මහාසී විපස්සනා භාවනා ක්රමය Chapter 3-4.pdf
- කතෘ :
- මහාසී සයාඩෝ හිමි
- ප්රකාශිත වර්ෂය :
- 2004
- මුද්රිත වර්ෂය :
- 2004
- පිටු ගණන :
- 289
- බාගත කිරීම් ගණන :
- 2,202
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2018-06-19
- ගොනුවේ ප්රමාණය :
- 13 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
මහා-සී විපස්සනා භාවනා ක්රමය (විපස්සනා නයප්පකරණය) යනු බුරුමයේ අතිපූජ්ය මහාසී සයාඩෝ හිමිපාණන් විසින් රචිත සුප්රකට විපස්සනා භාවනා ග්රන්ථයේ සිංහල පරිවර්තනයයි. මෙම කෘතියේ පළමු භාගයේ දෙවන කොටස ලෙස 3 සහ 4 වන පරිච්ඡේද මෙහි අන්තර්ගත වේ. මෙය පූජ්ය උඩඊරියගම ධම්මජීව ස්වාමින් වහන්සේ විසින් සිංහලයට පරිවර්තනය කරන ලද අතර ඌ අගයඤ්ඤ ස්වාමින් වහන්සේගේ සහාය ද ඊට ලැබී ඇත.
මෙහි ප්රධාන වශයෙන් සාකච්ඡා වන කරුණු අතර:
- භාවනා කළ යුතු ධර්මයන් (පරමාර්ථ හා ප්රඥප්ති, විපස්සනාවේ සැබෑ අරමුණ, නාමරූප විනිශ්චය, වර්තමාන මොහොත මෙනෙහි කිරීම).
- භාවනා ක්රමය හා දේශනාව ගැලපීම (අනාපාන විපස්සනාව, චතුරාර්ය සත්යය අවබෝධය, සතිපට්ඨාන විස්තරය).
මෙම පොත ශ්රී ඤාණාරාම ස්වාමීන්ද්ර අනුස්මරණ ග්රන්ථ මාලාවේ 12 වන ප්රකාශනය වශයෙන් අමාදම් සංගමය මගින් 2004 වසරේදී නොමිලේ ධර්මදානය පිණිස මුද්රණය කර බෙදාහරින ලද්දකි.
හැඳින්වීම
ශ්රී ලංකාවේ ඈත අතීතයේ වසර දෙදහසකට පමණ ඉහතදී සම්බුදු සසුන බැබලුනේ අනෙකුත් බෞද්ධ රටවලටත් ආදර්ශවත් වෙමිනි. ‘මේ භික්ෂූන් වහන්සේ පමණක් මග - පල අධිගම ලබා නැතැ’යි ඇඟිල්ල දික් කොට කිව නොහැකි තරම් මග - පල අධිගම ලාභීන්ගෙන් ශ්රී ලංකාව ඉතිරී පැතිරී පැවතී ඇත. පර්යාප්ති, ප්රතිපත්ති, ප්රතිවේධ ත්රිවිධ ශාසනයම බැබලෙමින් පැවති නිසාම ශ්රී ලංකාව ධර්ම ද්වීපය නමින් ලෝකයේම ගෞරව සම්මානයට පාත්රවී ඇත.
කෝට්ටේ රාජධානි සමයේ ශ්රී ලංකාවෙන් බුරුම රටටත්, එරටින් තායිලන්තයටත් බුදු සසුන ගෙනයන ලදී. ඒ දෙරටේම දැනටත් මාර්ගඵල ලාභී ආර්ය්යයන් වහන්සේලා වැඩ සිටිති, ගිහි පැවිදි දෙපිරිසේම බෞද්ධයෝ ඉතාමත් ගෞරවයෙන් ප්රතිපත්ති පිරීමෙහි අප්රමාදීව යෙදී සිටිති.
අර්ධ ශත වර්ෂයක සිට ශ්රී ලංකාවේත් ගිහි පැවිදි බොහෝ දෙනා මේ භවයේදීම අධිගම අපේක්ෂාවෙන් භාවනාභිලාෂීව ප්රතිපත්ති පිරීමට යොමු වූයේ බුරුම රටින් මෙරටට කර්මස්ථානාචාර්ය්යයන් වහන්සේලා වැඩම කරවා විදර්ශනා භාවනා පුහුණු කරවීම ආරම්භ කළ බැවිනි.
සම්බුද්ධ ජයන්තිය නිමිත්තෙන් බුරුම රටේ පැවති ඡට්ඨ සංගායනාවේදී මුල් තැනක් ගෙන කටයුතු කළ අතිපූජ්ය අග්ගමහා පණ්ඩිත භදන්ත මහා-සී සෙයාඩෝ මාහිමියන් වහන්සේ විසින් ආරම්භ කොට