මහාසී විපස්සනා භාවනා ක්‍රමය Chapter 7-8.pdf

කතෘ :
මහාසී සයාඩෝ හිමි
ප්‍රකාශිත වර්ෂය :
2008
මුද්‍රිත වර්ෂය :
2008
පිටු ගණන :
399
බාගත කිරීම් ගණන :
1,805
වෙබ් අඩවියට එක් කළ දිනය :
2018-06-19
ගොනුවේ ප්‍රමාණය :
15 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 200

මහා-සී විපස්සනා භාවනා ක්‍රමය (විපස්සනා නයප්පකරණය) යනු බුරුමයේ අතිපූජ්‍ය මහා-සී සයාඩෝ හිමිපාණන් විසින් බුරුම බසින් රචිත සුප්‍රකට විදර්ශනා භාවනා ග්‍රන්ථයේ දෙවන භාගයෙහි (පරිච්ඡේද 6 සහ 7) සිංහල පරිවර්තනයයි. මෙම පරිවර්තනය සිදුකර ඇත්තේ මීතිරිගල නිස්සරණ වනවාසයේ පූජ්‍ය උඩඊරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසිනි.

මෙහි 6 වන සහ 7 වන පරිච්ඡේද ඔස්සේ භංග ඥානය, භය-ආදීනව-නිබ්බිදා ඥාන, මුඤ්චිතුකම්‍යතා, පටිසංඛා, සංඛාරුපෙක්ඛා සහ අනුලෝම, ගෝත්‍රභූ, මාර්ග, ඵල ඥාන ආදී විදර්ශනා ඥාන මාලාව සහ පටිපදා ඥාණ දස්සන විසුද්ධිය පිළිබඳවත්, අටළොස් මහා විපස්සනාව හා නිර්වාණ ධාතුව පිළිබඳවත් අභිධර්මානුකූලව සහ ප්‍රායෝගික අත්දැකීම් පදනම් කරගෙන විස්තර කෙරේ.

මීතිරිගල නිස්සරණ වන සංරක්ෂණ මණ්ඩලයේ ප්‍රකාශනයක් ලෙස 2008 වසරේදී මුද්‍රණය කර ඇති මෙම කෘතිය, ඥානාරාම ස්වාමින්ද්‍ර අනුස්මරණ ග්‍රන්ථ මාලාවේ 14 වන අංකය යටතේ ධර්ම දානයක් වශයෙන් බෙදාහැරීම පිණිස ප්‍රකාශයට පත් කර ඇත.

පෙරවදන

මහා-සී විපස්සනා භාවනා ක්‍රමය හෙවත් විපස්සනා නයප්පකරණය නමින් එළි දක්වන්නට යෙදුනු මෙම සිංහල පරිවර්තනයට මුල් වූ බුරුම ජාතික අති පූජනීය මහා-සී සයාඩෝ ස්වාමින් වහන්සේගේ කෘත්‍යය වනාහි එම ස්වාමින් වහන්සේ අතින් රචිත සියලුම කෘතීන් අතර ඉතාමත් වැදගත් වූත් ඉතිහාස ගත වූත් කෘත්‍යයයි.

මෙම ග්‍රන්ථය මගින් සමස්ත ලෝකයටම ඉදිරිපත් කරන ලද පණිවිඩය ක්‍රමයෙන් නමුත් ප්‍රායෝගිකවම නොසැලී ඉදිරියටම යෑම නිසා මේ වන විට ශුද්ධ විපස්සනාවට ස්වෛරීව ස්වාධීනව තනිව සිටගෙන සිටීමට හැකියාවක් ඇති බව ලොවට කියා දී හමාරය. එය මෙමගින් ලැබුණු එක් ආනිශංසයකි. එසේම මෙය ඉදිරිපත් කොට ඇති අභියෝගශීලී ප්‍රබුද්ධ න්‍යාය ක්‍රමය අනුව විශාල ගිහි-පැවිදි පිරිසක් මේ ක්‍රමය අත්හදා බැලීමට පෙළඹී බොහෝ කල් ගත වී ඇත. මෙතෙක් පැවති සීමා, වැට-කඩුලු බිඳ ලමින් විවිධ රටවල ගිහි පිරිස් මෙම විපස්සනා භාවනාව කරනවාක් මෙන්ම උපදෙස් ලබාදිය හැකි ගිහි ආචාර්ය්‍යවරු පිරිසක් ද මේ වන විට මෙමගින් ලොවට දායාද කොට ඇත. මේ කාරණා දෙක නිසා බටහිර ලෝකයට පර්යාප්ත බුද්ධ ධර්මය මෙන්ම ප්‍රතිපත්ති ශාසනය මේ වන විටත් සජීවීව සංක්‍රමණය වී හමාරය.

කාලයට ගැලපෙන තාලයට මෙන්ම වට පිටාවට යා දෙන ලෙසට හැඩ ගැසීමේ ඉඩකඩ ඇතිව සරල මෙන්ම සෘජු ප්‍රතිඵලදායි ක්‍රමවේදයක් ගෙනහැර දක්වන මෙහි අන්තර්ගතයට දොස් කියන සම්ප්‍රදායන් ද නැත්තේ නොවේ. කෙසේ නමුත් යුගයේ ඉල්ලුමට සරිලන ලෙසට ථෙරවාදයේ සීමා ඇතුළත පිහිටා මෙමගින් සම්පූර්ණ විසඳුම් ඉදිරිපත් කරන ආකාරය නම් අපූර්යය. ඒ සඳහා කෙරෙන මූලධර්මය මෙන්ම ප්‍රායෝගික හැදෑරීම් විෂයයෙහි මෙම ග්‍රන්ථය මගින් කෙරෙන සේවාව අසීමිතය.

ක්‍රමයෙන් ගැඹුරු බවක් හඟවමින් මෙම පොතේ අවසාන කොටස රචනා වී ඇත්තේ ගැඹුරු විපස්සනාමය අත්දැකීම් වලින් සරු යෝගාවචරයනට මෙන්ම ඒ පිළිබඳව කමටහන් දීමෙහි නියැලී සිටින උපදේශකයනට වඩාත් ගෝචර වන ආකාරයටය.

මෙතෙක් මෙම සත් කාර්යය සඳහා වසර ගණනාවක් ගතවී ඇති අතර ඒවාට තමන් අයුරු උපකාර කළ සියලුම දෙනා ඒ ඒ අනුව මේ වන විටත් ධර්මයම ඖජාව රස විඳ ඇත. චාරිත්‍රයක් වශයෙන් ඒ සියලුම දෙනා මෙහිලා ශාසනික ගෞරවයෙන් යුක්තව යළි සිහිපත් කරමු.

විශේෂයෙන් මෙම හතරවන කොටස එළි දැක්වීමෙහිලා මුලින්ම බුරුම බසින් සිංහලට නැගීමේදී දිනපතා මීතිරිගල නිස්සරණ වනයට වැඩම කරමින් බුරුම පොත කියවා තේරුම් කරදුන් බුරුම ජාතික උ. අග්‍රඤඤාණ ස්වාමීන් වහන්සේ කළ උපකාර නැවත නැවතත් සිහිපත් කළ යුතුව ඇත. ඒ වන විට එළි දක්වා තිබුනු මුල් බුරුම පොතේ පාලි පරිවර්තනය (පූජනීය අග්ග මහා පණ්ඩිත භදන්ත කුමාරාභිවංස ස්වාමින් වහන්සේගේ බුරුම අකුරු පොත) අර්ථ මතුකර ගැනීමේදී මහෝපකාරී විය. එසේම මුල්ම සිංහල අත්අකුරු පිටපත නැවත පිරිසිදු ලෙස ලියා දුන් පූජ්‍ය විලානගම පියරතන ස්වාමීන් වහන්සේටත් සෝදුපත් කියවීමේදී වෙහෙස නොබලා කටයුතු කළ පූජ්‍ය පාතේගම ධම්මසුමන ස්වාමින් වහන්සේටත් කාගේත් ස්තූතිය හිමිවිය යුතුය.

මෙම හතරවන කොටස සඳහා බරපැන ඉසිලූනු ලබන්නේ සජිත් පීරිස් මහත්මායි. එතුමාගේ සියළු ප්‍රර්ථනා සමෘධි වෙවායි! මෛත්‍රී පූර්වකව ප්‍රර්ථනය කරමි.

පසුගිය මාස කිහිපය තුළ දැඩි සත්කාර යටතේ අසනීපයෙන් ගත කළ අප මීතිරිගල නිස්සරණ වන සංරක්ෂණ මණ්ඩලයේ හිටපු සභාපති මෙන්ම ‘ලිතිර’ හි අධිපති කමල් ඇඹුල්දෙණිය මහත්මා අතින් සිදුවිය යුතුව තිබූ මෙහි අවසාන පියවර කිහිපය උනන්දුවෙන් සොයා බලා, පමා වීමකට ඉඩ නොතබා කටයුතු කළ චම්පා ඇඹුල්දෙණිය මහත්මියත්, මාලිනි පෙරේරා මහත්මියත්, ‘ලිතිර’ සියලු කාර්යය මණ්ඩලයත් ශෝභන ලෙස පොත මුද්‍රණය කිරීමෙහි ලා දැරූ වෙහෙස මෙහිලා සිහිපත් කරන්නේ කෘතඥතා පූර්වකවය. කමල් ඇඹුල්දෙණිය මහත්මාට ද මේ පින් බෙලෙන් ඉක්මන් සුවය ලැබේවායි මෛත්‍රියෙන් යුක්තව ආශීර්වාද කරමු.

මීට කලින් එළි දැක්වූ කොටස් වල මෙන්ම මෙහිදී ද යම් මුද්‍රණ දෝෂ, ව්‍යාකරණ අඩුපාඩු හෝ උදාත සම්බන්ධ ගැටළු ඇතොත් සමාව භජනය කරන මෙන් ඉල්ලා සිටින්නේ පුද්ගලිකව ම ය. එසේම වරදක් ඇතොත් දන්වා එවීමෙන් අපට අනුග්‍රහ කරන මෙන්ද මෙයින් කරුණාවෙන් යුක්තව සිහිපත් කරමු.

මෙසේ මේ නිමාව දකින්නේ විශාල සත්පුරුෂ මණ්ඩල වල සහයෝගයෙන් එළි දැක්වූ භාවනාව සම්බන්ධ ඉතිහාසගත වටිනා කමකින් යුක්ත පොත් පෙළක සිංහල අනුවාදයයි. මෙම සත් ක්‍රියාවේ ආනිශංස හේතුවෙන් ලක්දිව බුදු සසුන බැබළේවායි එක්ව පතමු.

මෛත්‍රියෙනි,
උ. ධම්මජීව හිමි
නිස්සරණ වනය,
මීතිරිගල.
11742

අප ද භාග්‍යවන්තයන් වීමු.

මෙවැනි උතුම් ධර්ම ග්‍රන්ථයක් මුද්‍රණය කර ධර්ම දානයක් ලෙසින් පිළිගැන්වීමට ලැබීම.

බුරුමයේ වැඩ සිටි මහා-සී සයාඩෝ මා හිමිපාණන් විසින් ලොවට දායාද කළ අති උතුම් මහා-සී භාවනා ක්‍රමය ප්‍රගුණ කර නිවන් අවබෝධ කර ගත් පිරිස අති මහත්ය.

අප රටේ ද මෙම භාවනා ක්‍රමයෙන් වැඩගත් පිරිස බොහෝය. නමුත් මෙම මහා-සී භාවනා ක්‍රමය ගැන ලියවුන පත පොත බොහෝ විරලය මෙවැනි සංක්ෂිප්ත ග්‍රන්ථයන් ඉතා විරලය.

ඉතා වෙහෙස වී තම කාලය මේ වෙනුවෙන් කැප කොට බුරුම රටේදි මෙම භාවනා ක්‍රමය ප්‍රගුණ කර බුරුම බසින් පළ වූ මුල් පොත් සිංහලයට පරිවර්තනය කරන්නට යෙදුනු මීතිරිගල වැඩ වාසය කරන පූජ්‍ය උඩඊරියගම ධම්මජීව හිමිපාණන්ට මෙහි පූර්ණ ගෞරවය ප්‍රණාමය හිමි විය යුතුය. උන් වහන්සේ සිදු කරන ලද්දේ සම්මානනීය කර්තව්‍යයකි. මෙම කුසලානිශංස බෙලෙන් නිදුක් නීරෝගී චිර ජීවනයත් ලැබ නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට හැකි වේවායි ඉත සිතින් පතමු.

මෙම මහත් සත්කාරයට උඩඊරියගම ධම්මජීව හිමිපාණන්ට උපකාර කළා වූ බුරුම ජාතික අග්‍රඤඤාණ හිමිපාණන් ඇතුළු නිස්සරණ වනයේ වැඩ වාසය කරන සියළු සබ්‍රහ්මචාරීන් වහන්සේලාටත් උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා.

මෙම ග්‍රන්ථය පරිශීලනය කිරීමෙන් ලැබෙන්නා වූ යම්තාක් කුසලයක් ඇත්නම් එය අප නමින් මිය පරලොව ගිය ඥාති බන්දු වර්ගයාට නිවන් අවබෝධ වීම පිණිස හේතු වේවා. අපගේ දෙමාපියන් දෙපලත් මාගේ ආදරණීය බිරිඳ අමරාංගි ඇතුළු දරුවන්ටත් නිදුක් නීරෝගී සැප ලැබ සුවසේ පාරමිතා සම්පූර්ණ කර නිවන අරමුණ කර ගැනීමට මෙම ධර්ම දානමය කුසලය හේතු වේවා.

මෙම ග්‍රන්ථය මුද්‍රණය කර දුන් ලිතිර හි කමල් ඇඹුල්දෙණිය මහතා ඇතුළු කාර්ය මණ්ඩලයට නිවන අරමුණු වේවා. සියළු සත්ත්වයෝ නිදුක් වෙත්වා. නිවනින් සැනසීමට ලැබේවා.

මෙයට. ශාසන ලැකී
සජිත් පීරිස්
44, ස්ට්‍රෙඩියම් සර්කිට්,
මල්ග්‍රේව්, වික්ටෝරියා,
3170 ඕස්ට්‍රේලියා.
දුර. 61395608241.