පට්ඨාන ප්රකරණ භාව සන්නය - හඳුන්කඩුවේ සුමන හිමි.pdf
- කතෘ :
- හඳුන්කඩුවේ සුමන හිමි
- පිටු ගණන :
- 295
- බාගත කිරීම් ගණන :
- 2,050
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2019-03-29
- ගොනුවේ ප්‍රමාණය :
- 22 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
ශාස්ත්රාකල්ප නම් වූ අනන්තනය සමන්තපට්ඨාන මහාප්රකරණයෙහි උද්දෙශ පාල්යර්ත්ථ වර්ණනා සවිස්තර භාවසන්නය යනු අභිධර්ම පිටකයේ සත්වන ප්‍රකරණය වන පට්ඨාන මහාප්රකරණයේ උද්දෙසවාරයට (පච්චයුද්දෙසයට) ලියැවුණු සිංහල භාවසන්නයකි. හේතු, ආරම්මණ, අධිපති ආදී සූවිසි ප්‍රත්‍යයන් පාලි පාඨය සමඟ විවිධ ‘විකල්ප වාර’ මඟින් උපමා සහිතව විස්තර කරයි. ප්‍රත්‍යය, ප්‍රත්‍යයෝත්පන්න, ප්‍රත්‍යනීක ධර්ම වශයෙන් ද එක් එක් ප්‍රත්‍යය විග්රහ කෙරේ.
කතුවරයා බෙන්ගමුවේ චෙතියකන්දරාරාමාධිපති හඳුන්කඩුවේ සුමන හිමියන් ය. සංඥාපනයේ සඳහන් වන පරිදි උන්වහන්සේ ලක්මිණිපහන් කර්තෘ ඇම්. ධර්මරත්න පණ්ඩිතතුමා යටතේ අභිධර්මය හැදෑරූහ. මෙම ග්‍රන්ථය මහාසංඝ සභාවට ඉදිරිපත් කිරීමෙන් පසු, සභා සම්මතයෙන් උන්වහන්සේට ‘ආභිධම්මික ශ්‍රී වාගීශ්වර’ යන ගරු උපාධිනාමය පිරිනමන ලදී. පොත ශ්‍යාමොපාලි මහානිකායේ මහානායක අඹන්වැල්ලේ ශ්‍රී සිද්ධාර්ථ සුමඞ්ගල මාහිමියන් වහන්සේට සමර්පණය කොට ඇත.
සංඥාපනයෙහි පට්ඨාන ප්‍රකරණය දේශනා වූ ආකාරය, ‘පට්ඨාන’ යන නාමයේ නිර්වචනය, තික-දුක පට්ඨාන, පටිච්චවාරාදි වාර සහ ක්‍රම භේද, සතරවන සතියේ රත්නඝරයේ දී බුදුරදුන් පට්ඨානය සම්මර්ශනය කරද්දී ෂඩ්වර්ණ බුද්ධරශ්මි විහිදුණු බව සහ ‘ශාස්ත්රාකල්ප’ යන නාමය ලැබුණු හේතුව විස්තර වේ. පොත මුද්‍රණයට ආධාර කළ ලොකුහෙට්ටි අමරවික්‍රම මැතිතුමා ඇතුළු දායකයන්ට ද ස්තුති කෙරේ.
පොත පිටු 291 කින් සමන්විත ය. පරිලෝකිත පිටපතේ මුද්‍රණ වර්ෂය හෝ මුද්‍රණාලය සඳහන් නොවේ. අවසාන පිටුවේ ඇති 1937 අගෝස්තු 15 දිනැති University College Library, Ceylon මුද්‍රාවෙන් පෙනෙන්නේ පොත ඊට පෙර මුද්‍රණය වූ බවයි.
සමර්පණය.
ශ්‍රී සෙංඛණ්ඩ ශෛලාභිධාන ශ්‍රී වර්ධනපුර ශ්‍රී දන්තධාතු සංරක්ෂණාධිකාර ධුරන්ධර මහාමහින්ද වංශාලඞ්කාර පොෂිත පුෂ්පාරාම විහාරද්වයාධිපති මහාමහොපාධ්යාය අඹන්වැල්ලේ ශ්‍රී සිද්ධාර්ත්ථ සුමඞ්ගලාභිධාන ශ්‍යාමොපාලි මහානිකායේ මහානායක මාහිමියන් වහන්සේ විසින් සමාදරයෙන් ප්රතිගෘහීතයි.
සංඥාපනය.
ශාක්යමුනීන්ද්රවූ සම්මාසම්බුද්ධරජාණන් වහන්සේ බුද්ධරාජ්යශ්රීපද ප්රාප්තියෙන් සත්වනවර්ෂයෙහි සාංකස්යනුවරදොරදියමකප්රාතිහාර්ය්ය නම්වූ මහපෙලහර ප්‍රකාශකර වදාරා ත්රිපදගමණින් ත්රිදසපුරයට වැඩ වදාරා ශක්රදිව්යරාජයාණන් විසින් පිරිනමනලද පාරිච්ඡත්තකද්රුම මූලස්ථ පාණ්ඩුකම්බලශෛලාසනයෙහිවස්ඉටාවෙසෙමින් මාතෘදිව්යපුත්රයා ප්රමුඛදසදහස්ලොකද දෙව්බඹුන් වෙත මහකුළුණු සමවතින් යුක්තව ධම්මසඞ්ගණීප්‍රකරණය ආදිකොට අනන්තනය සමන්තපට්ඨානප්රකරණය පශ්චිමකොට සප්තප්‍රකරණය දෙශනාකර වදාරණලද්දේය.
තවද මෙසේ වදාරණලද්දවූ සප්තප්‍රකරණ ධර්මයන් අතුරෙන් අනන්තනය සමන්තපට්ඨාන මහාප්රකරණයවණ්ණාති නානප්පකාරානි පච්චයා එත්ථාති පට්ඨානං කුසලාදයො ධම්මා හෙතුපච්චයාදිවසෙන පට්ඨියන්ති විභජන්ති එත්ථ එතෙනාති පට්ඨානං ‘යි යන නිර්වචන බැවින් අනෙකප්‍රකාරවූ ප්‍රත්‍යයන් ඇතිහෙයින්ද කුසලාකුසල අව්‍යාකෘත ධර්මයෝ හෙතුප්රත්යාදීන්ගේ වශයෙන් බෙදා වදාළ හෙයින්ද ප්‍රස්ථාන නම්වේ.
යථොක්ත මේමහාප්රකරණයෙහිවනාහි සාමාන්‍යවශයෙන් පච්චයුද්දෙසය පච්චයනිද්දෙසය පච්චය පටිනිද්දෙසයාදීන්ගේ වශයෙන් හා හෙතු ආරම්මණාදී ප්රස්ථානවශයෙන්ද තිකපට්ඨානය දුකපට්ඨානය දුකතිකපට්ඨානය තිකදුකපට්ඨානය තිකතිකපට්ඨානය දුකදුකපට්ඨානය යනාදී වශයෙන් හා පටිච්චවාරය සහජාතවාරය පච්චයවාරය නිස්සය වාරය සංසට්ඨවාරය සම්පයුත්තවාරය පඤ්හාවාරය යනාදී වාරවශයෙන්ද උප්පත්ති ක්‍රමය ප්රහාණක්රමය පටිපත්ති ක්‍රමය භූමි ක්‍රමය දෙශනාක්රමය යනාදී ක්රමවශයෙන්ද නොයෙක්ප්රකාර වෙත්.
මෙසේ අනන්තනය සමන්තපට්ඨාන මහාප්‍රකරණය සර්වඥතාඥාණය ගොචරකොටඇත්තේය. සර්වඥතාඥාණයද මේඅතිඋත්තමපරම ගාම්භීර ප්රස්ථානධර්මයම විෂයකොට පවත්නේමය.
තවද බුද්ධරාජ්යශ්රීපදප්රාප්තවූ සතරවන සප්තාහයෙහි දෙවියන් විසින් නිර්මිත රත්නඝරයෙහි වැඩසිට වදාරා තමන්වහන්සේවිසින් සුඛා පටිපදාඛිප්පාභිඤ්ඤා යන ප්‍රතිපදාවෙන් හා අග්රමාර්ගඥාණාවබොධයෙන් අවබොධකලාවූ සුවාසූදහසක් ධර්මස්කන්ධය පිළිවෙලින් සම්මර්ශනය කරමින්ගොස් අනන්තනයසමන්තපට්ඨානමහාප්රකරණය සම්මර්ශනය කිරීමට ප්රාරබ්ධකල්හි තමන්වහන්සේගේ ශ්‍රී සරීරයෙන් නීලපීතාදී ෂට්වර්ණබුද්ධරශ්මි කදම්බයන් ව්‍යාප්තවීමෙන් භවාග්රයදක්වා ධාවනය කරන්ට පටන්ගත්තාහ. මෙසේ වර්ණනාවිෂයාතික්රාන්තවූ බුද්ධඥානමහිමයෙන් අනන්තවූ මේප්රස්ථානමහාප්රකරණය සර්වඥශාසන ශීර්ෂයවේ එහෙයින් ශාස්ත්රාකල්ප නම්වූයේය.
තවද මේපරමාර්ත්ථ ධර්මයාගේ වර්තමාන උද්දීප්තිය ඇතිකලාවූ රත්මලානේ පණ්ඩිතශාලාධිපතිව විසුවාවූ කාලයාත්රාකල බුද්ධශාසන මහාසූරසෙනාපතියන රාජදත්තිය නාමොපලක්ෂිතවූ ඇම් ධර්මරත්න ලක්මිණිපහන් කර්තෘභූත පණ්ඩිත අපගුරුතුමානන් වෙතින් අභිධර්මය ඉගෙණිමපිණිස අභිලාෂිවූ මා ගාල්ලේ කිතුලම්පිටියේ ආනන්ද පරිවෙණාධිපති ගෞරවාර්හ පූජ්යාචාර්ය්ය වැලිවිටියේ ශ්රීධම්මදින්නා වාගීශ්වරාචාර්ය්ය ශ්‍රී ධම්මරතනාභිධාන ගාලුපලාතේ ප්රධානසඞ්ඝනායක මහාස්වාමිපාදයන් වහන්සේ වෙතින් අවසර ඇතුව මාගේ ඤාතිවරයෙකුවූ මාතර කිතුලේවල ජයමහාවිහාරාධිපති උගත් ආචාර්ය්ය බඹරැන්දේ රතනජොති ස්ථවිරස්වාමිපාදයන් වහන්සේ විසින් මෙහෙයන ලදුව කැබිලියපොල විහාරාධිපතිව වැඩවිසූ ගරු කැබිලියපොල ජිනරතන මහාස්වාමිපාදයන්වහන්සේවිසින් විශෙෂ ඇඳිනවීමකින් හා විශෙෂ ආධාර කිරීම් ඇතිව පැමිණීමෙන් ගොඩපිටියේ පුරාණ විහාරාධිපතිවීමෙන් හා කිරමගල් විහාරාධිපතිව විසූ අප ආචාර්ය්ය දන්කොළුවේ මහා ස්වාමිපාදයන් වහන්සේගෙන්හා දෙන් දියෝනිස් ගලගම සෙනරත් ධනපාලවිජේසිංහ මපියාණන්ඇතුළුවූ ඤාතිමිත්රදායකාදීන්ගෙන්ලබනලද ආධාර ඇතුව යථොක්ත ගුරුතුමානන් ඇසුරුකරමින් කලක් අභිධර්මය පුහුණුකරගැනීමෙන්ඒතුමාවෙතින්ලබනලදසන්නස්පත්රයක්ඇතුව පැමිණියාවූ මාවිසින් අනන්තනය සමන්තපට්ඨාන මහාප්රකරණයෙහි උද්දෙසවාරයට සකස්කරණලද ශාස්ත්රාකල්පනම්වූ අනන්තනයසමන්තපට්ඨාන මහාප්රකරණයෙහි උද්දෙසපාල්යර්ත්ථවර්ණනා විස්තරභාව සන්නය යන නමින් මෙය මුද්රණයකරවා ශ්‍රී සෙංඛණ්ඩශෛලාභිධාන ශ්රීවර්ධනපුර උපොෂිත පුෂ්පාරාම විහාරද්වයාධිපති අතිගරු අඹන්වැල්ලේ ශ්‍රී සිද්ධාර්ත්ථ සුමඞ්ගලාභිධාන ශ්යාමොපාලිවංශික මහානිකායේ මහානායක මාහිමියන් වහන්සේ ප්‍රධාන විංසතිවර්ගික අනුනායක කාරක මහාසඞ්ඝසභාවවෙත ඔප්පුකිරීමෙන්ප්රමුදිතවූ ගරුමහා සඞ්ඝසභාසම්මතයෙන් පිළිගෙණවදාළ ආභිධම්මික ශ්‍රී වාගීශ්වර යන ගරු උපාධිනාමය පත්කර වදාළසේක්මය.
මෙය මුද්‍රණය කිරීමට ආරාධනාකිරීමෙන් හා විශෙෂ ආධාර කල රංසැගොඩ පොතුවිලවලව්වේනිවාසී ලොකුහෙට්ටි අමරවික්‍රම මැතිතුමාටද සතුතිකරමි.
තවද මෙයමුද්රණයකිරීමපිණිස මුදල්දීමාදියෙන් උපස්තම්භකවූ චාර්ලස් විලියම් සේපාල රත්නායක රාලහාමි බී. මානවඩු ඇම්. සිඤ්ඤෝඅප්පු පී. ජයවර්ධන දිසානායක පී. චාර්ලස් කොටපොල උතුරෙ පොලිස්ඔෆිසර මහතා පී. ජී. ජෝනිස් කේ. දාවිත් අප්පු බී. ජුවානිස් අප්පු සී. ජේ. ඩබ්ලිව්. ගුණසේකර ඒ. බී. විජේසිංහ මහත්මාදී භවතුන්වෙතද මාගේසතුතිය මෙයින්ප්රකාශකරමි. මෙය නැවත මුද්‍රණය කරවීමේ බලය මාවෙතම තබාගත්බව ආණ්ඩුවට සහ මහජනයාවෙත මෙයින් දන්වමි.
මේවගට, ශාසනස්ථිතිකාමි බෙන්ගමුවේ චෙතියකන්දරාරාමාධිපති ආභිධම්මික ශ්‍රී වාගීශ්වර හඳුන්කඩුවේ සුමන උන්නාන්සේය
මේවගට, ශාසනස්ථිතිකාමි බෙන්ගමුවේ චෙතියකන්දරාරාමාධිපති ආභිධම්මික ශ්‍රී වාගීශ්වර හඳුන්කඩුවේ සුමන උන්නාන්සේය