25-AN-Anguttara Nikaya 4.pdf

ප්‍රකාශිත වර්ෂය :
1970
මුද්‍රිත වර්ෂය :
1970
පිටු ගණන :
537
බාගත කිරීම් ගණන :
1,657
වෙබ් අඩවියට එක් කළ දිනය :
2019-07-20
ගොනුවේ ප්‍රමාණය :
99 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 269

බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවේ 21 වන කාණ්ඩය මෙන්ම සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ සතරවන භාගය (Volume IV) ලෙස මෙම කෘතිය පළ වී ඇත. මෙහි අන්තර්ගත වන්නේ අංගුත්තර නිකායේ ඡක්ක නිපාතය සහ සත්තක නිපාතයයි. පාලි පෙළ සහ ඊට මුහුණලා සිංහල පරිවර්තනය මෙහි සංග්‍රහ කර තිබේ.

ගම්පහ විද්‍යාරවින්ද පරිවෙණාධිපති හල්ගස්තොට ශ්‍රී දේවානන්ද නායක ස්ථවිරයන් වහන්සේ විසින් මෙහි මූලික සිංහල පරිවර්තනය සිදු කරන ලද අතර, අංගුත්තර නිකාය සංශෝධක මණ්ඩලය විසින් එය සංස්කරණය කර මුද්‍රණයට සුදුසු පරිදි සකස් කරන ලදී. ශ්‍රී ලංකා රජයේ අනුග්‍රහයෙන් බුද්ධශාසන මණ්ඩලය මගින් බුද්ධ වර්ෂ 2513 (ක්‍රි.ව. 1970) දී මෙය මුද්‍රණයෙන් ප්‍රකාශයට පත් කර ඇත.

මෙහි ප්‍රධාන මාතෘකා සහ වග්ග:

  • ඡක්කනිපාතො (ආහුනෙය්‍යවග්ගො, සාරාණීයවග්ගො, අනුත්තරියවග්ගො, දෙවතාවග්ගො, ධම්මිකවග්ගො, මහාවග්ගො, අනාගාමිවග්ගො, අරහත්තවග්ගො ආදිය)
  • සත්තකනිපාතො (ධනවග්ගො, අනුසයවග්ගො, වජ්ජිසත්තකවග්ගො, දෙවතාවග්ගො, මහායඤ්ඤවග්ගො, අබ්‍යාකතවග්ගො ආදිය)

සංස්කාරක නිවේදනය

අංගුත්තරනිකායෙහි ඡක්ක - සත්තකනිපාතයන්ගේ සිංහලපරිවර්තනය ද ගම්පහ විද්‍යාරවින්දපරිවෙණාධිපති හල්ගස්තොට ශ්‍රී දෙවානන්ද නායක-ස්ථවිරයන්වහන්සේ විසින් කරණ ලදී. ඒ පරිවර්තනය බොහෝ සෙයින් නිවරද වුවත් එලෙසින් මුද්‍රණයට පැමිණවීම පය්‍යාප්ත නොවුයෙන් ත්‍රිපිටක සංස්කාරක මණ්ඩලයේ අංගුත්තර නිකාය සංශෝධක ස්ථවිරවරුන් විසින් මුද්‍රණයට යෝග්‍ය සේ සකස් කරණ ලදී.

අංගුත්තර ඡක්ක - සත්තක නිපාතයන්ගෙන් යුත් මෙය අංගුත්තර චතුත්ථභාගය වශයෙන් ද ත්‍රිපිටක පොත් පෙළේ පසළොස්වන ග්‍රන්ථය වශයෙන් ද ත්‍රිපිටක බුද්ධජයන්ති ග්‍රන්ථමාලාවේ 21 වන ග්‍රන්ථය වශයෙන් ද සම්මත විය.

මේ ග්‍රන්ථය සංස්කරණය කිරීමෙහි ධර්‍මාවබොධය පිණිස ද සිංහල සාහිත්‍යයේ ආරක්‍ෂාව පිණිස ද විශේෂයෙන් උත්සාහ කරණ ලදී.

මේ ධර්‍මග්‍රන්ථය මුද්‍රණාද්වාරයෙන් ප්‍රසිද්ධියට පැමිණවීමෙන් ලත් පුණ්‍ය සම්භාරය සියල්ලෝම අනුමෝදන් වෙත්වා.

පරවාහැර වජිරඤාණ
ත්‍රිපිටක පරිවර්තන සභාවෙහිද
ත්‍රිපිටක සංස්කාරක මණ්ඩලයෙහිද
සම්පාදක
ත්‍රිපිටක කාර්යාලය,
174, සිරිවජිරඤාණ මාවත,
කොළඹ. 9.