00-Introduction හැඳින්වීම.pdf

පිටු ගණන :
5
බාගත කිරීම් ගණන :
7,134
වෙබ් අඩවියට එක් කළ දිනය :
2019-07-20
ගොනුවේ ප්‍රමාණය :
697 KB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 3

මෙම ලේඛනය ශ්‍රී ලංකා බුද්ධ ජයන්ති ත්‍රිපිටක මාලාවේ මුල් මුද්‍රණය ආශ්‍රයෙන් Path Nirvana (ජනක) විසින් සකස් කරන ලද ඩිජිටල් PDF සංස්කරණය සඳහා වූ හැඳින්වීම සහ පරිශීලක උපදෙස් සංග්‍රහයයි.

මෙහිදී මුල් බුද්ධ ජයන්ති මුද්‍රණයේ අක්ෂර පැහැදිලිව ස්කෑන් කර සකස් කිරීම, ශුද්ධි පත්‍ර නිවැරදිව ඇතුළත් කිරීම, සූත්‍ර සහ මාතෘකා අනුව Bookmarks සැකසීම මෙන්ම පරිගණක මෘදුකාංග (Adobe Acrobat Reader) මඟින් පිටු දෙක බැගින් (Two Page View) පෙළ සහ සිංහල පරිවර්තනය සමගාමීව කියවීමට අදාළ තාක්ෂණික උපදෙස් විස්තර කර ඇත.

ආරණ්‍ය සේනාසන පුස්තකාල ආශ්‍රයෙන් පැරණි පොත්පත් සොයාගනිමින් මෙම ඩිජිටල් සංස්කරණය සම්පාදනය කිරීමට මාන්කඩවල නන්දරතන හිමි, කොත්මලේ කුමාරකස්සප හිමි ඇතුළු පිරිස උපකාරී වූ බව පුන්‍යානුමෝදනාවේ සඳහන් වේ.

බුද්ධ ජයන්ති ත්‍රිපිටකය PDF සංස්කරණය

ව්‍යක්ත පණ්ඩිත භික්ෂූන් වහන්සේලා විශාල නමකගේ වසර 30ක 40ක කැපවීමක් මතින් බිහිවුණු බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ මුල් මුද්‍රණය අනුව යමින් එය සංරක්ෂණය කිරීමේ අභිප්‍රායද පෙරදැඩිව මසක පමණ කාලයක් වෙහෙස වීමෙන් මේ PDF පිටපත සකස් කරන ලදී. This set of PDF files is an authentic recreation of the original Buddha Jayanthi Tipitaka book series of Sri Lanka.

මේ ව්‍යායාමය වසර 30 ගණනක් වෙහෙස මහන්සි වී බුද්ධ ජයන්ති පොත් පෙළ සකස් කරන ලද මහා ථේරවරුන්ට ද උන්වහන්සේලාගේ ඒ අප්‍රතිහත කැපවීමට ද කරන උපහාරයක්ම වේවා.

සම්පූර්ණයෙන්ම නොමිලයේ ඔබ අතට තිලිණ කරන පිරිසිදු ධර්ම දානයකි. Size 5.8 GB. හැකිතාක් DVD, Pen Drive ආදිය ඔස්සේ ධර්මකාමීන් අතර බෙදාහැර ඔබත් ධර්ම දානයට දායක වෙන්න.

විශේෂ පුණ්‍යානුමෝදනාව

• ත්‍රිපිටක පැරණි මුද්‍රණයේ පොත් ලංකාව පුරා ආරණ්‍ය පුස්තකාල වලින් සොයාගෙන අප වෙත ලබාදුන් එමෙන්ම සකස් කර අවසන්වූ PDF පිටපත් වල අඩුපාඩු අපට පෙන්වා නිවැරදි කරගැනීමට උපකාර කළ මාන්කඩවල නන්දරතන (රාහුල) හිමියන්ට සහ කොත්මලේ කුමාරකස්සප හිමියන්ට.

• නොයෙක් අයුරින් උපකාර කල දෙමාපියන්ට

පොත් scan කිරීම සහ පටුන සහිතව PDF සකස් කිරීම ජනක (Path Nirvana) path.nirvana@gmail.com අදහස් යෝජනා සහ යම් අඩුපාඩුවක් තිබේනම් ඉහත email එකෙන් දැනුම් දෙන්න.

පැරණි පොත් පිටුවලට කෘමීන්ගෙන්, තෙතමනයෙන් සහ සීල් ගැසීම නිසා සිදුව තිබූ හානි හැකිතාක් ඉවත් කිරීමට උත්සාහ දරා ඇති බව කරුණාවෙන් සලකන්න.

ජනක (Path Nirvana) path.nirvana@gmail.com