නෙත්තිසාරාර්ත්ථදීපනී - කෝදාගොඩ උපසේන හිමි 1933.pdf
- කතෘ :
- කෝදාගොඩ උපසෙන හිමි
- ප්‍රකාශිත වර්ෂය :
- 1933
- මුද්‍රිත වර්ෂය :
- 1933
- පිටු ගණන :
- 295
- බාගත කිරීම් ගණන :
- 1,561
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2018-02-14
- ගොනුවේ ප්‍රමාණය :
- 262 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
නෙත්තිසාරාර්ත්ථදීපනී යනු මහාකච්චායන මහාස්ථවිරයන් විසින් දේශිත යැයි සැලකෙන ත්‍රිපිටක න්‍යාය ග්රන්ථයක් වන නෙත්තිප්පකරණය සඳහා පාණදුරේ වලපල ශ්‍රී සද්ධර්මෝදය පිරිවෙනෙහි ගණවාචකාචාර්ය කෝදාගොඩ උපසේන මාහිමියන් විසින් සම්පාදිත සිංහල ව්යාඛ්යානයයි.
අරණ්‍යවාසී විදර්ශනාවාචාර්ය රංගොඩ ශ්‍රී සුමන මාහිමියන්ගේ නියමයෙන් සම්පාදිත මෙම ග්‍රන්ථය, මාතර යටියන ඩී. ඇස්. විජේකෝන් මහතා විසින් අභාවප්‍රාප්ත දොන් කරෝලිස් විජේකෝන් පොඩි මහත්මයා සිහිකර පින් පිණිසත්, අනුරාධපුර රුවන්වැලි මහා සෑයේ ප්‍රතිසංස්කරණය සඳහාත් මුද්‍රණය කරවා ඇත. ශ්‍රී බුද්ධ වර්ෂ 2476 (ක්‍රි.ව. 1933) දී කොළඹ ශ්රීභාරතී යන්ත්‍රාලයෙහි මෙය මුද්‍රණය කරවා තිබේ.
ග්‍රන්ථයේ සංශෝධන කටයුතු ප්රමුඛ ශිෂ්‍ය පමුණුවේ බුද්ධදත්ත හිමියන් ඇතුළු ස්වාමීන් වහන්සේලා විසින් සිදුකර ඇති අතර, මෙහි ආරම්භක පෙරවදනෙහි කෝදාගොඩ උපසේන හිමියන් විසින් රචිත අනෙකුත් ග්රන්ථ නාමාවලියක්ද අන්තර්ගත වේ. නෙත්තිප්පකරණයේ සංග්‍රහවාරය, උද්දෙසවාරය, නිද්දෙසවාරය, හාරවිභංගය, හාරසම්පාතය, නයසමුට්ඨානය සහ ශාසනපට්ඨාන විභාගය ආදී ප්‍රධාන කොටස් මෙහිදී සවිස්තරව සිංහලෙන් විවරණය කර ඇත.
දැන්වීමයි.
නෙත්තිසාරාර්ත්ථදීපනී නම්වූ මේ බණපොත් වහන්සේ මෙහි කර්තෘවූ අපගේ කල්‍යාණ මිත්‍ර ගරුතර කෝදාගොඩ උපසෙන මාහිමිපාණන් වහන්සේගේ අනුමතයෙන් මෙහි නම සඳහන් වන මා විසින් මුද්‍රණය කරවා බුද්ධපූජා ධර්මපූජා වශයෙන් පුදා පින් අත්පත්කර ගැනීමට අදහස් කරණලදී.
විශෙෂයින් මාගේ ප්රෙයසී පුත්‍රවූ පරලොකප්රාප්ත දොන් කරෝලිස් විජේකෝන් පොඩිමහත්මයා සිහිකිරීමෙන් පින් අනුමෝදන් කිරීම පිණිස මෙයින් පොත් (2000) ක් මුද්‍රණය කරවා (1000) ක් අනුරාධපුර රුවන්මැලි මහසෑයේ ප්‍රතිසංස්කරණයට ආධාර පිණිස පූජාකිරීමටද- (500) ක් යටියන ජයවර්ධනාරාමයෙහි ආරම්භකරණලද පුස්තකාලයෙහි නඩත්තුව පිණිස පරිත්‍යාග කිරීමටද, ඉතිරිපොත් උපසෙන ස්වාමීන්වහන්සේගේ අභිමතයේ සුදුසු පොත්ගුල් පිරිවෙන්වලට හා ගිහි පැවිදි පින්වතුන්ට සතුටුපඬුරු වශයෙන් දීමපිණිස පරිත්‍යාග කිරීමටද නියමකර ගන්නාලදී. මෙයින් ලැබෙන ආදායමෙන් ස්වල්පයකුදු අපගේ හෝ කර්තෘවූ ස්වාමීන් වහන්සේගේ හෝ කිසිම කටයුත්තකට නොගන්නෙමු. මෙයින් එක් කොපියක් රුපියල් 2/50 ට දීමෙන් මහසෑයේ වැඩට රුපියල් 2000 ක් ලබාගත හැකිවේ. ජයවර්ධනාරාමයේ පොත්ගුලේ නවකම් පිණිස පොත් 500, මගේ පුත්‍රවූ-ඩබ්ලිව්. විජේකෝන් කරගොඩ උයන්ගොඩ විද්යාආරච්චි මහත්මයාට පත්කරණු ලැබේ.
තවද මෙය මුද්‍රණය කරවීමේදී කොපිලියාදීම් පෲෆ්බැලීම් සංශොධන ශුද්ධිපත්‍ර යෙදීම් ආදි කටයුතු සම්පාදනයෙහි යෙදුනාවූ පමුණුවේ අප ගරු බුද්ධදත්ත ස්වාමීන් වහන්සේ ප්‍රධාන කලුවානේ ධම්මදස්සී ස්වාමි, කැකුණේවෙල ගුණරතන ස්වාමි, අරම්වෙල අතුලසෙන ස්වාමි, වලපල ජොතිරතන ස්වාමි, මගල්ලේගොඩ චන්ද්‍රජොති ස්වාමි, ගලගම ජිනසෙන ස්වාමි යන සත්නමද, මුද්‍රණාලයේ මහතුන් හා සාකච්ඡා කිරීමෙන් අපගේ නියමයෙන් මුදල්දීමෙන් අවශෙෂ ග්රන්ථාධ්යක්ෂයෙන් කටයුතුකළාවූ පාණදුරේ ජේ. පී. ඇල්ප් ජයසූරියමහත්මයා, ජේ. වී. ප්‍රනාන්දු මහත්මයා, බී. ඇස්. ගුණසේකර මහත්මයා යන මහත්වරුද, මුද්‍රණාලයේ ප්‍රධාන යූ. පී. ඒකනායක සහෝදර මහත්වරුද, අපගේ මේ ගරු පින්කමට සහභාගීව පින් ලබාගත්තෝය. පාණදුරේ සී. ජේ. පීරිස් මහත්මයා අපගේ කල්යාණමිත්රවු විදර්ශනාවාචාර්ය්ය ආරඤ්ඤික රංගොඩ සිරිසුමන මාහිමිපාණන් වහන්සේගේ ඡායාරූපය බ්ලොක් කරවා දීමෙන්ද, (මුද්රණයගැන) ආර්තර් සිල්වා මහත්මයා රුපියල් 5 ක් හා කෝදාගොඩ යූ. ජේ ඒ. වික්‍රමසිංහ මහත්මයා රු 25. පත්කිරීමෙන්ද මීට සහභාගීවුහ.
තවද සම්බුද්ධශාසනයාගේ පැවැත්මට එකාන්තයෙන්ම ආධාර වන්නාවූ මේ සත්කාරයෙන් ජනිත පුණ්‍යසම්භාරය අපගේ මූලික කල්යාණමිත්රවු දකුණුලක ධර්මඥානාලොක පීති වූවා ශීලාදිගුණයෙන් බැබලෙව්වාවූ විදර්ශනාවාචාර්ය්ය ආරඤ්ඤික ප්රවරදණ්ඩාවේ පඤ්ඤානන්ද මහා ස්වාමීන් වහන්සේ ඇතුළු උභයමහා සංඝරත්නයන් වහන්සේලාද, අපගේ මාතෘ පීතෘ පුත්‍රදාරා හා හෘදයිනී ආචාර්ය්යාදීඥාතී මිත්‍රාදි සකල මනුෂ්‍යයෝද සකල දිව්‍ය බ්‍රහ්ම අසුරනාග සුපර්ණ යක්ෂ රාක්‍ෂසාදි අමනුෂ්‍යයෝද, සකල රජදරුවෝද සකල දඹදිවවාසීහුද අනුමෝදන් වෙත්වා.
සබ්බෙ සත්තා අවෙරා හොන්තු අබ්යාපජ්ජා හොන්තු සුඛිතත්තා භවන්තු. වනනාථොච මහාරාජ-සක්කොචාපි සුරාපරෙ අනුමොදන්තු ඉමං පුඤ්ඤං චිරාරක්ඛන්තු සාසනං ඉමිනා යාවනිබ්බානං සච්චධම්මෙ රතොසදා කල්යාණමිත්තෙ සෙවන්තො කරිස්සං පුඤ්ඤසඤ්චයං. ඉදං මෙ පුඤ්ඤං ආසවක්ඛයාවහං හොතු.
මීට, ඩී. ඇස්. විජේකෝන්. යටියන-මාතර. ශ්‍රී බුද්ධ වර්ෂයෙන් 2476 ඉල් මස අවතෙළෙස්වක්ලත් කිවිදින දීය. 1932 නොවැම්බ්ර 25.
කරුණාවෙන් දැන්වීමයි.
පසුගිය වර්ෂයේ ගරු කෝදාගොඩ උපසෙන මාහිමිපාණන් වහන්සේගේ දඹදිව වන්දනා ගමන ගැන ඒ ඒ පලාත්වල දායක මහතුන් විසින් අපවෙත එවනලද මුදල් ඒ ගමන වැලකුණු බැවින් ඒ ස්වාමීන් වහන්සේගේ නියමයෙන් මේ පොතේ මුද්‍රණය ගැන ඒ මුදල රු. 157, ජේ. පී. ඇල්. ජයසූරිය මහත්මයා වෙත භාරකරණලදී.
මීට,-එච්. ලියෝ ප්‍රේම-නීතිඥ.
සංශෝධනය. නෙත්තිපකරණය.
සබ්බඤ්ඤුතඥානසංඛ්යාත නෙත්තී-වෙනෙය්‍ය ජනයන් නව ලොවුතුරා දහමට පමුණුවන හෙයින් නෙත්ති නම්, සංසාරගත සතුන් කාමභවාදියට පමුණුවන හෙයින් තෘෂ්ණා තොමෝ භව නෙත්තියයි කියනු ලබන්නී මෙනි, නොහොත්- හාර-නය- පට්ඨාන- සංඛ්‍යාතවු යම් ධර්ම ශාස්ත්රයකින් ධර්මකථිකයෝ වෙනෙය්‍ය ජනයන් දර්ශනමාර්ගයට පමුණුවත්ද ඒ ධර්මශාස්ත්රය නෙත්ති නම්, සොළොසහාර- පඤ්චනය- අට්ඨාරස මූලපද (මූලික පට්ඨාන) එකූනසැටපද- ඌනැවූපද- සංඛ්‍යාත එකාපඤ්ඤාසාවශයශයෙන් යුක්ත බෞද්ධ න්යායශාස්ත්රය නෙත්තියි- ඇය සකල නවවංගශාස්තෘ ශාසනයාගේ අවිපරීතාර්ත්ථ බොධයට උපාය මාර්ගයි, එහෙයින් “නහි නෙත්ති උපදෙස සන්නිස්සයෙන විනා අවිපරීත සුතන්තාත්ථාවබොධො සම්භවතීති” කීහ. විස්තර ව්‍යාඛ්‍යානයෙන් දතයුතු.
මේ නෙත්ති න්යායශාස්ත්රයද නවවංගශාස්තෘශාසනාවිවශ්යතා හෙයින් අච්චරිය ක්රමයකි, ගාම්භීර කථාවෙයි හා- මෙ නෙත්ති කථාවෙහි අන්‍යොන්‍ය විශේෂ ලක්ෂණ කිමෙක්ද? පිටකත්‍රය පර්‍ය්‍යාපන්න නවවංග ශාසනයාගේ අවයවාදි සමුදයාදිය ප්‍රකාශක ප්රකීර්ණක දෙශනාග්රන්ථ පද්ධතියයි හැඳින්නා වූ කථාවී, නවවංග ශාස්තෘ ශාසන පර්‍ය්‍යාපන්න පණ්ඩිත නිඃපණ්ඩිත නීත නෙය්‍ය සාසව අනාසව වාසනාභාගීය නිබ්බෙධ භාගීය සෙඛභාගීය අසෙඛභාගීයාදි අර්ථ සමුදය තත්තත් සූත්‍රයෙන් උද්ධරණය කොට අස්සාද ආදීනව නිස්සරණ ඵල උපාය ආණත්ති වශයෙන් බෙදූ ප්‍රතිපදා චතුෂ්ක පුද්ගලාතිකාදියෙන්නා නන්යසාවනත්යාදි නය වශයෙන්ද සමථ විදර්ශනා මාර්ගානුසාරයෙන් දෘෂ්ටිමාර්ගයට වෙනෙය්‍ය ජනයන්ගේ සිත්සතන් පමුණුවන ආකාරොපදේශය නෙත්ති කථාවී- මේ සැකෙවින් එදෙතැන වෙනසයි:-
ඒ මේ නෙත්ති තොමෝ කවරෙකු විසින් හදාරණ ලද්දීද? යත්: සිව්පිළිසිඹියාපත් මහකසයින් මාහිමියාණන් වහන්සේ විසිනි, ඒ වග සැකෙවින් මෙසේයි- මෙයින් කල්පලක්ෂයකින් පෙර ලොව පහළවූ පියුමතුරා බුදුන් විසින් සියසවුනමක් “සැකෙවින් වදාළ දහම් විතරින් බෙදා දක්වන්තවුන් අතුරෙන් අග්රතැන් තබන පසස්නාලද්දාවූ” එක් ගැහැවි මහසල් කුලදරුවෙක් ඒ තනතුරෙහි ඇලිගිය සිත්ඇත්තේ බුදුපාමොක් මහසඟනට සතියක් දන්දී බුදුන් පාමුල හෙව සාමිනී ඉකුත් සත්වැනිදින ලෝහිමියාණන් වහන්සේ විසින් දහම්බෙදීමෙහි අගතැන් තැබූ වහන්දුන්ගේ තනතුර මමත් මතුකල් ලබන්නෙමැයි කීය. ඒ පියුමතුරා ලෝහිමියාණෝ අනාගතඥානයෙන් මතුකල් බලනුවෝ ඒ සබඳ සියලු අභිප්රාවත් දැන එම්බල ගැහැවිය- “තෝ මෙයින් කල්පලක්ෂයක් ගියකල ගෞතම ලෝහිමියාණන්ගේ සස්නෙහි ඉසිමුවා පිරිකරින් පැවිදිව රහත්ව එම තනතුර ලබන්නෙහි යයි” වදාළ සේක- එයින් පහන් සිත්ඇතිව එතැන්පටන් පෙරුම් පුරමින් අවුත් සුමෙධ නම් බුදුන් සමයෙහි විජ්ජාධරයෙක්ව කිණිහිරි මලින් ඒ බුදුන් පුදා- කසුප් බුදුන් සමයෙහි බරණැස් නුවර ඉපිද ඒ බුදුන් පිරිනිවී කල රන්සෑය කිරීමට රන් ගඩොලක්පුදා පින්ගත්තේය. නැවත අප බුදුන් සමයෙහි උජ්ජෙනි රට චණ්ඩපජ්ජොත රජුගේ පුරෝහිත බමුණුහට පුත්ව කසයින් බමුණුගොත උපන්නේය- යටකී කිණිහිරිමල් පූජාවෙන් හා රන් ගඩොල් පූජාවෙන් ලත් පිනෙන් රන්වන් සිරුරු ඇතිවූ හෙයින් කඤ්චන මානවක යයි නම් කළෝය. තුන්වෙදයෙහි කෙළ පැමිණියේ පියබමුණුහුගේ ඇවෑමෙන් පුරෝහිත තනතුරට පත්වූයේ බුදුන් ලොව පහළවූ බව ඇසූ චණ්ඩපජ්ජොත රජු විසින් සියනුවරට බුදුන් වැඩමවාගෙන ඒමට ඇමතියන් සත්දෙනෙකුත් පිරිවර කොට යවන ලද්දේ බුදුන්වෙත පැමිණ බණ අසා එහි භික්ෂුභාවයෙන් පැවිදිව රහත්ව රජුගේ අස්න බුදුන්ට දන්වීය. ලෝහිමිතෙමේ මහණ තෝ පලමුකොට එහි ගොස් රජහට බණ කියාලා පහදවයි වදාළසේක. ඔබස් පිළිගත් කසයින් හිමිතෙමේ උජ්ජෙනි රටට වැඩමවා දහම්දෙසා රජ ඇමතීන් හා රටවැස්සන් සරණ සීලාදි ගුණයෙහි පිහිටුවා අවන්ති දක්ඛිණා පථයෙහි බුදුසසුන් පිහිටුවා නැවත බුදුන් හමුවට පැමිණියේය.
තවද මේ මහකසයින් මාහිමියාණෝ බුදුන් සමයෙහිවූ මහ සවුනන් අතුරෙහි බුදුසසුන් වඩාළූ මහෝත්තමයෙකි තමන් වහන්සේගේ සද්ධිවිහාරිකවූ කුටිකණ්ණිසොන ස්ථවිරයන්ට වරපසක් කියාදී බුදුන්වෙත එවා “අනුජානාමි භික්ඛවෙ සබ්බපච්චන්තිමෙසු ජනපදෙසු විනයධරපඤ්චමෙන ගණෙන උපසම්පදං” යනාදි ප්රඥප්ති වරපසෙක් සාසනයෙහි ස්ථිරකරවා තබනලදී. නැවත බුදුරජාණන් වහන්සේ දෙව්රම්වෙහෙර ඉරියාපථ පවත්වන සේක්, මධුපිණ්ඩික සූත්‍ර පාරායන සූත්‍ර කච්චානපෙය්යාල යන සූත්‍රාන්තයන් අළොප්පන කොට සංඛිත්තානුසාරයෙන් අර්ථය ව්‍යාකරණයෙන් විභාග කරන්තවුන් අතුරෙන් අගතන්හි තැබූසේක.
තවද “පණ්ඩිතො භික්ඛවෙ මහාකච්චානො මහාපඤ්ඤො භික්ඛවෙ මහාකච්චානො” යනාදි වශයෙන් ලොකස්වාමින් විසින්ද-
“අයං ඛො ආයස්මා මහාකච්චානො සත්ථුවෙව සංවණ්ණිතො සම්භාවිතො ච විඤ්ඤුනං සබ්රහ්මචාරීනං පහොති චායස්මා මහාකච්චානො ඉමස්ස භගවතා සංඛිත්තෙන උද්දිට්ඨස්ස උද්දිට්ඨස්ස විත්ථාරෙන අත්ථං අවිභත්තස්ස විත්ථාරෙන අත්ථං විභජිතුං” යනාදි වශයෙන් හා-
“තං ඛො පන භවන්තං කච්චානං එවං කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගතො පණ්ඩිතො වියත්තො මෙධාවී බහුස්සුතො චිත්රකථී කල්‍යාණ පටිභාණො වුද්ධාවෙව අරහාව” යනාදි වශයෙන්ද මහ සවුනන් විසිනුත් පසස්නාලද පිරිසිදු පඬිතුමෙකි. ඒ මේ මහකසයින් මාහිමියාණන් වහන්සේ විසින් හාර- නය- පට්ඨාන- සංඛ්‍යාත ත්රිභාගයෙන් යුත් නෙත්තිපකරණය හා අරියසච්චප්පකාසනාදි අෂ්ටවිධ භූමිකා පරිච්ඡෙදයෙන් යුත් පෙටකොපදෙස ප්‍රකරණයද- වදාළබව-
“එකස්මිං සමයෙ ආයස්මා මහාකච්චානොථෙරො ජම්බුවනෙ සණ්ඩෙ විහරන්තො අත්තනො සද්ධිවිහාරිකානං භික්ඛූනං ඉමං හාරනය සාසනපට්ඨාන පතිමණ්ඩිතං පකරණං අභාසී ති” සංක්ෂෙප සුදනී නම් නෙත්ති ටීකාවෙහි කියනලදී.
එහෙයින් මේ නෙත්ති පෙටකොපදෙස- යන ග්රන්ථයෝ- ශාවකභාෂිතයි. ශාක්යවතුන් වහන්සේ විසින් අනුමෝදිත හෙයින් හා බුද්ධභාෂිත දෘෂ්ටාන්ත කොට ඇතිහෙයින්ද බුද්ධභාෂිතදවේ- නෙත්තිතොමෝ පාලිවශයෙන් සංගහවාර- විභාගවාර යයි දෙවැදෑරුම් වන්නීය- එහි-
“යං ලොකෙ ථුල්ලතෙ- යනාදි ගාථාපඤ්චකයෙන් පිරිසිඳිනාලද්දේ සංග්රහවාරයයි- විභාගවාරය- උද්දෙස- නිද්දෙස- පටිනිද්දෙස- වශයෙන් තෙවැදෑරුම්වේ. එහි පටිනිද්දෙසවාරය හාරවිභංගවාර- හාරසම්පාතවාර -නයසමුට්ඨානවාර-සාසනපට්ඨානවාර යයි -සිව්වැදෑරුම්වේ, සෙස්ස නය අටුවානයින් හා ව්යාඛ්යානයින්ද දතයුතු.
ඒ මේ නෙත්තිය හා පෙටකොපදෙසය- සද්ධර්මසංගීතියෙහිදී බුද්ධපණීතකාසෙහිලා සංගායනා කරණලදී. උපාලිදසකාදි ඇදුරු පරපුරෙන් අඛණ්ඩරව ගෙනෙන ලද්දී දකුණු දඹදිව ලක්දිවට අභිමුඛව පිහිටි නාගපට්ටන නම් මහතොට ධම්මාසෝක මහරජු විසින් කරවනලද වෙහෙර විසූ අටුවාචාරී කෙණෙක්වු බදරතිත්ථ ධම්මපාල මහාස්ථවිරයන් වහන්සේ විසින් අර්ථකථා සම්පාදනයෙන් සංග්රහකරණ ලද්දීය.
මේ දම්පල් මාහිමිතෙමේ මහා විහාර පරම්පරා යාතවූ උතුමෙකි. ඒ නෙත්ති අටුවාහි ලීනාත්ථ සංඥාවෙන් බුද්ධමිත්ත මහා ස්ථවිර තුමෙකු විසින් ලීනාර්ත්ථප්රකාශනී නම් ටීකාවක්ද, බර්මාවෙ- ඤාණාභිවංස ධම්මසෙනාපති මහාධම්ම රජාධිරාජගුරු සංඝරාජ මාහිමියාණන් විසින් සංක්ෂෙපසුදනී නම් පෙටකාලංකාර මහා ටීකාවක්ද- බුද්ධමිත්ත ධම්මකිත්තිපාල රාජගුරු මහාස්ථවිරයන් විසින් නෙත්ති විභාවනී නම් ව්යාඛ්යානයක්ද පෙලබසින් කරණලදී.
මෙසේ දඹදිව බුද්ධකාලයෙහි පහළවූ නවවංග ශාස්තෘශාසන සංවර්ණනොපායභූත නෙත්ති න්යායශාස්ත්ර පෙටකොපදෙස ග්‍රන්ථයන්ගේ ප්රාදුර්භාවයද- ජම්බුද්වීපකවුද බර්මීයවුද ශාසන පාලක සූරීන් ප්‍රභවකොට ඇතිවුවද- පිටකත්රයාර්ත්ථකථා මූල ටීකා අනුටීකා ගණ්ඨිපද ව්‍යාඛ්‍යා ව්‍යාකරණ ඡන්දොලංකාරාදි ප්රශස්ත ග්රන්ථොත්පාදනයෙහි අතුල්‍ය කීර්ති කදම්බ ත්රීභුවනගත කළාවූ ඓශ්චර්ය්යවත් ත්රෛසිංහලීය පණ්ඩිතයන් කෙරෙන් තාවත් පාරප්රාප්තව කිඤ්චිද්භූතග්රන්ථයෙක් නොපෙණීගිය නමුත් ශාසනානුග්රහයෙන් මේ පස්විසිවැනි ශතවර්ෂයෙහි හෙළක්දිව පහළවු අපගේ ගරු ඇදුරු මාහිමියාණන්ගේ නෙත්තිරත්නාකාර නෙත්තිසාරත්ථදීපනී යන පණ්ඩිත සම්භාව්‍ය නෙත්තිග්රන්ථද්වය රචනාවෙන් එය පිරි මැකී ගියේය. ඒ මේ ග්‍රන්ථය ගුණමකු ඉසිවතුන් හැර නිසි ඉඳි නැණැති පඬුවෝ වෙසෙසින් පසසත්වැයි ඒ ගැන වැඩි වැණුම් උවමනා නොවේ. පෙළබසින් සූත්රව්යාඛ්යාන උදාහරණ සහිතව අෂ්ටපරිච්ඡේදකත්මක වශයෙන් රචනාකරණලද නෙත්ති රත්නාකාරය පඬුවන් විසින් පරීක්ෂාවෙන් බැලියයුතු.
තවද-අපගේ ප්රාචාර්ය්යවු අරණ්‍යවාසී විදර්ශනාවාචාර්ය්ය රංගොඩ ශ්‍රී සුමන මාහිමියාණන් වහන්සේ ඒ මේ නෙත්තිරත්නාකාර ග්‍රන්ථය සතුටින් බැලීමෙන් නෙත්තිශාස්ත්රය පිළිබඳව බලවත් ප්‍රීතියට පැමිණ ඒ ගැන කරුණු විමසා නෙත්තිශාස්ත්රයාගේ මූල ග්රන්ථයවු නෙත්තිප්රකරණයට සිංහල භාෂාවෙන් ව්‍යාඛ්‍යානයක් කරණ හැටියට අපැදුරු මාහිමියාණන්ට නියමකළහෙයින්-මේ නෙත්තිසාරත්ථදීපනී නම් නෙත්තිව්යාඛ්යාන ග්‍රන්ථය සම්පාදනය කරණ ලදී.
තවද අපගේ ඒ ඇදුරු මාහිමියාණන් විසින් තවත් ග්රන්ථ රාශියක් නිපදවනලදී. එනම්- 1 බාලාවතාරොත්ථි නම් ව්‍යාකරණ මහාටීකාව පරිච්ඡේද 13 යි, ගරුතර හික්කඩුවේ ශ්‍රී සුමංගල මහානායක මාහිමිපාණන් වහන්සේ විසින් ගාථා එකොළොසකින් ගෞරවයෙන් පිළිගන්නාලදී. 2 මහාසමයෙහි වදාළ සප්තසූත්ර පදර්ථසන්නය සිංහල මුද්‍රිතයි. 3 අටුවාකාර විනිශ්චය- විනය පාළි 4 සචෙතොභාසානී-පාළි මුද්‍රිතයි. 5 බද්ධසීමා විනිශ්චය සහ සංසදන විනිශ්චය- සිංහල මුද්‍රිතයි. 6 අබද්ධසීමා විනිශ්චය- සිංහල මුද්‍රිතයි. 7 ගණිතාභරණය-පාළි ගාථා. 8 මුග්ධබොධ ව්‍යාකරණ ප්රථමාර්ථ ව්‍යාඛ්‍යා. 9 විනයසික්ඛා සංවර විභාගය-පාළි. 10 සංසාරවාස චාරිත්ත දීපනී- සිංහල මුද්‍රිතයි. 11 සුජනප්පසාද-සිංහල මුද්‍රිතයි. 12 අග්රශ්රාවකරත්නාය ගණ්ඨිපද-(නිකතිපාතාවසන් කොට) 13 සචෙතොන විනිශ්චය-සිංහල මුද්‍රිතයි 14 විනයොදය මිශ්‍ර-මුද්‍රණයෙහි යොදා තිබේ 15 ආචාරිය වංශ දීපනී-නාටං
තවත් අවාලකරණලද ග්රන්ථ රාශියක් තිබේ. මේබවට-තත්ප්රධාන ශිෂ්‍යවු, පමුණුවේ බුද්ධදත්ත ස්ථවිර. (බුද්ධදත්ත)
පමුණුවේ බුද්ධදත්ත ස්ථවිර. (බුද්ධදත්ත), ශ්‍රී බුද්ධ වර්ෂයෙන් 2476 ඉල් මස අවතෙවක්ලත් සොමිදින, 1932 නොවැම්බ්ර මස 21, පානදුරේ වලපල ශ්‍රී සද්ධර්මෝදය පිරිවෙණදීය.