පා අවුක් භාවනා මාර්ගය (සමථ - විපස්සනා).pdf

පිටු ගණන :
536
බාගත කිරීම් ගණන :
6,374
වෙබ් අඩවියට එක් කළ දිනය :
2018-06-19
ගොනුවේ ප්‍රමාණය :
4.7 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 269

පා අවුක් භාවනා මාර්ගය (සමථ - විපස්සනා) යනු මියන්මාරයේ අතිපූජ්‍ය පා අවුක් සයඩෝ මහානාහිමිපාණන් වහන්සේගේ කමටහන් ක්‍රමවේදය ඇසුරින් සකස් කර, නා උයන ආරණ්‍ය සේනාසනය මගින් සම්පාදනය කොට නොමිලේ ධර්ම දානය පිණිස ප්‍රකාශයට පත් කරන ලද භාවනා උපදෙස් ග්‍රන්ථයකි.

විසුද්ධිමග්ග අටුවා සම්ප්‍රදාය හා ත්‍රිපිටක ධර්මය අනුව සප්ත විශුද්ධි පිළිවෙළට සමථ සහ විපස්සනා වඩන අයුරු මෙහි විස්තර කෙරේ. ආනාපානසති, ධාතු මනසිකාර, සතළිස් කර්මස්ථාන ආදී සමථ භාවනාවන් මෙන්ම නාමරූප පරිච්ඡේද, පච්චයපරිග්ගහ, කලප වෙන් කිරීම හා විදර්ශනා ඥාන වඩා මාර්ග ඵල අවබෝධ කරගන්නා ආකාරය පිළිබඳව චිත්‍ර සටහන් සහ වගු මගින් ද පැහැදිලි කර ඇත.

මෙහි අඩංගු ප්‍රධාන මාතෘකා අතර:

  • විශුද්ධි ඥානාදි සංදර්ශන සහ භාවනා ක්‍රමවේද විස්තර
  • සීල විශුද්ධිය සහ චිත්ත විශුද්ධිය (සමථ භාවනා)
  • ආනාපානසති, දස කසිණ, බ්‍රහ්මවිහරණ සහ අනුස්සති භාවනා
  • නාම - රූප, හේතු - ඵල කොටස (දිට්ඨි හා කංඛාවිතරණ විශුද්ධි)
  • විපස්සනා භාවනා කොටස (මහා විපස්සනා ඥාන හා මග්ග-ඵල නිවන)

පිදුම

සසර දුක් ගිනි නිවා ලන්නට, නිවන් අමා සුව සොයා යන්නට, පතල මෙත් කරුණා දයාවෙන් මග නොමග නිසි ලෙස කියා දුන් නේක ගුණකඳ ලොවට විහිදන කල්‍යාණමිත්‍ර ගුරුදේවෝත්තමයාණන් වහන්සේලාට ද,

සෝර සසරින් එතෙර වන්නට, නෑර මග ඵල පසක් කරනට, දිවා රෑ වෙර වඩන යෝගාවචරයාණන් වහන්සේලාට ද,

මේ උතුම් ග්‍රන්ථය මුදුන් මල් කඩක් සේ සාතිශය ගෞරවයෙන් පිළිගන්වමි.