දේශීය වෛද්‍ය ශබ්දකෝෂය - කිරිඇල්ලේ ඤාණවිමල හිමි.pdf
- කතෘ :
- පණ්ඩිත කිරිඇල්ලේ ඤාණවිමල හිමි
- ප්‍රකාශිත වර්ෂය :
- 1959
- මුද්‍රිත වර්ෂය :
- 1959
- පිටු ගණන :
- 563
- බාගත කිරීම් ගණන :
- 7,501
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2018-02-14
- ගොනුවේ ප්‍රමාණය :
- 40 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
දේශීය වෛද්‍ය ශබ්ද කෝෂය යනු රාජකීය පණ්ඩිත කිරිඇල්ලේ ඤාණවිමල ස්වාමිපාදයන් වහන්සේ විසින් සම්පාදනය කරන ලද වටිනා වෛද්‍ය ශබ්දකෝෂ ග්රන්ථයකි. මෙහි ප්‍රථම මුද්‍රණය 1959 දී රත්නපුර ශාස්ත්‍රොදය මුද්‍රණාලය මඟින් මුද්‍රණය කර ප්‍රකාශයට පත් කර ඇත.
ග්‍රන්ථයේ දීර්ඝ ප්‍රස්තාවනාව මඟින් ලක්දිව දේශීය වෛද්‍ය ශිල්පයේ ඓතිහාසික පසුබිම, රාවණ යුගයේ පැවති වෛද්‍ය දියුණුව හා අර්කප්රකාශය වැනි මූලික ග්රන්ථ, පුරාණ භාරතීය ආයුර්වේද සම්ප්රදාය, තක්ෂිලාව වැනි මධ්‍යස්ථාන හා ජීවක කෝමාරභච්චයන් පිළිබඳ විනය පිටකයේ දැක්වෙන තොරතුරු විස්තරාත්මකව සාකච්ඡා කෙරේ.
සාම්ප්‍රදායික හෙළ වෙදකම සහ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ආශ්රිත ඖෂධ පැළෑටි, යෝග, වෛද්‍ය පාරිභාෂික ශබ්ද හා ක්‍රමවේද විස්තර කෙරෙන පරිපූර්ණ ශබ්දකෝෂයක් වශයෙන් මෙය සම්පාදනය කර ඇත.
ප්‍රස්තාවනා
දේශීය වෙදකම
මින් සු විසි ශත වර්ෂයකින් ඔබ්බෙහි දුෂ්ට ක්‍රියා නිසා රටින් පිටුවහල් කළ විජයාදි දුෂ්ට පිරිස මෙහි පැමිණ මෙම දිවයින වඩාත් ශාන්ත කරන්ට මත්තෙන් මෙහි විසූ දක්ෂ යක්ෂයෝ, ලෝකයා මවිත කරවන යක්ෂ වැඩ කළෝ ය.
වාල්මීකි ස්වකීය වානේ තුඩින් ලේබිඳියෙන් දැක් වූ දුෂ්ට රචනාවක් කොට “ලංකා වාසීහු මිනිසුන් කන යක්ෂයෝ” යයි ලෝකයා හමුවේ අසත්‍ය වාර්තාවක් පිහිට වූ නමුත්, විමසුම් සහිතව ඒ රචනය කියවන විට එකල ලොව විසූ අතිශ්‍රේෂ්ඨ මනුෂ්‍යයෝ නම් “ලක්දිව විසූ යක්ෂයෝ ම ය”යි සිතිය හැක.
ඔවුහු නුබ ගැබ වළාවන්හි ගැටී යන සේ උස්ව ගිය මහා මන්දිර සහිත සකලාංග සම්පූර්ණ මහා නගර නිර්මාණය කළෝ ය. ඖෂධීය රස පෙරාන යන්ත්‍රයේ පටන් ආකාශ යාත්‍රාව අවසන් කොට ඇති යන්ත්‍ර-සූත්‍ර සෑදුවෝ ය. ඒ ආකාශ යාත්‍රා වලින් ලෝක වාර්තා පිහිටෙව්වෝ ය. නාඩී ශාස්ත්‍රය රසායන විද්‍යාව ඇතුළු වෙදකමෙහි ත් දක්ෂව විසූහ. යන්ත්‍ර-මන්ත්‍ර සහිත ඉන්ද්‍රජාල ශාස්ත්‍රයෙහි මෙන් ම සංගීතයෙහි ද කෙළ පැමිණියෝ ය. නොයෙක් විෂයයන් පිළිබඳ අගනා ග්රන්ථ සම්පාදනය කළහ. ඉන්දියාවේ දෙවියන් සමග සටන් කොට ඔවුන් තමා ඉදිරියේ දණ ගැස්ස වූහ.
ලංකිකයන්ගේ මේ අප්‍රතිහත දියුණුව දඹදිව විසූ දෙවියන්ට භයට කරුණු වුනා පමණක් නොව ඔවුන්ගේ ඊර්ෂ්‍යාව ද දියුණු කළේ ය. ලංකාවේ ජාතික හා ආගමික ශිෂ්ටාචාරය උඩ ගොඩනැගුණු ශ්‍රී විභූතිය ලංකා දැමුවෝ මින් අවුරුදු පස දහසකට පෙර අසුර යුගයෙහි මෙහි පැමිණි චන්ද්‍රවංශික ඍජුස්වාමි ප්රමුඛ කොට ඇති ඉන්දියානුවෝ ම ය.
ගත වර්ෂ විසි පසකට පමණ පෙර දේව-යක්ෂ (රාක්ෂස)-නාග යන ගොත්රත්රිකයන් අතර බෙදී ගිය රාජ්‍ය පාලනය පිළිබඳ ඇති වූ යුද්ධ හ්යන්තර පක්ෂ භෙද නමැති අර්බුදයෙන් පෙළී පෙළී ක්‍රමයෙන් පරිහානි පක්ෂයක ගමන් කරමින් සිටි සමයක මෙහි පැමිණි විජයාදි දුෂ්ට පිරිසට මෙම දිවයින තමන් සතු කර ගැනීම වඩා අපහසු කරුණක් නො වී ය. විදේශිකයන් යටතට පත් වන රටවල ස්වදේශිකයන් හා ඔවුන්ට අයත් ශිල්පශාස්ත්‍ර ත් පිරිහීම නො වැළැක්විය හැක්කකි. එකල විජයාදීන් අතින් සිදු වූයේ ද ඒ පාරම්පරික ජාතික විනාශය ම ය.
දේශීය වෙදකමේ ස්වර්ණමය යුගය
රාවණ සමය ලංකා දේශීය වෙදකමේ ස්වර්ණමය යුගය ලෙස සැලකිය හැකි ය. ජගත් පූජ්‍ය වෛද්‍ය පරම්පරාවක ආදි කර්තෘවරයෙකු වූ ද, පුලස්තිපුර අග්‍ර රාජධානිය කොට රාජ්‍යානුශාසනය කළා වූ ද, මහර්ෂි පුලස්තිහුගේ මුණුබුරා වූ වෛද්‍ය ශිරෝමණී ශ්‍රී ලංකාධිපති රාවණ අධිරාජයා ලොව විසූ ශ්‍රේෂ්ඨ වෛද්‍යවරයන් අතුරෙන් ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනේ. මේ තුමා ජීවත් වූයේ වික්‍රම සංවත්සරයෙන් 1207 වසකට පෙර යයි ඇතැම් භාරතීය පණ්ඩිතයන්ගේ මතයයි. බුද්ධ වර්ෂයෙන් යට 1844 වසකට පෙර යයි රාජාවලියේ කියා තිබේ. මේ කරුණු අනුව බලන කල නිගමනයකට බැස්ස හැක්කේ දඹදිව දස දේශයක් යටත් කළ නිසා ඒ දස දෙස කිරුළු අනුව “දශිස්” යයි විරුද නාමයකින් හැඳින්වෙන මෙ තුමා මින් අවුරුදු හාර දහසකට පෙර ජීවත් වූ බවයි. එකල ලක් දිව යන්ත්‍ර-සූත්‍ර අතින් මෙකල යුරෝපය මෙන් ම කර්මාන්ත යුගයක පැවති බව රාවණ—රාම යුද්ධයෙහි දී පාවිච්චි කරණ ලද නාගශර—අග්නිශර ආදිය ගැන කියවීමෙන් පමණක් නොව කාර්මික රටකට අයත් රාවණ රජුගේ ඇඳුමෙන් ම හැඟේ. සිය සොහොයුරාට ත්, මොහුට ත්, අහස් යාන තිබුණු බව ද සඳහන් වේ.
රාවණ තෙමේ දක්ෂ රසායන වෛද්‍යවරයෙකි. ඉගෙන ගත් ගුරුවරයෙකු ගැන කියා නැත. නමුත් අනුන් අතින් නො මැරෙන වරයක් ලබා ගැනීම සඳහා බ්‍රහ්මයා සතුටු කරණු වස් ගෝකණ්ණාශ්රමයට (1) වී තපස් රැකි බව කිය වේ. බ්‍රහ්ම තෙමේ ආයුර්වේදයේ ප්රණේතෘවරයායි. රාවණ රජු ඔහුගෙන් බලාපොරොත්තු වූ වරය ගැන සිතන විට ඔහු බ්‍රහ්මයාගේ වෙදකම ඉගෙනගත්තා පමණක් නොව ක්ෂණික තුවාල වලින් දිවි ගලවා ගත හැකි රහස් ඖෂධ යෝග ගැන ත් ගෝකර්ණාශ්රමයේදී දැනගෙන තිබෙන බැව් සිතිය හැක.
රාවණ--රාම යුද්ධයෙහි දී බරපතල තුවාල ලැබූ (මියගිය) අයට පණ දුන් බවකු ත් කියවෙන නිසා බ්‍රහ්මයා සතුටු කොට ඉගෙනගත් ඒ විශේෂ වෙදකමෙත් ද අදහස් පරිදි ප්‍රයෝජන ගත් බැව් සිතන්ට ඉඩ තිබේ. එසේම මින් පෙර හෝ පසුව නො පැවති ලෙස යන්ත්‍ර—මන්ත්‍ර ආදි ගුප්ත විද්යාදිය ත් දියුණුව පැවති බැව් “අහසේ වලාකුළු තුළ සැඟවී සිට පහර දීම” “අදෘශ්‍යමාන ව සිට පහර දීම” ආදි ඒ පිළිබඳ කථාවලින් හැඟේ.
අර්ක ප්‍රකාශය
මෙ ය රාවණ රජ තුමා විසින් නිපදවන ලද ග්රන්ථ (1. කුමාර තන්ත්ර—2. අර්කප්රකාශ—3. නාඩිප්රකාශ—4. උඩ්ඩීශතන්ත්ර) අතුරෙන් එකකි. පාණිනී සංස්කෘත ව්‍යාකරණ ශාස්ත්‍රය හකුළුවා පාණිනී ව්‍යාකරණය කළාක් මෙන් ද, ගෞතම සෘෂි න්‍යාය ශාස්ත්‍රය හකුළුවා ගෞතමසූත්ර කළාක් මෙන් ද, චරක තෙමේ අග්නිවේශ තන්ත්රය හකුළුවා චරක සංහිතාව කළාක් මෙන් ද, රාවණ මනුරේන්ද්ර තෙම සකල ආයුර්වේදීය ග්රන්ථසාරය උදුරා මේ අර්කප්රකාශය කළේ ය. නොයෙක් රෝගාබාධ සඳහා නියමිත අර්ක වර්ග ඇතුළත් ශතක දශයකින් හෙවත් ශ්ලෝක දහසකින් පරිමිත මේ ග්‍රන්ථය ප්‍රකාශ කර තිබෙන්නේ සිය අග මෙහෙසිය වූ මන්දොදරී සමග සංවාද මුඛයෙනි. යන්ත්‍රානුසාරයෙන් වාෂ්පකාරී ඖෂධ සාරය පෙරා ගන්නා (අර්ක) ක්‍රමය මේ ග්රන්ථයෙහි සඳහන්ව තිබෙන නිසා මෙයින් හැඟෙන්නේ එකල යන්ත්‍ර—සූත්‍ර පමණක් නොව වෙදකම ත් මෙ කල අපර දිග ක්රමයෙහි එන ලෙස පැවති බවයි.
1 ගව (නෙරී) කර්ණිකා හැඩහුරුකම ඇති වරායක් අසබඩ පිහිටි අසපුවකි. ත්‍රිකුණාමලයට පෙර ගෝකර්ණ යන නම ව්‍යවහාර වූ බව ඒ පෙදෙසෙහි තිබී සොයා ගත් ශිලා ලිපියක සඳහන්ව ඇත, ගෝකර්ණියක හැඩහුරුකම ඇති වරාය තිරිකුණාමලේ වරාය බව ත්, දැනට වැඩි කොටසක් මුහුදට දිය වී ගොස් තිබෙන ගල් පර අතර වූ පැරණි දේවාලය රාවණ රජු ඉගෙන ගත් පැරණි ගෝකර්ණාශ්රමය බව ත් සිතීමට ඉඩ තිබේ
ශ්වාස රෝගයට ධත්තුරාර්කය, කෘමි රෝගයට විඩංගාර්කය දැයි මෙසේ රසායන විද්‍යානුකූල ප්රත්යක්ෂඵල ලැබෙන ඖෂධයන් ගෙන් සම්පූර්ණ ආදිම ලාංකික වෛද්‍ය ග්‍රන්ථය වූ අර්කප්රකාශය 1945 දී විශේෂ සංස්කරණයකින් යුක්තව මුද්‍රණයට පැමිණවීමි. මෙ ම කරුණු නිසා අෂ්ටාංග සමුපෙත දේශීය වෙදකමේ ස්වර්ණමය යුගය රාවණ සමය ලෙස පිළිගත හැක.
දඹදිව හා අපර දිග වෙදකම
උත්තර-දක්ෂිණ භාරතීය (ආයුර්වේද-සිද්ධ) වෙදකම් ද මෙ පමණ හෝ මීට ත් වඩා පැරණි බැව් නොයෙක් සාධක අනුව සිතිය හැකි. පසු කලක දී මේ දෙ වෙදකම ලාංකික වෙදකම හා හුවමාරු කර ගෙණ තිබෙන බැව් දෙ රටෙහි ම තිබෙන පොත් පත් සසඳා බැලීමෙන් පෙනේ පෙර දිග ධර්ම දූතයන්ගේ, දේශ සංචාරකයන්ගේ හා වෙළඳුන්ගේ මාර්ගයෙන් අරාබිය පාරේ අපර දිගට ගියේ ද මේ වෙදකම මයි.
ආයුර්වේදයේ සම්භවය
ලෞකික කටයුතු වලින් වෙන්ව හිමාලපර්වත ප්‍රාන්තයෙහි විවේක ජීවිත ගත කරමින් විසූ ඍෂීන් විසින් මනුෂ්‍යත්වය ඉක්මවා ගිය ස්වකීය බුද්ධීන්ගෙන් හිමාලය පර්වත මුදුනෙහි පටන් සාගර පතුළ දක්වා ඇති හැම ද්‍රව්‍යයක ම විද්‍යමාන රස—ගුණ—වීර්‍ය්‍ය පරීක්ෂා කර බලා තමන් වෙත පැමිණි කිංකර ශිෂ්‍යයන්ට උගන්වන ලද සෘෂි ජීවිත ආරක්ෂා කිරීමේ විද්‍යාව ආයුර්වේදයයි.
අථර්වන වේදයෙහි උපාංගයක් වූ මෙම ආයුර්වේදය ආදියෙහි අධ්‍යාය දහසක ඇතුළත් කරණ ලද ශ්ලෝක ලක්ෂයකින් පරිපූර්ණ විය. අනාගතයෙහි උපදින මිනිසුන්ගේ අල්පායුෂ හා අල්ප බුද්ධිය ගැන සලකූ ඒ රුසීහු ශල්‍ය, ශාලාක්‍ය, කාය චිකිත්සා, භූත විද්‍යා කෞමාරභෘත්‍ය, අගද තන්ත්ර, රසායන තන්ත්ර, වාජීකරණ තන්ත්ර යන අෂ්ටාංගයකින් යුක්ත වන සේ සුදුසු ප්‍රමාණයකට ඒ වෙදකම සකස් කළහ. ඔවුන්ගේ බුද්ධි ප්‍රභාවය හා එකල පැවති ග්රන්ථ සංඛ්‍යාව ත් දෙස බලන විට මෙය අතිශයෝක්තියක් නොව සම්පූර්ණ සත්‍යයක්ම බැව් අභිවාදයෙන් පිළිගැනීමට ඉඩ තිබේ.
ව්‍යාප්තිය
පෙර දඹදිව දියුණුව පැවති නාලන්දා—තක්ෂිලා—වික්‍රමශිලා විශ්වවිද්‍යාලයන්හි උපාංගයක් වශයෙන් ආයුර්වේදය ද ඉගැන්වූහ. වෛද්‍ය ශාස්ත්‍රය විෂයෙහි භාරතීය විශ්ව විද්‍යාලවල පැවති දියුණු තත්වය දැනගත් යෝනක (යවන-ග්‍රීක) යෝද එකී විද්‍යාල වලට බැඳී ආයුර්වේදය හදාළහ. “යවනයෝ ජාතියෙන් මිලෙච්ඡ වුව ද ඉගෙනීමෙහි අති දක්ෂයෝ” යයි කුලවාදයෙන් මත් වූ ඇතැම් බමුණු ආදිරෝ ග්‍රීක (යවන)යන්ට පරිභව කළ ද, ඒ සටහන් වලින් ඔවුන් දඹදිවට පැමිණ ඉගෙන ගත් බව ත්, ඉගෙනීමෙහි අතිදක්ෂයන් බව ත්, ඉගෙන සියරට බලා පැමිණීමෙන් පසු ඉගෙනගත් ශාස්ත්‍රය වඩා ත් ක්රමානුකූල ලෙස සකස්කර අනික් අපර දිග රටවල ද බෙදා හැරීමෙන් දැන් පවත්නා අපරදිග වෙදකම ඇති වූ බව ත් පිළිගත හැකිව තිබේ.
වෙනත් ආයතන හා පුදුම උපාධි
මෙම විද්‍යාල හැර ශිෂ්‍යයන් පුහුණු කරණ දිශාපාමොක් ආචාරිවරුන්ගේ පාලනයෙහි පැවති වෙනත් විද්‍යායතන ද පැරණි දඹදිව තිබුන බව පෙනේ. ජීවක කෝමාර භච්ච ද එවැනි තැනක උගත් තෙකි. හෙතෙමේ යමක් වරක් ඇසූ පමණින් අමතක නොවන තරමේ බුද්ධියක් ඇති ඉගෙනීමෙහි අති දක්ෂයෙකි මෙසේ සත් හවුරුද්දක් ඉගෙනීම ලැබූ ඔහු දිනක් සිය ගුරුවරයා වෙත පැමිණ ‘දැන් සත් වසක් ඉගැන් වූ හැම දෙයක් ම ප්‍රගුණ කළ නමුත් මෙම ශිල්පයෙහි නිමාවක් දක්නට නැත. එම නිසා මෙය කෙළවර වන්නේ කවදා දැ”යි ඇසීය. ඇදුරු තෙමේද “එසේ නම් සිසුදරුව ! උදැල්ලක් අතට ගෙන යොදුනක් දිග—පළල ඇති තක්ෂිලා වනය හාත්පස ඇවිද බෙහෙතට නො ගන්නා යමක් සොයා ගෙන එව”යි නියෝග කළේ ය
අයම්-විතරින් යොදුනක් තැන් වනය පරීක්ෂා කළ ඔහුට බෙහෙතකට නොගන්නා කිසිවක් සොයා ගත හැකි නො වී ය. ඒ බව ගුරුවරයා වෙත පැමිණ සැලකළ විට ඔහු කීයේ “දරුව ! තොපට • දිවි පෙවෙත රැක ගැනීමට කටයුතු කර ගත හැකි තරමේ වෙදකම ගැන සුළු දැනීමක් තිබෙන නිසා ඉගෙනීම නවත්ව ගම්-රට බලා ගොස් වෛද්‍ය වෘත්තියෙහි යෙදීමට සුදුසුකම් ඇත” යනුයි.
එ කල පැවති වෛද්‍ය විද්‍යාවේ දියුණුව මැන ගැනීමට මෙය කදිම නිදසුනකි. ජීවක පෙනී සිටි පරීක්ෂණය ත් එයින් ලැබූ උපාධිය ත් සුළු එකක් බැව් දිසාපාමොක් ආචාරීන්ගේ වචන වලින් පෙනේ. ‘වැඩිය නොවේයි, අද මේ පරීක්ෂණය සඳහා පෙර-අපර දෙදිග වෛද්‍ය විශේෂඥයන් හෝ උද්භිද විද්‍යාඥයන් ඉදිරිපත් කළොත් එයින් කිදෙනෙකුට සමත් විය හැකි දැ”යි සිතා බැලීම ඒ විශේෂඥයන්ට ම භාර දීම වඩා සුදුසු යයි සිතමි. දිග—පළල යොදුනක් ඇති කාලයක තිබෙන වෘක්ෂ-ලතාදියෙහි ගුණාගුණ තබා නම් ටික වත් කිව හැකි වුවහොත් පුදුමයකි. මෙය විනය පිටක—මහාවග්ග පාලියෙහි (ගිලන දෙශනාවෙහි) ඇතුළත් කථා පුවතකි.
මේ සේ ඉගෙනීම ලබා සමාජයට පැමිණි ජීවකයන් විසින් කරණ ලද වෙද හෙදකම් කීපයක් ගැන ද එහි ම සඳහන් කර තිබේ.
1. සාකෙත නගර වැසි සිටුවරියකගේ සත් හවුරුදු හිස රුදාවක් එක නශ්යයකින් සුව කිරීම. 2. බිම්බිසර රජුගේ භගන්දරාබාධය එකම ලේප (පැලැස්තර)යකින් සුව කිරීම. 3. රජගහ නුවර සිටුහුගේ මොළය කමින් සිටි පණුවන් දෙදෙනෙක් හිසෙහි ශල්‍යකර්මයකින් අස් කොට සුවපත් කිරීම. 4. බරණැස් සිටුහුගේ බඩෙහි වූ ගෙඩියක් බඩ පලා (ශල්‍යකර්මයකින්) අස් කොට සුවපත් කිරීම. 5. චණ්ඩප්‍රද්‍යොත රජුගේ පාණ්ඩු රෝගයට ගිතෙල් මිශ්‍ර එකම රසායනයකින් සුවපත් කිරීම හා— 6. එක් වරක් චුම්බනය (ඉඹීම) කිරීමෙන් දස වරක් විරේක වන ඖෂධ බහා ලූ නෙළුම් මල් තුනක් බුදු රදුන්ට පිදීමත්ය.
මෙයින් හිසෙහි කළ ශල්‍යකර්මය ඉතා බරපතල එකකි. තෙල් අප්‍රිය කරණ චණ්ඩප්‍රද්‍යොත රජුට ගිතෙල් පෙවීම ද අන්ද ගැට හෙළි වන රස මුසු කථා පුවතකි. එකල මේ ශල්‍යකර්ම සඳහා සිහි නැති කිරීම පිණිස මොහිනී නමැති චූර්ණයක් පාවිච්චි කරණ ලද බව පෙනේ.
ඈත අතීතයෙහි ශල්‍යකර්ම අතින් ද පෙර දිග් වාසීන් අපර දිග ඉක්මවා තිබෙන බැව් මේ විනය පිටකාගත සත්‍ය කථා ප්රවෘත්ති වලින් සිතා ගත හැක අපර දිග් වැසියන්ට මේ ක්‍රම සොයා ගත හැකි වූයේ ඉතා මෑතකදී හෙයිනි.
ව්‍යාජ වෛද්‍යවරයෝ
ජීවකයන් වැනි ශ්‍රේෂ්ඨ වෛද්‍යවරයන් විසූ සමයෙහි ද රට මුලා කරණ, අවිනීත බොරු වෙට්ටල්කාර වෙදුන් දඹදිව විසූ බව විනය පිටකයේ එන එක් කථා පුවතකින් පෙනේ. ජීවක වෛද්‍යවරයා එක ම පැලැස්තරයෙන් සුව කළ රෝගයක් වූ භගන්දර රෝගය වැළඳුන භික්ෂු නමක් වේළුවන විහාරයෙහි විසීය.
භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ගේ නේවාසිකාගාර (සෙනාසුන්) පරීක්ෂා කරමින් වඩින වේලෙහි, ඒ භික්ෂු නමට ශල්‍යකර්මයක් කරමින් සිටි ආකාසගොත්ත නමැති වෙදෙක් උන් වහන්සේ වඩිනු දුරදීම දැක “ආගච්ඡතු භවං ගොතමො, ඉමිස්ස භික්ඛුනො වච්චමග්ගං පස්සතු සෙය්යථාපි ගොධාමුඛං” (පින්වත් ගෞතමයන් වහන්ස ! මෙහි වඩින