බුද්ධානුස්සති සහ චතුවිශාරද භාවනාව - නාඋයනේ අරියධම්ම හිමි.pdf
- කතෘ :
- නාඋයනේ අරියධම්ම හිමි
- ප්රකාශිත වර්ෂය :
- 2010
- මුද්රිත වර්ෂය :
- 2010
- පිටු ගණන :
- 27
- බාගත කිරීම් ගණන :
- 4,785
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2017-12-08
- ගොනුවේ ප්රමාණය :
- 24 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
බුද්ධානුස්සති භාවනා පිරිත සහිත චතු විශාරද ඥාන දේශනා යනු අතිපූජනීය නාඋයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ විසින් සම්පාදනය කරන ලද භාවනා සහ ධර්ම දේශනා සංග්රහයකි. තථාගතයන් වහන්සේ සතු චතුර් වෛශාරද්ය ඥාන පිළිබඳව 1994 නවම් පොහෝ දින ගල්දූවේ දී පවත්වන ලද ධර්ම දේශනාව පදනම් කරගෙන මෙම කෘතිය මුලින්ම සම්පාදනය කර ඇත.
මෙහි ප්රධාන වශයෙන් බුදුරජාණන් වහන්සේගේ විශාරද ඥාන සතර විස්තර කෙරෙන අතර, ඊට අමතරව ආරක්ෂාව සහ භාවනාව පිණිස රචිත විශාරද ඥාන පිරිත සහ බුද්ධානුස්සති භාවනාව ද ඇතුළත් වේ.
මෙම දෙවන මුද්රණය 2010 වසරේදී එස්. බී. දිවාරත්න මහතා සහ එම මහත්මියගේ ධර්ම දානමය දායකත්වයෙන් නුගේගොඩ ලිතිර මුද්රණාලය මඟින් මුද්රණය කරවා ඇත.
හැඳින්වීම දෙවැනි මුද්රණය
චතු විශාරද ඥාන පිළිබඳව ධර්ම ග්රන්ථය මෙවර අපගේ ජන්ම දිනය සිහිපත් කරමින් මුද්රණය කරනු ලබන්නේ සත්ගුණවත් එස්.බී. දිවාරත්න මහත්මයා සහ දිවාරත්න මහත්මනී විසිනි.
1994 පෙබරවාරි 25 දා ගල්දූවේ අභිනව පොකුණ පූජා කළ නවම් පොහෝ දින දේශනා කරන ලද චතු විශාරද ඥාන දේශනාව දහම් පොතක් වශයෙන් මුද්රණය කරවීමට ලියා දෙනු මැනවැ’යි කරන ලද කාරුණික ආරාධනාව පරිදි විශේෂ ධර්ම දේශනාදී ආගමික කටයුතු රැසක් සඳහා ඕස්ට්රේලියාවේ බ්රිස්බන් නුවරට වැඩිය බැවින් එහිදී ලැබුණ විවේක අවසරයේ දී මෙය ඉතා සැකෙවින් සකස් කළෙමි.
මෙහි විශාරද ඥාන සතර විවරණයට අනතුරුව විශාරද ඥාන පිරිතක් යෙදීමි. එය නිතර භාවිතයට සුදුසු ආරක්ෂක පිරිතක් වනු ඒකාන්තය. පිරිතට අනතුරුව ඇත්තේ විශාරද ඥාන අනුව බුදු ගුණ භාවනාවකි. එය නිතිපතා භාවිතා කිරීමට සුදුසු වූ අනුස්සතියකි. මහ සයුරේ කොතැනකින් දිය බිඳුවක් ගත්තේ ද එහි එකම ලවණ රසය ඇත්තා සේ බුදුගුණ සයුරේ කොතැනකින් ගුණ පදයක් ගත්තේ ද එහි ඇත්තේ අමා මිහිරකි, ශාන්ත රසයකි. රුවන් ගබඩාවකට ඇතුළු වූ පුද්ගලයා හාත්පස රන්-රුවන්, මුතු-මැණික්, ආලෝකයේ කාන්තිය පැතිරෙන්නා සේ, බුදු ගුණ ගබඩාවට ඇතුළු වූ පුණ්යවන්තයා හාත්පස ද බුදු ගුණ රුවනේ කාන්තිය පැතිරෙනු ඒකාන්තය. බුදු ගුණයෙන් සැනසෙනු කැමැත්තෝ නිරන්තරයෙන් මෙවැනි බුද්ධානුස්සති භාවනා වඩත්වා !!!
සියලු ආමිස දානයන් අභිබවා ජය ගන්නා වූ ධර්ම දානමය කුසලය දස දහසක් සක්වල දෙවි බඹුන් මැද දී උසස් ම කුසලයක් බව දේශනා කරන ලද්දේ සර්වඥයන් වහන්සේ විසිනි. මෙම ධර්ම දානමය කුසලානුභාව බලයෙන් සත්ගුණවත් එස්. බී. දිවාරත්න මැතිතුමාට සහ එම දිවාරත්න මහත්මනිටත් දරු තුන් පල වන චාමින්ද, කාලිංග, ලක්මාලි දරුවන්ට ද, ලේලිවරු දෙදෙනා වන නන්දිමා, නිශාන්ති දරුවන්ට ද, බෑණා වන රඛිත දරුවාට ද, මුණුබුරු මිණිබිරියන් වන සෙනාල්, සෙත්, ඕෂධී දරුවන්ට ද මෙම ධර්ම දානමය කුසලය අනුමෝදන් වී, ආයුරාරෝග්යාදි ශ්රී සම්පත් සහ දෙලොව සුබසෙතත්, ශාන්ති ලක්ෂණ නිර්වාණ ධාතුවත් සාක්ෂාත් වේවා!!!
ඕස්ට්රේලියාවේ උසස් අධ්යාපනය හදාරන ලක්මාලි දිවාරත්න දියණියට උසස් ප්රතිඵල නෙලා ගැනීමට මෙම කුසලය හේතු වේවා! වාසනා වේවා! නිදුක් නිරෝගීව සුවසේ පහසු විහරණයෙන් පාරමී ගුණ සපුරා නිවනින් සැනසෙත්වා!!!
කල්යාණ මිත්ර ඥාති සැමටත්, බුදු ගුණ බලයෙන් ආයුරාරෝග්ය ශ්රී සම්පත් අභිවර්ධනය වේවා! සම්යක් ප්රාර්ථනා සියල්ල සඵල වී ශාන්ති ලක්ෂණ අමෘත මහා නිර්වාණ ධාතුව සුවසේම සාක්ෂාත් වේවා!!!
“සබ්බෙ සත්තා භවන්තු සුඛිතත්තා”
මෙයට,
මෙතැති
නා උයනේ අරියධම්ම ස්ථවිර
ශ්රී ගුණවර්ධන යෝගාශ්රම බද්ධස්ථානය,
ගල්දූව,
කහව.
2010-04-10
උතුම් ආශිර්වාදයක් වේවා !
“සබ්බ දානං ධම්ම දානං ජිනාති” (සියලු දානයන් පරදා ධර්ම දානය ජයගනී)
තථාගත සම්යක් සම්බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ වර්ණනාවක් සහිත මෙම දහම් පොත දෙවැනි වරට මුද්රණය කර දහම් පඬුරක් වශයෙන් පූජා බුද්ධියෙන් සිදුකරනු ලබන්නේ සත් ගුණවත් එස්.බී. දිවාරත්න මහත්මයා සහ දිවාරත්න මහත්මනී යන දෙපළ විසිනි. ශ්රී සද්ධර්මයේ පිහිට ආරක්ෂාව සැදැහැවත් බෞද්ධයන්ට ලබාදීමේ පරමාර්ථයෙන් මෙම දුර්ලභ දහම් පොත මුද්රණය කිරීමට තීරණය කළේ අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා දෙනු ලබන ඖෂධී තාරකාවක් සේ ගගන තලයේ බැබලෙමින් දෙලොව සුගතිය සාදා දෙන සියලු දෙනාගේ ගෞරවයට පාත්ර වූ අති පූජනීය නා උයනේ අරියධම්ම මාහිමිපාණන් වහන්සේගේ හැත්තෑඑක් වෙනි ජන්ම දින සිහි කරමිනි.
මෙම ධර්ම දානමය කුසලානිශංස බලයෙන් ශතවර්ෂාධික කාලයක් නිදුක් නිරෝගීව අප වැනි අසරණ සත්ත්වයින්හට සුගති මග කියා දෙමින් දහම් පිපාසයෙන් පෙළෙන දෙලොව දහසක් දෙනා සම්යක් දෘෂ්ටිය ඇතිව පාරමී ගුණ ධර්ම පුරා ගැනීමට නිවැරදි මග කියා දීමට සියවස් කලක් දිගාසිරි ලබත්වා!
මෙම කුසලය අනුමෝදන් වී අනාගතයේ ලබන්නා වූ ලොවුතුරා බුද්ධත්වයට පාරමී ශීර්ෂයෙන් සියලු සම්යක් ප්රාර්ථනා මුදුන් පමුණුවා ගන්න ශක්තිය ධෛර්යයය වීර්යයය ආශිර්වාදයක් ම වේවා’යි එක සිතින් ප්රාර්ථනය කරන්නෙමු.
එසේම බෝධිසත්ව උතුමෙක් අපට පහළ කර දුන් සත්ගුණවත් දෙමාපියන්ට, කොහේ සිටියත් තමා කළ පිනක් සේ අනුමෝදන් වී ධර්මාවබෝධය පිණිස හේතු වේවා! වාසනා වේවා!
එසේම යෝගාශ්රම සංස්ථාව පිහිටුවා අපවත් වී වදාළ අති පූජනීය පණ්ඩිත කඩවැද්දුව ශ්රී ජිනවංශාභිධාන මාහිමිපාණන් වහන්සේ මෙම කුසලය අනුමෝදන් වී මතු ලොවුතුරා බුදු වේවා!
නා උයන ආරණ්ය සේනාසනය රැක ගනිමින් දිවා රෑ වෙහෙස නොලබා කටයුතු කරන අති පූජනීය අගුල්ගමුවේ අරියනන්ද මාහිමිපාණන් වහන්සේ නිදුක් නිරෝගී දිගාසිරි ලබා ප්රාර්ථනීය බෝධියකින් ධර්මාවබෝධය පිණිස මෙම ධර්ම දානමය කුසලය හේතු වේවා! වාසනා වේවා!!!
නිරන්තරයෙන් වෙහෙස වෙමින් අප නා උයනේ මාහිමිපාණන් වහන්සේ රැක බලා ගන්නා වූ පූජනීය නාග පොකුණේ අරියශීල ස්වාමීන් වහන්සේට පැමිණ ඇති සියලු බාධා ඉවත් වී දිගාසිරි ලබා ධර්මාවබෝධය පිණිස හේතු වේවා! වාසනා වේවා!!!
එසේම යෝගාශ්රම සංස්ථාවේ සියලුම මහා සංඝරත්නයට මෙම කුසලය අනුමෝදන් වී නිදුක් නිරෝගී සුව ලබා බුදු සසුන අවුරුදු පන්දහසක් කල් පවත්වා ගැනීමට මැණික් කැට මෙන් පේලි වෙවී මතු ප්රාර්ථනීය බෝධියකින් ධර්මාවබෝධය ලබත්වා!!!
අපගේ දරු තිදෙනා වන චාමින්ද, කාලිංග, ලක්මාලි දරුවන්ට ද, ලේලිවරු දෙදෙනා වන නන්දිමා, නිශාන්ති දරුවන්ට ද, බෑණා වන රඛිත දරුවාට සහ මුණුබුරු මිණිබිරියන් වන සෙනාල්, සෙත්, ඕෂධී දරුවන්ට මෙම ධර්ම දානමය කුසලය අනුමෝදන් වී නිදුක් නිරෝගීව සියවස් කලක් පාරමී පූර්ණය කරගනිමින් තමන්ගේ අභිවෘද්ධිය ඉෂ්ඨ කර ගනිමින් පාරමී පුරා අප ප්රාර්ථනය කරන අමා මහා නිවන් සම්පත් ලබා ගැනීමට උපකාරී වේවා!!!
ඕස්ට්රේලියාවේ උසස් අධ්යාපනය හදාරන ලක්මාලි දිවාරත්න දියණියගේ අධ්යාපන කටයුතු උසස් ලෙස නිමකර ගැනීමට මෙම කුසලය අනුමෝදන් වී සියලු සම්යක් ප්රාර්ථනා සමාප්තිමත් කර ගනිමින් පාරමී පුරා ධර්මාවබෝධ පිණිස හේතු වේවා! වාසනා වේවා!!!
කල්යාණ මිත්ර හැම දෙනාට සහ මෙම පොත පරිශීලනය කරන සැමට මතු ධර්මාවබෝධය පිණිස නිදුක් නිරෝගීව සියලු සම්යක් ප්රාර්ථනා මුදුන් පත්කර ගැනීමට පහසු විහරණය ලැබේවා!!!
සම්යක් දෘෂ්ඨික දෙවිවරුන් මෙම පින් අනුමෝදන් වී සම්බුදු සසුන ආරක්ෂා කර දිව්ය සැප සම්පත් ලබත්වා!!!
මෙම පොත මුද්රණය කර අප වෙත ලබා දෙන ලිතිර මුද්රණාලයාධිපති පින්වත් කමල් ඇඹුල්දෙණිය මහතා ඇතුළු කාර්යය මණ්ඩලයට මෙම කුසලය අනුමෝදන් කරමු, අනුමෝදන් වේවා!!!
මෙයට
ශාසනාලයැති,
එස්.බී. දිවාරත්න මහත්මා සහ මහත්මිය.
2010-04-10