41-KN-Apadana Theri Apadana.pdf

ප්‍රකාශිත වර්ෂය :
1983
මුද්‍රිත වර්ෂය :
1983
පිටු ගණන :
274
බාගත කිරීම් ගණන :
1,526
වෙබ් අඩවියට එක් කළ දිනය :
2019-07-20
ගොනුවේ ප්‍රමාණය :
40 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 138

බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාවේ 37 (2) වැනි වෙළුම ලෙස ප්‍රකාශිත සුත්තන්තපිටකයේ ඛුද්දකනිකායට අයත් අපදානපාලි ද්විතීය භාගය (ථේරීඅපදාන) මෙහි අන්තර්ගත වේ. මෙම ග්‍රන්ථය පාලි මූලය සහ සම්පූර්ණ සිංහල පරිවර්තනයෙන් යුක්ත වේ.

හේරලියාවල සුධර්මාරාම විහාරාධිපති, ශාස්ත්‍රපති, විද්‍යාවිශාරද, රාජකීය පණ්ඩිත වේඩරුවේ සිරි අනොමදස්සි අනුනායක ස්ථවිරයන් වහන්සේ විසින් මෙහි පරිවර්තනය සිදු කර ඇති අතර ඇතැම් කොටස් ලබුගම ලංකානන්ද මහානායක ස්ථවිරයන් විසින් ද සම්පාදනය කර ඇත.

මෙහි ප්‍රධාන වශයෙන් ථේරී අපදාන ඇතුළත් වන අතර පහත දැක්වෙන වග්ග 4 කින් සමන්විත වේ:

  • 1. සුමෙධාවග්ගො
  • 2. එකූපොසථිකාවග්ගො
  • 3. කුණ්ඩලකෙසීවග්ගො
  • 4. ඛත්තියා වග්ගො

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අනුග්‍රහයෙන් බුද්ධ වර්ෂ 2526 (ක්‍රි.ව. 1983) දී දෙහිවල තිසර මුද්‍රණාලයේ මුද්‍රණය කරවා ප්‍රකාශයට පත් කරන ලදී.

සංස්කාරක නිවේදනය

සූත්‍රාන්ත පිටකයෙහි කුදුගත් සඟියට අයත් බුද්ධකපාවාදි පසළොස් ග්‍රන්ථයන් කෙරෙහි අපදානපාලිය තෙළෙස්වැනි ග්‍රන්ථය යි. බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාවෙහි ලා අපදානපාලිය කාණ්ඩ දෙකක් වශයෙන් ගෙන 36–37 වැනි ග්‍රන්ථයන් ලෙස මුද්‍රණය කරවීමට සම්මත කරන ලද්දේ ය. ලඞ්කාබෞද්ධ මණ්ඩලයේ ආරාධනයෙන් රාජකීය පණ්ඩිත තලල්ලේ ධම්මානන්ද නායක ස්ථවිරයන් වහන්සේ විසින් අපදාන පාලිය සපුරා හෙළ බසින් පරිවර්තන කොට ඇතැයි කියතුදු යසොධරාපදානයෙහි පටන් අවසාන කොටස ත්‍රිපිටක සම්පාදක මණ්ඩලයට නො ලැබුණු හෙයින් ථෙරාපදානයෙහි යසඅපදානය ද ථෙරී අපදානය ද නැවත පරිවර්තන කරන්නට සිදුවිය. එහෙයින් ත්‍රිපිටක සම්පාදක මණ්ඩලයේ සම්මතය පරිදි එකී ග්‍රන්ථශේෂය පරිවර්තන කරනු සඳහා වේඩරුවේ සිරි අනොමදස්ස්‍යභිධාන අනුනායක ස්ථවිරයන් වහන්සේට පවරා දෙන ලද්දේ ය.

සම්පාදකමණ්ඩලයේ සම්මතය ඉතා සතුටින් පිළිගත් අනුනායක ස්ථවිරයන් වහන්සේ පාඨ ශොධනය ද කරමින් අටුවාවක් හෝ ටීකාවක් වැනි පරිවාර ග්‍රන්ථයකුදු නැති ථෙරීඅපදාන පාලිය මැනවින් සිංහල භාෂාවට පරිවර්තන කළහ. එහිදු අවසානයෙහි අපදාන කිහිපයක් අපගේ පරිවර්තන වෙයි.

සංස්කෘතික අමාත්‍යාංශයේ අතිරේක ලේකම් තැන්පත් සෝමපාල ජයවර්ධන මහතාණන්ගේ ක්‍රියා සංවිධානය ඇති වැ සමාජවාදී ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ අනුග්‍රහයෙන් දෙහිවල තිසර මුද්‍රණාලයෙහි මුද්‍රණය කරවන ලද්දේ විය. සම්බුද්ධ ශාසනයාගේ උද්දීප්තියට කාරණ වූ ත්‍රිපිටක ධර්ම ප්‍රචාරයෙන් ජනිත වූ කුශලය මෙ මැ අධිකාරයෙහි සහාය වූ හැම දෙනකුන්ට මැ ආයුරාරොග්‍යාදි සම්පත් හා සගමොක් සුව පිණිස පවතිවා යි ආශංසනය කරම්හ.

මෙ වගට, ශාසනොදයකාරී,
ලබුගම ලංකානන්ද
මහානායක ස්ථවිර
ත්‍රිපිටක මණ්ඩලයේ ප්‍රධාන සම්පාදක

2526 / 1983 ජූලි 10 වැනි දින
ත්‍රිපිටක කාර්යාලය
මහානායක චාරිකාරාමය
115, විජේරාම මාවත,
කොළඹ 7.