15-MN-Majjhima Nikaya 3.pdf
- ප්‍රකාශිත වර්ෂය :
- 1974
- මුද්‍රිත වර්ෂය :
- 1974
- පිටු ගණන :
- 654
- බාගත කිරීම් ගණන :
- 2,002
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2019-07-20
- ගොනුවේ ප්‍රමාණය :
- 141 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්රන්ථ මාලාවේ 12 වන වෙළුම වන මෙය, සූත්‍ර පිටකයට අයත් මජ්ඣිම නිකායේ තෙවන හා අවසාන කොටස වන උපරි පණ්ණාසක පාලිය සහ එහි සිංහල අනුවාදය ඇතුළත් කෘතියයි. බු.ව. 2517 (ක්‍රි.ව. 1974) දී ශ්‍රී ලංකා ජනරජය මඟින් මෙය ප්‍රකාශයට පත් කරන ලදී.
මෙහි පාලි පෙළ ශෝධනය මෙන්ම සිංහල පරිවර්තනය සිදුකර ඇත්තේ ලබුගම ලංකානන්ද අනුනායක ස්ථවිරයන් වහන්සේ විසිනි. කරහම්පිටිගොඩ සුමනසාර ස්ථවිරයන් වහන්සේ පරිවර්තන කටයුතු සඳහා සහාය වී ඇත.
මෙම ග්‍රන්ථය ප්‍රධාන වශයෙන් වර්ග පහකින් සමන්විත වේ:
- දෙවදහ වග්ගය
- අනුපද වග්ගය
- සුඤ්ඤත වග්ගය
- විභංග වග්ගය
- සළායතන වග්ගය
සංස්කාරක - නිවෙදනය
පරවාදමථනය විශේෂ ලක්ෂණ කොට ඇති මජ්ඣිමභාණයට අයත් උපරිපණ්ණාසකපාළියෙහි මේ සිංහල පරිවර්තනය එහි තෙවන කාණ්ඩය වේ. පිටකග්රන්ථ - සංඛ්‍යා වශයෙන් සූත්‍රාන්තපිටකයෙහි සවැනි වූ ද, මුද්‍රිත කාණ්ඩ සංඛ්යාවශයෙන් බුද්ධජයන්ති ත්‍රිපිටක ග්රන්ථමාලාවෙහි දොළොස් වැනි වූ ග්‍රන්ථය ද වේ. පුස්කොළ පොත් හා මුද්‍රිත සියම් බුරුම ආදි පොත් හා වහල් කොට ගෙනැ මෙහි පාඨශෝධනය අප විසින් කරන ලදි. ත්‍රිපිටක මණ්ඩලයෙහි සාමාජික වූ රාජකීය පණ්ඩිත කරහම්පිටිගොඩ සුමනසාර ස්ථවිරයන් වහන්සේ සහාය කොට ගෙනැ මෙ පරිවර්තන කාර්ය්යය අප මැ කළබව මෙහිලා සඳහන් කරම්හ. අව්‍යක්ත භාෂාව තබා ව්‍යක්ත භාෂාවෙන් පරිවර්තන කාර්ය්යය කරන ලදි. දෙශනායෙහි ගෞරවය හා සිංහල සාහිත්‍යයෙහි අභිවෘද්ධිය පිණිසැ මුලැ සිටැ මැ ව්‍යක්ත භාෂාව උපයෝග කොටගත් බව මෙහි කියයුතු යැ. ත්‍රිපිටක පරිවර්තන සම්පාදක මණ්ඩලයෙහි සභාපති වූ අහංගම විද්යාවන්ද්ර පරිවෙණාධිපති, ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය්ය කෝදාගොඩ ශ්‍රී ඥානාලොකාභිධාන දක්ෂිණ ලංකාවෙහි ප්‍රධාන සංඝනායක ස්ථවිරයන් වහන්සේ ද මෙහි ලා වහල් වැ සිටි බව සඳහන් කරම්හ. මැදුම් සඟිය පිළිබඳ වැ කියයුතු හැම ප්‍රථම භාගයෙහි ලා ලියූ සංඥාපනයෙහි පළ වැ ඇතියෙන් මෙහි පුනපුනා සඳහන් කළයුතු නොවේ.
ත්‍රිපිටක පරිවර්තන සම්පාදක මණ්ඩලයෙහි සාමාජිකයන් වූ ද, කොළඹ විද්‍යොදය පිරිවෙන්හි ආචාර්‍ය්‍යවරයන් වූ ද, ශාස්ත්‍රපති, විද්‍යාවිශාරද, රාජකීය පණ්ඩිත, රද්දැල්ලේ සිරි පඤ්ඤාලොකාභිධාන අනුනායක ස්ථවිරයන් වහන්සේ ද, ශාස්ත්‍රපති, විද්‍යාවිශාරද, රාජකීය පණ්ඩිත, වේබඩුවේ සිරි අනොමදස්සී නායක ස්ථවිරයන් වහන්සේ ද මුද්රණාවස්ථාවෙහි සංශෝධන කාර්ය්යය පිණිසැ බෙහෙවින් වෙහෙස දැරූබව සඳහන් කරම්හ.
මුද්‍රණය වහවහා නිමකරවාලීම පිණිසැ සංස්කෘතික අධ්යක්ෂ ඩොනල්ඩ් අබේසිංහ මහතාණන් ප්රමුඛ ශ්‍රී ලංකා සංස්කෘතික - මණ්ඩලයෙහි අධිකාරීන් දැරූ සැලකිල්ල ද පැසසිය යුතු බව සඳහන් කළයුතු වෙයි. රජයෙහි මුද්‍රණ දෙපාර්තමේන්තුවෙහි මුද්‍රණාලයාධිපති ඇල්. ඩබ්ලිව්. පී. පීරිස් මහතා හා ත්‍රිපිටක මුද්‍රණ කාර්යාලයයෙහි නියුක්ත සේවක මහතුන් ඉතා සැලකිල්ලෙන් මෙහි ලා ක්‍රියා කළ බව විශේෂයෙන් සඳහන් කළ යුතු ද වේ. මේ පින්වතුන්ගේ කාර්ය්ය ශූරභාවය ත්‍රිපිටක මණ්ඩලයෙහි සිටුනා හාමගේ චිත්තාරාධනයට සමත්ථ ද වියැ. ත්‍රිපිටක කාර්යාලය පිහිටි මහානායක චාරිකාරාමයෙහි භාරකාර වන ඇම්. ඒ. ආර්. සමරසිංහ මහතා ඇතුළු සේවක පිරිස ඉතා හිතවත් වැ උපස්ථානාදියෙන් වහල්වැ සිටිබව ද මෙහිලා කියයුතු වෙයි.
තවද ශ්‍රී ලංකා ජනරජයෙහි අග්‍රාමාත්‍යවරිය වන සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය මේ පරිවර්තන කාර්යයෙහි ලා දක්වන බලවත් ප්‍රසාදය හා තදනු වැ සංස්කෘතික අමාත්‍ය ඇස්. ඇස්. කුලතිලක මැතිතුමාණන් හා අමාත්‍යාංශයෙහි ලේකම් හේමසිරි ප්‍රේමවර්ධන මහතාණන් වෙතින් ලැබුණු වහල ද තුති පෙරටු කොට සඳහන් කළයුතු ද වේ.
ත්‍රිපිටක සංස්කාරක මණ්ඩලයෙහි ලේඛකාධිකාරී වන පණ්ඩිත දෙරණගමුවේ සිරි ධම්මපාලාභිධාන කොළඹ දිශාවෙහි ප්‍රධාන සංඝ නායක ස්ථවිරයන් වහන්සේ ද මෙහි ඉවහල් වැ ක්‍රියා කළබව අවසාන වශයෙන් සඳහන් කරම්හ.
‘බුද්ධජයන්ති’ය නිමිති කොට ආරම්භ කළ ත්‍රිපිටක පරිවර්තන කාර්‍ය්‍යයෙහි දව්රැය වෙහෙස දරමින් ක්‍රියා කළ, ශ්‍රී ලංකා විද්‍යොදය විශ්වවිද්‍යාලයෙහි උපකුලපති වැ වැඩසිටි අතිගෞරවාර්හ ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය්ය, දර්ශන විශාරද පරවාහැර සිරි වජිරඤාණාභිධාන කොළඹ නවකෝරළයෙහි ප්‍රධාන සංඝනායක මහා ස්ථවිරයන් වහන්සේ ඇතුළු කොට, අපවත් වූ සංස්කාරක ස්ථවිරයන් වහන්සේ හැම හා මේ කාර්‍ය්‍යයෙහි නියුක්ත හැම සුධීහු ද, ආධාර උපකාර කළ සියලු භවත්හු ද, මේ ධර්මදානමය කුශලයෙන් භවනිස්සරණය කෙරෙත්වායි ආශංසනය කරම්හ.
ශාසනස්ථිතිය පතන,
ලබුගම ලංකානන්ද
ත්‍රිපිටක පරිවර්තන සම්පාදක මණ්ඩලයෙහි ප්‍රධාන සංස්කාරක.
රජයෙෂි : 1974. 6. 10