
මුද්‍රිත වර්ෂය :
1999
පිටු ගණන :
26
බාගත කිරීම් ගණන :
1,741
වෙබ් අඩවියට එක් කළ දිනය :
2018-02-14
ගොනුවේ ප්‍රමාණය :
1.4 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 14

යමක පාටිහාරිය ඥාන දේශනාව යනු අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම මාහිමිපාණන් වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනයක් ඇසුරෙන් සම්පාදිත ධර්ම පුස්තකයකි. තෙසැත්තෑ ඥාන කතාවෙහි එන සූත්‍ර පාඨ ඇසුරින් බුදුරජාණන් වහන්සේගේ අසාධාරණ ඥානයක් වන යමක ප්‍රාතිහාර්යය පෑම පිළිබඳ ඥානය සහ බුද්ධ චරිතයේ යමක ප්‍රාතිහාර්ය සිදුවීම් පිළිබඳව මෙම දේශනයෙන් සවිස්තරව විග්‍රහ කෙරේ.

1999 මාර්තු 17 වන දින ගාල්ලේ පැවති පින්කමකදී දේශිත මෙම ධර්මය, පරලෝසැපත් පී. වේදසිංහ මහතාට පින් පිණිස ශාසනාලංකාරී රම්‍යා වේදසිංහ මහත්මිය විසින් 1999 දෙසැම්බර් මස ධර්ම දානයක් ලෙස මුද්‍රණය කරවා ප්‍රකාශයට පත් කර ඇත.

වචනයක්

“සබ්බ දානං ධම්ම දානං ජිනාති”

තුන්ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අර්හත් වූ සම්යක් සම්බුද්ධ සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේගේ තෙසැත්තෑ ඥාණ කතාවේ අවසාන කොටසට අයත්වන සූත්‍ර පාඨයෙහි ඇතුළත් “යමක ප්‍රාතිහාර්යය ඥාණය” පිළිබඳ අති ගාම්භීර උතුම් ධර්ම දේශනය, බුදු ගුණයෙන් සැනහෙමින්, සැදැහැතියන් බුදුගුණයෙන් සනහන, අති උතුම් ලෝක ශාසනික සේවයක් සලසා වදාරන ත්‍රිපිටකාචාර්යය අති පූජනීය නා උයනේ අරියධම්ම මාහිමිපාණන් වහන්සේ විසින් 1999 මාර්තු මස 17 වැනි දින අප නිවසේදී සිදුකරනු ලැබිණි. එම දේශනාව ධර්මදානය සඳහා දහම් පණිවුඩයක් ලෙස සැකසීම.

මෙම ධර්මදානමය පුණ්‍ය සම්භාරය පළමුකොට 1998.12.18 වන දින පරලෝසැපත් මාගේ දයාබර ස්වාමිපුරුෂ පී. වේදසිංහ මහත්මාට අත්පත්වීමෙන් ප්‍රාර්ථනීය බෝධියකින් අමාමහ නිවන් සුව පිණිසම හේතු වේවා.

එසේම වසර 26 කට පෙර සගපත් මාගේ ආදරණීය පියාණන් වහන්සේටද පරලෝසැපත් සියලුම බන්දු වර්ගයාටද මේ කුසලානිසංසයෙන් අමා මහ නිවන් සුව ලැබේවා.

ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා ඇප කැප වී අනුශාසනා දෙවා වදාරන අති පූජනීය රාජකීය පණ්ඩිත කඩවැද්දුවේ ශ්‍රී ජිනවංශාභිධාන මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන සියලුම සුපේශල ශික්ෂාකාමී මහා සංඝරත්නයට මේ පින් බලෙන් දීර්ඝායු ශ්‍රී සම්පත් වැඩී ප්‍රාර්ථනීය බෝධිවලින් අමාමහ නිවන් ලබත්වා.

මෙම මාහැඟි ගම්භීර ධර්මදේශනය පවත්වා වදාල අතිපූජනීය නාඋයනේ අරියධම්ම මාහිමිපාණන් වහන්සේට මෙම කුසල බලයෙන්ද රත්නත්‍රයේ සුවිශේෂිගුණ බලයෙන්ද නිදුක්, නිරෝගී, සුවපත් දීර්ඝායු වෙත්වා සුවසේ පාරමී සපුරා උතුම් වූ ලොව්තුරා බුද්ධ රාජ්‍යය අත්වේවා !

මෙම කෘතිය, අපවෙත කරුණාපෙරදැරි, පෞද්ගලික නොබලා සම්පාදනය කරදුන් අති පූජ්‍ය මාළිගාවිල ආර්යජීව ස්වාමීන් වහන්සේට ද, මෙපින් බලෙන් නිදුක්බව නීරෝගීබව දිගාසිරි ලබා සුවසේ පාරමී සපුරා ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් සිරි ලැබේවා !

ඉමහත් ශාසනික සේවාවක යෙදෙමින් පාරමී සපුරන කළ්‍යාණ මිත්‍රත්වයෙන් උපදෙස් දෙමින් යහමග යොදවන ධරමගිරි ආරණ්‍ය සේනාසනවාසී අතිපූජ්‍ය අම්බලන්ගොඩ සුමනවංශ ස්වාමීන් වහන්සේටද මෙම කුසලානිසංස බලයෙන් නිදුක්, නිරෝගී, දීර්ඝායු ශ්‍රී සම්පත් ලැබ පාරමී සපුරා පතන බෝධියෙන් අමාමහ නිවන ලැබේවා !

වියපත්ව සිටින මාගේ මෑණියන් වහන්සේට දහම් නැණ පහළවී ආයුරාරෝග්‍ය ශ්‍රී සම්පත් වර්ධනය වී දීර්ඝායු ලැබේවා. ! උතුම් නිවන අවබෝධ වේවා ! මාගේ දයාබර සහෝදර සහෝදරියන්වු ජානකී, ශාමිනී, රංජිත්, අනෝමා, ඇතුළු දෙපුතුන්ටත් දියණියන් සැමටත් හිතෛෂී සියලු ඥාතීන්ටත් කළ්‍යාණ මිත්‍ර මණ්ඩලයටත් මෙපින් බලෙන් ආයුරාරෝග්‍ය සම්පත්, සියලු සම්පත්, දීර්ඝායු ලැබී සියලු සැනසීම ලැබේවා !

දෙවියන් සහිත සකල ලෝකවාසී හිත, අහිත මැදහත් සැමට කායික මානසික සැනසීම ලැබේවා. !

මෙසේට,
ශාසනාලංකාරී
රම්‍යා වේදසිංහ
176, වක්වැල්ල පාර, ගාල්ල
ශ්‍රී.බු.ව. 2543
ක්‍රි.ව. 1999.12.18