අභිධානප්පදීපිකා හෙවත් පාලිනිඝණ්ඩු - වස්කඩුවේ සුභූති හිමි.pdf
- කතෘ :
- මොග්ගල්ලාන හිමි
- ප්‍රකාශිත වර්ෂය :
- 1938
- මුද්‍රිත වර්ෂය :
- 1938
- පිටු ගණන :
- 284
- බාගත කිරීම් ගණන :
- 1,405
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2018-02-14
- ගොනුවේ ප්‍රමාණය :
- 68 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
අභිධානප්පදීපිකා හෙවත් පාලිනිඝණ්ඩු යනු පොළොන්නරු යුගයේ මහා පරාක්‍රමබාහු රජතුමන්ගේ අනුග්‍රහය ලත් ජේතවන විහාරවාසී මොග්ගල්ලාන මහාථෙරයන් වහන්සේ විසින් සංගෘහිත පාලි සමානාර්ථ ශබ්දකෝෂයකි. සංස්කෘත අමර කෝෂයට සමගාමීව පාලි සාහිත්‍යයෙහි ඇති ප්‍රමුඛතම නිඝණ්ඩුව වන මෙයින් ත්‍රිපිටක පාඨ හා පාලි සාහිත්‍යය හැදෑරීමට මහත් පිටුවහලක් ලැබේ.
මෙම සංස්කරණය වස්කඩුවේ ශ්‍රී සුභූති නායක ස්ථවිරයන් වහන්සේ විසින් සිංහල හා ඉංග්‍රීසි අර්ථ, ලිංග භේද සලකුණු, සංධි පදච්ඡේද සහ විස්තරාත්මක සටහන් සහිතව සම්පාදනය කරන ලද්දකි. එමෙන්ම බුරුමයේ ධම්මකිත්ති තෙරුන් කළ එකක්ඛරකොස සහ විභක්ති උදාහරණ දැක්වෙන විභත්යර්ථ නම් කුඩා ග්රන්ථ ද්වය ද, ගාථා අංක සහිත අකාරාදියක් ද මෙහි අගට එකතු කර ඇත.
මෙම පස්වන මුද්‍රණය උන්වහන්සේගේ ශිෂ්‍ය වස්කඩුවේ වාචිස්සර නායක ස්ථවිරයන්ගේ සංශෝධනයෙන් යුතුව 1938 වර්ෂයේදී කොළඹ මහාබෝධි මුද්‍රණාලයේදී මුද්‍රණය කරවා තිබේ.
PREFACE
THE volume now presented to the world, entitled “Abhidhànappadípikà,” is a Dictionary of Páli Synonyms, of the highest authority, which holds the same place in the Páli Literature as the celebrated “Amarakosha” does in the Sanskrit. It was compiled by a learned Buddhist priest of this Island of the name of Moggallána, who lived in the reign of Parákkrama Báhu the Great (A.D. 1153, A.B. 1696), and who resided in the monastery of Jetawane in the city of Polonnaruwa, under the patronage of that monarch.
To render the present edition generally acceptable to the public, the Editor has given the interpretation of each Páli word in the English and Sinhalese languages, having carefully compared the text with the best Commentaries and Glossaries on the work extant in the country, and inserted numerous Notes, which he trusts will be found useful.
To enable the student to separate each word of the text from contiguous terms which affect their initials and finals, he has introduced marks of punctuation, which are intended to serve a double purpose, viz., to distinguish one word from another, and to indicate their genders A full stop or period is placed after nouns of the masculine gender, a comma after those of the neuter gender, and a small “f” to denote the feminine gender; and in instances in which a word may be used in two genders, both the marks are retained.
To obviate the difficulties which the student is likely to experience in separating the words which have coalesced into each other by the rules of Sandhi, or permutation, the Editor has inserted a small figure near every word which is affected by those rules, referring to an Appendix, in which the words are separated one from the other, with numerical references to the pages in which they occur.
The number of Synonyms for each particular object is indicated by a large figure near each marginal reading in Sinhalese, and the mere explanatory words are separated from the words, of which the sense is exhibited, by parentheses.
The Editor has much pleasure in being able to append to this Edition a list of all the words in Abhidhânappadípiká and Ekakkharakósa alphabetically arranged, with references to the stanzas in the texts where they occur, thus enabling the student to derive from this work the additional benefit of a Páli Dictionary. All the words comprised in the two classes Anêkârtha (Homonyms) and Avyaya (Indeclinables), and also all Upasargas (Prefixes) and Nipàtas (Adverbs, &c.), have also been alphabetically arranged in two separate lists and placed after the section treating of the dissolution of the component parts of words; these lists (the words in which are also embodied in the principal list referred to) are intended to help the student to acquire a thorough knowledge of all the words of the classes to which they belong, their meanings, &c.
The Appendix also contains two valuable little works which will prove extremely useful to the Páli student. The first, entitled Ekakkharakósa, is a small vocabulary of words of various significations ending in certain final letters, compiled by a very learned Buddhist Priest in Burmah named Saddhamma Kitti; and the other, entitled Wibhattyattha, affords examples of the Páli Cases.
The Editor cannot allow this opportunity to pass without offering grateful thanks to the Ceylon Government for sanctioning the printing of this work at the Government Printing Office.
He also feels it his duty to tender his warmest thanks to Mr. G. J. A. SKEEN, the Government Printer, and to Mr. H. C. COTTLE, the Assistant Government Printer, for the assistance and facilities they have accorded to him in carrying this work through the Press.
WASKADUWE SUBHUTI,
Buddhist High Priest.
Colombo, 27th October, 1900.
සංඥාපනය
ශ්‍රී බුද්ධවර්ෂයෙන් 1696 දි ලක්දිව රජ පැමිණි පරාක්‍රමබාහු නම් නරශ්රෙෂ්ඨයන්ගේ කාලයෙහි එම රජ විසින් කරවනලද මහා ජේතවන නම් විහාරයෙහි වැඩසිටිය මොද්ගල්ලානත්ථවිරයන්වහන්සේ විසින් රචනාකරණලද අභිධානප්පදීපිකා නම්වූ මෙම ප්‍රකරණය පාළිභාෂාව ඉගැන්මෙහි උත්සාහවත් සියල්ලන්ට අනන්යොපකාරිවූ සියල්ලන්ට අනන්යොපකාරිවූ පොතක්ය. එහෙත් මදක් දුර නුවණැත්තන්ට (සන්නය නැතිව) මෙම පොතෙන් ප්‍රයෝජන ගැණීම අපහසුවෙද, (සන්නය නැතිව) මෙම පොතෙන් ප්‍රයෝජන ගැණීම අපහසුවෙද, අතින් අතට ලියන ලද පොත් බොහෝ වරද බවද, එසේත් මෙක අදෝලිපි සහිත නිසා ලියවාගැණීමත් දුෂ්කර බවද, සහිත නිසා ලියවාගැණීමත් දුෂ්කර බවද, යනාදිය කල්පනාකොට සන්න ටීකාදිය වත් සමකර බලා, පදච්ඡේද ලිඟුභෙදාදිය හා සිංහල ඉංග්‍රීසි වචනත් ඇතුව තවත් මීට ප්‍රයෝජනවත් අමුතු කාරණාත් එකතු කොට සියලු දෙනාටම ප්‍රයෝජන ගැණීමට පහසුවූ විදියකට යොදා, යලිත් මෙයට අවුරුදු 113 කට පමණ ප්‍රථම බුරුමරටේ රතනාපුර නුවර විසූ ඉතා ප්‍රසිද්ධ සමණියෙක් වූ ධම්මකිත්ති නම් ස්ථවිරයන් වහන්සේ විසින් සාදනලද (එකාක්ෂර නාමයන්ගේ අනෙකාර්ථප්රකාශන වූ) එකක්ඛරකොස නම් ඉතා මාහැඟි ප්‍රකරණයද, මෙයට අවුරුදු 419 කට පමණ ප්‍රථම එම රටේ අරිමද්දන නුවර රජකම් කල රජකෙනෙකුගේ රජකෙනෙකුගේ කුමාරිකාවක් විසින් සාදනලද (උදාහරණ සහිත විභක්තීන්ගේ අර්ථ ප්‍රකාශවු) විභත්යත්ථ නම් සුළු ප්‍රකරණයද, යන පොත් දෙකත් පාළිභාෂාව ඉගණගන්නවුන්ට ඉතා ප්‍රයෝජනවත් හෙයින් මෙහි අගට සම්බන්ධකොට අච්චුගස්වා ප්‍රසිද්ධ කෙළෙමි.
1. මෙහි ගාථාවල නම් වෙන්කරගැනීම පහසුවන පිණිස නාමයක් නාමයක් පාසා තිත් හෙවත් සලකුණු දමා ඒ සලකුණුවලින්ම ඒ ඒ නාමයන්ගේ ලිඟුභෙදය හඟවාදීම පිණිස පුල්ලිඟු නාම ලඟට මෙලෙස (.) ලකුණක්ද, ස්ත්රීලිඟු නාම ලඟට මෙලෙස (f) ලකුණක්ද, නපුංසකලිඟු නාම ලඟට මෙලෙස (,) ලකුණක්ද ද්විලිඟික තිලිඟික නාමයන් ලඟට ඒ ඒ ලකුණු මිශ්රකිරීමෙන්ද යෙදුවෙමි.
2. සන්ධි වීමෙන් බඳවූ නාමයන් නාමයන් වෙන්කරගැනීම පහසුවන පිණිසද, සන්ධික්රමය දැනගැනීම පිණිසද, ඒ ඒ සන්ධි ලඟ ඉතා සියුම් පිණිසද, ඒ ඒ සන්ධි ලඟ ඉතා සියුම් ඉලක්කම්වලින් සලකුණු කොට ඒ සියල්ල පොතේ අවසානයෙහිදී පද බිඳ දමා ඇත.
3. මෙහි ගාථාවල ඒ ඒ ද්රව්යාදියට නම් දක්වාගෙන යන අතර දක්වා තිබෙන නිපාතාදිය වෙන්කරගැනීම පිණිස මෙලෙස ( ) ලකුණක් දමා ඇතුවත් ඇර ඒ ඒ ද්රව්යාදියට දක්වා තිබෙන නම් ගණන් පහසුවෙන් දැනගැනීම පිණිස සිංහල වචන ලඟ ඉලක්කම් දමාත් ඇත.
4. තවද 1862 දීද, 1883 දීද, යන පලමුවෙනි දෙවෙනි වාරදෙකේ දීම මෙම පොතට සම්බන්ධකරන්ට නොලැබුනාවූ ඉතා වැදගත් ප්‍රයෝජනවත් අකාරාදියක්ද, (එනම් අභිධානප්පදීපිකාවට අයිති සියලුම වචන හා එකක්ඛරකොසයේ සියලු අනෙකාර්ථ අක්ෂරද, අකාරාදි පිළිවෙලටයොදා ඒ ඒ වචන සඳහන්වනු ලබන ගාථාවල අංකද ඒ වචන වලට අනතුරුව යොදා සාදනලද අකාරාදිය) මේ වාරයෙහි මෙහි අගට යොදන්ට ප්රථමවීමද අපට මහත් සතුටක්වත් ඇර. මෙම පොතෙන් ප්රයෝජනගන්නා භවතුන්ටද අභිධානප්පදීපිකාවෙන් ලැබියයුතු ප්‍රයෝජනය පමණක් නොව, පාළි අකාරාදියකින් ලැබියහැකි ප්රයෝජනයද මෙයින්ම ඉෂ්ටවනබවද; අනෙකාර්ථ, අව්‍යය යන වර්ගදෙකට අයිති සියලුම අනෙකාර්ථ නාමයන් හා සියලුම උපසර්ග නිපාතයන්ද මෙපමණැයි දැන ඒවායේ අර්ථාදිය දැනගැනීමට උපකාරවූ සුළු අකාරාදි දෙකක් වෙන්වෙන් වශයෙන්ද, (මෙහි පදච්ඡේද කාණ්ඩයට අනතුරුව) යොදනලද නමුත් ඒ සියලු අනෙකාර්ථ නාමාදිය මුලින් කියනලද අකාරාදියෙහිත් අඩංගුව ඇති බවත් මෙයින් දැනුන්දෙමි.
තවද මෙය භාවිතා කරන්නාවූ ආධුනිකයින්ගේ අත්වලට නිවරදිවූ පොතක් දෙනු පිණිස තවත් පණ්ඩිතයින්ගේ ආධාරත් ඇතුව මෙහි වචන ශුද්ධකිරීමට උත්සාහගත් නුමුත්, සන්න ටීකා දෙකෙහි පවා සමහර වචන එකකට එකක් වෙනස්ව තිබීමෙන් හා අවුල්ගැසීම්වලින් අකුරු අඩු වැඩිවීමෙන් වුවද, අප ප්රමාදප්රමාදය හප්නයකලාවූද, යම් යම් දොස්, මේ වාරයෙහිද ඇතිවෙන්ට පුළුවන, ඒවා පණ්ඩිතයින් කරුණාලබ පිළිවිසිමින් දැනගන්නා මෙන් ඉල්ලාසිටිමි.
WASKADUWE SUBHUTI, P. N. M. R.,
Buddhist High Priest.
ශ්‍රී: බුද්ධ වර්ෂ 2444 දීය.
5-වරව 2481