56-AP-Patthanappakarana 2.pdf
- ප්‍රකාශිත වර්ෂය :
- 1989
- මුද්‍රිත වර්ෂය :
- 1989
- පිටු ගණන :
- 627
- බාගත කිරීම් ගණන :
- 2,250
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2019-07-20
- ගොනුවේ ප්‍රමාණය :
- 147 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්රන්ථ මාලාවේ 51 වන වෙළුම ලෙස මුද්‍රණය කරන ලද අභිධර්ම පිටකයේ සත්වන සහ අවසන් මහා ප්‍රකරණය වන පට්ඨානප්පකරණයේ දෙවන භාගය (ද්විතීය භාගය) මෙම ග්රන්ථයට ඇතුළත් වේ. මෙම වෙළුමෙහි තිකපට්ඨානයේ ඉතිරි කොටස් මෙන්ම දුකපට්ඨානයේ ආරම්භක කොටස් පාලි පෙළ සහ සිංහල පරිවර්තනය සහිතව සම්පාදනය කර ඇත.
අග්ගමහාපණ්ඩිත බලන්ගොඩ ආනන්දමෛත්රෙය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි, රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති හේගොඩ ඛේමානන්ද නායක ස්ථවිරයන් වහන්සේ සහ රාජකීය පණ්ඩිත නරමානේ බුද්ධරක්ඛිත ස්ථවිරයන් වහන්සේ විසින් මෙහි පෙළ සංශෝධනය සිදුකර තිබේ. ත්‍රිපිටක සම්පාදක මණ්ඩලයේ සභාපති හා ප්‍රධාන සංස්කාරක ධුරය හොබවන ලද්දේ ලබුගම ලංකානන්ද මහානායක මාහිමිපාණන් විසිනි.
ශ්‍රී ලංකා රජයේ සංස්කෘතික කටයුතු හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් බුද්ධ වර්ෂ 2531 (ක්‍රි.ව. 1989) දී මෙය ප්‍රකාශයට පත් කරන ලදී.
සංස්කාරක නිවේදනය
පට්ඨානප්පකරණයෙහි පළමු තිකපට්ඨානයේ කුසලත්තික, වෙදනාත්තික, විපාකත්තික, උපාදින්නත්තික, සංකිලිට්ඨත්තික, විතක්කත්තික, පීතිත්තික, දස්සනත්තික වශයෙන් ගෙන පඨම භාගය එලිදක්වන ලද්දේය.
මෙ මැ ද්විතීය භාගයෙහිලා පළමු තිකපට්ඨානයෙන් මැ දස්සනෙන පහාතබ්බ හෙතුක්තිකයේ සිටැ සනිදස්සනසප්පටිඝත්තික දක්වා වූ තික තුදුසෙක් ද, දෙවන දුකපට්ඨානයේ හෙතුදුකයේ සිටැ උපෙක්ඛාසහගත දුක දක්වා වූ දෙඅනූවක් දුක ගෙනැ සිටියේ වෙයි.
බුද්ධජයන්ති ත්‍රිපිටක ග්රන්ථමාලාවෙහි 51 වැනි ග්‍රන්ථය වූ පට්ඨානප්පකරණයෙහි ද්විතීය භාගය අග්ගමහාපණ්ඩිත බලන්ගොඩ ආනන්දමෛත්රෙය මහානායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ අනුශාසනා පරිදි, කොළඹ මාලිගාකන්දේ විද්‍යොදය පිරිවෙනෙහි උපප්‍රධානාචාර්ය රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති, හේගොඩ ඛේමානන්ද බස්නාහිර පළාතේ ප්‍රධාන අධිකරණ නායක ස්ථවිරයන් වහන්සේ සහ මොරටුව – එගොඩඋයන (දකුණ) ශ්‍රී ජිනෙන්ද්‍ර චෛත්‍යාරාමාධිපති රාජකීය පණ්ඩිත නරමානේ බුද්ධරක්ඛිත ස්ථවිරයන් වහන්සේත් මෙහි පදශොධනය කළහ.
සමාරම්භයේ සිටැ ත්‍රිපිටක සංස්කාරක මණ්ඩලයෙහි ක්‍රියාකරමින් සිට අපවත්වූ මහතෙරවරුන් ද ගුණදායක ප්රබුද්ධ ගිහි සුධීන් ද මෙහිදී කෘතවේදීත්වයෙන් ස්මරණය කරම්හ. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති තැන්පත් ශ්‍රීමත් ජේ. ආර්. ජයවර්ධන උතුමාණන්ගේ කාරුණික අනුග්‍රහය ද සංස්කෘතික කටයුතු හා දේශීයවෛද්‍ය අමාත්‍ය ගරු වී. ජේ. මු. ලොකුබණ්ඩාර මැතිතුමාණන්ගේ මෙහෙයවීම ද අනුස්මරණීය වෙයි. සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් තැන්පත් වෝල්ටර් ලද්දුවහෙට්ටි මහතාණන් හා අතිරේක ලේකම් අශෝකා ගුණවර්ධන මහත්මිය ද මෙහිලා පැසසිය යුත්තාහු වෙති. කලට වේලාවට මැනවින් මුද්‍රණ කටයුතු කරදුන් තිසර මුද්රණාලයාධිකාරීහු ද අපේ ප්‍රශංසාවට භාජන වෙති. හැම සුධීහු ම මෙමැ ධර්මදානමය කුශලයෙන් සුඛභාගී වෙත්වා!
ලබුගම ලංකානන්ද මහානායකස්ථවිර, ත්‍රිපිටක සම්පාදක මණ්ඩලයේ සභාපති හා ප්‍රධාන සම්පාදක, 1988 දෙසැම්බර් මස 24 වැනි දින, ප්‍රවචනෝදය පිරිවෙන, මොල්ලීගොඩ.