35-KN-Mahaniddesa Pali.pdf

ප්‍රකාශිත වර්ෂය :
1961
මුද්‍රිත වර්ෂය :
1961
පිටු ගණන :
783
බාගත කිරීම් ගණන :
1,329
වෙබ් අඩවියට එක් කළ දිනය :
2019-07-20
ගොනුවේ ප්‍රමාණය :
168 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 392

මහානිද්දෙසපාළි යනු බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවේ 33 වන වෙළුම (සූත්‍රාන්ත පිටකයේ 27 වන ග්‍රන්ථය මෙන්ම ඛුද්දකනිකායේ 11 වන භාගය) ලෙස මුද්‍රිත පාලි මූලය සහ සිංහල පරිවර්තනයයි. සුත්තනිපාතයේ අට්ඨකවග්ගයෙහි එන සූත්‍රයන් ධර්මසේනාපති ශාරීපුත්‍ර මහරහතන් වහන්සේ විසින් විස්තරාර්ථ විභාග කරමින් දේශනා කරන ලද අයුරු මෙහි අන්තර්ගත වේ.

මෙම කෘතිය ලංකා බෞද්ධ මණ්ඩලයේ ආරාධනයෙන් මොල්ලීගොඩ ප්‍රවචනෝදය පිරිවෙන්හි උපප්‍රධානාචාර්ය පණ්ඩිත ලබුගම ලංකානන්ද ස්ථවිරයන් වහන්සේ විසින් සිංහලයට පරිවර්තනය කරන ලද අතර, තලගම ධම්මික හිමි සහ කරහම්පිටිගොඩ සුමනසාර හිමි විසින් ශෝධ්‍ය පත්‍ර පරීක්ෂාවෙන් සහාය ලබා දී ඇත. අවසාන සංස්කරණය පරවාහැර වජිරඤාණ නාහිමියන්ගේ සභාපතිත්වයෙන් යුතු ත්‍රිපිටක සංස්කාරක මණ්ඩලය මගින් සිදු කර ඇත.

බුද්ධ වර්ෂ 2505 (ක්‍රි.ව. 1961) දී ලංකාණ්ඩුවේ අනුග්‍රහයෙන් කොළඹ මහාබෝධි මුද්‍රණාලයේදී මෙය මුද්‍රණය කරවා ප්‍රකාශයට පත් කරන ලදී.

සංස්කාරක නිවේදනය

ත්‍රිපිටකපාළියෙහි සූත්‍රාන්තපිටකාන්තර්ගත ඛුද්දකනිකායෙහි එකාදශභාගය වශයෙන් සිංහල පරිවර්තනය සමග සකස් වූ මේ මහානිද්දෙසපාළිය බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාවෙහි සංඛ්‍යා වශයෙන් තෙතිස් වන - සූත්‍රාන්තපිටක ග්‍රන්ථසංඛ්‍යාවෙන් සත්විසිවන ග්‍රන්ථය වේ.

තථාගත ප්‍රණීත ධර්මාර්‍ණවඥානයෙහි කොටිප්‍රාප්ත ප්‍රථම අග්‍රශ්‍රාවක වූ ශාරීපුත්‍ර මහාස්ථවිරයන් වහන්සේ විසින් ලෞකික - ලොකොත්තරසමෘද්ධි සිද්ධිකර අර්ථපද - ව්‍යඤ්ජනපද සමායෝගයෙන් සමන්වාහෘත කොට නිදෙසූ ධර්මවිභාවනාවක් වශයෙන් සද්ධීර්තිකාරක මහරහතුන් විසින් සම්භාවිත වූ මහානිද්දෙසපාළිය ත්‍රිපිටකබුද්ධවචන විෂයයෙහි ප්‍රණීත වූ මහා ශබ්දකෝෂයක් වැනිය.

තථාගතෝද්දිට්ඨ එකපදපදියාක් මුන් ප්‍රකාශ කිරීමෙහි දී තථ, අවිතථ, අනඤ්ඤථ වශයෙන් එහි බැඳී ඇති යථාර්ථය ම ප්‍රකට කර ලීම සඳහා තථාගතයන් වහන්සේ විසින් ම අනුශිෂ්ට වූ ආනන්තර්‍ය්‍ය සමුදය දේශනා ඥානානුකූලවන සේ එක්රැස් කොට යොදූ ශාස්තෘකල්ප මහාප්‍රාඥයන් වහන්සේ විසින් නිර්දිෂ්ට වූ මහානිද්දෙසපාළිය සිංහලභාෂාවෙන් ව්‍යාඛ්‍යාන (සන්න) කිරීම ධර්මවිනය - ශබ්දශාස්ත්‍ර විෂයෙහි නිපුණ වූ අල්පෙශාක්‍ය ප්‍රාඥයෙකු විසින් ම කටයුතු බව මෙහි අමුතුව ලා කිය යුතු නො වේ.

ලංකා බෞද්ධමණ්ඩලයෙහි අයැදුම පිළිගෙන මේ දුෂ්කර කාර්ය්‍යයෙහි ප්‍රීතිමත් ව උද්‍යුක්ත වූ ලබුගම ලංකානන්ද, මොල්ලීගොඩ ප්‍රවචනොදය පිරිවෙන්හි උපප්‍රධානාචාර්‍ය්‍ය පණ්ඩිත ස්ථවිරයන් වහන්සේ නෛසර්ගික කාර්‍ය්‍යක්ෂම ඥානශක්තිය මෙහෙයවමින් ආගතාහාරය මැනැවින් රැස්ලා තිබෙන බව ග්‍රන්ථය කියවනු වන්ට ම පසක් වනු ඇත.

සිංහල, පාළි, සංස්කෘත භාෂාසාහිත්‍යයෙහි ද ධර්මවිනයපර්‍ය්‍යාප්තියෙහි ද හසල බුද්ධිමහිමයෙන් සරනැන් වූ ප්‍රතිභාඥාන ඇති ගුරුගුළුපැදි සිවුණ යුත් නිහතමාන නිරහංකාර පණ්ඩිත ස්ථවිරයන් වහන්සේ විසින් මේ මහානිර්දේශව්‍යාඛ්‍යානයෙහි දී පාළිවශයෙන් සුබොධපදයන්ට ගූඪාර්ථකථනය, දුර්බොධපදයන්ට සරලාර්ථකථනය, අර්ථ සුගම නැති තන්හි අතිරේකාර්ථ දැක්වීම ආදි - පුරාතනාචාර්‍ය්‍ය වරයන්ගේ ව්‍යාඛ්‍යානස්වරූප අනුගමනයෙන් පාලිපදවි නිරූපණය පමණක් නොව ආධුනිකානුග්‍රහය ද සිංහලසාහිත්‍ය පෝෂණය ද අපේක්ෂා කොට ඇති බව පෙනේ.

ග්‍රන්ථය හඳුන්වමින් සංඥාපනස්වරූපයෙන් උන්වහන්සේ විසින් ලියූ මුඛොද්ඝාතයෙන් ග්‍රන්ථාංගය විදහා ලමින් තදනුගත පර්‍ය්‍යෙෂණයන් පිණිස දක්වා ඇති උත්සාහයත්, ඇතැම් විචාරකයන් විසින් මහානිද්දෙසපාළිය පිළිබඳ කොට පහළ කරණ එල්ගුමත කරුණු සහිතව නිරාකරණය කෙරෙමින් ග්‍රන්ථගෞරවය යථා ස්ථානයට පමුණුවා තිබෙන සැටිත් පැසසිය යුතු ම ය.

පරිවර්තන කර්තෘන් වහන්සේ විසින් ම සැපයූ ගාථාදිපදසූචි ආදියෙන් යුත් මේ ග්‍රන්ථයෙහි ශොධ්‍යපත්‍ර බැලීමෙහි පණ්ඩිත තලගම ධම්මික ස්ථවිරයන් වහන්සේ ද, පණ්ඩිත කරහම්පිටිගොඩ සුමනසාර ස්ථවිරයන් වහන්සේ ද සහාය වූහ.

අපගේ අවසාන සංස්කරණයෙන් මුද්‍රණයට පැමිණි මේ මහනීය ධර්මග්‍රන්ථය සම්බන්ධයෙන් ස්වායත්ත කාර්‍ය්‍ය කරණයෙහි යෙදුනු ත්‍රිපිටකසංස්කාරක මණ්ඩලයෙහි ස්ථවිරයන් වහන්සේ ද ලංකාරජයේ සාංස්කෘතික කාර්‍ය්‍යාංශයෙහි අධිකාරීහු ද මහාබොධි මුද්‍රණාලයෙහි පාලනාධිකාරීන් හා ආයුක්ත පිරිස ද ධර්මදානමය පුණ්‍යමහිමයෙන් සුඛභාගී ක්ෂෙමාර්හී ආශංසනය කරම්හ.

පරවාහැර වජිරඤාණ ස්ථවිර
ත්‍රිපිටක පරිවර්තන කාරක සභාවෙහි ද
සංස්කාරක මණ්ඩලයෙහි ද
සභාපති.
ත්‍රිපිටක කාර්යාලය, ධර්මදූතාශ්‍රම විද්‍යාලය, දෙමටගොඩ, කොළඹ 9.

සංඥාපනය

යො පබ්බජි ජාතිසතානි පඤ්ච පහාය කාමානි මනොරමානි. තං වීතරාගං සුසමාහිතින්ද්‍රියං පරිනිබ්බුතං වන්දථ සාරිපුත්තං.

මහානිද්දෙසය:

අප බුදුන් බුදු වැ ධම්සක් පවත්වා පිළිවෙළින් ඉසිපතන වෙළුවන ජේතවන ආදි විහාරයෙහි වෙසෙමින් උත්තම පාත්‍රයන්ගෙ වශයෙන් වදාළ ගම්භීර වූ අත්ථ - ව්‍යඤ්ජන සම්පන්න සූත්‍රපදයන්ගෙ උත්තානීකරණය සඳහා සවුපැරුම්පැමිණි කෙළ පැමිණි ධම්සෙනෙවි සැරියුත් මහරහතුන් වහන්සේ විසින් දේශනා කල ධර්මවිභාගය නිද්දෙස නම් විය.

‘’පාඨො විසිද්ධො නිද්දෙසො තන්නාමවිසෙසිතො ව’’යි ඒ නිද්දෙස නම් කිමැයි දක්වති: බ්‍යඤ්ජනපාඨ අත්ථපාඨ යයි දෙ ලෙසින් සිටි පාඨ විස්තර විසින් එළවා දක්වනු නිද්දෙස නමි. නිද්දෙස සහභා කළ ග්‍රන්ථය ද උපචාර විසින් ‘නිද්දෙස’ නම් වී.

එහි බ්‍යඤ්ජනපාඨ ‘අක්ඛර - පද - බ්‍යඤ්ජන - ආකාර - නිරුක්ති - නිද්දෙස’ යැයි සයෙකි. අත්ථපාඨ ‘සංකාසන - පකාසන - විවරණ - විභජන- උත්තානීකරණ - පඤ්ඤත්තී’ යැයි සයෙක් වේ.

එහි දු පරිපුණ්ණ පදය හෝ, පදාවයව වූ වර්ණය හෝ, එකාක්‍ෂර පදය හෝ අක්‍ෂර යැ. විභක්ත්‍යන්ත වූ අත්ථද්‍යොතක අක්‍ෂර සමුදය පද යැ. පදය ව්‍යක්ත කොට පාල කරනුයෙ ව්‍යඤ්ජන යැ= වාක්‍ය යි. එ පදයෙන් අවියුක්ත වේ. වාක්‍යසඞ්ඛ්‍යාත බ්‍යඤ්ජනය තත් අයුරින් විභාග කරනු ‘ආකාර’ නමැ. ආකාරාභිහිත පදයාගෙ නිර්වචනය නිරුක්ති නමු. නිරවශෙෂ කොට විස්තර කරනු නිද්දෙස නමි.

සොළසාකාර අර්ථපාඨයෙහි සැකෙවින් අරුත් දක්වනු සංකාසනා යැ. මතුයෙහි කියැයුතු අරුත් පළමු කොට දක්වනු පකාසනා යැ. සැකෙවින් කී අරුත් විස්තර කොට කියනු ද, වරක් කියන ලද්ද වටාලා කියනු ද විවරණ නමැ. එ විවරණය විභාග කොට දක්වනු විභජන නමැ. විවෘත වූ අර්ථ විස්තර කරනු, උපමා එළවා දක්වනු උත්තානීකරණ නමැ. දහම් අසනුවන් සොම්නස් දනවා නොසියුම් නුවණැතියන් නුවණ තියුණු කරනුයෙ පඤ්ඤත්ති නමු.

පාඨය වැලිත් සඞ්ඛ්‍යාභාසිත බ්‍යඤ්ජනභාසිතාදි විසිතුරුදු, අත්ථය පාඨාර්ථ ස්වභාවාර්ථ න්‍යායාර්ථ්‍යාදි විසිතුරුදු අනෙකප්‍රකාර යැ. ඒ ඒ පාඨාර්ථ මැනැවින් දැන සිටියේ පරවාදීන් විසින් අනභිභවනීය වේ. මෙසේ අත්ථ ව්‍යඤ්ජන සම්පන්න කොට වදාළ හෙයින් ‘මහාපඨවි, මහාසමුද්ද’ සෙයින් මහත් වූ නිද්දෙස නුයි මහානිද්දෙස නම් වී. තෙල මහානිද්දෙසය ධම්සෙනෙවි සැරියුත්මහතෙරණුවන්ගෙ ප්‍රඥාමහිමයෙන් පහළ වූයේ වෙයි.