පාලිවාක්‍යරචනාව සහ පරිවර්තනපරිචය - පොල්වත්තේ බුද්ධදත්ත හිමි.pdf
- කතෘ :
- පොල්වත්තේ බුද්ධදත්ත හිමි
- ප්‍රකාශිත වර්ෂය :
- 1947
- පිටු ගණන :
- 136
- බාගත කිරීම් ගණන :
- 2,496
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2018-02-14
- ගොනුවේ ප්‍රමාණය :
- 23 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
පාලි වාක්‍යරචනාව සහ පරිවර්තනපරිචය යනු අග්ගමහාපණ්ඩිත පොල්වත්තේ බුද්ධදත්ත මහාස්ථවිරයන් වහන්සේ විසින් සම්පාදිත ප්රමුඛ පෙළේ පාලි භාෂා අභ්‍යාස ග්රන්ථයකි. මෙයට පෙර උන්වහන්සේ විසින් සම්පාදනය කරන ලද ‘පාලිවාක්යවිශෝධනය’ නම් කෘතියේ ආකෘතිය වෙනස් කරමින්, සිංහල බසින් පාලියට සහ පාලියෙන් සිංහලට පරිවර්තනය කිරීමේ පුහුණුව මෙන්ම විවිධ වාක්‍ය රචනා ක්‍රම ශිෂ්‍යයන්ට හුරු කරවීම සඳහා මෙම පොත පිළියෙල කර ඇත.
මෙහි ප්‍රධාන කොටස් වශයෙන් වාක්‍ය ලක්ෂණ, විශෙෂණ පද, ලිංග පරිවර්තනය, සකර්මික වාක්‍ය මෙන්ම එදිනෙදා ජීවිතයට අදාළ සාමාන්‍ය කථෝපකථන, බෞද්ධ පරිසරය හා සම්බන්ධ විවිධ කථා පාලියට පරිවර්තනය කිරීමේ අභ්‍යාස ඇතුළත් වේ. මීට අමතරව පාලි භාෂාරීතිය, ක්‍රියාමාලා, නිපාත පද, යුගල පද සහ සවිස්තර සිංහල-පාලි වචන මාලාවක්ද අන්තර්ගතය.
හැඳින්වීම.
ස්වභාෂාව නොවු බසක් ඉගෙනීමෙහිදී වාක්‍යරචනා කිරීම කාටවුවත් අපහසු වැඩෙකි. එකී අපහසුව දුරලීම පිණිස මුලසිටම පුහුණු කරවීම සඳහා ඒ ඒ භාෂාවෙන් වාක්‍යරචනා ඉගැන්වීම පිණිස නොයෙක් උපක්‍රම යොදාතිබේ. විශේෂයෙන් ඉංග්‍රීසි වාක්‍යරචනාව මුලසිටම පුහුණු කරවීම සඳහා ඒ පාඨශාලාවල උපක්‍රම යොදාතිබේ. ඒ සඳහා අපමණ පොත්ද ඒ බසින් සම්පාදිතවුවකි. පාලිභාෂාවේ වාක්‍යරචනාව ඉගැන්වීම පිණිස යොදා තිබෙන්නේද ඒ මාගේ “පාලිභාෂාවතරණය” පළමුවන භාගයේදී පටන්ගන්නා ලද්දකි. එහෙත් එය භාෂාව ඉගෙනීම මුල්කොට ඇතිකරන ලද්දක් බැවින් ව්යාකරණික ක්‍රමානුකූලව වාක්‍යරචනාව ඉගැන්වීම සඳහාත් අදහස්කරන ලද්දක් නොවේ. ප්රවීණතාපරීක්ෂණාදී උසස් විභාගවලට පෙනී සිටින ශිෂ්‍යයන් වාක්යරචනාවලින් බොහෝසේ අසමත්වනබව නොයෙක් විට අසන්ට ලැබේ. එසේවන්නේ ඒ පිළිබඳ උපකාරවන අන්පොතක් නොතිබුණු බැවින් මා විසින් මීට අවුරුදු 14 කට උඩදී “පාලිවාක්යවිශෝධනය” නම් පොතක් සම්පාදිත විය. ඒ පොතේ පිටපත් අවසන්වූ විට එය නැවත සකස් කිරීමේදී භාෂාපරිවර්තනය සඳහාද එක් කොටසක් එක්කළයුතු බව පෙනීගිය නිසා ඒ පොතේ පිළිවෙළ වෙනස්කොට මේ “පාලිවාක්‍යරචනාව හා පරිවර්තනපරිචය” නමැති පොත සකස් කරනලදී.
පාලිය සිංහලට පෙරළාගැනීම පහසු නමුත් සිංහලය පාලියට පෙරළීම එතරම් පහසු නොවේ. එබැවින් එබැවින් පරිවර්තනපරිචයේ මුල් කොටසෙහි සාමාන්‍ය කථාව්යවහාරයන්හි පවත්නා කරුණු මුල්කොට යෙදූ කෙටි සිංහල වාක්‍යයන් පාලියට නගන සැටි දක්වනලදී. ඒවද අනතුරුව සොළොස් මාතෘකා ඇතිව තරමක් දිගුවූ ප්රවෘත්ති සිංහලයෙන් දක්වා ඒවා පාලියට නගා පෙන්වන ලදහ. එසේ යෙදූ කුඩා කථාවන් ඇතුළත් දිගු වාක්‍ය කොටස් 13 කි. අනෙක් ප්රවෘත්ති සිංහලයන් නොදක්වා පාලියෙන් 65 වෙනි පිටේ සිට දක්වන ලදී. එතැනදී පාලිභාෂාරීතිය හා පෞද්ගලික ලිපි ගළපන සැටිද මෙහි පස්වන කොටසක් වශයෙන් දැක්වේ.
සිංහලභාෂාරීතිය ඇතැම් තැන්වලදී පාලිභාෂාරීතිය හා නොගැළපෙන බැවින් පාලිභාෂාරීතිය දැක්වෙන කොටසක් මෙහි 69 වෙනි පිටේ සිට ඇතුළත්කොට තිබේ.
එයට අනතුරුව ක්‍රියාමාලාවක් යොදා එක් එක් ක්රියාවේ වර්තමාන පදයද පූර්වක්රියාවද අතීතකෘදන්තපදයද එක් එක් පෙළෙහි දක්වනලදී. සිංහලයෙහි යුගල වශයෙන් යෙදෙන “ගස්-කොළන්, තොවිල්-පවිල්” ආදිය මෙන් පාලියෙහිත් යුගල වශයෙන් යෙදෙන ශබ්ද ඇති බැවින් ඒවා හැකිතරමක් එක්කොට මෙහි පිටුවල දක්වනලදී. එයට අනතුරුව අනේකාර්ථවිරුද්ධාර්ථ ඇති ශබ්දයන්ගේ වචනමාලාවකි.
සොයාගතහැකිවූ නිපාත සියල්ලම සිංහල අර්ථ සහිතකොට අකාරාදි පිළිවෙළින් මෙහි යොදා ඇත.
මෙසේ ආධුනිකයන්ට වාක්යරචනාවට හා භාෂාපරිවර්තනයට දියහැකි හැම රුකුලක්ම මේ පොතෙන් දෙනලදැයි සැලකියහැක.
“පාලිවාක්යවිශෝධන” පොතේ ඇතුළත්කර තිබුණු වාක්යවිශෝධනය පිළිබඳ කොටස පාලිභාෂාවතරණයේ තෙවෙනි පොතේ අභිනව සංස්කරණයෙහි ඇතුළත් කළබව මෙයින් දැනුම්දෙමි.
මීට,
අම්බලම්ගොඩ අග්ගාරාමාධිපති
පොල්වත්තේ
බුද්ධදත්ත මහාස්ථවිර.
5. 5. 1947.