කමටහන් දේශනා - මාතර ඥානාරාම හිමි.pdf

කතෘ :
මාතර ඥානාරාම හිමි
ප්‍රකාශිත වර්ෂය :
2009
මුද්‍රිත වර්ෂය :
2009
පිටු ගණන :
64
බාගත කිරීම් ගණන :
4,507
වෙබ් අඩවියට එක් කළ දිනය :
2018-10-17
ගොනුවේ ප්‍රමාණය :
3.6 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 33

කමටහන් දේශනා යනු මීතිරිගල නිස්සරණ වන අරණ්‍ය සේනාසනයේ ආරම්භක සේනාසනාධිපති මෙන්ම ප්‍රධාන කම්මට්ඨානාචාර්ය ධුරය හෙබවූ අතිපූජ්‍ය මාතර ශ්‍රී ඥානාරාම මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් දේශනා කරන ලද වටිනා කමටහන් දේශනා තුනක එකතුවකි.

විදර්ශනා භාවනා වඩන යෝගාවචරයන්ගේ ප්‍රයෝජනය පිණිස සුතමය, චින්තාමය සහ භාවනාමය ඥානයන් පිළිබඳවත්, නාමරූප පරිච්ඡේදය, පච්චය පරිග්ගහය, සම්මසනය ආදී විදර්ශනා ඥාන වැඩීමේ නිවැරදි ප්‍රතිපදාවත් මෙම දේශනාවලදී විස්තර කෙරේ.

මෙම කෘතිය 2009 වසරේදී මීතිරිගල නිස්සරණ වන සංරක්ෂණ මණ්ඩලයේ ප්‍රකාශනයක් ලෙස ධර්ම දානය පිණිස මුද්‍රණය කර බෙදාහැර ඇත. පූජ්‍ය උඩඊරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේගේ පෙරවදනකින් ද සමන්විතය.

පෙර වදන

මීතිරිගල නිස්සරණ වන අරණ්‍ය සේනාසනයේ ආරම්භක සේනාසනාධිපතිව වැඩ විසූ ප්‍රධාන කමස්ඨානාචාර්‍ය්‍ය අතිපූජ්‍ය මාතර සිරි ඥාණාරාම මහෝපාධ්‍යාය මහා නායක ස්වාමීන් වහන්සේගේ කමටහන් බණ තුනක් මේ පොත් පිංච මගින් එලි දැක්වේ.

මීට කලිනුත් මෙවැනිම දේශනා ලියා එලිදැක්වීම අප විසින් සිදු කරන ලදී. මේ සියල්ල මාහිමි ලේඛන හා දේශන එකතුවක් වශයෙන් මතුවට ගොණුවනු ඇත.

මෙම දේශන තුන ලේඛනගත කිරීමේදී එච්. එම්. මනෝරි ප්‍රියදර්ශනී හා කල්යාණි කුමාරි යන උපාසිකාවන් දෙදෙන මුල්විය. සෝදුපත් බැලීමේ දී පූජ්‍ය පාතේගම ධම්ම සුමන ස්වාමීන් වහන්සේ උපකාරී විය. සකස් කිරීම හේමන්ත රණවක කාරක සභික මහතා අතින් සිදුවිය.

මුද්‍රණ කටයුතු සඳහා දායක වූ විනීතා ජයසිංහ, සීලා ලියනගේ, සංජීව ජයසිංහ සහ උදාරා ජයසිංහ යන අයට කෘතවේදීව සිහිපත් කළ යුතුය.

මීතිරිගල නිස්සරණ වන අරණ්‍ය සංරක්ෂණ මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වන ප්‍රකාශන හා මුද්‍රණ කටයුතු පිළිබඳ අනුකමිටුව විසින් මෙම වටිනා “කමටහන් බණ” පොත ඔබ අතට පත්කරන්නේ මෙයින් සිරිලක බුදු සසුන බැබලවීමට අත්වැලක් වේවා! යන ශාසනික හැඟීමෙනි.

මෙය කියවා සිතට ගෙන භාවනා වශයෙන් වඩා තම තමන්ගේ අභ්‍යන්තර ශාසනික ගුණ වඩා ගැනීමෙන් මෙම සත් ක්‍රියාවට දායක වන මෙන් සිහිපත් කරන්නේ මෛත්‍රියෙනි.

උ. ධම්ම ජීව හිමි
2009 - 05 - 25