33-KN-Jataka Pali 2.pdf

ප්‍රකාශිත වර්ෂය :
1984
මුද්‍රිත වර්ෂය :
1984
පිටු ගණන :
513
බාගත කිරීම් ගණන :
1,217
වෙබ් අඩවියට එක් කළ දිනය :
2019-07-20
ගොනුවේ ප්‍රමාණය :
82 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 257

බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාවේ 31 වන වෙළුම (සූත්‍ර පිටකයෙහි 25 වන ග්‍රන්ථය) ලෙස පළ වූ ඛුද්දකනිකායට අයත් ජාතකපාළි - ද්විතීය භාගයයි.

මෙහි වීසති නිපාතයේ සිට අසීති නිපාතය දක්වා වූ නිපාත සතක අන්තර්ගත මාතංග ජාතකය ආදී ජාතක කතා 41ක් හා ගාථා 1992ක් අඩංගු වේ. මහරගම සිරි වජිරඤාණ ධර්මායතනාධිපති අතිපූජ්‍ය මඩිහේ සිරි පඤ්ඤාසීහ මහානායක ස්ථවිරයන් වහන්සේ විසින් සිංහල අනුවාදය සපයා ඇති අතර, ත්‍රිපිටක සම්පාදක මණ්ඩලයේ ප්‍රධාන සංස්කාරක ලබුගම ලංකානන්ද මහානායක ස්ථවිරයන් වහන්සේ ප්‍රමුඛ මණ්ඩලය විසින් පාඨශෝධනය සිදු කර ඇත.

මෙහි අඩංගු ප්‍රධාන නිපාතයන්:

  • වීසති නිපාතො (ජාතක 14)
  • තිංසති නිපාතො (ජාතක 10)
  • චත්තාලීස නිපාතො (ජාතක 5)
  • පණ්ණාස නිපාතො (ජාතක 3)
  • සට්ඨි නිපාතො (ජාතක 2)
  • සත්තති නිපාතො (ජාතක 2)
  • අසීති නිපාතො (ජාතක 5)

සංස්කාරක නිවේදනය

ජාතක පාලියෙහි එකක නිපාතය පටන් පකිණ්ණක නිපාතය අවසන් කොට ඇති නිපාත තුදුසෙකි. එහි අපණ්ණක ජාතකාදි සාරසියෙසයානූ (496) ජාතක කෙනෙක් ජාතකපාළි ප්‍රථම භාගයෙහි ඇතුළත් වූහ. එහි ගාථා සංඛ්‍යාව දෙදහස් තුන්සිය සත්විස්සෙකි. (2327)

මෙ මැ ද්විතීය භාගයෙහි ලා වීසතිනිපාත යැ තිංසති නිපාත යැ චත්තාලීස නිපාත යැ පණ්ණාස නිපාත යැ සට්ඨි නිපාත යැ සත්තති නිපාත යැ අසීති නිපාත යැ යන සත් නිපාතයන්හි සංග්‍රහ වූ මාතඞ්ග ජාතකය ආදිකොට ඇති එක්සාලිස් (41) ජාතක කෙනෙක් වෙත්. ගාථා එක්දහස් නවසිය දෙඅනූවකි. (1992)

බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාවෙහි එක්තිස් (31) වැනි ග්‍රන්ථය වූ ජාතකපාළි ද්විතීය භාගය ද මහරගම සිරිවජිරඤාණ ධර්මායතනාධිපති මඩිහේ සිරි පඤ්ඤාසීහාභිධාන මහානායක ස්ථවිරයන් වහන්සේ විසින් ම සිංහල අනුවාදය සපයන ලද්දේ ය. වත්මාන ත්‍රිපිටක මණ්ඩලයෙහි ශාස්ත්‍රාගමධර මහතෙරවරුන් විසින් පාඨශොධනය හා සිංහල අනුවාදය ද මැනැවින් සකස්කොට ගාථාදිපාද සූචිය ද සඤ්ඤා හා විශේෂපද සූචි ද සම්පාදනය කොට ඇත.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ සංස්කෘතික කටයුතු පිළිබඳ ගරු අමාත්‍ය තැන්පත් ඊ. ඇල්. බී. හුරුල්ලේ මැතිතුමාණන්ගේ මෙහෙයීමෙන් හා එ මැ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් තැන්පත් සෝමපාල ජයවර්ධන මහතාණන්ගේ විශේෂ උපදේශය ද, ඇතැම් අමාත්‍යාංශ භාරයේ පවත්නා රාජ්‍ය සංස්ථා සභාපතිවරුන්ගේ සානුකම්පිත පරිත්‍යාගයන් ද හේතුකොටගෙන බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාවෙහි මුද්‍රණය අවසානය කරා යෙමින් පවත්නා බව ද ප්‍රීතියෙන් සඳහන් කරම්හ.

ත්‍රිපිටක ධර්මව්‍යාප්තිය සඳහා නොයෙක් අයුරින් අනුබල දෙන හැම සුධීහු ධර්මදානමය කුශල හේතුවෙන් සුඛභාගී වෙත්වා යි ආශංසනය කරම්හ.

ජාතක ප්‍රස්තාවනාව තෘතීය භාගයෙහි ලා ප්‍රකාශ කරනු ලැබේ.

මේ වගට, ශාසනොදයකාරී, ලබුගම ලංකානන්ද මහානායක ස්ථවිර ත්‍රිපිටක සම්පාදක මණ්ඩලයේ ප්‍රධාන සංස්කාරක

2526 / 1984 පෙබරවාරි 25 වැනි දින 115, මහානායක චාරිකාරාමයේ ත්‍රිපිටක මණ්ඩලය, විජේරාම මාවත, කොළඹ 7.

ලබුගම ලංකානන්ද මහානායක ස්ථවිර, 1984 පෙබරවාරි 25 වැනි දින, කොළඹ 7