19-SN-Samyutta Nikaya 4.pdf

ප්‍රකාශිත වර්ෂය :
1981
මුද්‍රිත වර්ෂය :
1981
පිටු ගණන :
749
බාගත කිරීම් ගණන :
1,877
වෙබ් අඩවියට එක් කළ දිනය :
2019-07-20
ගොනුවේ ප්‍රමාණය :
152 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 375

බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාවේ 16 වන වෙළුම ලෙස පළ වූ මෙය සූත්‍ර පිටකයට අයත් සංයුත්ත නිකායේ සතරවන භාගය හෙවත් සළායතන වර්ගයයි. මෙහි මූලික පාලි පෙළ සහ ඊට අනුරූප සිංහල පරිවර්තනය මුහුණට මුහුණ ලා මුද්‍රණය කර ඇත.

මෙම ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය රාජකීය පණ්ඩිත ගලගම සරණංකර ස්ථවිරයන් වහන්සේ විසින් සිදු කරන ලද අතර, පණ්ඩිත හැගොඩ ධම්මින්ද, පණ්ඩිත වතුගෙදර අමරසීහ සහ ගලගම සරණංකර යන තෙරවරුන්ගෙන් සමන්විත සංයුක්තනිකාය සංශෝධක මණ්ඩලය විසින් පාඨාන්තර සසඳා පරිවර්තනය සකස් කර ඇත. අනතුරුව ලබුගම ලංකානන්ද මහානායක ස්ථවිරයන් ඇතුළු ත්‍රිපිටක සම්පාදක මණ්ඩලය විසින් අවසාන සංස්කරණය සිදු කරන ලදී.

සළායතන වර්ගයට අයත් සූත්‍ර දේශනා අන්තර්ගත වන මෙහි ප්‍රධාන වග්ග කිහිපයක් පහත පරිදි වේ:

  • අනිච්චවග්ගො
  • යමකවග්ගො
  • සබ්බවග්ගො
  • ජාතිධම්මවග්ගො
  • සබ්බානිච්චවග්ගො
  • අවිජ්ජාවග්ගො
  • මිගජාලවග්ගො
  • ගිලානවග්ගො

ශ්‍රී ලංකා රජයේ අනුග්‍රහයෙන් බුද්ධ වර්ෂ 2524 (ක්‍රි.ව. 1981) දී ප්‍රකාශිත මෙම කෘතිය, ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ සභාපති අජන්ත විජේසේන මහතාගේ ධන පරිත්‍යාගයෙන් පිටපත් 3000ක් මුද්‍රණය කරවා ඇත.

සංස්කාරක නිවේදනය

බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලායෙහි සොළොස් (16) වැනි ග්‍රන්ථය වශයෙන් ද, සූත්‍රාන්තපිටකයෙහි දසවැනි ග්‍රන්ථය වශයෙන් ද සම්මත කළ, සංයුක්තනිකායෙහි සතරවැනි ‘සළායතනවග්ග’ය ශ්‍රී ලංකා බෞද්ධ මණ්ඩලය විසින් සිංහල භාෂාවෙන් තබාලීම සඳහා පවරන ලදුයේ විද්‍යොදය පිරිවෙන්හි ආචාර්‍ය්‍ය රාජකීය පණ්ඩිත ගලගම සරණංකර ස්ථවිරයන් වහන්සේට ය. උන් වහන්සේ විසින් යථාකාලයෙහි නිමහම් කළ එ මැ පරිවර්තනය සංයුක්තනිකාය සංශොධක මණ්ඩලයට අයත් පණ්ඩිත හැගොඩ ධම්මින්ද, පණ්ඩිත වතුගෙදර අමරසීහ, පණ්ඩිත ගලගම සරණංකර යන තෙරවරුන් විසින් පාලියෙහි ලිපිදොෂාදිය බැහැර කොට පාඨාන්තර යොදා සිංහල පරිවර්තනය සකස් කරන ලද්දේ ය.

ත්‍රිපිටක සංස්කාරකමණ්ඩලයෙහි ප්‍රධාන සම්පාදක ධුරය දැරූ දර්ශනවිශාරද පරවාහැර සිරි වජිරඤාණ නාහිමිපාණන් වහන්සේගේ මාර්ගෝපදේශ අනුවැ පෙය්‍යාලමුඛ, සූත්‍රනාම, සූත්‍රසංඛ්‍යා ආදිය ද යථොක්ත මණ්ඩලය මගින් මැ සකස් විය.

මුද්‍රණ අවස්ථාවට පැමිණි වර්තමාන ත්‍රිපිටක සම්පාදක මණ්ඩලයේ මහතෙරවරුන්ගේ විශේෂ පරිශ්‍රමයෙන් මහා විහාරාන්වයෙහි ආගත වාචනාමාර්ගය සලකමින් පාඨශොධනය ද, සියබසෙහි වාක්සම්ප්‍රදාය සුරක්ෂිත වනසේ පරිවර්තනය ද බෙහෙවින් සකස් කරන ලද්දේ විය.

විවිධ හේතූන් නිසා ත්‍රිපිටක ග්‍රන්ථයන්ගේ මුද්‍රණය මෙතෙක් ප්‍රමාද වෙමින් පැවැති නමුත් ශ්‍රී ලංකාද්වීපයෙහි අතිගරු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන උතුමාණන්ගේ කාරුණික අනුග්‍රහය ද, ගරු සංස්කෘතික අමාත්‍ය තැන්පත් ඊ. ඇල්. බී. හුරුල්ලේ මැතිතුමාණන්ගේ මෙහෙයවීම ද, සංස්කෘතික අතිරේක ලේකම් සෝමපාල ජයවර්ධන මහතාණන්ගේ බුද්ධිපූර්වක උද්‍යොගය ද නිසා සංයුක්ත නිකායෙහි මෙ මැ සතරවැනි භාගය මෙසේ නිමහම් කරන්නට හැකි විය. මෙහි තෘතීය භාගය රජයේ මුද්‍රණාලයෙහි මුද්‍රණය වෙමින් පවත්නේ යි.

තවද ආරම්භක බෞද්ධමණ්ඩලයෙහි හැම සුදින් හා මෙ මැ සත් කාර්‍ය්‍යයෙහි සහාය වන හැමදෙන ද ‘තිසර’ මුද්‍රණාලයාධිකාරීහු ද සද්ධර්මප්‍රවර්තක කුශල හේතුවෙන් සුභාගී වෙත්වායි ආශංසනය කරම්හ.

මෙවගට, ශාසනොදයකාරී, ලබුගම ලංකානන්ද මහානායකස්ථවිර ත්‍රිපිටකමණ්ඩලයේ ප්‍රධාන සම්පාදක. 1981 නොවැම්බර්මස 28 වැනි දින ත්‍රිපිටකකාර්යාලයේ දී ය. 115, විජේරාම මාවත කොළඹ 7.