23-AN-Anguttara Nikaya 2.pdf
- ප්‍රකාශිත වර්ෂය :
- 1962
- මුද්‍රිත වර්ෂය :
- 1962
- පිටු ගණන :
- 574
- බාගත කිරීම් ගණන :
- 1,622
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2019-07-20
- ගොනුවේ ප්‍රමාණය :
- 111 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
මෙම ග්‍රන්ථය බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්රන්ථ මාලාවේ 19 වන වෙළුම (සූත්‍රාන්ත පිටකයේ 13 වන ග්‍රන්ථය) වන අංගුත්තර නිකාය - දෙවන භාගය (චතුක්ක නිපාතය) වේ. චතුක්ක නිපාතයෙහි අඩංගු සියලු සූත්‍ර ධර්මයන් මෙහිදී පාලි පාඨය සහ සිංහල පරිවර්තනය මුහුණට මුහුණලා සිටින සේ සම්පාදනය කර ඇත.
ත්‍රිපිටක පරිවර්තන කාරක සභාවේ අංගුත්තර නිකාය සංශෝධක මණ්ඩලය වෙනුවෙන් පූජ්‍ය කෝදාගොඩ ඤාණාලෝක, පූජ්‍ය පරවාහැර පඤ්ඤානන්ද, සහ පූජ්‍ය කලල්ඇල්ලේ ධම්මානන්ද යන නාහිමිවරුන් විසින් මෙහි පරිවර්තන කටයුතු සිදු කර ඇති අතර, ග්රන්ථ සංස්කරණය පූජ්‍ය පරවාහැර වජිරඤාණ ස්ථවිරයන් වහන්සේගේ මූලිකත්වයෙන් නිමවා ඇත.
බුද්ධ වර්ෂ 2505 (ක්‍රි.ව. 1962) දී ලංකා ආණ්ඩුවේ අනුග්‍රහයෙන් මුද්‍රණය කරවා ප්‍රකාශයට පත් කරන ලද මෙහි, පඨම, දුතිය, තතිය ආදී පණ්ණාසක යටතේ විහිදුණු භණ්ඩගාම, චර, උරුවෙල, චක්ක, රෝහිතස්ස ආදී වර්ග රැසක් සහ දීර්ඝ රාගාදි පෙය්යාලය සවිස්තරාත්මක ව ඇතුළත් වේ.
සංස්කාරක නිවේදනය
අංගුත්තර නිකායෙහි චතුක්ක නිපාතය අවසන් කොට ඇති මේ ද්විතීය භාගය බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලා සංඛ්‍යාවෙන් එකුන්විසි (19) වැනි සූත්රාන්තපිටක ග්රන්ථ සංඛ්‍යාවෙන් තෙළෙස්වැනි ග්‍රන්ථයයි.
ත්‍රිපිටක පරිවර්තන සංස්කාරක සභාවෙහි අංගුත්තර නිකාය සංශොධක මණ්ඩලයට ඇතුළත් ශ්‍රී ලංකා විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයෙහි කථිකාචාර්ය්ය පණ්ඩිත කෝදාගොඩ ඤාණාලොක, දක්ෂිණ ලංකාවෙහි ප්‍රධාන සංඝ නායක ස්ථවිරයන් වහන්සේ, ශ්‍රී ලංකා විද්‍යොදය විශ්ව විද්‍යාලයෙහි කථිකාචාර්ය්ය දෙනමක් වන පණ්ඩිත පරවාහැර පඤ්ඤානන්ද ස්ථවිරයන් වහන්සේ හා පණ්ඩිත කලල්ඇල්ලේ ධම්මානන්ද ස්ථවිරයන් වහන්සේ යන තෙනම විසින් මෙය සිංහල භාෂාවට පරිවර්තනය කරණ ලදී. මේ පරිවර්තනය ද අර්ථව්යක්තියෙහි විසද වන්නා සේ ම සිංහල සාහිත්‍යයෙහි උද්දීපනයක් ද වන බව මෙය කියනුවෝ දැනගනිත් ම ය.
මේ කාණ්ඩය මුද්‍රණයට සකස් කිරීමේ දී පෙළෙහි දක්නා ලද පෙර සිට පැවැති ලිපි දෝෂයන් හා අපපාඨයන් ද සංකීර්ණ වූ පදවාක්යයන් හා අස්ථාන පතිත පෙය්යාලයන් ද යථාස්ථානයට පැමිණවීම සඳහා අප විසින් දරණ ලද ආයාසය අල්ප නොවේ. සූත්‍රාගත අර්ත්ථයට ගැළපෙන සේ සූත්‍ර නම් කිරීමත්, සූත්රාගතපාලිසම්බන්ධය ආකුල නොවන සේ පෙය්යාල සංකේත යෙදීමත්, අර්ත්ථාවබොධයට බාධාවන සේ පෙය්‍යාලයෙන් ඌන වූ තැන් පිරවීමත් මේ සංස්කරණයෙහි ඇති විශේෂයෝ ය.
මෙහි විශේෂයෙන් සැලකිය යුතු කරුණක් ද කියමි. සත්වීසි වර්ගයකින් ද පණ්ණාස පසකින් ද බෙදන ලද සූත්‍ර 273 ක් ඇති චතුක්ක නිපාතය අවසානයෙහි වර්ගසංඛ්යාවෙන් නො බෙදූ අතිරෙකයක් සේ එන සූත්‍ර 510 ක් ගර්භ කොට ඇති රාගාදි ක්ලේශ ප්රහාණය පිළිබඳ දෙශනාවෙකි. ධර්මසංගායනා දත් අංගුත්තර භාණකයන් විසින් පෙය්යාල ක්‍රමයෙන් සංක්ෂිප්ත කොට දැරූ බැවින් දෝ අංගුත්තර අටුවාචාර්ය්යයෝ එයට “රාගපෙය්යාල” යයි කියති. රාග, දොස, මොහාදි පද සතළොසක් සම්බන්ධ බැවින් එය එය “රාගාදි පෙය්යාල” යයි අප විසින් දක්වා ඇත. එහි පාලිය පැරණි පුස්කොළ පොත්හි ආසන්නයෙන් ම සිංහල අකුරෙන් ද සියම් අකුරෙන් ද මුද්‍රිත පොත්හිදු අනුප්රයුක්ත පෙය්‍යාලයෙන් සංක්ෂිප්ත කොට එක ම වාක්‍යයක් සේ දැක්වේ:—
“රාගස්ස භික්ඛවෙ අභිඤ්ඤාය චත්තාරො ධම්මා භාවෙතබ්බා, කතමෙ චත්තාරො: ඉධ භික්ඛවෙ භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං, වෙදනාසු —පෙ— චිත්තෙ —පෙ— ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. රාගස්ස භික්ඛවෙ අභිඤ්ඤාය ඉමෙ චත්තාරො ධම්මා භාවෙතබ්බා. රාගස්ස භික්ඛවෙ අභිඤ්ඤාය චත්තාරො ධම්මා භාවෙතබ්බා, කතමෙ චත්තාරො: ඉධ භික්ඛවෙ භික්ඛු අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති, උප්පන්නානං අකුසලානං ධම්මානං
පහානාය —පෙ— අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය —පෙ— උප්පන්නානං කුසලානං ධම්මානං ඨිතියා අසම්මොසාය භිය්යො භාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. රාගස්ස භික්ඛවෙ අභිඤ්ඤාය ඉමෙ චත්තාරො ධම්මා භාවෙතබ්බා. රාගස්ස භික්ඛවෙ අභිඤ්ඤාය චත්තාරො ධම්මා භාවෙතබ්බා, කතමෙ චත්තාරො: ඉධ භික්ඛවෙ භික්ඛු ඡන්දසමාධිපධානසඞ්ඛාර සමන්නාගතං ඉද්ධිපාදං භාවෙති, විරිය සමාධි —පෙ— චිත්ත සමාධි —පෙ— වීමංසා සමාධිපධානසඞ්ඛාර සමන්නාගතං ඉද්ධිපාදං භාවෙති රාගස්ස භික්ඛවෙ අභිඤ්ඤාය ඉමෙ චත්තාරො ධම්මා භාවෙතබ්බා. රාගස්ස භික්ඛවෙ පරිඤ්ඤාය — පරික්ඛයාය — පහානාය — ඛයාය — වයාය — විරාගාය — නිරොධාය — චාගාය — පටිනිස්සග්ගාය ඉමෙ චත්තාරො ධම්මා භාවෙතබ්බා —පෙ— දොසස්ස —පෙ— මොහස්ස —පෙ— කොධස්ස —පෙ— උපනාහස්ස —පෙ— මක්ඛස්ස —පෙ— පළාසස්ස —පෙ— ඉස්සාය —පෙ— මච්ඡරියස්ස —පෙ— මායාය —පෙ— සාඨෙය්යස්ස —පෙ— ථම්භස්ස —පෙ— සාරම්භස්ස —පෙ— මානස්ස —පෙ— [අතිමානස්ස —පෙ—] මදස්ස —පෙ— පමාදස්ස —පෙ— අභිඤ්ඤාය — පරිඤ්ඤාය—පරික්ඛයාය — පහානාය — ඛයාය — වයාය — විරාගාය — නිරොධාය— චාගාය — පටිනිස්සග්ගාය ඉමෙ චත්තාරො ධම්මා භාවෙතබ්බා”ති.
මෙහි “රාගස්ස භික්ඛවෙ අභිඤ්ඤාය චත්තාරො ධම්මා භාවෙතබ්බා, කතමෙ චත්තාරො” ආදි උද්දෙස — නිද්දෙස — නිගමන විසින් වදාළ කරුණු සතරින් සතරින් යුත් සූත්‍ර තුණකි. ඒ සූත්‍ර තදන්තර්ගත විෂයානුරූප ව “චතුසතිපට්ඨාන, චතුසම්මප්පධාන, චතුරිද්ධිපාද” නමින් අප විසින් වෙන් කොට දක්වා ඇත. (පිටු 492) මේ සූත්‍ර හා වෙන වෙන ම යෙදෙන රාගාදි පද සතළොස් දෙනෙකි. රාගාදි එක් එක් පදය හා සම්බන්ධ වන “අභිඤ්ඤාය” ආදි පද දසයකි. ‘රාගස්ස භික්ඛවෙ අභිඤ්ඤාය චත්තාරො ධම්මා භාවෙතබ්බා’ ආදි අනුප්රබද්ධපදස්ථානයෙන් යුත් දෙශනා ක්‍රමය අනුව එක් පදයකට යෙදෙන සූත්‍ර 30 ක් වේ. මෙසෙයින් සතළොස් පදයෙහි සූත්‍ර 510 කි. රාගාදි පෙය්‍යාලයෙහි මෙතෙක් සූත්‍ර ඇතුළත් බව ද එහි ක්‍රමය ද මෙහි මුද්‍රිත පාලියෙහි අප විසින් යොදා ඇති පෙය්‍යාලයෙන් හා අඩොලිපියෙන් දතහැකි වේ. අඩොලිපිය (පිටු 496-97) යෙදී ඇත්තේ රාගාදි සොළොස්පදයන්ගේ වශයෙනි. එය පෙළේ එන “අතිමාන පදය පිටපත් කරණ ලද සිංහල පොතේ ගිලිහී යාමෙන් වූ ප්රමාදයෙකි.
මේ ග්‍රන්ථය ද මුද්‍රණය කරවා ප්‍රසිද්ධ කිරීම සඳහා උපකාරී වූ ලංකාණ්ඩුව ද, එහි සංස්කෘතික කාර්ය්යාංශයෙහි අධිකාරීහු ද, සිංහල ජාතික මුද්‍රණාලයෙහි අධිකාරීන් හා මුද්‍රණ ශිල්පීහු ද, ග්රන්ථ පරිවර්තනය හා සංශොධනය කිරීමෙහි යෙදුනු ස්ථවිරයන් වහන්සේ ද ධර්මදානමය පුණ්‍යමහිමයෙන් සුඛභාගී වෙත්වා යි ආශංසනය කරම්හ.
මීට:
පරවාහැර වජිරඤාණ ස්ථවිර
ත්රිපිටකපරිවර්තන කාරක සභාවෙහි ද
සංස්කාරක මණ්ඩලයෙහි ද සම්පාදක.
බුද්ධ වර්ෂ 2505.
ත්‍රිපිටක කාර්ය්යාලය,
ධර්මදූතාශ්‍රම විද්‍යාලය,
දෙමටගොඩ පාර, කොළඹ.