31-KN-Theragatha.pdf
- ප්‍රකාශිත වර්ෂය :
- 1972
- මුද්‍රිත වර්ෂය :
- 1972
- පිටු ගණන :
- 349
- බාගත කිරීම් ගණන :
- 1,535
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2019-07-20
- ගොනුවේ ප්‍රමාණය :
- 52 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
ථෙරගාථාපාලි (පස්වන භාගය) යනු බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්රන්ථ මාලාවේ 28 වන වෙළුම (සූත්‍ර පිටකයේ 22 වන ග්‍රන්ථය) ලෙස පළ වූ කෘතියයි. මෙහි ඛුද්දක නිකායට අයත් ථෙරගාථා පාලි පෙළ සහ එහි සම්පූර්ණ සිංහල අනුවාදය අන්තර්ගත වේ.
මෙම ග්‍රන්ථය ලංකා බෞද්ධ මණ්ඩලයේ ආරාධනයෙන් මාකඩවර විහාරාධිවාසී පණ්ඩිත කරහම්පිටිගොඩ සුමනසාර ස්ථවිරයන් වහන්සේ විසින් පරිවර්තනය කරන ලද අතර, ලංකාණ්ඩුවේ අනුග්‍රහයෙන් බු.ව. 2514 (ක්‍රි.ව. 1972) දී ප්‍රකාශයට පත් කරන ලදී.
බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ මහරහතන් වහන්සේලා විසින් විවිධ අවස්ථාවන්හිදී ප්‍රකාශ කරන ලද උදාන ගාථා සහ ධර්ම විවරණ මෙහි ඇතුළත් ය. ග්‍රන්ථය ආරම්භයේදී විස්තරාත්මක සංඥාපනයක් ද, අග කොටසේ ගාථාපාදානුක්රමණිකා, සංඥානාමානුක්රමණිකා සහ විශේෂ පදානුක්රමණිකා ආදී විමර්ශන සූචි ද අඩංගු කර ඇත.
සංස්කාරක නිවේදනය
ත්‍රිපිටක පාළියෙහි සූත්රාන්තපිටකයට අයත් කුදුගත් මහසඟියේ ක්ෂුද්රග්රන්ථයන් කෙරෙහි අටවැන්න වූ ථෙරගාථා පාළිය බුද්ධජයන්ති ත්‍රිපිටක ග්රන්ථමාලාවෙහි අටවිසි (28) වැන්නට පැමිණෙයි, ලංකාබෞද්ධමණ්ඩලය මගින් ප්‍රාරබ්ධ වූ සත්කාර්ය්යයන් අතුරෙහි අතිශයින් ප්රශංස්ය වූත් දුර්ඝට වූත් කෘත්‍යය වූයේ ත්රිපිටකග්රන්ථ සිය බසින් අරවා ප්‍රකාශ කිරීම ය. ලංකාබෞද්ධමණ්ඩලයේ ආරාධුම් පරිදි ථෙරගාථාපාළිය ද පරිවර්තිත වැ තුබූ නමුත් එය විධිමත් පරිවර්තනයක් නො වූයෙන් ත්‍රිපිටක සංස්කාරක මණ්ඩලය විසින් එය සපුරා පරිවර්තන කරන ලෙස පණ්ඩිත කරහම්පිටිගොඩ සුමනසාර ස්ථවිරයන් වහන්සේට පවරාදෙන ලද්දේ ය.
බොහෝසෙයින් බුදුරදුන්ගේ සම්මුඛශ්රාවක වූ මහරහතුන් විසින් තමන් තමන් වහන්සේගේ අධිගත ගුණ ප්‍රකාශ කිරීම් වශයෙන් ද උදාන වශයෙන් ද ඒ ඒ අවස්ථාවෙහි ප්‍රකාශ කළ ගාථා යථා විධින් ථෙරගාථායෙහි සංගෘහීත වැ ඇත. බුද්ධකාලීන මගධදේශීය ව්‍යවහාරය ද බසැගෙන සිටි ධර්මනීති විසිනුදු ගැඹුරු වූ ථෙරගාථාපරිවර්තනය සුකර නො වේ.
මොල්ලිගොඩ ප්‍රවචනෝදය පිරිවෙන්හි ආචාර්‍ය්‍යවරයකු ව සිටි සිංහල පාළි සංස්කෘත හින්දි ද්රාවිඩාදි භාෂාන්තරයෙහි ද ව්‍යාකරණ තර්කන්‍යාය ඉතිහාස පුරාවිද්යාදි ශාස්ත්‍රාන්තරයෙහි ද ධර්ම විනය විෂයෙහි ද අකුටිලඥාන ඇති කරහම්පිටිගොඩ සුමනසාර පණ්ඩිත ස්ථවිරයන් වහන්සේ පරිවර්තන කාර්ය්යය නිසිසේ සිදුකළ අතර ත්‍රිපිටක ග්රන්ථයන් පිළිබඳ වැ විවිධ දුර්මත පහළ කරනු වනට පිළිතුරු සපයන සාරගර්භ සංඥාපනය ද ග්‍රන්ථය පරිශීලනය කරනු වන් ගේ පහසුව සඳහා වෙන් වෙන මැ ගාථාදිපාද සංඥානාම හා විශේෂ පදයන්ගේ අනුක්රමණිකා සූචි ද මහත් පරිශ්‍රමයෙන් සපයන ලද වෙයි.
මේ කාර්ය්යය සපුරාලීම සඳහා ත්රිපිටකසම්පාදක මණ්ඩලයේ උපදේශක එකාබද්ධ අමරපුරමහානිකායේ සභාපති බලන්ගොඩ මහානායක ස්ථවිරපාදයන් වහන්සේ ද ත්රිපිටකසම්පාදක මණ්ඩලයේ සභාපති අහංගම විද්යාවංසපරිවේණාධිපති දක්ෂිණලංකාවේ ප්‍රධාන සංඝනායක ස්ථවිර පාදයන් වහන්සේ ද සහාය වූහ.
ශාසනාභිවෘද්ධියෙහි හේතු වූ මෙ මැ කාර්ය්යයට පුරෝගාමී ව සිටි ලංකාබෞද්ධමණ්ඩලයේ භවතුහු ද මුද්‍රණයෙන් ප්‍රචාරය කිරීමෙහි උත්සුක වූ සාංස්කෘතික අමාත්‍යාංශයේ සුධීහු ද මුද්රණශිල්පීහු ද මෙයින් ජනිත කුශල ඵලයෙන් සුඛිත වෙත්වයි ආශංසනය කරම්හ.
ලබුගම ලංකානන්ද ස්ථවිර
ත්‍රිපිටක සංස්කාරක මණ්ඩලයේ ප්‍රධාන සම්පාදක.
1972 ජනවාරි 22 වැනි දින
ත්‍රිපිටක කාර්ය්යාලයේ දී ය.
කොළඹ මහා නායක චාරිකාරාමය.
සංඥාපනය
ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදුරදුන් විසින් කලියුගවර්ෂ 2513 වැන්නෙහි ඇසළ පුරපසළොස්වක් දවස් දඹදිවැ බරණැසැ ඉසිපතන නම් වූ මිගදාවෙහි දී කොණ්ඩඤ්ඤ තෙරණුවන් ප්රමුඛ පස්වග මහණුනට දම්සක් පැවැතුම් සුතක් දෙසා කොණ්ඩඤ්ඤ තෙරණුවන් සෝවන් පෙලෙහි පිහිටුවා, නිකිමිණියැ අවපෑළවිය දවස් ‘භද්දිය’ තෙරණුවන් ද දියවක් දවස් ‘වප්ප’ තෙරණුවන් ද තියවක් දවස් ‘මහානාම’ තෙරණුවන් ද ජලවක් දවස් ‘අස්සජී’ තෙරණුවන් ද සෝවන් පෙලෙහි පිහිටුවා විසේනි දවස් අනත්තලක්ඛණ සූත්රදෙශනායෙන් පස් දෙනා වහන්සේ මැ රහත් පෙලෙහි පිහිටුවා, එතැන්හිදු භාවයෙන් පැවිදි උපසපන් කිරීමෙන් පිහිටුවා වදාළ සම්බුදු සසුන් හෙබ වූ ‘සුභූති’ ආදි දෙසිය සිව්සැටක් පමණ වූ ඤාතකාන්ය ස්ථවිරවරණයන් විසින් නිරාමිෂ ප්‍රීතිසෞමනස්‍යයෙන් උදානාදි විසින් භාෂිත වූ ගම්භීරාර්ථ ඇති ගුණකථා ප්‍රතිසංයුක්ත ආස්චර්ය්ය ගුණාත්මක ගාථා ථෙරගාථා නම් වෙයි.
එහි ඇතැම් ගාථා, ඒ ඒ තෙරවරුන් විසින් තමන් තමන් අධිගම කළ මගපලසුව ප්රත්යවේක්ෂා කිරීමෙන් උපන් ප්‍රීතිසෞමනස්‍යයෙන් කියූ උදාන වශයෙන් ද ඇතැම් ගාථා තමන් තමන්ගේ සමාපත්තිවිහාර ප්රත්යවේක්ෂා කිරීම් වශයෙන් ද ඇතැම් ගාථා, පැවිදි වශයෙන් ද ඇතැම් ගාථා, පිරිනිවන් සමයෙහි ශාසනයාගේ නෛර්‍ය්‍යාණික භාවය ප්‍රකාශ කිරීම් වශයෙන් ද එලවා ඇත. එහිදු ස්වයම්භූඥානයෙන් ප්‍රකාශිත ගාථා ද බුදුරදුන් වෙත අසා උගත් ගාථා ද ඇත. එ හැම ගාථා එක්රැස් කොට සංගීති කාලයෙහි ‘මහාකාශ්‍යප’ මහරහත් තෙරණුවන් ප්රමුඛ සංගීතිකාරක ක්ෂීණාස්රව මහතෙරවරුන් විසින් සූත්‍රාදි නවාංග ශාස්තෘශාසනයෙහි ගාථා වශයෙන් ලා සංගෘහීත යැ...