08-VP-Parivara Pali 1.pdf

ප්‍රකාශිත වර්ෂය :
1977
මුද්‍රිත වර්ෂය :
1977
පිටු ගණන :
414
බාගත කිරීම් ගණන :
1,446
වෙබ් අඩවියට එක් කළ දිනය :
2019-07-20
ගොනුවේ ප්‍රමාණය :
67 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 208

බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාවේ සවැනි වෙළුම (භාගය 1) ලෙස ප්‍රකාශිත මෙම කෘතිය විනය පිටකයේ අවසාන ග්‍රන්ථය වන පරිවාර පාලියෙහි මුල් භාගය අන්තර්ගත කරයි. මුල් පාලි පාඨය සහ ඊට අදාළ සිංහල පරිවර්තනය මෙහි මුහුණට මුහුණ ලා දක්වා ඇත.

ලංකා බෞද්ධ මණ්ඩලයේ ආරාධනයෙන් මෙහි සිංහල පරිවර්තනය සිදුකර ඇත්තේ පොල්ගහවෙල විද්‍යොදය පරිවෙණාධිපති කෙසෙල්වතුගොඩ ශ්‍රී රතනජොති නායක ස්ථවිරයන් වහන්සේ විසිනි. බුද්ධ ජයන්ති ත්‍රිපිටක සම්පාදක මණ්ඩලය විසින් පාඨශෝධනය කර සංස්කරණය කරන ලදුව ශ්‍රී ලංකා ජනරජය මගින් 1977 දී මුද්‍රණය කොට ප්‍රකාශයට පත් කර ඇත.

මහා විභංගයට අයත් කත්ථ පඤ්ඤත්තිවාරය, කතාපත්තිවාරය ආදී ප්‍රධාන විනය විනිශ්චයන් හා මාතෘකා විග්‍රහයන් මෙහි ඇතුළත් වේ.

සංස්කාරක නිවේදනය

මහාකාරුණික වූ තථාගත සම්මා සම්බුදුරදුන්ගේ ආඥාදෙසනා සංඛ්‍යාත විනයපිටකයට අයත් ග්‍රන්ථ පඤ්චකයෙහි පස්වැනි ග්‍රන්ථය වූ පරිවාරපාළිය බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාවෙහි සවැනි ග්‍රන්ථය වශයෙන් සම්මත කරන ලද්දේය, එහෙත් අත්‍ථාවබෝධයට පහසු වන පරිදි නියත ස්ථානයෙහි ඡේද වෙන් කරමින් සිංහල පරිවර්තනය සමග මුද්‍රණය කරවීමේ දී සුවසේ පරිහරණ නො කළ හෙන සේ ග්‍රන්ථය ප්‍රමාණයෙන් විශාලබවට යන බව පෙනීගිය හෙයින් චුල්ලවග්ගපාළිය සෙයින් මේ පරිවාරපාළිය ද කාණ්ඩ දෙකක් වශයෙන් ප්‍රකාශයට පමුණුවන බව සඳහන් කරම්හ. මෙසේ පරිවාරපාළියෙහි ‘සමුට්ඨානභේද’ය අවසාන කොට ඇති කොටස ප්‍රථම කාණ්ඩය ද, ‘ඛන්ධකපුච්ඡා’ යෙහි පටන් ඉතිරිය ද්විතීය කාණ්ඩය ද වන්නේ ය.

ලංකා බෞද්ධ මණ්ඩලයේ සමාරාධනය පරිදි පරිවාරපාළිය සිංහල භාෂාවෙන් පරිවර්තන කළාහු පොල්ගහවෙල විද්‍යොදය පරිවෙණාධිපති උපාධ්‍යායභූත කෙසෙල්වතුගොඩ ශ්‍රී රතනජොත්‍යභිධාන නායක මහාස්ථවිර පාදයන් වහන්සේ ය. ඔබ පාලි සංස්කෘතාදි භාෂාශාස්ත්‍ර විෂයෙහි ද තථාගතප්‍රවීදිත වූ ධර්මවිනය දෙක්හි ද නිපුණ වූ ශික්‍ෂාකාමී බහුශ්‍රුත පණ්ඩිතවරයෙකෙකි. පාඨශොධන පූර්වික පරිවාරපාළි සිංහලපරිවර්තනය යථාකාලයෙහි ත්‍රිපිටක මණ්ඩලය වෙත පමුණුවන ලදුයේ විනය සිංහල පරිවර්තන ශෝධක අනුමණ්ඩලය විසින් සංස්කරණය කරනලද්දේ ද විය

වර්තමාන ත්‍රිපිටක සම්පාදකමණ්ඩලයේ බහුශ්‍රුත මහතෙරවරුන් විසින් තව දුරටත් සංස්කරණය කොට අවශ්‍ය වූ ශබ්ද සූචි ආදිය ද යොදන ලද්දේය. අප ද ගේ මහත් පරිශ්‍රමයෙන් මෙහි පාඨශෝධනය හා සංස්කරණය නිමහම් කරන ලදුයේ වෙයි. තවද පරිවාරපාළි සිංහල පරිවර්තනයෙහි වාක්ප්‍රයොග හා අක්‍ෂර වින්‍යාසය පරිවර්තක නායක ස්වාමීන්ද්‍රයන් විසින් ආදෘත වූ සම්ප්‍රදාය නොපිරිහෙන සේ යොදා ඇත. නොපිරිහෙන සේ යොදා ඇත.

භික්‍ෂූන් වහන්සේගේ පරිපූර්ණ විනයඥානය සඳහා අවශ්‍යයෙන් ප්‍රගුණ කළ මනා විනයග්‍රන්ථය වූ පරිවාර පාළිය සුගම වූ සිංහල පරිවර්තනයෙන් යුක්ත කොට ප්‍රකාශයට පමුණුවාලීමෙන් ජනිත ධර්මදානමය කුශලහේතුවෙන් බෞද්ධමණ්ඩලයේ සුධීහු ද, සංස්කෘතික අධිකාරියෙහි සියලු පින්වත්හු ද, මෙහි ලා නන්අයුරින් සහාය වන හැම සත්පුරුෂයෝ ද ලොව් ලොවුතුරු සුව ලබත්වා’යි මෙත් සිතින් ආශංසන කරම්හ.

මේ වගට, ශාසනොදයකාරී: ලබුගම ලංකානන්ද ස්ථවිර ත්‍රිපිටක මණ්ඩලයේ ප්‍රධාන සම්පාදක.

ලබුගම ලංකානන්ද ස්ථවිර
ත්‍රිපිටක මණ්ඩලයේ ප්‍රධාන සම්පාදක.

සංඥාපනය

ප්‍රථම මහාසඞ්ගීතියෙහි ලා අනුබුද්ධ මහා කාශ්‍යප ස්ථවිර ප්‍රමුඛ පන්සියක් මහ රහතුන් වහන්සේ විනය ශාස්තෘප්‍රඥප්ති ගෙන සඞ්ඝසම්මුතියෙන් විනය පිටකය ඇදුරෙහි සඞ්ගායනා කළහ. විනය වනාහි විභඞ්ග ඛන්ධක පරිවාර යන භෙදයෙන් ත්‍රිවිධ වෙයි. එහි ආදිබ්‍රහ්මචරියක ශීලය ප්‍රකාශ කරන භික්‍ෂු භික්‍ෂුණීන්ගේ වශයෙන් ද්විවිධ වූ උභතො විභඞ්ගය පරිජි පචිති දෙපොත්හි සඞ්ගෘහිත වෙයි. යළි ආභිසමාචාරික ශීලය ප්‍රකාශ කරන සියලු ඛන්ධකවිනය මහවග චුල්ලවග යන දෙපොත්හි ලා සඞ්ගෘහිත වෙයි. විභඞ්ග ඛන්ධකාගත විනය ශාස්තෘශික්‍ෂාගේ විශදාවබෝධය සඳහා වදාළ විනයධර්ම න්‍යාය සඞ්ග්‍රහ කළ ග්‍රන්ථය පරිවාර නම් වේ. ... [transcription omitted for brevity]

ලබුගම ලංකානන්ද ස්ථවිර
ත්‍රිපිටකමණ්ඩලයේ ප්‍රධානසම්පාදක
1977. 8. 10 මොල්ලීගොඩ
ප්‍රවචනෝදය පිරිවෙන.