මොග්ගල්ලාන පංචිකා ප්‍රදීපය - ශ්‍රී රාහුල සංඝරාජ හිමි.pdf

කතෘ :
ශ්‍රී රාහුල සංඝරාජ හිමි
ප්‍රකාශිත වර්ෂය :
1896
මුද්‍රිත වර්ෂය :
1896
පිටු ගණන :
212
බාගත කිරීම් ගණන :
1,902
වෙබ් අඩවියට එක් කළ දිනය :
2019-03-29
ගොනුවේ ප්‍රමාණය :
67 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 107

මොග්ගල්ලාන පඤ්චිකාප්‍රදීපය යනු කෝට්ටේ යුගයේ වැඩවිසූ ශ්‍රී රාහුල සංඝරාජ මාහිමියන් විසින් මොග්ගල්ලාන ව්‍යාකරණයේ පඤ්චිකාවට සම්පාදිත ප්‍රකට සිංහල ව්‍යාඛ්‍යාන ග්‍රන්ථයයි. බුද්ධ වර්ෂ 2000 දී (ක්‍රි.ව. 1457) රචිත මෙම කෘතිය, පාලි සහ සංස්කෘත ව්‍යාකරණ, න්‍යාය හා වාග්විද්‍යාත්මක කරුණු රාශියක් විමර්ශනය කරමින් ලියන ලද අගනා ශාස්ත්‍රීය නිබන්ධනයකි.

මෙම සංස්කරණය පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේණාධිපති රත්මලානේ ශ්‍රී ධර්මාරාම නාහිමියන් විසින් පුස්කොළ පිටපත් සංසන්දනය කර ශෝධනය කරවන ලද්දකි. ආතර් එලිබෑන්ක් හැව්ලොක් ආණ්ඩුකාරවරයාගේ අවසරයෙන් 1896 දී කොළඹ ලංකාණ්ඩුවේ මුද්‍රණාලයේ (Government Press) මෙය මුද්‍රණය කරවා තිබේ.

පාලි භාෂාව, ෂඩ්භාෂා ලක්ෂණ, මුගලන් ව්‍යාකරණ සම්ප්‍රදාය සහ ඊට පාදක වූ විවිධ සංස්කෘත-පාලි මූලාශ්‍රයන් පිළිබඳ දීර්ඝ හැඳින්වීමක් මෙහි සංඥාපනයෙහි ඇතුළත් වේ.

PREFACE. / සංඥාපනය.*

සන් සුගත තථාගත අප සම්යක්සම්බුද්ධයන්වහන්සේ විසින් තමන්වහන්සේගේ ප්‍රවචනසඞ්ඛ්‍යාත සාත්‍ථකථා පාලිධර්‍මය දෙශනා කරවදාලාවූ භාෂාතොමෝ “පාලිභාෂා” නම් වන්නීය. උන්වහන්සේට ජාතිභූමිවූ මගධදෙශය එම ප්‍රවචනභාෂාවටද ජන්මභූමිහෙයින් “මගධෙ භවා මාගධී” යන තද්ධිතනිර්වචනයෙන් මගධදෙශයෙහි පහළවීනුයි (පාලිභාෂාතොමෝද) මාගධී නම්වන්නීය. ආදිකල්පයෙහි මිනිසුන් හා බඹුන්ද අනුත්පන්නවචන ඇති ළදරුවන්ද සම්යක්සම්බුද්ධවරයන්ද ඒ මේ භාෂාව කථනයකරනහෙයින් සියලුභාෂාවන්ටම ආදිභූතනුයි “මූලභාෂා,” යයිද සලකනලද්දීය.

මේ “පාලිභාෂා” නම්ලද මගධභාෂාව තද්දේශස්ථයන්ටම සාමාන්‍යවූ දෙශීයමගධභාෂාව නොවේ. ශාසනයෙන් පිටත්වූවන්ගේ ආගමශාස්ත්‍රයන් හා පාලිභාෂායෙහි කිසිසේත් සම්බන්ධතාවයක් නැත්තේය. සංස්කෘතභාෂාවට ව්‍යාකරණ ශාස්ත්‍ර හැදෑරූවූ ඊශ්වරාදි පූර්‍වශාබ්දිකයන් විසින් හෝ ප්‍රාකෘතභාෂාවට ව්‍යාකරණ හැදෑරූවූ වරරුචි ආදීන් විසින් හෝ මේ පාලිභාෂාවට ශබ්දානුශාසනයක් නොකරනලද්දේය. මගධදෙශවාසීන්ට සාධාරණවූ දෙශීයමගධභාෂාවට වනාහි සෙසු දෙශභාෂාවන්ට මෙන් පූර්‍වව්‍යාකරණශාස්ත්‍ර ඇතිවියයුතුය. ඒ දෙශීයමගධභාෂාව කවිසමයෙහිදු ප්‍රසිද්ධය. ෂඩ්භාෂාමය කාව්‍යරචනායෙහිලා හීනපාත්‍රප්‍රයෝජ්‍යවූ මාගධී නම්ලද දෙශීයමගධභාෂාවද ආවශ්‍යක වේ. ඒ මාගධිය පාලිභාෂාවෙන් අන්‍යවූ විසදෘශභාෂාවිශෙෂයක්හෙයින් එම දෙශීයමාගධිය පිළිබඳ විචාරණයක් ඇතිවීනමුත් එය පාලිභාෂාවට සාධන නොවේ.

කවිසමයෙහි නියමිතවූ ෂඩ්භාෂා නම්—1 සංස්කෘත; 2 ප්‍රාකෘත; 3 මාගධී; 4 පෛශාචී; 5 ශෞරසෙනී; 6 අපභ්‍රංශය යන මොහුය. මෙකී ෂඩ්භාෂාවන් පිළිබඳ කවිත්වය මහාකවිභාවය පිණිස වුවමනාමය. මෙයින් ඌනවූ කවිතෙමේ කවිරජයයි සම්භාවනීය නොවේ. පෙර මෙලක්දිව්හිද ෂඩ්භාෂාකවිත්වයෙහි කොටිප්‍රාප්තවූ (ෂඩ්භාෂාපරමේශ්වර) මහාකවිවරයන් විසූහෙයින් මේ දීපයෙහිද එකී දෙශීයමාගධිය කාව්‍යවිෂයෙහි ප්‍රසිද්ධවැ පැවැතිබැව් සැලකිය යුතුයි. සිංහලභාෂාකවිත්වය හෝ ආන්‍ධ්‍රද්‍රවිඩාදිභාෂාවිෂයෙහි කවිත්වය හෝ යම්සේ ෂඩ්භාෂාකවිත්වයෙහි නොගැණේද එසේම පාලිභාෂාකවිත්වයද එහි නොගැණේ.

මෙකල ලක්දිව්වැස්සන් කෙරෙහි පුරාණකවීන්ගේ ෂඩ්භාෂාකවිත්වය අනුශ්‍රුතිමාත්‍රයෙන් ප්‍රකාශවතුදු ප්‍රාකෘතාදිභාෂාපද්‍ය පිළිබඳ තාවත්සම්බන්‍ධය බොහෝසෙයින් අප්‍රකටය, එහෙයින් ෂඩ්භාෂාතන්ත්‍රගත දෙශීයමාගධීස්වරූපය හඳුන්වන මේ ප්‍රස්තාවයෙහි ෂඩ්භාෂාවන්ගේම ස්වරූපවිශෙෂය ප්‍රාවීනයන් විසින් උදාහෘතවූ කාව්‍යපද්‍යොක්තියෙන් දක්වම්හ.

සංස්කෘත. “උන්නමිතෛකභ්‍රූලතාමානනමස්‍යාඃ පද්‍යති රචයන්ත්‍යාඃ කර්ණාර්පිතෙන පුරොයි මය්‍යනුරාගං කපොලෙන.”

ප්‍රාකෘත. “තුච්ඡ ණආණෙ ණිඅඅං මම උණ මඅණෙණ දිඅ අ රතතිං අ ණික්කිව තවෙඉ වලිඅං තුහ පූත්තමණොරහාඉ අංගාඉ.”

මාගධී. “ශද මාණුශමංශහාලකෙ කුම්භගභංශහවශාහි ශවිදෙ අජ්ජව පිඅමි ශොණ්ණිදෙ වලිශශදං ශමලෙ හුවීඅදි.”

පෛශාචී. “පච්චමත පච්චප්පකුපිතගොලීවලණාලග්ගලග්ගපඩිවිම්බම් දසසු ණහදප්පණෙසු එආදසමණ්ඩලං දූද්දමි.”

ශෞරසෙනී. “තං සි මඑ වුද්ධතුර දිණ්ණ කාමස්ස ගහිදද්ධණුඅස්ස ජුවඉමණමොහණස්සහො පච්චක්ඛිය සරො හොහි.”

අපභ්‍රංශ. “ලඉ වප්පුලු පිඉ දූද්ධං කුන්දෙ අම්හාණං හුඤ්ජායි පුත්තාහමණෙ හත්‍ථො ජ්ජ දහි ජ්ජෙච්චි ජ්දං ආසි.”

යනු ෂඩ්භාෂාවන්ට උදාහරණයි. මෙයින් සංස්කෘතභාෂාව දෙවර්ෂ්‍යාදීන්ටද; ප්‍රාකෘතභාෂාව කින්නරාදීන්ටද; මාගධිය මගධදෙශවාසීන්ටද; පෛශාචිය යක්ෂරාක්ෂසාදීන්ටද; ශෞරසෙනීය ශූරසෙනජනපද මථුරාපුරාදිවාසීන්ටද හිමියයි කියනලද්දේය. අපභ්‍රංශය වනාහි සාධුශබ්දහීනතාවූ අපශබ්දමය භාෂාවක; ගුර්ජරාදීන්ට ප්‍රියවූ භාෂාවකැයිද කියනලදී.

කාව්‍යවිෂයෙහි මේ භාෂාවෝ සදෙන යථාක්‍රමයෙන් උත්තම, මධ්‍යම, හීන, නාත්‍යුත්තම, නාතිමධ්‍යම, නාතිහීන පාත්‍රප්‍රයෝජ්‍යත්‍වයෙන් නියමකරනලදහ. හේ ප්‍රස්තාවවශයෙනුදු ශාලිවාහනනෘපතිකාලයෙහි ප්‍රාකෘතකවිත්වයම බහුල විය. වික්‍රමාදිත්‍යකාලයෙහි සංස්කෘතකවිත්වයම බහුල වී. ඒ බව: “කෙ’භූවන්නෘපතෙස්තස්‍ය කාලෙ ප්‍රාකෘතභාෂිණඃ කාලෙ ශ්‍රීසාහසාඞ්කස්‍ය කෙ න සංස්කෘතවාදිනඃ.” යනාදීන් නිර්ද්දිෂ්ටයි. තවද මාලතීමාධවමෘච්ඡකටිකාදියෙහි මධ්‍යමපාත්‍රප්‍රයුක්ත සංස්කෘතොක්තිද ඛණ්ඩකර්පරකාදියෙහි උත්තමපාත්‍රප්‍රයුක්ත ප්‍රාකෘතොක්තිද බෘහත්කථාදියෙහි සාකල්‍යයෙන් ප්‍රයුක්තවූ පෛශාචියද වසන්තඛණ්ඩාදියෙහි එසේම අපභ්‍රංශයද පැනෙනහෙයින් ප්‍රයොජනතාවස්ථාව ප්‍රායීකයයි සලකනු ලැබේ.

මේ ෂඩ්භාෂාවන්ගේ ශ්‍රව්‍යාදි ගුණවිශෙෂයද: “ගිරඃ ශ්‍රව්‍යා දිව්‍යාඃ ප්‍රකෘතිමධුරාඃ ප්‍රාකෘතගිරඃ සුභව්‍යො’පභ්‍රංශඃ සරසරචනං භූතවචනම්, විදග්ධානාමිෂ්ටා මගධමථුරාවාසිභණිතී නිබද්ධං යස්නෛෂාං ස ඉහ කවිරාජො විජයතෙ.” යන්නෙන් ප්‍රාවීනකවිවරයෝ ප්‍රකාශකළහ.

මෙහි තුන්වෙනි උදාහරණයෙන් දැක්වු “ශද මාණුශමංශහාලකෙ” යනාදි මාගධීතොමෝ ශ්‍රැතියෙන්ද ලිපියෙන්ද පාලිභාෂාව හා සමානනොවන්නීය. එහෙයින් මේ මාගධීදෙක්හි ව්‍යාකරණයද භාෂාරූපවිෂයභෙදයෙන් භින්නවූ සංස්කාර ඇත්තේම වෙයි. එහි බාහිරයන්ට සාධාරණ නොවූ ශාසනිකයන්ටම අයත් පාලිභාෂාවට ව්‍යාකරණශාස්ත්‍ර රචනාකිරීම ශාසනිකආචාර්‍ය්‍යවරයන්ට ආගමකෘත්‍යවිසින්ම භාරවූයේය.

ප්‍රවචනපාලිධර්‍මය ව්‍යාකරණයුක්තින් සුපිරිසිදුවූ මූලභාෂාවෙන් සුදෙශිතවුවත් හෙද ශබ්දානුශාසනරහිත වීමෙන් කාලාන්තරයෙහි ශබ්දවිප්‍රතිපත්තියට හා අප්‍රතිපත්තියටත් පැමිණිය හැකිවේ. සියලුභාෂාවන්හිම ශබ්දසංස්කරණසංඛ්‍යාත සාධ්‍යය ව්‍යාකරණසංඛ්‍යාත සාධනය විනා පැවැත්මනොහෙන්නේය. එහෙයින් ශබ්දවිප්‍රතිපත්තියට නොපැමිණ පාලිභාෂාව චිරස්ථායීවනපරිද්දෙන් බාහිරශබ්දානුශාසනප්ලවයෙකින් නොලදහැකි ප්‍රවෙශඇති ඒ මේ පාලිභාෂාශබ්දසාගරයට බස්නාකැමැති විද්‍යාර්ථීන්ට තත්ප්‍රවෙශොපායභූත මාගධශබ්දලක්ෂණ නමැති විශිෂ්ටනෞකාවන් නිපදවානය කිරීම ජිනශාසනප්‍රතිෂ්ඨාධාරවූ මේ ලක්දිව්හිම ආරබ්ධවිය. ත්‍රිපිටකපර්‍ය්‍යාප්තිධර ස්වසමයසමයාන්තරප්‍රවීණ ශාස්ත්‍රාර්ථනිර්ණයපාරදර්ශීවූ මහාවිහාරවාසී ආචාර්‍ය්‍යකාත්‍යායන ආචාර්‍ය්‍යමෞද්ගල්‍යායනාදි මහාස්ථවිරවරයෝ ජිනවචනානුකූලවූ නොයෙක් මාගධශබ්දානුශාසනයන් රචනාකළහ. ඒ ශාස්ත්‍රයන් අතුරෙහි භදන්තබොධිසත්වමහාස්ථවිරයන් විසින් “නරවරවචනොපකාරානි චත්තාලීසක්ඛරානි” යන සූත්‍රය ආදිකොට විරචිතවූ මාගධව්‍යාකරණයද ආචාර්‍ය්‍ය සර්‍වගුණාකර මහාස්ථවිරයන් විසින් “සිද්ධන්තොදායොවණ්ණානක්ඛරා නෙතාලීස” යන සූත්‍රය ප්‍රමුඛකොට විරචිතවූ මාගධව්‍යාකරණයද විදග්ධජනමනොනන්දනාතිශය නොකෙළෙන් දෝහෝ චිරප්‍රවෘත්ත නොවැ නාමමාත්‍රාවශිෂ්ටවූහ.

කාත්‍යායන මෞද්ගල්‍යායන ව්‍යාකරණද්වය වනාහි ඒ ශාස්ත්‍රයන් රචනාකළ කාලයෙහි පටන් ග්‍රහණධාරණප්‍රවෘත්තවැ මේ දක්වාත් ශාසනස්ථිතිසාධක වැ පවත්නේය. මෙකල්හි ත්‍රිපිටකපාලිධර්‍මය පවත්නා සියලුදෙශයන්හිම කච්චායනව්‍යාකරණය පඨනපාඨනවශයෙන් ප්‍රචාරයට පැමිණියේ වෘත්ති, න්‍යාස, ටීකා, අනුටීකා, ප්‍රකරණ, සන්‍ය, පිටපත් යනාදි නොයෙක් පරිවාරග්‍රන්ථසමූහයෙන්ද සම්ලබ්ධාර්‍ථවැ උජ්ජීවිත වන්නේය.

මෞද්ගල්‍යායනව්‍යාකරණය කසයින්වියරණින් පසු අත්‍යන්ත නිර්ම්මලත්‍වයෙන් විරචිතවූ ශබ්දානුශාසනයක් වීනමුත් ලක්දිව රාජ්‍යොපද්‍රවබාහුල්‍යය නිසා අතිශයයෙන් ශාස්ත්‍රඥයන් විරලව ගියාවූ මෑතකාලයෙක්හි බොහෝසෙයින් අභාවප්‍රාප්තවූයේද පුරාතනයන් කළ මහාශිෂ්‍යානුරාගයකින් සම්ලබ්ධාර්‍ථ වැ මේතාක්ද ආචාර්‍ය්‍යශාඛායෙහි අවිනෂ්ට වැ පවත්නේය.

ආචාර්‍ය්‍ය මෞද්ගල්‍යායනමහාස්වාමිපාදයන් කළ යථොක්ත මාගධශබ්දලක්ෂණය හෙවත් සූත්‍රපාඨය මුගලන්වියරණ නම් වේ. මේ ආචාර්‍ය්‍යපාදයෝ වනාහි සෙසු මාගධසංස්කෘතාදි ව්‍යාකරණකර්තෲවරයන්ට වඩා ස්වකීයශාස්ත්‍රය ස්වාභිප්‍රායයෙන්ම නිරාකූලව පිහිටුවාලීමෙහි ප්‍රොත්සාහි වූහ. තමන් රචනාකළ සූත්‍රපාඨයට අනික්ආචාර්‍ය්‍යකෙනකුන් වෘත්තිකාරවන්ට අවකාශනොතබා තුමූම වෘත්තිග්‍රන්ථය ලියා ඊටද අනික් ආචාර්‍ය්‍යකෙනකුන් විසින් “න්‍යාස” නාමයෙන් හෝ “පඤ්චිකා”* නාමයෙන් හෝ වෘත්තිවිවරණය ලියන්ට ඉඩනොතබා වෘත්තිවර්ණනාභූත පඤ්චිකාග්‍රන්ථයද ලීහ. සූත්‍රකාරවූ සෙසු වෛය්‍යාකරණයෝ මෙවැනි උත්සාහයක් නොදැරූහයි හැඟේ. ත්‍රිමුනිව්‍යාකරණ නම්ලද පාණිනීයව්‍යාකරණයෙහි මහර්ෂිපාණිනී තෙමේ සූත්‍රපාඨගණපාඨාදි පාඨචතුෂ්ටයාත්මක මූලග්‍රන්ථය කිරීමෙන් සූත්‍රකාරත්‍වය පමණක් ඉසුලූයේය. කාත්‍යායනාපරනාමධෙය ආචාර්‍ය්‍යවරරුචිතෙමේ ඒ සූත්‍රපාඨයට අවශිෂ්ටාංගපූරණය කෙරෙමින් සංක්ෂෙපවිවරණස්වරූපවූ වාර්ත්තිකපාඨය ලීමෙන් වාර්ත්තිකකාර වූයේය. මහර්ෂි පතඤ්ජලිතෙමේ ඒ සූත්‍රවාර්ත්තික දෙකට ව්‍යාඛ්‍යානවශයෙන් (ආචාර්‍ය්‍යවර්‍ය්‍යප්‍රණීත සර්‍වග්‍රහණනෞකාතන්ත්‍ර) ශබ්දන්‍යායයන්දු දක්වාලමින් මහාභාෂ්‍ය නම්වූ නිබන්ධනග්‍රන්ථය කෙළේය. එහෙයින් හෙතෙම භාෂ්‍යකාරනම් විය. මෙසේ මුනিত্রයවිරචිත සූත්‍රවාර්ත්තිකමහාභාෂ්‍යසඞ්ඛ්‍යාත ග්‍රන්ථත්‍රයෙන් ත්‍රිමුනිව්‍යාකරණ නම් ලද පාණිනීයව්‍යාකරණය පරිපූර්‍ණ විය. ආචාර්‍ය්‍යවාමනාදීන් දෙදෙනාවිසින් (මතාන්තරයෙහි වාමනාපරනාමධෙය ආචාර්‍ය්‍යජයාදිත්‍යයන් විසින්) ඒ ව්‍යාකරණයට කාශිකා නම්වූ සම්පූර්‍ණවෘත්තියද ආචාර්‍ය්‍යජිනෙන්ද්‍රබුද්ධිපාදයන් විසින් තච්ඡාත්‍රභූත පඤ්චිකාවද ආචාර්‍ය්‍යභර්තෘහරීන් විසින් “වාක්‍යපදීය” නම්වූ ශ්ලොකවාර්ත්තිකයද ලියනලදහෙයින් මොහු තුන්දෙන පාණිනීයව්‍යාකරණයෙහි වෘත්තිකාර පඤ්චිකාකාර ශ්ලොකවාර්ත්තිකාකාර ආචාර්‍ය්‍යවරයෝ වූහ.

* “පඤ්චිකා” යි චකාරමධ්‍යපාඨය මාගධශාබ්දිකයන්ට අභිමතය. දක්ෂිණත්‍යසංස්කෘත පණ්ඩිතයන්ටද එසේමය. කාශ්මීරාපරනාමාදි දෙශවාසී සංස්කෘතපණ්ඩිතයන්ට ෂකාරමධ්‍යවූ “පඤ්ජිකා” නාමයම ඉෂ්ටබැව් පෙනේ.

ආචාර්‍ය්‍ය ශ්‍රීචන්ද්‍රගොමිපාදයන් කළ චාන්ද්‍රව්‍යාකරණය පිළිබඳ (වෘත්තිවිවරණ) පඤ්චිකාව අප සිංහලද්වීපයෙහි පුරාතන මහාස්ථවිරාචාර්‍ය්‍යයන් අතුරෙහි ප්‍රසිද්ධවූ “රතනශ්‍රීඥාන” නම්ලද ආචාර්‍ය්‍යරතනමතිපාදයන් විසින් විරචිතය. ඊට ලංකාශාසනශ්‍රීභාරධාරීවූ ආචාර්‍ය්‍ය ශ්‍රීශාරිපුත්‍ර සඞ්ඝරාජමහාස්වාමිපාදයෝ “පඤ්චිකාලංකාර” නම් ටීකාව රචනාකළහ.

ආචාර්‍ය්‍ය ශර්‍වවර්‍මයන් කළ කාතන්ත්‍රසූත්‍රපාඨයට ආචාර්‍ය්‍යදුර්‍ගසිංහයන් විසින් වෘත්තිග්‍රන්ථයද ආචාර්‍ය්‍ය ත්‍රිලොචනදාසයන් විසින් (වෘත්තිවිවරණ) පඤ්චිකාවද විරචිතය.

මාගධශබ්දානුශාස්තෲවූ කාත්‍යායනමහාස්ථවිරස්වාමිපාදයන් කළ සූත්‍රපාඨයට සද්ධර්මනන්දිමහාස්ථවිරයන් විසින් වෘත්තිග්‍රන්ථයද ආචාර්‍ය්‍ය විමලබුද්ධිමහාස්ථවිරයන් විසින් න්‍යාස* යයි ප්‍රසිද්ධවූ වෘත්තිවිවරණපඤ්චිකාවද විරචිතය.

* “සූත්‍රාක්ෂරෙතරෙච සර්ච්චාර්ථාප්‍රතිපාදකො න්‍යාසො වෘත්තිස්තදර්ථවිවරණග්‍රන්ථඃ” යි ආචාර්‍ය්‍ය මල්ලිනාථයන් කීහෙයින් න්‍යාසය යනු වෘත්තිවිවරණග්‍රන්ථයකි. පඤ්චිකා යනුද ඊට පර්‍ය්‍යායයි.

මෙසේ මේ සංස්කෘතමාගධශබ්දානුශාස්ත්‍රයන්හි සූත්‍රවෘත්තිපඤ්චිකාදිය වෙනවෙනම ආචාර්‍ය්‍යවරයන් විසින් ලියනලදුවත් මේ මුගලන්මහිමියෝ තුමූම සූත්‍රවෘත්තිපඤ්චිකාභාගත්‍රයාත්මකවූ ශබ්දානුශාස්ත්‍රය රචනාකොට අනන්‍යකර්තෘක අභිප්‍රායශුද්ධියෙන් සම්ලබ්ධාර්‍ථකළහ. මේ මාගධව්‍යාකරණය කවරකලෙක්හි කරනලදද යතහොත් මීට අවුරුදු සත්සියයකින් පූර්‍වයෙහි පුලස්තිපුරවරධිවාසීවූ මහාපරාක්‍රමබාහු රාජාධිරාජයන්ගේ කාලයෙහි නිකායත්‍රයසාමග්‍රිය කරවදාළ දිඹුලාගල මහාකාශ්‍යප සඞ්ඝරාජමහාස්වාමිපාදයන් වහන්සේට අතවැසිව හෝ සහායවැ ශාසනභාරොද්වහනය කළාවූ අනුරාධපුරයෙහි ථූපාරාම විහාරාධිවාසී මෞද්ගල්‍යායනමහාස්වාමිපාදයන් විසින් ඒ නිකායත්‍රයසාමග්‍රීකරණයෙන් පසු ඊට සමීපකාලයෙක්හිම කරනලද්දේ විය. මුන්වහන්සේ වනාහි දිඹුලාගලපරම්පරාගත ශ්‍රීශාරීපුත්‍රමහාස්වාමීන්ටද සමානකාලීකවූ ආචාර්‍ය්‍යවරකෙනෙක. මේ ව්‍යාකරණය ශාරීපුත්‍රමහාස්වාමිපාද සඞ්ඝරක්ෂිතමහාස්වාමිපාදාදීවූ මහාකාශ්‍යපස්ථවිර ශිෂ්‍යවූ අනුශිෂ්‍යපරම්පරාවෙහි අත්‍යල්පයෙන් සම්භාවිතවූ බැව් පෙනේ. සැරියුත්මහිමියන්ගේ ශිෂ්‍යවූ දිඹුලාගල මෙධඞ්කරමහාස්වාමි සඞ්ඝරක්ෂිතමහාස්වාමි ආදි උතුමන්ට මුගලන්මහිමියෝත් සම්මුඛාචාර්‍ය්‍යවූහයි ප්‍රකරණකර්තෘවචනානුසාරයෙන් සැලකියයුත්තේය.

මහර්ෂිපාණිනී චන්ද්‍රගොමිපාදාදි ප්‍රාක්තන ශාබ්දිකයන්ගේ මතාවලම්බනයකෙරෙමින් කිසි තැනෙක ජීනවචනානුරොධයෙන් තනමතදූෂණයද දක්වමින් ශාස්ත්‍රාන්තරනයාකීර්‍ණණ විවිධොපදෙශයෙන් අනුනව කරනලද පූර්‍වොක්තවූ මුගලන් පඤ්චිකාව කාලාන්තරයෙහි අනධීතවුයෙන් වර්‍තමානකාලයෙහි ලුප්තප්‍රායවකොට සලකනුලබන්නීය. එතෙකුදුවත් ධර්‍ය්‍යමාණග්‍රන්ථප්‍රමාණවූද ඒ මේ ව්‍යාකරණය අනුනඅසන්දිග්ධසූත්‍රපාඨය ප්‍රමුඛකොට පවත්නාහෙයින් මීතාක්ම ශබ්දානුශාසනසාධ්‍යවූ නිර්මලාවබොධය ගෙනදීමෙහි (මේ ව්‍යාකරණයද) අසමර්ථනොවේ. කියනලදමැයි මාගධිකශබ්දකලිකායෙහි ආචාර්‍ය්‍ය සර්‍වගුණාකරමහාස්ථවිරයන් විසින් “සූත්‍රාඃ මෙව හි ව්‍යාකරණසරිරං—පෙ—යාව සූත්තං නදස්සීතං තාවදනුපාදෙයං වචනං භවතී” යි.

වෘත්තිපඤ්චිකාගත නිරවශෙෂාභිසාරයම සංක්‍ෂෙපනයින් සූත්‍රයෙහි පිහිටියේමැයි.

එයින් කීහ: “සුත්තෙනස්සවහිතං සද්ධං යං වුත්තං පඤ්චිකාය සං. සුත්තමුප්පතති අත්‍ථානං සද්ධං සුත්තෙන පතිඨිතං.” යි.

සූත්‍රවෘත්තිපඤ්චිකාත්මක මෞද්ගල්‍යායනශබ්දානුශාස්ත්‍රය විරචිත කාලයෙහි එම මුගලන්මහිමියන්ගේ සමීප බාගිෂ්‍ය වූ ආචාර්‍ය්‍ය ප්‍රියදර්ශීමහාස්ථවිරපාදයන්විසින් තත්ප්‍රවෙශොපායවශයෙන් ලක්ෂණානුක්‍රමය හැර ලක්ෂ්‍යානුක්‍රම සූත්‍රොද්ධරණයෙන් වෘත්ත්‍යුදාහරණප්‍රත්‍යුදාහරණසහිත “පදසාධන” නම් සංක්‍ෂෙප ප්‍රකරණය විරචිත විය. මුගලන්මහිමියන්ට සමානකාලීක වූ ශ්‍රීශාරීපුත්‍ර මහාස්වාමින් විසින් විරචිත “පදාවතාර” නම් ප්‍රකරණයද තච්ඡිෂ්‍ය සඝරක්ෂිතමහාස්වාමීන් විසින් විරචිත “සුශබ්දසිද්ධි” නම් ප්‍රකරණයද මෙකල්හි අලභ්‍යමානහෙයින් ඒ ග්‍රන්ථයන්ගේ ස්වරූපකථනය නොකළහැකිවුවත් මුගලන් වියරණ පිළිබඳ ප්‍රකරණබව සැලකියහැකිය. තවද මහාසීග්‍රන්ථසමූහයකට කර්තෘභූතවූ ඒ සඝරක්ෂිතමහාස්වාමිපාදයෝ මේ ව්‍යාකරණයටම “සම්බන්ධචින්තා” නම් ප්‍රකරණය හා “සාරත්ථවිලාසිනී” නම් පඤ්චිකාටීකාවය යන ග්‍රන්ථයද රචනාකළහ. එයින් පඤ්චිකාටීකාපොතද පඤ්චිකාව මෙන් අපවත් වියයි සැලකියයුතුව තිබෙන අතර ශ්‍රීවර්ධනපුරභයගිරිමහා විහාරගත පුරාණ පුස්තකාන්තරයෙහි තිබී අපට දකින්ට ලැබුණේය. එය මේ ග්‍රන්ථසංස්කරණයෙහිද ඉවහල් වූ බැව් සතුටින් සඳහන්කරමු. භුවනෙකබාහු මහ රජාණන් කාලයෙහි වනරතන මහාස්වාමිපාදයන් විසින් විරචිත “ප්‍රයොගසිද්ධි” නම් ප්‍රකරණයද පුරාතනාචාර්‍ය්‍යවරයන් විසින් ලියනලද විරිතසන්නය හා පදසාධනවිස්තරසන්නය ලියනසන්නය රූපමාලාදියද දිඹුලාගල මේධංකර මහාස්වාමින්ගේ ශිෂ්‍ය ආනන්ද ස්වාමින් විසින් ලියනලද පදසාධනපදර්ථසන්නයද යන මෙකී මුගලන්වියරණ පොත් මේතාක් පවත්නේය. එයින් කිසි පොතෙක අවසානභාග ඌනවද පැනේ. අධ්‍යයනාධ්‍යාපනවිරහිතවැ පවත්නා සියලුපොත්පත් මෙසේ කාලාන්තරයෙහි ඌනබවටද අප්‍රවෘත්තියටද පැමිණීම ස්වභාවසිද්ධමැයි. ආචාර්‍ය්‍ය ශ්‍රීරාහුල මහාස්වාමීන්ද්‍රයන්ද “ව්‍යධෘතෲනමකොසල්ලා නායිනා විරමන්තාරෙ” යන්නෙන් එකල්හිද පඤ්චිකාව පිළිබඳ විරලගත අනධීතනය දක්වන ලද්දේය.

භුවනෙකලමණ්ඩනායිත පණ්ඩිතජනප්‍රයණ්ඩරූපමණ්ඩපබොධනයෙහි මාර්ත්තාණ්ඩමණ්ඩලායමානවූ තොටගමුවේ ශ්‍රී සඩීඝබොධි ශ්‍රී විජයබාහුපරිවෙණාධිපති ෂඩ්භාෂාපරමේශ්වර ත්‍රිපිටකවාගීශ්වරාචාර්‍ය්‍ය ශ්‍රීරාහුල (සඩීඝරාජ) මහාස්වාමිපාදයන්වහන්සේද නිර්ර්‍කාලප්‍රවෘත්තවූ නොයෙක් මාගධශබ්දානුශාස්ත්‍රයන් අතුරෙහි සුප්‍රසිද්ධියට පැමිණි කසයින්වියරණවත් වඩා මේ මුගලන්වියරණම ගරුකොට සැලකූහ. එහෙයින් උන්වහන්සේ විසින් මහාස්වාමිපදප්‍රාප්තියෙන් පූර්‍වයෙහි මේ “පඤ්චිකාප්‍රදීප” නම් නිබන්ධග්‍රන්ථය සිංහලභාෂාවෙන් රචනාකොට මහාස්වාමිපදප්‍රාප්තවූ පසු මගධභාෂාවෙන් “බුද්ධිප්පසාදනී” නම් පදසාධනටීකාවද රචනාකරන ලද්දීය.

පඤ්චිකාප්‍රදීපග්‍රන්ථනිර්ර්‍මාණකාලය ශ්‍රීබුද්ධවර්‍ෂයෙන් එක්දහස් නවසිය පස්පනස්වන්නෙහි රාජ්‍යශ්‍රියට පැමිණි ජයවර්ධනපුරප්‍රවරධිවාසීවූ ශ්‍රීසඩීඝබොධි ශ්‍රීපරාක්‍රමබාහු මහරජාණන්ගේ රාජ්‍යාදයවර්‍ෂයෙන් පන්සාළිස් (45) වන්නෙහි ශකවර්‍ෂ (1379) එක්දහස්තුන්සියඑකුන් අසූවනු හිල්පුර පසළොස්වක් දිනයයි ග්‍රන්ථාවසානයෙහි “තස්සෙව වස්සෙ නවපඤ්චකස්මිං.”

ගාථාවෙන් දක්වනලද්දේය. මේ මහරජාණන් රාජ්‍යයට පැමිණි කාලය මීට මදක් වෙනස්ලෙස කාව්‍යශෙඛරයෙහි :— “බුදුවසිනෙක් දහ නවසිය අටපනස්ව න්නෙන්ද පැපිලියානේ සුනෙත්‍රාමහාදේවී පිරිවෙන්හි මේ මහරජාණන් විසින්ම පිහිටුවනලද ශිලාලෙඛනයෙහි “ශ්‍රීබුද්ධවර්ෂයෙන් එක්දහස් නවසිය අටපනස් අවුරුද්දක් පිරුණුසඳ ලංකාරජපැමිණි” යන්නෙන්ද පෙනේ. මේ දෙපරිද්දම පරවර්ද්ධලිපිහෙයින් නොපිළිගතයුතු නොවේ. ශ්‍රීබුද්ධවර්ෂ 1957 වන්නෙහි රජපැමිණි මේ මහරජාණෝ සතුරු වියවුල් නසා සකලලංකාද්වීපය නිෂ්කණ්ටක කොට 1958 වන්නෙහිදී රාජ්‍යාභිෂෙකය ලදහයි සැලකිය යුතුය. මේ මහරජාණන් කාලයෙහි ලියනලද ජෛතිගීර්ණිතවසඛ්‍යානයක් වූ “මණිතසීහ” සන්නයෙහි “පරක්‍රමභුජස්සෙතන මණ්ඩාලායී මණීඩායිති” යි කියනලදහෙයින් බුද්ධවර්ෂයෙන් “මණ්ඩාලායී” (1955) යන සංඛ්‍යාව හැර සිටියේ පරාක්‍රමබාහු වර්‍ෂයයි දතයුත්තේය. මෙයින්ද පඤ්චිකාප්‍රදීපාගතසංඛ්‍යාව ස්ථිර වේ. මේ මහරජාණන්ගේ රාජ්‍යොදයවර්‍ෂයෙන් සූතිස්වන්නෙහි කාව්‍යශෙඛරයද පන්තිස්වන්නෙහි ශාරිකාසන්දෙශයද පන්සාළිස්වන්නෙහි හෙවත් ශ්‍රීබුද්ධවර්‍ෂයෙන් දෙදහස් (2000) වන්නෙහි පඤ්චිකාප්‍රදීපයද එයින් පසුකාලයෙහි බුද්ධිප්පසාදනීටීකාවද රචනාකළහ. පාරූපනසන්දෙශයෙහි කාලනියමය නොපැනෙනතුදු එය මේ සියල්ලටම පූර්‍වයෙහි කරනලද්දකැයි සලකනු ලැබේ.

ශ්‍රීපරාක්‍රමබාහු මහරජාණන් කාලයෙහිද එයින් පෙරපසු සමයපාල දෙක්හිද ලංකාද්වීපය මහාපණ්ඩිත සමූහයකින් විපුලකාන්ත විය. කෑරගල පද්‍යාවතීපරිවෙණාධිපති ශ්‍රීරාජගුරු වනරතන සඝරාජ, පලාබත්ගල ආරණ්‍යක ශ්‍රී ධර්‍මකීර්ති සඝරාජ, තොටගමුවේ විජයබාහු පරිවෙණාධිපති ශ්‍රීරාහුල සඝරාජ, වීදාගම ශ්‍රීඝනානන්දපරිවෙණාධිපති මහානෙත්‍ර ප්‍රසාදමූල මෛත්‍රෙයමහාස්ථවිර, පැපිලියානේ සුනෙත්‍රාමහාදේවීපරිවෙණාධිපති ත්‍රිපෙටක මංගල සඝරාජ, බෝධාගම ත්‍රිපිටකශ්‍රී ධර්‍මවක්‍රප්‍රභූසුරාචාර්‍ය්‍ය, යනාදි මහාපණ්ඩිතවරයෝ වාසස්ථානෙනොවාසිකත්‍වයෙන් සමකාලිකව විද්‍යාමහාණ වුහ.

මෙයින් වැඩතරවූ කෑරගල ශ්‍රීරාජගුරු වනරතන සඝරාජමහාස්වාමීන්ගේ වර්‍ණනාකථනය හංසසන්දෙශකාව්‍යයෙහි විස්තරසේ පැනේ. උන්වහන්සේ සඝරාජපදප්‍රාප්තව වැඩවිසූකාලය කෑරගල පද්‍යාවතීපරිවෙන්හි වීර්‍ය්‍යශිලාලෙඛනයෙහි පෙනෙනලෙස යථොක්ත පැරකුම්බාමහරජාණන්ට එකොළොස්වන වර්ෂය ඇතුළුවූ කාලය වේ. ඉන්පසු ලක්දිව සඝරාජපදප්‍රාප්තවූ මහතෙරණුවෝ මෙම තොටගමුවේ ශ්‍රීරාහුලමහාස්වාමිපාදයෝයයි සිතමු.

මෙක්හි මහාප්‍රාඥපණ්ඩිතාචාර්‍ය්‍යවරයන් අතුරෙන් ශ්‍රීරාජගුරු වනරතන සඝරාජොත්තමයන් හැර අනික් ආචාර්‍ය්‍යවරයෝ හැමදෙනම ශ්‍රී බුද්ධවර්‍ෂයෙන් එක්විසිවන ශතවර්‍ෂයාගේ ප්‍රථමාර්‍ධකාලය දක්වා ජීවමානවූහ. එතකුදුවුක් ඒ කිසි පණ්ඩිත කෙනකුන්ගේත් ජීවිතාවසානවර්ෂකථනයක් මහාචංශාදි පොත්පත්හි ප්‍රකාශනුවූහෙයින් නිශ්චයවශයෙන් මෙහි සඳහන්කළ නොහෙමු.

මෙම පඤ්චිකාප්‍රදීපග්‍රන්ථකාරවූ ආචාර්‍ය්‍ය ශ්‍රීරාහුල මහාස්වාමිපාදයෝ දෙම්ටාන නම් ග්‍රාමයෙහි ස්කන්ධවාරවංශයෙහි හෙවත් මෙගස්වංශයයි ප්‍රසිද්ධවූ ක්ෂත්‍රියවංශයෙහි සජාත රාජකුමාරකෙනෙක. ළදරුවියෙහි පටන් ශ්‍රීපරාක්‍රමබාහු මහරජාණන්ගේ පුත්‍රස්ථානයෙහි වැඩුනාහුය. පසළොස්හැවිරිදි කල්හි ස්කන්ධවරප්‍රසාදය ලැබ ශාස්ත්‍රඥභාවයට පැමිණියෙහයි පාරූපනසන්දෙශයෙහි අවසානකවෙන් ප්‍රකාශවේ. රාජකුලයෙන් පැවිදිවූ මහාප්‍රාඥවූ මුන්වහන්සේ තොටගමුවෙහෙර පෙර ශ්‍රීසඩීඝබොධි ශ්‍රීවිජයබාහු මහරජාණන් විසින් කරවූ නිවාසයෙහි (පිරිවෙන්හි) ආධිපත්‍යය ලද්දින් එහි වැඩවිසූහ. ශාසනකාත්‍යය සඳහාද මහරජාණන්ට අනුශාසනා සඳහාද ජයවර්ධනපුරප්‍රවරයෙහි කලින්කල වැඩවිසූහ. ශ්‍රැතිස්මෘතිතර්ක ව්‍යාකරණකාව්‍යනාටකාලඞ්කාරජ්‍යොතිෂාදි නෛකවිද්‍යාන්තරයෙහිද ස්වසමයසමයාන්තරයෙහිද අද්විතීයවිශාරද බුද්ධිමත්වයක් මුන්වහන්සේ කෙරෙහි පැවැත්තේය. ගෞඩාදිදෙශාන්තරයෙන් පැමිණි පණ්ඩිතයන් විසිනුදු මුන්වහන්සේ ආචාර්‍ය්‍යත්වයෙන් සෙවිතවූහ. ආශ්චර්‍ය්‍යවූ ෂඩ්භාෂාකවිත්වයෙන්ද ත්‍රිපිටකපර්‍ය්‍යාප්තිධරධර්මයෙන්ද මෙතාක් මුන්වහන්සේගේ නිරූපමකීර්තිශරීරය බෞද්ධපණ්ඩිතයන්ගේ හෘදයදර්පණතලයෙහි ප්‍රතිබිම්බිතවැ පවත්නේය.

මුගලන්පඤ්චිකාවට ග්‍රන්ථපදවිවරණස්වරූපවූ පඤ්චිකාප්‍රදීප නම් නිබන්ධග්‍රන්ථය සිංහලභාෂාවෙන් රචනාකරන්නාවූ මේ ආචාර්‍ය්‍යපාදයන්විසින් පණ්ඩිතජනවිස්මාපනීයවූ අප්‍රචලිතකථන විධි නිරූපිතය. චාන්ද්‍රපාණිනීයව්‍යාකරණයන්හි පැනෙන යමක් පඤ්චිකාවෙහි දක්වනලද්දෙනම් ඒ මේ සූත්‍ර වාර්ත්තික භාෂ්‍ය ඉණි උපසංඛ්‍යානයන් නිසායයිද වෙසෙසා නිරූපණය කරනලද්දේය. න්‍යායවෛශෙෂිකාදි තාර්කිකයන්ගේ මතද සුදුසුතන්හි ප්‍රකාශිතය. පඤ්චිකාකාරතෘන්විසින් සංස්කෘත වෛය්‍යාකරණමතාවලම්බනය නොකළ තැන්හි තදනුගත යුක්ත්‍යන්තරද විස්තරකරනලද්දේය.

පඤ්චිකාප්‍රදීපගත ග්‍රන්ථනාමාදිය. ග්‍රන්ථ කර්තෘ: චාන්ද්‍රපඤ්චිකා* (සංස්කෘත) ... රතනමතිපාද (රතනශ්‍රීඥාන) පඤ්චිකාටීකා (පාලි) ... සඝරක්ෂිතමහාස්වාමි සරස්වතීකණ්ඨාභරණ (සං) ... ශ්‍රීභොජදෙව මනොරථපූරණී (පා) ... බුද්ධඝොෂ මහාස්වාමි න්‍යායසාරපදපඤ්චිකා* (සං) රූපසිද්ධි (පා) ... බුද්ධප්‍රියමහාස්ථවිර කච්චායනවුත්තිවිවරණා (පා) ... (විමලබුද්ධිමහාස්ථවිර) න්‍යාසප්‍රදීපිකා (පා) පාණිනීව්‍යාකරණ (සං) ... මහර්ෂි පාණිනි (පාණිනීය) ලඝුවෘත්ති* (සං) ... පුරුෂොත්තමදෙව සාරස්වත (සං) ... (අනුභූතිස්වරූප) දුර්ඝසිංහවෘත්තිපඤ්චිකා (සං) ... ත්‍රීලොචනදාස පාත්‍රිකරණටීකා* (සං) ... බුද්ධනාගස්ථවිර රූපාවතාර* (සං) ... ධර්මකීර්තිපාද කාතන්ත්‍ර (සං) ... ශර්වවර්ම පදාවතාර* (පා) ... ශ්‍රීශාරිපුත්‍රමහාස්වාමි හලායුධකොශ (සං) ... හලායුධ මහාභාෂ්‍ය (සං) ... මහර්ෂිපතඤ්ජලි භාගවෘත්තිපඤ්චිකා* (සං) ... ශ්‍රීධරවාච්‍ය අමරකොශ (සං) ... අමරසිංහ (රූපසිද්ධිටීකා) (පා) ... බුද්ධප්‍රියමහාස්ථවිර ප්‍රයොගසිද්ධි (පා) ... වනරතනමහාස්වාමි නිරුක්තනිබන්ධ* (සං) (පාණිනීය) පඤ්චිකා (සං) ... ජිනෙන්ද්‍රබුද්ධිපාද ශෙලාකවාර්ත්තික (වාක්‍යපදීය) (සං) ... (භර්තෘහරි) වොපාලිතකොශ (සං) ... වොපාලිත සාරසඞ්ග්‍රහ* (සං) භාගවෘත්ති* (සං)

PREFACE.

conspicuous title of Bauddhágama Cakravarti conferred on him by the Sinhalese sovereign. The labours of a few of these scholars in the field of Sanskrit, Páli, and Sinhalese literature have survived the ravages of time and war, and to-day they remain as worthy memorials of the authors themselves and of the period in which they flourished.

The date of the “Pañchikápradípa” is given at the conclusion to be 2000 A.B. It is therefore evident from a comparison of dates that Srí Ráhula wrote this book a few years after the composition of his famous poems, the “Kávyasékhara” and the “Seḷalihiṇi Sandésa.” The work itself proves it to be the offspring of the author’s mighty mind in its full vigour and maturity. The wide range of literature, Sanskrit and Páli, laid under contribution for explanations and illustrations, indicates a scope of knowledge which is truly marvellous. Besides works on philosophy, logic, rhetoric, &c., of Sanskrit grammarians alone the author refers to and quotes from Páṇiní, Kátyáyana, Patañjali, Sákatáyana, Kaiyata, Bhartrihari, Jayáditya, Srídhara, Subhúticandra, Candra-gómi, Sarvavarma, Durgasiŋha, Trilócanadása, Ratnamatipáda, Dharmakírtipáda, Ginéndrabuddhipáda, and Purushóttamadéva.

The revision of this work was undertaken by me partly to fulfil an oft-expressed wish of my tutor, the late lamented R. Dharmálóka Mahásthavira, who deemed its publication important, not only as a valuable help to students, but also as preserving a memorable production of old. The task, I may say, was by no means an easy one, as the corrupt condition of the manuscripts involved the necessity of verifying the copious quotations from other authors. It was my original intention to append a Glossary to the text, but I have decided to defer this work to a future occasion, to prevent the book becoming too voluminous.

The best thanks of the public are due to His Excellency Sir ARTHUR ELIBANK HAVELOCK, K.C.M.G., for sanctioning the publication of the volume at the Government Press, and I have, in conclusion, to express my obligations to Mr. H. C. COTTLE, the Acting Government Printer, for the very careful manner in which the work has been issued.

K. DHARMÁRÁMA, High Priest. Vidyálaŋkára Pirivena, January, 1896.