09-VP-Parivara Pali 2.pdf

ප්‍රකාශිත වර්ෂය :
1979
මුද්‍රිත වර්ෂය :
1979
පිටු ගණන :
352
බාගත කිරීම් ගණන :
1,498
වෙබ් අඩවියට එක් කළ දිනය :
2019-07-20
ගොනුවේ ප්‍රමාණය :
66 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 177

බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවේ 6 වන වෙළුම වන විනය පිටකයේ ‘පරිවාරපාළි’ ග්‍රන්ථයේ දෙවන කාණ්ඩයයි. හැදෑරීමේ සහ පරිහරණයේ පහසුව පිණිස පරිවාරපාළිය කොටස් දෙකකට බෙදා මුද්‍රණය කර ඇති අතර, මෙහි ඛන්ධකපුච්ඡා පටන් අවසානය දක්වා කොටස් අන්තර්ගත වේ.

මෙහි පාලි පෙළ සහ සිංහල පරිවර්තනය මුහුණට මුහුණ ලා දක්වා ඇත. පොල්ගහවෙල විද්‍යෝදය පරිවේණාධිපති කෙසෙල්වතුගොඩ ශ්‍රී රතනජොති නායක ස්ථවිරයන් වහන්සේ විසින් සිංහල පරිවර්තනය සිදු කර ඇති අතර, අග්ගමහාපණ්ඩිත බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමි, විද්‍යාවිශාරද රද්දැල්ලේ ශ්‍රී පඤ්ඤාලෝක අනුනාහිමි ඇතුළු ත්‍රිපිටක සම්පාදක මණ්ඩලය විසින් පාඨශෝධනය හා සංස්කරණය කර ඇත. ලබුගම ලංකානන්ද මහානායක හිමිපාණන්ගේ සංස්කාරක නිවේදනයක් මෙහි ඇතුළත් වේ.

  • ඛන්ධකපුච්ඡා
  • එකුත්තරිකං
  • උපොසථාදි පුච්ඡා-විස්සජ්ජනා සහ අත්ථවසපකරණං
  • ගාථාසංගණිකං සහ අධිකරණභෙදො
  • චොදනාකණ්ඩං, චූළසංගාමො, මහාසංගාමො
  • කථිනභෙදො සහ උපාලිපඤ්චකං
  • සමුට්ඨානං සහ සෙදමොචනගාථා

සංස්කාරක නිවේදය හා සංඥාපනය

විනයපිටකයෙහි පස්වැනි ග්‍රන්ථය වූ පරිවාරපාළි බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාවෙහි සවැනි ග්‍රන්ථය ලෙස සලකන ලද වෙයි. එහෙත් ග්‍රන්ථය හැදෑරීමෙහි පහසුව සලකා නියතස්ථානයෙහි ඡේද වෙන් කරමින් සිංහල පරිවර්තනය සමග මුද්‍රණය කිරීමේ දී ග්‍රන්ථය සුවසේ පරිහරණ නොකළහෙණසෙ මහත්ත්වයට පැමිණෙන බව පෙනුණු හෙයින් පරිවාරපාළියෙහි “සමථභේදය” අවසන් කොට ඇති ග්‍රන්ථප්‍රදේශය 1. කාණ්ඩය ලෙස ක්‍රි. ව. 1977 දී පළකරවන ලද්දේය.

ඛන්ධකපුච්ඡායෙහි පටන් නවසංගහවග්ගය අවසන් කොට ඇති ග්‍රන්ථශෙෂය පරිවාරපාළියෙහි 2 කාණ්ඩය ලෙස පළ වෙයි. පරිවාරපාළිය ගෙන කියැයුතු යම් දැයෙක් වේ නම් එ හැම ප්‍රථම කාණ්ඩයෙහි ලියූ සංඥාපනයෙන් දතහෙන හෙයින් මෙහි ලා වෙන මැ සංඥාපනයක් නොලියම්හ. අර්ථීන් විසින් එ සංඥාපනය බලන්නේ මැනැවි.

ලංකා බෞද්ධ මණ්ඩලයේ ආරාධනය පරිදි පරිවාරපාළිය සිංහල භාෂාවෙන් පරිවර්තන කළාහු පොල්ගහවෙල විද්‍යොදය පරිවෙණාධිපති උපාධ්‍යායභූත කෙසෙල්වතුගොඩ සිරි රතනජොත්‍යභිධාන නායක මහාස්ථවිරපාදයන් වහන්සේ යැ ධර්මවිනයධර බහුශ්‍රැත පණ්ඩිතවරයාණකෙනකු වූ උන්වහන්සේ යථාකාලයෙහි නිමහම් කළ සිංහල පරිවර්තනය වර්තමාන ත්‍රිපිටක සම්පාදක මණ්ඩලයේ බහුශ්‍රැත මහතෙරවරුන් විසින් පාඨශෝධන පූර්වක වැ සංස්කරණය කරන ලද්දේය. මෙහි රචනා ශෛලිය හා අක්ෂරවින්‍යාසය ද පරිවර්තක නාහිමියන් විසින් අනුගමනය කළ සම්ප්‍රදාය නොපිරිහෙණසේ යොදා ඇත.

භික්ෂූන් වහන්සේගේ විනයඥානය සඳහා අතිශයින් ඵලවත් වූ පරිවාරපාළිය සුගම වූ සිංහලයෙන් පරිවර්තන කොට ප්‍රකාශයට පමුණුවාලන්නට ලැබීම ශාසනස්ථිතිකාමී සකල සිංහල බෞද්ධජනතාවගේ ප්‍රමෝදයට හේතු වේ යයි සිතමි. මේ සත්ක්‍රියාවෙහි පුරෝගාමී වූ ලංකාබෞද්ධමණ්ඩලයෙහි පින්වත්හු ද සංස්කෘතික අධිකාරියෙහි නියුක්ත සියලු, සුධීහු ද ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය ද ධර්මදානමය කුශලහේතුවෙන් නිරාමය වෙත්වායි ආශංසනය කරම්හ.

හැමසත්නට සෙත් වේවා!

මෙවගට, ශාසනොදයකාරී

ලබුගම ලංකානන්ද ස්ථවිර
ත්‍රිපිටක මණ්ඩලයේ ප්‍රධාන සම්පාදක.
1979 ජූනි මස 09 වැනි දින
මහානායකවාරිකාරාමය.