විනය පාළි ගාථා අර්ථ ව්‍යාඛ්‍යාව - වටද්දර මේධානන්ද හිමි.pdf

කතෘ :
වටද්දර මේධානන්ද හිමි
ප්‍රකාශිත වර්ෂය :
1929
මුද්‍රිත වර්ෂය :
1929
පිටු ගණන :
218
බාගත කිරීම් ගණන :
1,353
වෙබ් අඩවියට එක් කළ දිනය :
2019-03-29
ගොනුවේ ප්‍රමාණය :
12 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 110

සුජනප්පමොදනී නම් වූ විනය ගාථාර්ථ ව්‍යාඛ්‍යාව යනු විනය පිටකයේ විවිධ ග්‍රන්ථයන්හි අන්තර්ගත පාලි ගාථාවලට සිංහලෙන් අර්ථ හා ව්‍යාඛ්‍යාන සපයමින් සම්පාදනය කරන ලද විනය ග්‍රන්ථයකි. මෙහි කර්තෘත්වය දරන්නේ කොත්මලේ ඥානෝදය පරිවේණික වටද්දර මේධානන්ද ස්වාමීන් වහන්සේ විසිනි.

යු. බී. උනම්බුවේ කොත්මලේ රටේ මහත්මයාණන්ගේ සමාරාධනයෙන් සම්පාදිත මෙම කෘතිය, කොත්මලේ ඥානෝදය පරිවේණාධිපති රාජකීය පණ්ඩිත ධර්මකීර්ති ශ්‍රී ධම්මානන්ද ස්ථවිරයන් වහන්සේගේ අවසාන ශුද්ධිපත්‍රාවලෝකනයෙන් යුතුව පරීක්‍ෂා කර ඇත. බුද්ධ වර්ෂ 2472 (ක්‍රි.ව. 1929) දී වටද්දර කේ. ඇම්. ජී. කිරිබණ්ඩාර මහතා විසින් සීමා සහිත සිලෝන් ස්ටේෂනර්ස් මුද්‍රණාලයේ මුද්‍රණය කරවා ප්‍රකාශයට පත් කර තිබේ.

විනය පිටකයට අයත් පාරාජිකා, පාචිත්තිය, මහාවග්ග, චුල්ලවග්ග සහ පරිවාර යන ප්‍රධාන කොටස්වල එන සියලු ගාථාවන්හි පදගත අර්ථ හා සවිස්තර විවරණ මෙහි ඇතුළත් වේ:

  • පාරාජිකා පාලි ගාථා
  • පාචිත්තිය පාලි ගාථා
  • මහාවග්ග සහ චුල්ලවග්ග පාලි ගාථා
  • පරිවාර පාලි ගාථා (සමුට්ඨාන සීස, ආපත්ති සමුට්ඨාන, ගාථා සඞ්ගණික ආදී කොටස්)

සමර්පණය.

සුජනප්පමොදනී

විනය ගාථාර්‍ථ ව්‍යාඛ්‍යාව.

මහනුවර ශ්‍රී හයගිරි විජය සුන්දරාරාම විහාරාධිපති අතිගරු ග්‍රන්ථාරූඪ ධම්මසිද්ධි ශ්‍රී සරණංකරාභිධාන ස්‍යාමොපාලි මහානිකායෙ මහානායක මහා ස්වාමීන්ද්‍ර ප්‍රමුඛ ගරුතර මහා සඝසභාව වෙත

සවිස අධිශීල ශික්‍ෂා සම්ප්‍රාප්තිය

නිමිති කොට ග්‍රන්ථ කර්තෲන් විසින් සාතිශය ගෞරව ප්‍රණති පූර්වකව මේ ග්‍රන්ථය සමර්පිතයි.

ප්‍රස්තාවනාව.

විශ්ව විනෙය සත්ව සන්තානගත කෙලෙශාන්ධකාර දුරී කරණයෙහි සාරද මාර්තණ්ඩ මණ්ඩලායමාන සකලඥෙය මණ්ඩල ව්‍යාපත අප්‍රතිහත ප්‍රඥා ගති ඇති පරමකාරුණික ශ්‍රී ශාක්‍යසිංහ ජිනවර විපුලෙකතම සම්බුද්ධයන්වහන්සේ විසින් සකල සත්ව වර්ගයා කෙරෙහි පතළ මහත් කුළුණෙන් උභය ලෝකාර්ථ සිද්ධිය උදෙසා සුදෙශිත ශාස්තෘ සද්ධර්මය සූත්‍රාභිධර්ම විනය වශයෙන් ත්‍රිභෙද වූයේ, නිකාය වශයෙන් පඤ්ච විධ වෙයි. සූත්‍ර ගෙය්‍යාදි අංග වශයෙන් නවවැදෑරුම් වූයේ,ස්කන්ධ වශයෙන් අසූසාර දහසකි. මෙසේ සද්ධර්මය ප්‍රමාණ වශයෙන් අපරිමිත වූයේ නමුත් සංග්‍රහ වශයෙන් ධර්ම විනය යයි ද්විවිධ වන්නේය. i ප්‍රඥප්ති විනිර්මුක්තවූ දෙශනා තොමෝ ධර්මයයි ප්‍රකාශිත යි. ii භික්‍ෂු භික්‍ෂුණීන්ගේ කායවාග්ව්‍යතික්‍රම සංඛ්‍යාත සාවද්‍යයෙහි දෘෂ්ටධාර්මිකාභිසම්පරායික ආදීනවයන් අනුස්මරණයෙන් සද්ධර්මයාගේ චිරස්ථිති පිණිස දෙශනා කරනලද ප්‍රඥප්ති පද්ධතිය විනය නම් වේ.

‘’විනෙති සත්තෙ එතෙනවාති විනයො, කායවාචානං විනයන තො පි විනයො’’ යනු තදර්ථාර්ථ ප්‍රකාශක වචන හෙයින් සත්වයන් මෙහි හෝ මෙයින් විනයනය (හික්මවීම) කරණ හෙයින් හෝ කාය වාක් ද්වාරයන් හික්මවන හෙයින් හෝ විනය නම්, අතිවිස්තාරණායෙන් විනයාභිධානය කරන්නාහු:-

‘’විවිධ විසෙස නයත්තා විනයනතො චෙව කාය වාචානං විනයත්‍ථ විදූහි අයං විනයො විනයො ති අක්ඛාතො’’යි කීහ.

පඤ්චවිධ ප්‍රාතිමොක්‍ෂොද්දෙස සප්තාපත්ති ස්කන්ධ මාතෘකා පද භාජනාදී විවිධක්‍රමයෝය, වස්තු-පුද්ගල-අනුප්‍රඥප්ති ආදි විශේෂ ක්‍රමයෝය, යන මොවුන්හු සඞ්ගෘහිත හෙයින් ද ප්‍රඥප්ති ව්‍යතික්‍රම නොකොට ත්‍රිවිධ ගෞරවයෙන් යුක්තව ශ්‍රද්ධාවෙන් රක්නහුගේ කය වචන හික්මවන හෙයින් මේ ප්‍රවචන පද්ධතිය’’ විනය-විනය යයි මෙසේ ප්‍රකාශිතය’’යනු මෙහි භාවය යි.

ii විනයාභිධාන.

තථාගතයන් වහන්සේගේ පරම කාරුණික භාවය සුප්‍රකට වන විනය වනාහි ආඥාරහවු සම්බුද්ධයන්වහන්සේ විසින් ආඥාබාහුල්‍යයෙන් දෙශිත හෙයින් ‘’ආඥාදෙසනා’’ යයි ද