අභිධානප්පදීපිකා හෙවත් පාලිනිඝණ්ඩු - වස්කඩුවේ සුභූති හිමි.pdf
old
- කතෘ :
- මොග්ගල්ලාන හිමි
- ප්‍රකාශිත වර්ෂය :
- 1883
- මුද්‍රිත වර්ෂය :
- 1883
- පිටු ගණන :
- 381
- බාගත කිරීම් ගණන :
- 1,592
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2019-03-29
- ගොනුවේ ප්‍රමාණය :
- 21 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
පොළොන්නරු යුගයේ මහා පරාක්‍රමබාහු රජු දවස ජේතවන විහාරයේ වැඩවිසූ මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේ විසින් රචිත සුප්‍රසිද්ධ පාලි නාම කෝෂය වන ‘අභිධානප්පදීපිකා’ කෘතියෙහි දෙවන මුද්‍රණය මෙයයි. වස්කඩුවේ ශ්‍රී සුභූති හිමියන් විසින් සංස්කරණය කරන ලද මෙම ග්‍රන්ථය 1883 වර්ෂයේදී රජයේ මුද්‍රණාලයේදී මුද්‍රණය කරවා ඇත.
මෙහි පාලි වචන සඳහා සිංහල හා ඉංග්‍රීසි අර්ථ සපයා ඇති අතර, ලිංග භේදය හැඳින්වීමට විශේෂ විරාම ලකුණු ක්‍රමයක් භාවිත කර ඇත. පද සන්ධි වෙන් කරගැනීම සඳහා විශේෂ අංක ක්‍රමයක් සහ උපග්‍රන්ථයක් අන්තර්ගත කොට තිබේ. මීට අමතරව බුරුමයේ ධම්මකිත්ති හිමියන් රචිත ‘එකක්ඛරකෝස’ කෘතිය සහ අරිමද්දනපුර රාජකුමාරිකාවක විසින් රචිත ‘විභත්ත්යත්ථ’ නම් ව්‍යාකරණ කෘතියද මෙහි අගට එකතු කර ඇත.
PREFACE.
THE volume now presented to the world, entitled “Abhidhánappadípiká,” is a Dictionary of Páli Synonyms, of the highest authority, which holds the same place in the Páli Literature as the celebrated Amarakósha does in the Sanskrit. It was compiled by a learned Buddhist Priest of this Island of the name of Moggallána, who lived in the reign of Parákkrama Báhu the Great (A.D. 1153, A.B. 1696), and resided in the monastery of Jétawané in the city of Polonnaruwa, under the patronage of that monarch.
To render the present edition generally acceptable to the public, the Editor has given the interpretation of each Páli word in the English and Sinhalese languages, having carefully compared the text with the best Commentaries and Glossaries on the work extant in the country, and inserted numerous Notes which, he trusts, will be found useful.
To enable the student to separate each word of the text from contiguous terms which affect their initials and finals, he has introduced marks of punctuation, which are intended to serve a double purpose, viz., to distinguish one word from another, and to indicate their genders. A full stop or period is placed after nouns of the masculine gender, a comma after those of the neuter gender, and a small “f” to denote the feminine gender; and in instances in which a word may be used in two genders, both the marks are retained.
To obviate the difficulties which the student is likely to experience in separating the words which have coalesced into each other by the rules of Sandhi, or permutation, the Editor has inserted a small figure near every word which is affected by those rules, referring to an Appendix, in which the words are separated one from the other, with numerical references to the pages in which they occur.
The number of Synonyms for each particular object is indicated by a large figure near each marginal reading in Sinhalese, and the mere explanatory words are separated from the words of which the sense is exhibited, by a parenthesis.
The Appendix also contains two valuable little works which will prove extremely useful to the Páli student. The first, entitled “Ekakkharakósa,” is a small vocabulary of words of various significations ending in certain final letters, compiled by a very learned Buddhist Priest of Burmah named Saddhamma Kitti, and the other, entitled “Wibhattyattha,” affords examples of the Páli Cases.
The Editor cannot allow this opportunity to pass without recording his deepest sense of the great liberality and kindness of the late lamented Governor SIR CHARLES JUSTIN MACCARTHY, who kindly sanctioned the printing of this work, free of expense, at the Government Printing Office.
The Editor feels it his duty to tender his warmest acknowledgments to HIS ROYAL HIGHNESS THE PRINCE OF WALES, who, on his visit to this Island, presented books to the Editor and others with a view to encourage Oriental Scholars; to LORD KIMBERLEY, Secretary of State for the Colonies who has sent to the Editor Oriental publications with a view to encourage researches into Oriental literature; to SIR WILLIAM GREGORY, the late esteemed Governor of Ceylon, who kindly permitted the printing of the second edition of this work at the Government Press; and to DR. ROST of the India Office, who is a patron of Oriental learning. The Editor’s thanks are also due to the memory of the late Professor R. C. CHILDERS, a highly esteemed Oriental Scholar, who has encouraged the Editor in prosecuting his literary pursuits. The Editor has also to express his obligations to Mr. GEO. SKEEN, the Government Printer, to Mr. F. LUKER, the Acting Government Printer, and to Mr. JOS. FONSEKA, the Assistant Printer, for their energetic zeal in conducting this work through the press, and to Mr. GUŅASÉKARA, of the Colonial Secretary’s Office, for his able assistance in revising the Páli, Sinhalese, and English of the present Edition of this work.
WASKAḌUWÉ SUBHÚTI,
Buddhist Priest.
Colombo, 15th March, 1883.
සංඥාපනය.
ශ්‍රී බුද්ධවර්ෂයෙන් 1696 දී ලක්දිව රජ පැමිණි පරාක්‍රමබාහු නම් නරශ්රෙෂ්ඨයන්ගේ කාලයෙහි, එම රජවිසින් කරවනලද මහාජෙතවනනම් විහාරයෙහි වැඩසිටිය මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේ විසින් රචනාකරණලද අභිධානප්පදීපිකා නම්වූ මෙම ප්‍රකරණය පාළිභාෂාව ඉගැන්මෙහි උත්සාහවන්ත සියල්ලන්ට අත්යන්තොපකාරීවූ පොතක්ය. එහෙත් මදක්දුරට නූගත් අයවලුන්ට, (සන්යාය නැතිව) මෙම පොතෙන් ප්‍රයෝජන ගැණීම අපහසු බවද, අතින් අතට ලියනලද පොත් බොහෝ වරදබවද, එසේත් මෙය අබොලිපි සහිතනිසා ලියවාගැණීමත් දුෂ්කරබවද, යනආදිය කල්පනාකොට සන්න ටීකාදියටත් සමකරබලා පදච්ඡේද ලිංගභෙදාදිය සහ සිංහල ඉංග්‍රීසි වචනත් ඇතුව තවත් මීට ප්‍රයෝජනවත් අමුතු කාරණත් එකතුකොට සියලුදෙනාටම ප්‍රයෝජන ගැණීමට පහසුවූ විධියකට යොදා, යලිත් මෙයට අවුරුදු 96 කට පමණ ප්‍රථම බුරුමරටේ රතනාපුරනුවරවිසූ ඉතාප්රසිද්ධ සමණියෙක්වූ ධම්මකිත්තිනම් ස්ථවිරයන් වහන්සේ විසින් සාදනලද (එකාක්ෂර නාමයන්ගේ අනෙකාර්ත්ථයක්වූ) එකක්ඛරකෝස නම් ඉතා මාහැඟි ප්‍රකරණයද, මෙයට අවුරුදු 402 කට පමණ ප්‍රථම එමරටේ අරිමද්දනනුවර රජකම්කළ රජකෙනෙකුගේ කුමාරිකාවක් විසින් සාදනලද (උදාහරණ සහිත විභක්තීන්ගේ අර්ත්ථ ප්රකාශවූ) විභත්ත්යත්ථ නම් සුළු ප්‍රකරණයද, යන පොත් දෙකත් පාළිභාෂාව ඉගණගන්නා අයවලුන්ට ඉතා ප්‍රයෝජනවත් හෙයින් මෙහි අගට සම්බන්ධකොට අච්චුගස්වා ප්‍රසිද්ධකෙළෙමි.
1. මෙහි ගාථාවල නම් වෙන්කරගැණීම පහසුවන පිණිස නාමයක් නාමයක් පාසා තිත් හෙවත් සලකුණු දමා ඒ සලකුණුවලින්ම ඒ ඒ නාමයන්ගේ ලිංගභෙදය හඟවාදීමපිණිස පුල්ලිඞ්ගික නාමලඟට මෙලෙස . ලකුණක්ද, ස්ත්‍රීලිඞ්ගික නාමලඟට මෙලෙස f ලකුණක්ද, නපුංසක ලිඞ්ගික නාමලඟට මෙලෙස , ලකුණක්ද, ද්විලිඞ්ගික ත්රිලිඞ්ගික නාමයන් ලඟට ඒ ඒ ලකුණු මිශ්රකිරීමෙන්ද යෙදුවෙමි.
2. සන්ධි වීමෙන් බද්ධවූ නාමයන් වෙන්කරගැණීම පහසුවන පිණිසද, සන්ධික්රමය දැනගැණීම පිණිසද, ඒ ඒ සන්ධි ලඟ ඉතා සිහින් ඉලක්කම්වලින් සලකුණු කොට ඒසියල්ල පොතේ අවසානයෙහිදී පද බිඳ දමාඇත.
3. මෙහි ගාථාවල ඒ ඒ ද්‍රව්‍යයනට නම් දක්වාගෙණ යන අතර දක්වා තිබෙන නිපාතාදිය වෙන්කරගැණීම පිණිස මෙලෙස ( ) ලකුණක් දමාඇතුවත් ඇර ඒ ඒ ද්‍රව්‍යයනට දක්වාතිබෙන නම් ගණන් පහසුවෙන් දැනගැණීමපිණිස සිංහල වචනලඟ ඉලක්කම් දමාත් ඇත.
තවද මෙය භාවිතා කරන්නාවූ ආධුනිකාදීන්ගේ අත්වලට නිවරදිවූ පොතක් දෙනු පිණිස තවත් පණ්ඩිතයින්ගේ ආධාරත් ඇතුව වචන ශුද්ධකිරීමට උත්සාහගත් නමුත් සන්න ටීකා දෙකෙහි පවා සමහර වචන එකකට එකක් වෙනස්ව තිබීමෙන් හා අච්චුගැසීමේදී අකුරු අඩු වැඩිවීමෙන්වූද, අප ප්‍රමාද භ්රමාදිය භජනයකළාවූද, යම් යම් දොස් මේ දෙවෙනි වාරයෙහිද මෙහි ඇතිවෙන්ට පුළුවන, ඒවා පණ්ඩිතයින් කරා එලඹ පිළිවිසීමෙන් දැනගන්නාමෙන් ඉල්ලමි.
WASKAḌUWE SUBHÚTI,
Buddhist Priest.
බුද්ධ වර්ෂ 2426 යේදීය.