17-SN-Samyutta Nikaya 2.pdf
- ප්‍රකාශිත වර්ෂය :
- 1962
- මුද්‍රිත වර්ෂය :
- 1962
- පිටු ගණන :
- 507
- බාගත කිරීම් ගණන :
- 1,702
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2019-07-20
- ගොනුවේ ප්‍රමාණය :
- 100 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්රන්ථ මාලාවේ 14 වන වෙළුම (සූත්‍රාන්ත පිටකයේ 8 වන ග්‍රන්ථය) වන සංයුත්ත නිකායේ ද්විතීය භාගය හෙවත් නිදාන වර්ගයයි.
මෙම ග්‍රන්ථය සිංහලයට පරිවර්තනය කිරීම මුලින් ආචාර්ය දෙහිගස්පේ පඤ්ඤාසාර නාහිමියන්ට පවරන ලද මුත් උන්වහන්සේගේ අසනීප තත්ත්වය හේතුවෙන් සංයුත්තනිකාය සංශෝධක මණ්ඩලයේ හැහෑගොඩ ධම්මදින්න නාහිමි, වතුහෙදර අමරසීහ නාහිමි සහ ගලගම සරණංකර හිමි යන හිමිවරුන් විසින් පරිවර්තනය කොට සකස් කර ඇත. පරවාහැර වජිරඤාණ ස්ථවිරයන් වහන්සේ විසින් සංස්කරණය කරන ලදුව ලංකා ආණ්ඩුවේ අනුග්‍රහයෙන් බු.ව. 2505 (ක්‍රි.ව. 1962) දී මුද්‍රණය කර ප්‍රකාශයට පත් කරන ලදී.
මෙහි අඩංගු ප්‍රධාන සංයුක්ත කොටස්:
- අභිසමය සංයුක්තය (පටිච්චසමුප්පාද ආදී සූත්‍ර)
- ධාතු සංයුක්තය
- අනමතග්ග සංයුක්තය
සංස්කාරක නිවේදනය
සංයුත්තනිකායෙහි නිදානවග්ගය අවසන් කොට ඇති සංයුත්ත නවයෙකින් යුත් ද්විතීයභාගය බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලා සංඛ්‍යායෙන් තුදුස් (14) වැනි, සූත්‍රාන්ත පිටක ග්රන්ථ සංඛ්‍යායෙන් අටවැනි ග්රන්ථ ය යි.
මේ භාගය සිංහල භාෂාවට පරිවර්තනය කිරීම සඳහා ශ්‍රී ලංකා බෞද්ධ මණ්ඩලය විසින් පවරණ ලද්දේ ආචාර්ය්ය පණ්ඩිත දෙහිගස්පේ පඤ්ඤාසාර නායක ස්ථවිරයන් වහන්සේට ය. උන්වහන්සේ රෝගී වීමෙන් ඒ කාර්යය පයොපාත නොවූ බැවින් ත්‍රිපිටක සංස්කාරක සභාවෙහි සම්මතයෙන් සංයුත්තනිකාය සංශෝධක මණ්ඩලයට අයත් පණ්ඩිත හැහැගොඩ ධම්මදින්න නායක ස්ථවිරයන් වහන්සේ, පණ්ඩිත වතුහෙදර අමරසීහ නායක ස්ථවිරයන් වහන්සේ, පණ්ඩිත ගලගම සරණංකර ස්ථවිරයන් වහන්සේ යන තෙනම විසින් සිංහලයට අමුතුවෙන් පරිවර්තනය කොට පෙළ ද ලිපිදොසාපගත කොට ලියා සූත්‍ර සංඛ්‍යා ද දක්වමින් සකස් කරණ ලදි.
මුද්රණාවස්ථාවෙහි දක්නා ලද සඛලිතස්ථාන හා ධර්මවිරොධස්ථාන ධර්මානුකූල ව යාථාවයට පත් කිරීම ද, සූත්‍ර ප්‍රදේශ හකුළුවාලීම් හඟවන අස්ථානපතිත පෙය්යාලමුඛ යුක්තස්ථානයෙහි යෙදීම හා වාක්‍ය සම්බන්ධය අවබොධයට නිසි වන සේ දත හෙත පරිදි යෙදිය යුතු පෙය්යාලමුඛ අඩී චතුරස්‍ර [—] රෙඛා අතර යෙදීම ද, ඇතැම් පාළි පදයකට යුක්තාර්ථ කථනය ද, දුර්ගම අර්ථයන් සුගම කොට අදොලිපි යෙදීම ද, විෂයානුරූප වන සේ ඇතැම් සූත්රනාමයන් සකස් කිරීම ද මෙහි අප විසින් කරණ ලද සංස්කරණයෝ වෙති.
පරිවර්තක ස්ථවිරවරුන් විසින් සම්පාදිත විසයසූචි, ගාථාප්රපාද-සඤ්ඤානාම - පදානුක්රමණිකා සහිත මේ පෘථුලනිබන්ධග්රන්ථය මුද්‍රණද්වාරයෙන් ප්‍රසිද්ධියට පමුණුවාලීමෙන් ජනිතකුසලමහිමයෙන් පරිවර්තක - සංශොධන - සංස්කරණ කාර්‍ය්‍යයන්හි නියුක්ත සහකාරී තෙරවරු ද, ලංකා රජය හා සංස්කෘතිකකාර්ය්යාංශයෙහි අධිකාරීහු ද, මුද්රණශිල්පීහු ද ප්රත්යයානුරූප සේ ලෞකික - ලොකොත්තර සුඛලාභීහු වෙත්වා.
පරවාහැර වජිරඤාණ ස්ථවිර.
ත්‍රිපිටක පරිවර්තන කාරක සභාවෙහි ද
සංස්කාරක මණ්ඩලයෙහි ද සම්පාදක.
ත්‍රිපිටක කාර්ය්යාලය, ධර්මදූතාශ්‍රම විද්‍යාලය.
දෙමටගොඩ, කොළඹ.