සක්මන - උඩඊරියගම ධම්මජීව හිමි.pdf
- කතෘ :
- උ. ධම්මජීව හිමි
- ප්රකාශිත වර්ෂය :
- 2006
- මුද්රිත වර්ෂය :
- 2006
- පිටු ගණන :
- 40
- බාගත කිරීම් ගණන :
- 3,006
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2018-10-17
- ගොනුවේ ප්රමාණය :
- 7.7 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
සක්මන යනු පූජ්ය උඩඊරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් සම්පාදිත භාවනා උපදෙස් ඇතුළත් කෘතියකි. ගිහි පැවිදි යෝගාවචරයන්ගේ භාවනා ප්රගුණ කිරීම පිණිස සම්පාදිත මෙම ග්රන්ථය මඟින් සක්මන් භාවනාව ප්රගුණ කරන ආකාරය, එහි න්යායාත්මක හා ප්රායෝගික පසුබිම ඉතා පැහැදිලිව විස්තර කර ඇත.
සක්මන් මළුවක් නිසි ලෙස සකස් කරගන්නා ආකාරය (එළිමහන් සක්මන හා ඇතුළු සක්මන), සක්මන් භාවනාවේ යෙදෙන ආකාරය, සක්මන තුළින් සමාධිය උපදවාගැනීම සහ විදර්ශනා වඩා නිවන් සාක්ෂාත් කරගැනීම පිළිබඳ කරුණු සූත්ර දේශනා සහ රූප සටහන් ආශ්රයෙන් මෙහිදී පෙන්වා දී තිබේ.
මෙම ප්රථම මුද්රණය බුද්ධ වර්ෂ 2550 (ක්රි.ව. 2006) දී කමල් ඇඹුල්දෙණිය මහතාගේ ප්රකාශනයෙන් නුගේගොඩ ‘ලිතිර’ මුද්රණාලය මඟින් මුද්රණය කර ප්රකාශයට පත් කර ඇත.
අපගේ ප්රාර්ථනය
ගිහි පැවිදි යෝගාවචරයනට ඉතාමත් වටිනා උපදෙස් සහිත ග්රන්ථයකි. “සක්මන”. අපගේ කම්මට්ඨානාචාර්ය්ය වහන්සේ විසින් ලද අත්දැකීම් සහ දෙස්, විදෙස් හි ගුරු උතුමන්ලා වහන්සේලාගේ උපදෙස් සහිතව රචිත මෙම ග්රන්ථය යෝගාවචරයනට වටිනා ගුරු පඬුරකි.
ප්රධන් වීර්ය්ය වඩා සක්මන ප්රගුණ කිරීමෙන් නිර්වාණබෝධය ලඟාකර ගැනීමට හැකිවේවා! යි අපගේ ගෞරවණීය ප්රාර්ථනයයි.
“ලිතිර”